Home » සම්මානයකින් මගේ ගමන ඇරැඹීම සතුටක්

සම්මානයකින් මගේ ගමන ඇරැඹීම සතුටක්

- නවක රංගන ශිල්පි තිල්ශාන් රාජකරුණා

by mavan
February 5, 2026 10:58 am 0 comment

ඔබේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ කොහොමද?

ඇත්තටම මම පොඩි කාලෙ ඉඳන්ම තිබුණු ආසාවක් තමයි රංගන ශිල්පියෙක් වෙනවා කියන දේ. මම ඉගෙනීම් කටයුතු කරන් ගියේ වෙනම පැත්තකින්, අපේ පවුලේ කවුරුත් රංගන ක්ෂේත්‍රයත් එක්ක සම්බන්ධ නැහැ. කලා පවුලක්, තාත්තා , සීයා ඒ හැමෝම කලාකාරයෝ. චිත්‍ර , කැටයම්, මූර්ති ඒ වගේ දේවල්වලට එයාල මාරම දක්ෂයි. මටත් පොඩ්ඩක් විතර ඒ ආභාසය නැතුවම නෙවෙයි. නමුත් මම පොඩි කාලෙ ඉදන්ම ඕනි උනේ රංගනයට පිවිසෙන්න. ඉස්කෝලේ යාළුවෝ එකතු වෙලා වේදිකා නාට්‍යය කළා. හැබැයි මම මොරටුව විශ්වවිද්‍යාලයට ආවට පස්සෙ ඒකෙදි කරපු වේදිකා නාට්‍යවලින් රඟ සොබා කියල පැවතුණු ෆැකල්ටි ඩ්‍රාම කම්පෙටිශන් එකකදි මට හොඳම නළුවා සම්මානයක් හම්බෙනවා.

ඒක තමයි මාව උනන්දු කළේ රංගනයට. මට ඒකෙන් පස්සෙ වෙළඳ දැන්වීමි වගේ ඒවට ආරාධනා ලැබුණත් පුද්ගලික හේතුවක් මත මම රගපාන එක නවත්වනව. මම කැම්පස් එකේ ඉගෙනීම් වැඩ ටික විතරක් කරගෙන යනවා. මම කැම්පස් අවුට් වෙ

ලා රැකියාවල නිරත වෙනවා. ඒ අතර මට පවුලේ පොඩි ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. අපේ තාත්ත අසනීප වෙනවා. ඒතකොට කොරෝනා ටිකක් දරුණුවට ආපු කාලෙ. මගෙ ජොබ් එක නැති වෙනවා. මගෙ ළගම හිටපු අය නැති වෙනවා. පස්සෙ මම හැමදෙයක්ම දාලා ගමට යනව. මගෙ ගම අමනාවල, යටියන්තොට ප්‍රදේශයේ තියෙන ලස්සන ගමක්. මේ කාලෙ මගෙ එකම අරමුණ උණේ තාත්තව සනීප කරගන එක විතරමයි.

එයාව සනීප කරලා පස්සෙ මම ආයෙ කොළඹ යනවා. මම නවත්තපු තැන්වලින් නැවතත් නැගිටින්න උවමනා වෙනවා. මේ අතර මං ආයෙත් රඟපාන වැඩ පටන් ගන්න ඕනි කියල හිතල ඔඩිශන් වලට යනවා. ඒ ගැන හොය හොය යනවා. මොකද මට කිසිම සම්බන්ධයක් තිබුණෙ නෑ. කොහොමද ඒවට සම්බන්ධ වෙන්නෙ කියලවත් මම දැනන් හිටියෙ නැහැ. ඒ නිසා ඔඩිශන්වලට ගිහින් ගිහින් තමයි මම ඒ ගැන හොයන්න ගත්තේ. 2023 වසරේ අන්තිම කාලයේ වගේ මම ආයෙ රංගනයට පිවිසෙනවා, ලංකාවේ එක්තරා ටෙලි නාට්‍යයක. රංගන ශිල්පියො ගොඩාක් ඉන්න තැනකින් මාව මම ඈතින් දකිනවා. හැබැයි මගෙ සපත්තු දෙක විතරයි. එතනින් තමයි මං ආයෙමත් රංගනය එන්නේ.

පාසල් කාලේ රංගනය හෝ කලා කටයුතු සම්බන්ධයෙන් තිබුණ අත්දැකීම මොන වගේද?

මුලින්ම කියන්න ඕනි මම මූලික අධ්‍යාපනය ලැබුවේ ගමේ ඉස්කෝලෙන්. අබයරාජ මහා විද්‍යාලය බෙරන්නාව, පසුව මම රුවන්වැල්ල රාජසිංහෙට එනව කැම්පස් යන තෙක්. මගේ හැකියාව තිබුණේ චිත්‍ර විෂයට. මම උසස් පෙළ කලා විෂය ධාරාවෙන් කළේ චිත්‍ර විෂය. අපේ පාසලේ හිටිය ගුරුවරු වගේම අපිට උසස් පෙළ චිත්‍ර විෂය උගන්වපු අපේ සේනක සර් සමඟ ස්ටේජ්, බැක් ඩ්‍රොප්, තොරණ් වගෙ දේවල් කරපු එක. පාසලේ තිබුන හැම කලා කටයුත්තටම වගේ අපි සර් එක්ක සම්බන්ධ වෙලා වැඩ කළා. ඒ අතර පාසලේ උත්සවවලට එහෙම මම යාළුවොත් එක්ක එකතු වෙලා ස්ටේජ් ඩ්‍රාමා එහෙම කළා. ඒවගෙ හොඳ ප්‍රතිචාර එහෙමත් හම්බුණා. ඇත්තටම ඒ කාලේ මාරම සුන්දරයි.

ඔබ නොබෝදා අඥචදච සම්මාන උලෙළේ 2025 වසරේ හොදම නළුවා සම්මානයට පාත්‍ර වුණා. මේ ලැබුණු ඇගයීම පිළිබඳව දැනෙන හැඟීම මොන වගේද?

මුලින්ම “රෑන ක්‍රියේශන්” ආයතනයට ස්තූතිවන්ත වෙන්න ඕනි. ඒ වගේම ඇත්තටම මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙන්නෙ. කැමරාවක් ඉදිරියේ රඟපාලා, ලබා ගත්ත මේ සම්මානය තමයි මගෙ රංගන ජීවිතේ මම සම්මානයට පාත්‍ර වුණ පළමු සම්මානය. මේ වගේ සම්මානයකින් මගේ ගමන ආරම්භ කරන්න ලැබුණු එක ගැන මාරම සතුටක් තියෙන්නේ. ඇත්තටම මං කැමතියි දක්ෂතම සහ හොඳම නළුවා වෙන්න තමයි. ඉතින් මට මේ වගේ දෙයක් ලබා ගන්න ලැබීම පිළිබඳව මට නිහතමානී ආඩම්බරයක් වගේම සතුටක් තියෙන්නේ.

මෙතෙක් රගපෑ ටෙලිනාට්‍ය අත්දැකීම් ගැනත් කතා කරමු…

ඔව් මම මුලින්ම රගපෑව්් “ජානු” ටෙලිනාට්‍යයේ. ඉන් පස්සෙ “දෑස මත මොහොතක්”, “ඉඥඥ රධභ”, “රොකී”, “මල්වාරේ”, “තප්පරකට්ටා”, “පාරාදීසේ” වගේ ටෙලිනාට්‍යවල රංගනයෙන් දායක වුණා. ඒ වගේම මේ දවස්වල “හිරිපොදවැස්ස”, “විසේකාරි” වගේ ටෙලිනාට්‍යවල වැඩ කරමින් යනවා. ඇත්තටම මට ප්‍රඩක්ෂන් කෲවලින් සෑහෙන උදව්වක් ලැබෙනවා. අපි වගේ ආධුනික රංගන ශිල්පීන්ට ලොකු ශක්තියක් වගේම ලොකු කාර්යක් ඇත්තටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක රංගන කටයුතු කරගෙන යන්න වගේම, හැමෝමත් සමඟ එකතු වෙලා ගමනක් යන්න උත්සාහ කරනවා.

චරිත වෙනුවෙන් කළ කැපවීම මොන වගෙද?

රඟපෑමක අනිවාර්යනේ අපි කුමක් හෝ චරිතයක් කරනවා නම් මං දකින විදියට අනිවාර්‍යෙන්ම හැදෑරීමක් තියෙන්නම ඕනි. අපි ඇවිදිනකොට, බස්වල යනකොට. කඩේකට තේ බොන්න ගියත් ඒක එහෙමයි. අවට ඉන්න චරිත ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මට ඕනි වුණා රඟපාන්න ඉගෙනගන්න. මොකද මොන දේ කරත් අපි හැදෑරීමක් තියෙන්නම ඕනි. මම සම්බන්ධ වෙන “ද මයිම ප්‍රොඩක්ෂන්” එකත් එක්ක සහ ප්‍රදීප් රාමවික්‍රම සර් එක්ක, ඔහුගෙ රංගන පාසල තුළ ඉගෙනීම් කරගෙන ගියා. මේ හරහා චරිතයක් නිවැරදිව කියවන්නේ කොහොමද? අධ්‍යයනය කරන්නෙ කොහොමද? ඒ චරිත නියම විදියට හසුරුවන්නෙ කොහොමද? ඒ වගේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම 100%ක් සම්පුර්ණ නැහැ. තවමත් මම ඉගෙන ගනිමින් චරිත ගැන අධ්‍යයනය කරනවා. සමහරක් වෙලාවට චරිතයක් දැක්කම ඒ වෙලාවෙ මන් කරල බලන අවස්ථා නැතුවම නෙවෙයි.

රංගන ශිල්පියෙකුගේ භූමිකාව ඔබ දකින්නේ මොන ආකාරයෙන්ද?

ඒක ගොඩක් ලොකු විග්‍රහයකට යන්න පුළුවන් කාරණයක්. ඇත්තටම් මම තාම පරිණත මදි සහ මගෙ දැනුම තවමත් ප්‍රමාණවත් නැහැ, ඒ තරම් ගැඹුරට යන්න. නමුත් සරලවම මම දකින දේ තමයි, ඔහුගේ භූමිකාව මෙන්ම රංගන ශිල්පියෙකු යනු සමාජයේ කැඩපතක් බව. ඔහු හෝ ඇය කරන්නේ තමන්ගේ සිරුර, කටහඬ සහ මනස උපයෝගී කරගනිමින් තවත් කෙනෙකුගේ ජීවිතයක් ප්‍රේක්ෂකයාට අත්විඳීමට, දෑනීමට, විදීමට සලසා දීමක් වගේ දෙයක්.

මෙතෙක් රගපෑ චරිතවලින් සහ ටෙලිනාට්‍යවලින් අමතක නොවන සිදුවීම් තියෙනවද?

ම්ම්ම්ම්… ඔව්… නැතුවම නෙවෙයි, මේක තමයි මට අමතක නොවන හොඳම සීන් එක. මම කුරුණෑගල ප්‍රදේශයේ ෂූට් එකකදි අපේ සීන් එකක් තිබුණා. මේක අතීත කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපටයක්. තවම ෆිල්ම් එක තිරගත වු⁣ණේ නැහැ. මේකෙ සීන් එකක් තිබුණ එක්තරා ගිනි තියන දර්ශනයක්. මං නිර්මාණය ගැන වැඩි විස්තර නොකිය මෙහෙම කියන්නම් ඒ ගිනි තියන දර්ශන තියන වෙලාවේ, මම ටීම් එකක් ලීඩ් කරගෙන එළියට එනවා ගිනි තියාගෙන. එතකොට එතන හිටපු කෙනෙක් අතේ තිබුණු පන්දමක් ගැලවිලා විසිවෙලා ඇවිත් මගෙ ඔලුවෙ වැදුණා. මම රැවුල කොන්ඩෙ වවලා හිටියෙ ඒත් එක්කම මගෙ මුලු මූණම ගිනි ගත්ත. මම ඉක්මනට බිම දිගා වෙලා මම යටට ඇදල හිටපු එක ගලවලා මගෙ ඔළුවෙ ඔතා ගත්තා. අපේ අන්තිම සීන් එක. ඒ සීන් එක ආයෙ වැරදුණොත් ලොකු වෙලාවක් යනව ආයෙමත් ගහන්න. මගෙ මූණම පිච්චිලා තිබුණෙ. මම ආයෙත් නැගිටල සීන් එක ඉවර කළා. ඉවර කරල තමයි එළියට බැහැල දිව්වෙ. පස්සෙ අපේ ප්‍රොඩක්ශන් එකෙන් මාව ළඟ තිබුණු හොස්පිට්ල් එකකට අරන් ගිහින් බෙහෙත් කළා.

පස්සෙ මම කොළඹ ඇවිත් මූණට බෙහෙත් කළා ටික දවසක්. ඒ කැලැළ තවම මගෙ මූණේ ළාවට තියනවා. ඒක තමයි මං මූණ දුන්නු අමතක නොවෙන සීන් එක. මුලින්ම ඩයලොග්ස් කියන්න චරිතයක් ආපු වෙලාවෙ මට ඉස්සල්ලාම ජානු එකෙන් තමයි මුල්ම ඩයලොග් එක කිව්වෙ. ඒ වෙනකොට මම කිසිම දෙයක් දන්නෙ නැහැ. කොහොමද? ඩගලොග් එකක් කියන්නෙ කියලවත්, මම ස්ටේජ් ප්ලේ කරපු විදියටම ඩයලොග් එක කිව්වෙ මුලින්ම. මන් හොඳටම බැනුම් ඇහුවා. කැමරා අධ්‍යක්ෂවරයගෙනුත් එක්කම. මොකද? අතපය විසි කරල තමා පටන් ගත්තෙ. පස්සෙ මට කිව්ව මචන් උඹ රඟපාන්නෙ කැමරාවක් ඉස්සරහ කියලා. පළවෙනිම බැනුම පටන් ගත්තෙ එතනින්.

ඔබ මොරටුව විශ්වව්ද්‍යාලයේ උපාධිධාරියෙක්. උසස් අධයාපන කටයුතු සහ වෘත්තිය ජීවිතය එක්ක කලා කටයුතුවලට නියැළීම සම්බන්ධයෙන් ඔබට දැනෙන හැඟීම මොකද්ද.?

ඔව්. ඇත්තටම මම මොරටුව විශ්‍වවිද්‍යාලයේ වාස්තු විද්‍යාපීඨයේ භූමි නිර්මාණ අධ්‍යයන අංශයේ විශේෂ උපාධියක් කරපු කෙනෙක්. දැනට මම ඵජචතඥඤ චපජඩඪබඥජබභපඥ කියන ආයතනයේ ආකෘති නිර්මාණ ශිල්පියෙක් සහ භූමි නිර්මාණ ශිල්පියෙක් වශයෙන් කටයුතු කරගෙන යනවා. ඒ අතර තමයි මම රංගන කටයුතුවල නියැළෙන්නේ. මට හිතෙනවා සමහර වෙලාවට මගෙ වෘත්තියත් සමඟ බැඳුණ නිර්මාණශීලී හැකියාවන් මට රංගනය තුළ එහි චරිත නිර්මාණය කිරීමේදී ගොඩක් ඉවහල් වෙනවා කියල. මොකද නිර්මාණශීලීත්වය කියලා කියන්නෙ ඕනිම දේකට යොදාගන්න පුළුවන් පුළුල් මාධ්‍යයක්. ඇත්තටම මට සතුටුයි එහෙම තැනක ඉදගෙන මට රංගනය වගේ වෙනස්ම පැතිකඩකින් එළියට එන්න වෙනස්ම දේවල් කරන්න. අලුත් දේ ගැන හොයන්න සහ ඒ දේවල් මට එලියට පෙන්නන පුළුවන් වීම ගැන.

ඔබට සිනමාවට සම්බන්ධ වෙන්න තවම ආරාධනාවක් ලැබුණෙ නැද්ද?

මම සිනමා නිර්මාණයක් සදහා දායක වුණා. ඉදිරියේදී මගේ රසිකයන්ට එය නරඹන්න පුළුවන් වෙයි. ඉදිරියේදී සිදුකරන්න නියමිත සිනමා නිර්මාණයක් සඳහා ආරාධනා ලැබිල තියනවා. තවම සාකච්ජා මට්ටමේ යනව. ඇත්තටම මම සිනමාවට තමයි ගොඩක්ම කැමතියි. මං සිනමාවට ආදරෙයි. සිනමා නළුවෙක් වෙන එක මගෙ හීනයක්. ඉදිරියේදී හොඳ නිර්මාණවලින් ආරාධනා ලැබුණොත් සතුටින් භාර ගන්නවා.

ඔබට උදව් කළ පිරිස ගැනත් කියමු….

මුලින්ම මගෙ අම්මයි තාත්තයි නංගි. එයාල තුන් දෙනා තමයි මගෙ හයිය. මේ ගමන එන්න මුල් පුරුක් තුන තමයි ඒ. නෑදෑයෝ, ඒ අතර තව ඉන්නවා මේ ගමනට තව එකතු උණු අයත්. ඒ වගේම, මගෙ ඉස්කෝලෙ ගුරුවරු, යාලුවො, කැම්පස් එකේ අපේ ඉහළ සහෝදරත්වය, විශේෂයෙන්ම ප්‍රදීප් රාමවික්‍රම සර්. හැමෝම දන්න පොඩි සර් ඇතුළු අපේ මයිම ප්‍රොඩක්ශන් ටීම් එකම, ප්‍රසන්න අයිය, තව මට විවිධ අය හම්බෙනව මේ ෆීල්ඩ් එක ඇතුළේ. අධ්‍යක්ෂවරු, සහය අධ්‍යක්ෂවරු. හැම ප්‍රොඩක්ශන් ටීම් එකක්ම මම නම් වශයෙන් කියන්න ගිහොත් එක්කෙක් හරි මඟ ඇරුණොත් හොඳ නැහැ. හැමෝම දන්න කසුන් ගම්මාන අයිය ඇතුළු මේ ෆීල්ඩ් එකේ ඉන්නෙ අනිකුත් සහ අත්දැකීම් බහුල රංගන ශිල්පීන් ශිල්පිනියන්. විශේෂයෙන්ම මම වැඩ කරන තැන ගයාන් අයිය ඇතුළු හැමෝම මට මාරම සහයෝගයක් දෙනවා මගෙ රැකියාව සහ මගේ රංගන ජීවිතය සමබර කරගෙන යන්න.

මා දන්නා තරමින් ඔබ හොඳ චිත්‍ර ශිල්පියෙක්, රංගනයත් එක්ක දැන් චිත්‍ර ඇදීම් කටයුතුවලින් ඈත් වෙලාද,

ඇත්තටම කිව්වොත් ඔව්. මොකද මගෙ රැකියාවේ විදිය සහ මේ ගතකරන ශෙඩූල් එකත් එක්ක මට ගොඩක් වෙලාවට ඒ දේවල් අතපසු වෙනවා. ඉතින් චිත්‍ර ඇදීමේ කටයුතු නම් දැන් සිදු කෙරෙන්නම නැති තරම්.

ඔබේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?

දක්ෂ, හැමෝගෙම හිත්වල රැදුණු හොඳ රංගන ශිල්පියෙක් විදියට මේ ගමන අවසන් කරන්න තමයි මගෙ අනාගත බලාපොරොත්තුව.

 

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT