Home » සයනයිඩ් 26 දා සිට

සයනයිඩ් 26 දා සිට

by mavan
December 18, 2025 6:55 am 0 comment

නලින් රාජපක්ෂ විසින් තිර රචනය කරා අධ්‍යක්‍ෂණය කළ ‘සයනයිඩ්’ සිනමාපටය එළැඹෙන 26 වැනිදා සිට MPI ඇතුළු දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වේ. මින් පෙර රේන්බෝ, අඟර දඟර වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළේද නලින් රාජපක්ෂ විසිනි. සයනයිඩ් චිත්‍රපටය වර්ධරාජා පෙරුමාල් ගේ ජීවිත කතාව ඇසුරු කොට ගනිමින් නිර්මාණය වූවකී.

ශ්‍රී ලාංකික හා දකුණු ඉන්දීය කාර්මික හා නළු නිළියන්ගේ දායකත්වයෙන් නිමව ඇති මෙහි රංගනයෙන් රනීෂ් හේවගේ, රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි, නිෂුලි නෙලිත්මා, ක්‍රිස්ටිනා බිටෝ, සඳුන් බණ්ඩාර, ඇලෙක්සි ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර, රාජා බාලසූරිය, දුමිදු කන්නංගර සමගින් ප්‍රකාෂ් දසාරි, මහේන් කුමාර, මොහාන් පඩාලා, වීනූ මල්ලා වීදී, බාලු අකුලා ඇතුළු ශිල්පින් එක්වෙති. මෙම චිත්‍රපට දර්ශන වැඩි ප්‍රමාණයක් රූප ගත කර ඇත්තේ ඉන්දියාවේය.

කැමරා අධ්‍යක්ෂණයෙන් විශ්වජිත් කරුණාරත්න සහ සායි ටෝනි සංස්කරණයෙන් සහ දෙබස් පටිගත කිරීමෙන් අනුර බණ්ඩාර, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, අංග රචනයෙන් තරංග රුක්මල්, කලා අධ්‍යක්ෂණයෙන් ඇලෙක්සි ප්‍රනාන්දු, පසුබිම් සංගීතයෙන් හා ගායනයෙන් දුල්ෂාන් සුලක්ෂණ, ගීත රචනයෙන් නලින් රාජපක්ෂ 7.1 ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, සහය අධ්‍යක්ෂණයෙන්, දමිළ භාෂාව හා හඬ පුහුණුවෙන් රාජා ගනේෂන් එක්ව ඇත. ‘සයනයිඩ්’ මූන්ලයිට් චිත්‍රපට ඉදිරිපත් කිරීමකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT