ඉතින් කොහොමද ජීවිතේ?
හොඳින් ගෙවීගෙන යනවා.
මේ දවස්වල ඔබේ වැඩකටයුතු මොනවාද?
මේ දිනවල ගෙදර ඉදන් රැකියාවට යනවා. ඒ අතරතුර යම් කලා නිර්මාණයකට අධ්‍යක්ෂකවරයෙකු කතා කළොත් එයටත් දායක වෙනවා.
ඔබේ පවුලේ විස්තර ටිකක් කියමු.
මගේ නම මලින්ද මධුභාෂණ. නමුත් මගේ පවුලේ අය සහ යාළුවෝ කියන්නේ ශානුක කියලා. අපේ ගෙදර තියෙන්නේ අවිස්සාවේල්ල කිට්ටුව. මම ඉන්නේ අම්මයි නංගියි එක්ක.අම්මාගේ නම අනෝමා තෙන්නකෝන්. ඇය ගෘහණියක්. නංගීගේ නම රේෂානි තත්සරණි. ඇය පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු වෙනවා. මම පාසැල් තුනක ඉගෙනුම ලැබුවා.1 වසරේ සිට 5 වසර දක්වා ගියේ පිළියන්දල සෝමවීර මහා විද්‍යාලයට. ඉන්පස්සේ 6 වසරේ සිට 9 වසර දක්වා ගියේ මහරගම අඹගහපුර විද්‍යාලයට. 9 වසරේ ඉදන් 12 වසර දක්වා අවසානයට ගියේ ගම්පහ රාජසිංහ විද්‍යාලයට. කොළඹ කින්ස්බරි හෝටලයේ මම සේවය කරන ගමන් රංගනයට යොමු වෙලා ඉන්නවා.
රංගන ක්ශ්රේතයට අවතීර්ණ වුණේ කොහොමද?
මම මුලින්ම මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ නියැළුණේ. ඒ 2010 වසරේදී විතර. මගේ ගුරුතුමිය වුණේ රෝසැන් ඩයස් මහත්මියයි.මම එහිදී මෝස්තර නිරූපණ තරග කිහිපයකට පෙනී සිටියා. කොණ්ඩ වර්ණ ගැන්වීමේ තරගය සහ කොළඹ ප්‍රදේශයේ මෝස්තර නිරූපණ තරගයක් මට මේ වෙලාවේ මතකයට නැඟෙන්නේ. ඊට අමතරව තව මෝස්තර නිරූපණ තරග කිහිපයකටම මං පෙනී සිටියා. එතනින් තමා මගේ කලා දිවියේ ආරම්හය සනිටුහන් වුණේ.2011 වසරේ දී මියුසික් වීඩීයෝවකට මුලින්ම රංගනයෙන් දායක වුණා.ඒ චින්තක මලිත් ගායනා කරන “ළං වෙන්න බෑ ” ගීතයට. සංගීත අධ්‍යක්ෂකවරයෙක් වන චමු ශ්‍රී මගේ මිතුරෙක්.මගේ කලා දිවියේ ඉදිරියට ඒමට ඔහු මට උදව් කළා.
ඔබේ පවුලේ අයත් කලාවට සමීපයිද?
ඔව්.මගේ මාමලා. මගේ අම්මාගේ සහෝදරයන් දෙදෙනා.මගේ ලොකුමාමා වන නිමල් තෙන්නකෝන් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහු දැනට පදිංචි වී සිටින්නේ එංගලන්තයේ. අවුරුදු දා, යක්ෂාවේෂ, මානව වාරණ යනාදීය ඔහුගේ සිනමා නිර්මාණ.
මගේ පොඩි මාමාගේ නම උදය කුමාර තෙන්නකෝන්. එයා දැන් ජීවතුන් අතර නැහැ. ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළා.
පාසැල් කාලේ ඉදන්ම කලාවට ලැදියිද?
ඔව්. නමුත් පාසැල් වේදිකා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවකාශයක් ලැබුණේ නැහැ. මම ඒ කාලයේ නිරූපණ ක්ෂේත්රයට කැමැත්තෙන් සිටියා.
දැනට ඔබ නිර්මාණ කීයකට පමණ සම්බන්ධ වී තියෙනවාද?
ගීත වල රූප රචනා 6,7 කට වගේ මම සම්බන්ධ වී තියනවා.
* චින්තක මලිත් ගායනා කරන “ළං වෙන්න බෑ “ගීතය.
* අශාන් ප්‍රනාන්දුගේ “සත්තයි ඔයා” ගීතය.
. රෝහණ බැද්දගේ,සශීකා නිසංසලා හා රොමේෂ් සුගතපාල ඇතුළු ගායක පිරිස ගායනා කරන ” මහා නගරේ මහා අවුරුදු ගීතය”.
* තීක්ෂණ අනුරාධ ගායනා කරන “පෙම් පාටයි සුදු මුහුණ”.
. තුෂාර ජෝසප්ගේ “අම්මා” ගීතය.
* ඉන්දික ප්‍රභාත් සහ හර්ෂණී මධුභාෂිකා ගායන කරන “නුඹේ ඇස් මානේ”.
* ඉෂාරා ලක්ෂනීගේ “මගේම කියලා” ගීතය.
තිරගත වීමට නියමිත “ගිජු ලිහිණි” නමින් කෙටි සිනමාපටයකට සම්බන්ධ වුණා.
දැනට ටෙලි නාට්‍ය තුනකට දායක වී තියෙනවා.
“කොළඹ ඉතාලි” ටෙලිනාට්‍යයෙහි ජනමාධ්‍ය කැමරා ශිල්පියෙකු ලෙස රඟපෑවා.
* “ඇගේ කතාව” නම් ඒකාංගික නාට්‍යයට සම්බන්ධ වුණා.
* සිරස නාලිකාවේ “රොකී” නාට්‍යය.
දැනට මම රගපාපු නිර්මාණ තමයි මේ.
සත්‍ය කථාවක් ඇසුරින් නිර්මාණය කරන ලද හිරු නාලිකාවේ විකාශය වූ “ඇගේ කතාව” නම් ඒකාංගික වැඩසටහනෙහි ඔබ රගපෑවේ ප්‍රධාන චරිතයක් නේද?
ඔව්. ඇත්තටම මේක මට ලැබුණු හොද නිර්මාණයක්.මගේ මිතුරෙක් ඉන්නවා සංජය ජනක විජේසූරිය කියලා. මේ අවස්ථාව ලබා දුන්නාට ඔහුට ස්තූති වන්ත වෙනවා.ඔහුත් කලාවට සම්බන්ධයි.
මං රැකියාවක් කරන ගමන් රංගන කටයුතුවල නිරත වෙන්නේ. එහෙම වුණහම කලාවයි, රැකියාවයි දෙකම සමබරව කරගන්න වෙනවා.ඉතින් නිවාඩු අරගෙන තමයි රංගන කටයුතුවල නියැළෙන්නේ.
රංගනයෙහි ඔබ නිරත වෙන්නේ විනෝදාංශයක් විදිහටද?
මුලින්ම මට රංගනය පිළිබඳ ආසාවක් ඇති වුණා.ඊට පස්සේ විනෝදාංශයක් විදිහට තමයි කරේ. අද කාලේ ජීවත් වෙන්න මුදල් අත්‍යවශ්‍යයි නේ. ඒ නිසා රගපෑම් කටයුතුවලදී සාධාරණ මුදලක් මං බලාපොරොත්තු වෙනවා.
ටෙලිනාට්‍ය හෝ සිනමාව හරහා ඔබට යම් දිනෙකදී කලාවෙන් ඉහළ ස්ථාවරත්වයක් ලැබුණොත් රැකියාවෙන් සමුගන්නවාද?
ඔව්. රංගනය හරහා මං ජීවිතයෙන් තෘප්තියක් ලබනවා. ඒක හරි විනෝදකාමී වෘත්තියක්.
රිදී තිරයට (සිනමාවට) රංගනයෙන් දායක වීමට තවම අවස්ථා ලැබුණේ නැද්ද?
ඉදිරියේදී තිරගත වීමට නියමිත නිමල් තෙන්නකෝන් අධ්‍යක්ෂණය කළ යක්ෂාවේශ සිනමා පටයෙහි මං රඟපෑවා.
රංගන ශිල්පියෙකු වීම ඔබ පුංචි සන්දියේ පෑතූ පැතුමක්ද?
ඇත්තටම මට පුංචි කාලේ දී නම් රංගන ශිල්පියෙකු වීමට බලාපොරොත්තුවක් නම් තිබ්බේ නැ. හැබැයි ටචඵඩඪධද විදිහට ඇදුම් අදින්න ආසාව තිබුණා. ජායාරූපවලට ලස්සනට පෙනී ඉන්න මට හැකියාවක් නම් තිබ්බා.
විවේක මොහොත ඔබ ගත කරන්නේ කොයි විදිහටද?
මං ගොඩක් වෙලාවට ඉංශ්‍රීසි,දමිළ හා හින්දි චිත්‍රපටි බලනවා.සිංහල චිත්‍රපටි අඩුවෙන් නරඹන්නේ. මෙතෙක් නැරඹු සයියාරේ,සනම් තෙරි කසම්,ආශිකි යන චිත්‍රපටි මං ආසම නිර්මාණයි.ඉස්සර මං ආසම නළුවා සල්මන් කාන්.තවත් මං ආසම නළුවෙක් තමයි රිතික් රෝෂාන්.ඉන්දීය සිනමාවේ මගේ ප්‍රියතම නිළිය දීපිකා පදුකෝන්.ලාංකීය සිනමාවේ හේමාල් රණසිංහටත් මහේන්ද්‍ර පෙරේරාටත් කැමතියි.
රංගනය හැරුණු විට ඔබගේ වෙනත් දක්ෂතා, හැකියා මොනවාද?
රංගනයට අමතරව ක්‍රීඩාවට තමා මම ගොඩාක් දක්ෂ වුණේ. පාසැල් කාලේ ක්‍රිකට් සහ වුෂු ක්‍රීඩාවල නිරත වුණා. ඒත් මං වඩා කැමති ක්‍රිකට්වලට. මගේ ගෙදර පදිංචිය වෙනස් වුන නිසා ක්‍රිකට් ක්‍රීඩාව මට මඟහැරුණා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් කුමාර සංගක්කාරට මං ගොඩාක් කැමතියි. විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් විරාජ් කෝලිට ආසයි.
මුලින්ම කැමරාවක් ඉදිරියට ගිය විට ඔබට මොනවගේ අත්දැකීමක්ද ලැබුණේ?
එදා මට මාරම සතුටක් හිතට දැනුණා. මං මේ දකින්නේ හීනයක්ද කියලත් හිතුනා. ඒත් මට පොඩි බයකුත් හිතට දැනුණා. මොකද? මම පළවෙනි පාරටනේ කැමරාවක් ඉදිරියේ රගපෑවේ.
නවක ශිල්පියෙකු වන ඔබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොයි වගේද?
ඇත්තටම ප්‍රවීණයන් සමඟ වැඩකරද්දී එයාලාගෙන් මට ගොඩාක් අත්දැකීම් වගේම උදව් ලැබුණා. දෙබස් කියන විදිහ, ඒ ඒ චරිතයට අදාළ මනෝභාවය ඉස්මතු කරන විදිහ ඒ හැමදෙයක් පිළිබදව දැනුම ඔවුන් නොපැකිළිව මට කියා දුන්නා. කැමරාවක් ඉදිරියේදී මගේ පළමු මියුසික් වීඩීයෝව රූපගත කරන අවස්ථාවේ මට විශාල බියක් දැනුණා. ඒ වෙලාවේ දී මං හොදට රගපාන බවට ඔවුන් මාව දිරි ගැන්නුවා. අනාගතයේදී කලාකරුවෙක් ලෙස ඉදිරියට යන්න ඒ වටිනා අදහස් වල අගය මට දැනෙනවා. මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසැලට මං මාස තුනක් ගියා.එතනදී සෑහෙන දේවල් මං ඉගෙන ගත්තා.එතුමා උපදෙස් දෙන විදිහ ඒ වගේම මං මනස සමඟ ගනුදෙනු කළ යුතු විදිහ පවා එතනදී ඉගෙන ගන්න ලැබුණා.
රංගන ජීවිතයේ දී පවුලේ අයගෙන් වගේම ප්රේක්ෂකයන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරය කොහොමද?
පවුලේ කට්ටියගෙන් විශාල ප්‍රතිචාරයක් මට ලැබෙනවා. විශේෂයෙන් අපේ අම්මගෙන්.ඇත්තටම මගේ අම්ම ගැන කියන්න ඕනේ .එයා නිසා තමයි අද මම මේ තැන ඉන්නේ. ඇය තමා මගේ දක්ෂතා හදුනාගෙන කලාව පැත්තට යොමුකළේ. ඇය නොසිටින්න අද මම මේ තැන නැතිවෙන්න තිබුණා. අද මම ඉන්න තැන දැක්කාම එයාට මාර සතුටුයි. ඒවගේම මගේ නංගිටත් සතුටුයි. ඇත්තටම ප්රේක්ෂකයන්ගෙන් සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක්ම මගේ යාළුවන්ගෙනුත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
ඔබ කැමති දක්ෂ රංගන ශිල්පියෙකු වීමටද නැත්නම් ජනප්‍රිය රංගන ශිල්පියෙකු වීමටද?
ගුරුහරුකම් මත දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න මං කැමතියි.කලාව එදිනෙදා යාවත්කාලීන වෙනවා. ඒ නිසා පිටපතේ අඩංගු අදාළ දෙබස් දැනගෙන ඒ තැනට උචිත ඉරියව් නිරූපණය කරන්න ඕනේ. මියුසික් වීඩීයෝවක් කරලා කෙනෙකුට ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් දක්ෂ රංගන ශිල්පියෙක් වෙන්න අමාරුයි.
කලා ක්ෂේත්රයෙහි නොමැකෙන නාමයක් ලැබීමට නම් රංගනවේදියෙකු ක්‍රියා කළ යුත්තේ කෙසේද?ඔබේ අදහස දැනගන්න කැමතියි.
රංගනය පිළිබඳ හොඳට හදරන්න ඕනේ. ඒ අතර මනා කැපකීරිමත්, උනන්දුවත් තියෙන්න අවශ්‍යයි. ඒ වගේම ජේ්‍යෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක සුහදව වැඩකරන්න ඕනේ.
මලින්ද ඔබ කොහොම කෙනෙක්ද?
මම හරිම සංවේදි කෙනෙක්. නිදහසේ ඉන්නත් කැමතියි.අවංකභාවයට කැමති කෙනෙක්. ටිකක් කේන්තිත් යනවා හැබැයි ඉක්මනින් නිවෙනවා.
ඔබ ආදරය විඳින කෙනෙක්ද? ඔබට ආදරය ගැන මොකද හිතෙන්නේ?
ආදරවන්තියන් දෙතුන් දෙනෙක් මට සිටියා.දැන් නම් පෙම්වතියෙක් නෑ. සමහර පෙම්වතියෝ මං රගපානවාට අකමැති වුණා.
අවංක හිතකට ආදරය හිමි වුණොත් ඒ ආදරය ඇත්තටම සුන්දරයි. ආදරය දෙදෙනෙකු අතර පවතින දෙයක්. අදහස් ගැළපෙන්න ඕනේ. එවිටයි ආදරය රදා පවතින්නේ.
රංගන ක්ෂේත්රයේ කෙනෙක් සමඟ වුවත් ඔබ විවාහ වෙන්න කැමතිද? ඔබ විවාහ වෙන සහකාරියගෙන් බලාපොරොත්තු වන ගුණාංග මොනාද?
ඔව්. එහෙම කෙනෙක් රංගන ක්ෂේත්රයේ දී මුණගැසුණොත් මුලින් ඇසුරු කර බලනවා.ඉන්පස්සේ විවාහ වෙන්න තීන්දුවකට එනවා. එකම ක්ෂේත්රයේ නිසා දෙදෙනා අතර හොද අවබෝධයක් තියෙනවා. එකයි එහෙම විවාහයකට කැමතියි.
සහකාරියකගෙන් මං බලාපොරොත්තු වන ගුණාංග තමයි සාමාන්‍යයෙන් ලස්සන තියෙන්න ඕනේ. සැමියාට අවංක වෙන්නත් ඕනේ. ඒ ඇරුණහම ඇය ගාවත් අවංක ආදරය තියෙන්න අවශ්‍යයි.
ඉදිරි වැඩකටයුතු මොනවාද?
ඉදිරියේදී සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

 
			        
 
			        