Home » ‘සැඟවුණු නගරය’ චිත්‍රපටයේ රංගනයෙන් මට ලැබුණු අත්දැකීමි විශාලයි

‘සැඟවුණු නගරය’ චිත්‍රපටයේ රංගනයෙන් මට ලැබුණු අත්දැකීමි විශාලයි

- යොවුන් රංගන ශිල්පී කවිඳු ශශ්‍රීමාල්

by mavan
January 29, 2026 12:35 pm 0 comment

කවිඳු ශශ්‍රීමාල් රංගන ශිල්පියෙකු ලෙස මුලින්ම අත්පොත් තබන්නේ ‘සිකුරු තරුව’, ‘රීකන්ඩිෂන් කෙල්ල’ යන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්වත්වය හරහා ය. ඉන් අනතුරුව සිනමාවට සම්බන්ධ වන අතර නුදුරේදීම තිරගත වීමට නියමිත ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ චිත්‍රපටයේ ඔහු රංගනයෙන් දායක වෙයි. ඔහු ඉදිරියේ දී නිෂ්පාදනය වීමට නියමිත බොහෝමයක් චිත්‍රපට සඳහා චරිත නිරූපණය කරයි. මෙවර සරසවිය කලාපය හරහා ඉඩවෙන්වන්නේ නවක නළු කවිඳු ශශ්‍රීමාල් සමඟ සිදු කළ කතාබහ සමඟිනි.

ඔබ කලා ක්ෂේත්‍රයට හඳුන්වා දෙන්න කැමතියි මොන විදියට.

මම කවිදු ශ්‍රිමාල්, මගෙ උපන් ගම සහ දැනට පදිංචි වෙලා ඉන්නෙ රාගම. පාසල ධර්මාශෝක විද්‍යාලය සහ ආරක්ෂක විද්‍යාලය.

ඔබේ රංගන ජිවිතය ආරම්භ වෙන්නේ කොහොමද?

රංගන ජීවිතය ආරම්භවන්නේ 2024 වර්ෂයේදී. ඒ ටෙලිනාට්‍යයක් හරහා. දෙරණ නාලිකාවේ විකාශනය වූ “සිකුරු ඇවිත්” කියන ටෙලිනාට්‍යය හරහා තමයි මම මුලින්ම කලාවට එන්නේ. ඉන් අනතුරුව ආරාධනා ලැබුනු ටෙලිනාට්‍යවලින් තවත් ටෙලිනාට්‍ය දෙකකට සම්බන්ධ වෙනවා. නම් වශයෙන් කිවහොත් දෙරණ නාලිකාවේ ‘සිකුරු ඇවිත්’, ස්වර්ණවාහිනිය නාලිකාවේ විකාශය වූ ‘රිකන්ඩිශන් කෙල්ල’ හි නියෝජ්‍ය ඇමති පුතු ‘බාශන’ කියන චරිතය සහ සිරස නාලිකාවේ ඩොක්ටර් ශෙවාන් කියන චරිතය. ඒ වනවිට ජනප්‍රියම නිළිය විදිහට හිටපු රශිප්‍රබා රඟපෑ චරිතයේ පෙම්වතාගේ චරිතය තමා සිදු කළේ. ඒ කාලය අතරතුර සිනමා නිර්මාණ තුනකටත් මට අවස්ථාව ලැබෙනවා. ‘ඊඩඥ ඩඪඤඤඥද ජඪබර’ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණය, අචලල චිත්‍රපටයේ අශෝක් ජයකොඩි මහතා නිෂ්පාදිත සිනමා නිර්මාණය සහ මේ වසරේ රූගත කරන සමහරු සහ සමාගම කියන සිනමා නිර්මාණය යන නිර්මාණ තුන තමා මට ලැබුණු සහ මම බාරගත් සිනමා නිර්මාණ.

චරිත වෙනුවෙන් කළ කැපවීම් මොන වගේද?

චරිතයකට හැඩ ගැහෙනවා කියන එක එතරම් පහසු දෙයක් නෙමෙයි. නිවැරදිව කිවහොත් අපි චරිතය තුළ ජීවත් විය යුතුයි. හඬ පාලනය සහ අපගේ හැකියාව මනා ලෙස භාවිතා කිරීම අපගේ ශරීරයේ යෝග්‍යතාව දිගු කාලයක් චරිතය වෙනුවෙන් කැපවීමට අප හොද දේවල් අනුගමය කළ යුතුයි. මෙවන් බොහෝ දේවල් අප චරිතය තුළ ජීවත් වීමට කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා.

‘රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

දෙරණ නාලිකාවේ සිකුරු ඇවිත් විකාශය වන කාල රාමුව තුළදී තමා මට මේ චිත්‍රපටයේ අවස්ථාව ලැබෙන්නේ. සිකුරු ඇවිත් ටෙලි නාට්‍යය හරහා මට නොයෙක් ටෙලි නාට්‍යය සහ වෙළඳ දැන්වීම් වැනි බොහෝ අවස්ථා හම්බ වුණා. ඒ කාලසීමාවේදී තමයි මට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මා හමුවන්නේ. ඉන් අනතුරුව මට හැකියාව ලැබෙනවා එතුමා සමග වැඩ කිරීමට. මට ලොකු ගෞරවයක් වුණා එතුමා සමඟ වැඩ කරන්න ලැබීම පිළිබඳව. මම බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී එතුමා මතක් කර සිටිනවා.

ජයන්ත චන්ද්‍රසිරි සමඟ වැඩ කිරීම ගැන දැනුණේ මොන විදියටද?

පුදුම විදිහේ සතුටක් ලොකු ආඩම්බරයක් දැනෙනවා ඔහු සමඟ වැඩ කරන්න ලැබුණ එක ගැන. ඔහු සමඟ වැඩ කරන්න හරිම පහසුයි. ඉගෙන ගන්න දේවල් බොහෝමයක් තිබෙනවා. එතුමාගේ සංස්කෘතික, ජනප්‍රවාද, ඉතිහාස පර්යේෂණ සහ ගවේෂණ හරහා නිර්මාණය වෙනුවෙන් එතුමා කැපවන අයුරු ලාංකේය නාමය ලෝකය වෙත රැගෙන ගිය අති දක්ශ අති ප්‍රවීන විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් කිවහොත් නිවැරදි. එතුමාගේ දුර දක්නා නුවණ, වැඩ කරන පිළිවෙළ වැනි බොහො දේ සැබවින්ම දැක ගන්න ලැබුණේ එතුමා සමඟ වැඩ කරන විටදි. හදවතට ගොඩක් දැනුණා කලාව කියන දේ වටිනාකම දැනුණා. මම මේ වෙලාවේ බොහොම ආදරෙන් ගෞරවයයෙන් නැවත වරක් මතක් කරන්න කැමති එතුමාව. එතරමටම “සැඟවුණු නගරය” චිත්‍රපටයේ රංගනය හරහා මට ලැබුණු අත්දැකීමි සම්භාරය අමිලයි.

රංගන ශිල්පියෙකුගේ භූමිකාව ඔබ දකින්නේ කොයි විදියටද?

පහසු දෙයක් නෙමෙයි. රංගන භූමිකාව කියන්නෙ සරලවම සහ කෙටියෙන් කිවහොත් ඒ චරිතය තුළ අප ජීවත් විය යුතුයි. චරිතයට පණ පෙවීමට නම් නිරන්තරයෙන්ම චරිතය තුළ ජිවිත විය යුතු ය. ඒ පිලිබඳව මනා අවබෝධයක්, අධ්‍යයනයක්, හඬ පාලනයක් හැඟීම දැනවීමට අප තුළින්ම ඒ හැකියාව පැන නැඟිය යුතුයි. එවිටයි භූමිකාව නිවැරදි වන්නේ. භූමිකාව නිවැරදි වුණ විටයි නිර්මාණය නිවැරදි වන්නේ.

මෙතෙක් රඟපෑ චරිතවලින් සහ ටෙලිනාට්‍යවලින් අමතක නොවන සිදුවීම තියෙනවද?

බොහෝ තිබෙනවා. ඉන් කිහිපයක් ගැන කිවහොත් මා පාසල් යන කාලයේදී සහ මා බොහෝ කුඩා කලායේදී රූපවාහිනිය හරහා දැක තිබූ දැවන්ත චරිත සමඟ රංගනයේ යෙදුණා. බොහොම සතුටුයි. උදාහරණයක් වශයෙන් කිවහොත් ප්‍රවීණ නළු ජනක කුඹුකගේ අයියා මට මතකයි. එකල මම රූපවාහිනිය තුළින් දැක තිබූ චරිතයක් පසුව කලාව හරහා “රිකන්ඩිශන් කෙල්ල’ තුළින් මම නියෝජ්‍ය ඇමති පුතු බාශන කියන චරිතයට පණ පොවන විට ඔවුන් සමග කාලය ගත කරන්න ලැබුණා. සහ දෙරණ කලා ගමේ අවුරුදු හරහාත් බොහෝ කලා තරු සමඟ හරිම සුන්දර අමතක නොවන කාලයක් ගත කරන්න ලැබුණා. අනෙක් අතට බොහො අත්දැකීම් ජිවිතයට එක් කරගන්න ලැබුණා. හරිම සතුටක් අමතක නොවන සුන්දර මතකයන් විදිහට මේ කලා ජිවිතය තුළ ලබාගන්නට හැකි වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ආදරය පිළිගැනීම යන බොහො දේ මේ කලාව තුළින් මා හට ලැබුණා.

ඔබගේ රංගනයට අමතරව වෙන මුකුත් හැකියාවන් තියෙනවාද ?

මට හොඳින් ජවන හා පිටිය ක්‍රීඩා කළ හැකියි. මම හොද කෙටි දුර ධාවකයෙක් සහ

ක්‍රිකට් ක්‍රීඩාව හරහාත් බොහෝ දෙනා මා හදුනාගෙන තිබෙනවා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදිහට. තව ගායනය, නිවේදනය, නර්තනය සහ චිත්‍ර කලාව, සටන් කලාව වැනි බොහෝ හැකියාවන් මා තුළ තිබෙනවා. රංගන ජීවිතය පහසුවෙනවා මේ හැකියාවන් මා තුළම තිබෙන නිසා.

ඔබට උදව් කළ පිරිස ගැනත් කියමු….

මගෙ පවුලේ අය මට සැමදා මා දිරිමත් කළා. පවුලේ අය ආදරෙන් මතක් කරනවා. විශේෂයෙන් අම්මා තමා හැමවෙලේම මගේ හිත හැදුවා. මේ ගමන යන්න තවත් උදව් කල අය නම් වශයෙන් කියන්න නොහැකි වුණත් වචනයකින් හෝ උදව් කළ අයට බෙහෙවින් ස්තූතියි!

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

සිනමාව තුළින් ඉදිරියට යාම සහ නොමැකෙන නාමයක් වීමයි මගේ බලාපොරොත්තුව.

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT