නුගේගොඩ අනුලා විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවක් වු ඇය පාසලේ කා අතරත් ජනප්‍රිය චරිතයක් බවට පත්විය. විෂය හා විෂයේ බාහිර ක්‍රියාකාරකම්වල සමිති සමාගම් වල මෙන්ම මාධ්‍ය ඒකකයේ ඇගේ දක්ෂතාවයන් මැනවින් පෙන්නුම් කළේය. ජීවිතේ එකම අරමුණක හිඳ ඒ ඔස්සේ උසස් පෙළ නිමාවීමත් සමඟ තම අරමුණ කරා යන්නට නොපසුබට උත්සාහයක් ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අද රන් එෆ් එම් සහය වැඩසටහන් කළමනාකාරිය බවට පත්විය. ඇගේ එකම සිහිනය වූ රූපවාහිනී නිවේදිකාවක් බවට පත්වීමද මේ වන විට ඇය ලැබූ ජයක් ග්‍රහණයක් බවට පත්වී හමාරය. සතියේ දින හතම උදෑසන ස්වර්ණවාහිනී නාලිකාවේ ලෝක සිතියම ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ ඇයයි. ඇය නමින් ප්‍රභාෂි වීරරත්නයි. මේ ඇය ආ ගමන් මඟ සරසවිය සමඟ බෙදා ගත් අයුරුයි.
ආපු ගමන් මඟ ගැන සිහිපත් කළොත්?
මම හැදුණ වැඩුණේ නුගේගොඩ ප්රදේශයේමයි. එනිසා මගේ සියලු අධ්‍යාපන කටයුතු සිදුවුණේ අනුලා විද්‍යාලයෙන්. නුගේගොඩ විහාරස්ථානයේ දහම් පාසලේ නිවේදිකාවක් ලෙස මම සෑහෙන කටයුත්තක් ඉටු කළා.එයින් තමයි නිවේදිකාවක් ලෙස කළ එළි බහින්නට මූලික අඩිතාලම හරියටම ලැබුණේ එතනින් කිව්වොත් මම නිවැරදියි. පාසල් කාලය ගත කළ හැම තත්පරයක්ම මම සිතුවේ කවදා හරි රූපවාහිනී නිවේදිකාවක් වීමයි. ආ.පො.ස උසස් පෙළ නිම වීමත් සමඟ මගේ ලොකු අම්මා අපේ ඥාතියෙක් වන කුසුම් පීරිස් නැන්දට මම ගැන සදහන් කරළා තිබුණා. ඉන් ටික දවසකට පසු මට එන්න කියලා කුසුම් නැන්දා පණිවුඩයක් එවනවා. මමත් තාත්තාත් කුසුම් නැන්දා හමුවන්නට ශශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට ගියා. එතනදි මගේ වොයිස් එක තාත්තාගේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරලා අහලා මට හරිම මිහිරි බර හඩක් තියනවා කියලා හොඳ ප්‍රතිචාරයක් ඇය ගෙන් ලැබුණා. ඉන් අනතුරුව මට මුලින්ම එන්න ලැබුණේ ගුවන් විදුලි නාලිකාවක නිවේදිකාවක් ලෙසයි. ඒ ආපු ගමන් මග තමයි අද මම රූපවාහිනි නිවේදිකාවක් බවටත් පත්වන්නේ.
ප්‍රථම වතාවට ගුවන් විදුලි නාලිකාවට පා තැබීම දවස ගැන හිතුණේ මොකක්ද?
මම මුලින්ම දෙරණ ගුවන් විදුලි නාලිකාවට පියවර තැබූ දවස දැනුණේ මහා පුදුමාකාර සතුටක් සමඟ මගේ බලාපොරොත්තුවේ එක් අරමුණක් ඉටු වුණා කියලා විතරමයි. මාස දෙකක් පඩි රහිතව පුහුණු නිවේදිකාවක් ලෙස වැඩ කරනවා. ඉන් අනතුරුව හිරු ගුවන් විදුලි නාලිකාවේ නිවේදිකාවන් ගන්නා බවට සඳහන් කරලා තිබුණා. පසුව දෙසීය දෙනෙකුට අධික සංඛ්‍යාවත් සහභාගි වූ සම්මුඛ පරීක්ෂණයෙන් අට දෙනෙක් තෝරා පත් කර ගත්තා.ඒ අට දෙනා අතරට මාත් තේරුණා. ඒ තෝරා ගැනීමේදී මාස හයක් විතර මම හිරු නාලිකාවේ සහන නිවේදිකාවක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමිවෙනවා. පසුව අධ්‍යාපන අමාත්‍යාංශයේ රැකියාවක ලැබිලා හිරු ගුවන් විදුලි නාලිකාවෙන් මම ඉල්ලා අස්වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අතරතුරේදී කුසුම් පීරිස් නැන්දගෙන් පණිවුඩයක් ලැබෙනවා. අමාත්‍යාංශයේ ස්ථිර රැකියාවක් නොමැති නම් අන්න රන් ටථ ගුවන් විදුලි නාලිකාවට නිවේදිකාවන් ගන්නවා. එතනට එකතු වෙන්නට අවස්ථාව තිබෙන බවටයි. රජයේ ස්ථිර වෙන්න තිබුණු රැකියාවකින් නැවත මම නිවේදිකාවක වීමේ සිහිනයට එන්න එතැනින්ද ඉල්ලා අස්වීමට සිදුවෙනවා. මාස හතරක් වැනි කාලසීමාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කළත් මගේ ජීවිතේම තිබුණා බලාපොරොත්තුව ඉටු කරගන්නට මම නැවත අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයට සමුදිලා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට රන් ටථ ගුවන් විදුලි සේවයේ සහන නිවේදිකාවක් ලෙස එකතු වෙනවා. ඒ 2011වර්ෂයේදීය. ඒ ආපු ගමන මම අද සාහාය වැඩසටහන් නිෂ්පාදිකාවක් ලෙස 2025 අවසාන වීමත් සමඟ 2026 ආරම්භයත් සමඟ සිදුවෙනවා. විශාල වගකීම් සම්භාරයක් මැද දැන් රන් ටථ ගුවන් විදුලි සේවයේ කටයුතු කරමින් යනවා.
රන් ටථ ගුවන් විදුලි නාලිකාවේ ඔබ කළ කාර්යභාරය මතක් කළොත්?
සහන නිවේදිකාවක් ලෙස ආරම්භ කළ ගමන වසර 14කට පසු අද මම සහාය වැඩසටහන් නිෂ්පාදකවරියක් දක්වා ආපු ගමනේදී පැය 24 පුරාම තිබ්බ හැම වැඩසටහනක්ම කරලා තිබෙනවා. එය මගේ ජීවිතේ ලබපු හොඳ අත්දැකීම් සම්භාරයක පෙර නිමිති කියලා කියන්න පුළුවන්. ර්ධපදඪදඨ ඵඩධඹ, එක ඡ්චපතර ථධපදඪදඨ ඵඩධඹ එක. ධමඥප දඪඨඩබ, එක ඡ්මඥදඪදඨ ඤපඪමඥප එක දහාවල් වැඩසටහන ලන්ච් බඪථඥ වැඩසටහන ශ්රාවකයා වඩාත් සමීපව ළඟා කර ගත්තේ රන්දම් වැල් වැඩ සටහනෙනුයි.එක වචනයක් ශ්රාවකයාට දීල ගීත සෙවීමේ වැඩසටහනක් මේ රන් දම්වැල් වැඩසටහන ජනප්‍රිය වැඩසටහනක් බවට පත්වුණා. මේ ගෙවුණු කාල වකවානුවේ කිසිදු දිනක මගේ උපන් දිනය අමතක නොකර හැමදාම සමරන්නට ඔවුන් පෙළ ගැසුණා. එය මම ලැබූ ශ්‍රාවක භාග්‍යයක් ලෙසයි මම දකින්නේ.
වසර දාහතරක් ගතවෙලා ඔබේ සිහින සැබෑ කර ගන්නට ලැබුණු වරප්‍රසාද මොනවාද?
මට ලැබුණු හොඳම වරප්‍රසාදය තමයි රූපවාහිනී නිවේදිකාවක් වීමේ සිහිනය සැබෑ කර ගැනීම.ඒ 2023 වර්ෂයේදි ශාරුක් ඛාන් ප්‍රධාන චරිතයෙන් එක්වන චිත්‍රපටයේ ලෝක ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකා ප්‍රදර්ශනයත් ආරම්භ කළ දිනය ස්වර්ණවාහි නාළිකාවේ නිවේදිකාවක් ලෙස වාර්තාකරණයට එකතු වීමයි. ඉන් පසු සතියේ දවස් පහේම ස්වර්ණවාහිනී නාලිකාවේ චැනල් ච් එකේ පැයක සජීවී වැඩසටහන වෛද්‍යවරයකු සමඟ කතාබාහක්. මේ අවස්ථාව මට හිමි වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ ඛ්ර්ණර්ණ උදාර විජේසිංහ මහතා නිසයි. ඉන් අනතුරුව ඉරිදා ථර ටපඪඥදඤඵ නපධඨපචථ එක මට ලැබෙනවා. මේ කළ වැඩසටහන් දෙක නිමා වීමත් සමඟ මේ වන විට මම සතියේ දවස් හතේම මුල් පිටුවෙන් පසුව ලෝක සිතියම වැඩසටහන දිගටම කරනවා. මේ වැඩසටහන් කරන විට ජීවිතයේ යම් බලාපොරොත්තුවක් ඉටුවුණා කියලත් දැන් හිතෙනවා.
ඔබේ සිහිනය සැබෑවුණාට පස්සේ මොකද හිතුනේ?
මගේ සමකාලීනයන් සහ මට පහළින් ඉන්න සියලු දෙනාත් එක්ක එකට එකතුවෙලා යම් වැඩසටහනක් කරන විට එහි ගුණාත්මක බව රඳවාගෙන කරන්නේ කොහොමද කියන තැනට ඇවිත් බලාපොරොත්තු තබාගෙන වැඩ කිරීම තමයි මුලින්ම දැන් හිතෙන්නේ. ගෙවුණු කාලයත් එක්ක ආපු ගමනේදී. රන් ටථ ගුවන් විදුලි නාලිකාව කියන්නේ සුභාවිත ගීතයට මුල් තැනක් දි ශ්රාවකයාට අසන්නට ලැබෙන නාලිකාවක්. අපි කතාකරන භාෂාව, දැනුමෙන් සන්නද්ධ විය යුතුද ? වැඩසටහනක් ඉදිරිපත් කරන්නට ප්‍රථම කොපමණ කියවීමේ ප්‍රවණතාවයක් අප සතු විය යුතුද? මේ හරහා කරනු ලබන වැඩසටහන මගේ දැනුම හා ශක්ති ප්‍රමාණයේ උපරිමින් කිරීමේ බලාපොරොත්තුව තමයි මගේ ඒකායන අරමුණ වෙන්නේ. මේ සියලු දේවල්ම අනිත් සියලු දෙනාත් සමඟ බෙදාගෙන සහයෝගයෙන් වැඩ කිරීම තමයි මගේ අරමුණ වෙන්නේ. කිසි දිනක මත ගැටුම් ඇති කරගන්න මම කොහෙත්ම කැමති නෑ. සියලු දෙනා සමඟ සහයෝගයෙන් වැඩ කිරීම තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ හැම මොහොතකම.ඒත් රාජකාරි කරන විට පුද්ගලයාගෙන් පුද්ගලයාට හිතන පතන විදිය වෙනස්. ඒ සියලු දෙනාගේම දේවල් වලටත් ඇහුම්කන් දීලා ඒවටත් සරිලන විදිහට ක්රමවේදවල් හදාගෙන හොඳ මාවතක ගමන් කරොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන් වෙනවා කියලයි මම හිතන්නේ.
සහාය වැඩසටහන් නිෂ්පාදකවරියක් වුණාම එහි වගකිම කොහොමද දැනෙන්නේ?
ලොකු බරක් වගේම වගකීමක් මේ තනතුර හරහා තිබෙනවා. රන් ටථ නාලිකා ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ නුවන් ප්‍රේමතිලක ඔහු නිසා තමයි මම අද සහය වැඩසටහන් නිෂ්පාදකවරියක් බවට පත්වන්නේ. ඒ වගකීම මට දරන්නට පුළුවන් කියලා මාව ඒ තනතුරට ගෙනාපු එක ගැන. ඔහුට සහ ඛ්ර්ණර්ණ උදාර විජේසිංහ, රන් ටථ වෙළඳ කළමනාකරු අසංක ලක්මාල් ස්තුතිය පුද කරනවා මාව ඒ තැනට පත් කරන්නට කැප වුණාට. නාලිකා ප්‍රධානියා ලෙස නුවන් ප්‍රේමතිලකගෙන් ලැබෙන සහයෝගය අපමණයි. හැම මොහොතකම වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් හොඳ වැඩසටහනක් කරන ක්රමවේදවල් කියා දෙමින් එහි ගුණාත්මක බව රඳවා ගන්නට මාව දිරිමත් කරවනවා. අවසානේ ප්‍රභාෂි කියන චරිතය පිබිදිලා මලක් වගේ මාධ්‍ය ලෝකයේ වැජඹෙනකොට ඒ සියල්ල පිටුපස සිටින්නේ ඔවුන් කියලා හැඟීම මගේ හිත ඇතුලේ තිබෙනවා
ඔබේ නාලිකාවට පැමිණෙන විට මාධ්‍ය ලෝකයේ ඇසුරු කරන්නට ලැබුණා ප්‍රවිණයන්ගෙන් ලැබුන සහයෝගය කොහොමද?
මම ක්ෂේත්රයට පිවිසෙන්නේම මගේ වයස අවුරුදු විසි එකේදී පමණය. එවිට මට ඇසුරු කරන්නට ලැබෙන්නේ වයස 30ට වැඩ් ක්ෂේත්රය පිළිබඳව ගොඩක් දැනුම තියෙන පිරිසක්. නාලිකාවට එන විට මම තමයි හිටිය වයසින් අඩුම කෙනා බවට පත් වූයේ. නවකයින්ට ප්‍රවීණයන් කිසිවිටක ලිහිල් බවක් සැලසුවේ නෑ නාලිකාව තුළ. පසුකාලීනව ඒ ගැන හිතන විට ඔවුන් අනුගමනය කළ ක්‍රියා පිළිවත හරි කියලා දැනුණා. ඒ හැම දෙයක්ම ඔවුන් කලේ අපට නාලිකාවේ සියලු දේවල් ඉගැන්වීමටයි.ඒ නිසා ඔවුන් කපලා දුන්න පාරේ අපි ගමන් කරා කියලා කියන්න පුළුවන් තැනට මම ආවා කියලා අද සතුටු වෙනවා. ඒත් අද පරම්පරාව ඒ විදිහට ඉගෙන ගන්නට කිසි විටෙක කැමති නැති බවක් ක්ෂේත්රය තුළ දක්නට ලැබෙනවා. මම හැමවිටම ප්රවීණයන්ගේ ආභාසය ක්ෂේත්රය තුළ ලබාගත යුතුයි කියන තැනයි ඉන්නේ.
ශශ්‍රී ලාංකේය ගුවන් විදුලි ක්ෂේත්රයට වසර සීයක් සපිරෙනවා. ඒවටා තමයි හැම නාලිකාවක්ම ස්ථාපිත වන්නේ මේ ගැන මොනවද කියන්න තියෙන්නේ?
1925 ශශ්‍රී ලාංකේය ගුවන්විදිලි කලාව ආරම්භ වීමත් සමග ඒවටා තමයි සියලූම ශ්‍රාවකයන් එක්රොක් වී සිටියේ. එවිට තිබුණු එකම මාධ්‍ය කලාව වන්නෙත් ගුවන් විදුලිය පමණක් නිසා ඔවුන්ට රේඩියෝ සිලෝන් කියන නාමය හැම මෙහොතකම ඇහෙන්න දැනෙන්නයි තිබුණේ.ඒත් 80 දශකයේන් පසු රූපවාහිනිය ලංකාවට පැමිණීමත් සමඟ රූපවාහිනී නාලිකාවන් සහ ගුවන් විදුලි නාලිකාවන් උරෙන් උර ගැටී කටයුතු කිරීම නිසා ගුවන් විදුලිය තරමක් පසු බැහැලා රූපවාහිනි නාලිකා ඉදිරියට එන්නට ගත්තා.ඒත් අද වන විට නවීන තාක්ෂණය හා ඩිජිටල් මාධ්‍යකරණය නිසා ගුවන් විදුලිය ඉදිරියෙන් සිටිනවා කියලා කියන්න පුළුවන් වාතාවරණයක් ස්ථාපිත වෙලා තිබෙනවා කියල කියන්නත් පුළුවන්. ඒත් ගුවන් විදුලි කලාව ශ්‍රාවකයාගෙන් දුරස් නොවී තියාගන්න නම් අපි හැමවෙලේම නව තාක්ෂණය මුසු කරමින් ඩිජිටල් කරණයට යොමු විය යුතුයි කියන තැන මම අද ඉන්නවා. අද වන විට ගුවන් විදුලිය අහනවාට වැඩිය ඇහෙනවා විතරයි දැනෙන්නේ. නාලිකා වැඩිවුණාට වැඩක් නැහැ මේ කාලසීමාව තුළ ගුණාත්මක බවින් ශ්රාවකයා ග්‍රහණය කර ගත යුතු නාලිකාවල් ස්ථාපිත විය යුතුයි. ශ්රාවකයාට සාරවත් බවින් යුතු වැඩසටහන් කලාවක් ගෙන ආ යුතුයි.මගේ නාලිකාවෙන් මම ඒ දේ ගෙන එනවා කියලා කියන්න පුළුවන් තැනකයි වසර සීයක් පිරෙන ගුවන් විදුලි කලාව තුළ මම අද ඉන්නේ.
ඩිජිටල් කරණයත් සමග නවක නිවේදක නිවේදිකාවන් දැනුමෙන් සන්නද්ධ නොවී භාෂාව පරිහරණය කරනවා නේද?
ඒ කියමනත් සමඟ මම යම් එකඟතාවයක සිටිනවා.ඒත් දවසේ ආරම්භයත් සමඟ රන් ටථ නාලිකාව තුළ උදෑසන වැඩසටහන් සිට රාත්‍රිය නිමා වනතුරු භාවිතා කරන භාෂාව හරිම ව්‍යක්ත භාෂාවක් අපි පරිහරණය කරනවා. මේ වන විට ගුවන් විදුලි නාලිකා හතළිහකට වැඩි ප්‍රමාණයක් රට තුළ ස්ථාපිත වෙලා තිබෙනවා.ඒ නාලිකාවල අපේ නාලිකාවත් එක්ක සංසන්දනය කරන විට භාෂාව යොදා ගැනීම අහසට පොළොව මෙන් වෙනස්කම් තිබෙනවා. අතේ තිබෙන ඇඟිලි දහයටත් අඩු ප්‍රමාණයක් යම් තරමක් හරි නාලිකා දැනුම සම්පාදනය කර ගනිමින් භාෂාව පරිහරණය කරන්නේ.වැඩසටහන මෙහෙයවන නිවේදකයා හෝ නිවේදිකාව හැමවිටම කියන්නේ එන්න එන්න සිංදුවක් අහන්න එන්න කියන වචන ටික පමණයි ඇහෙන්නේ.අපි කතා කරන තැන හා අපි මොනවද කතා කරන්නේ කියන දේ ගැන හොඳ අවබෝධයකින් වැඩසටහනේදී නොසිතුවොත් ඒ කාරණා දෙක ගැන ප්‍රශ්නයක් බවට පත්වෙනවා. ඒ කාරණා දෙක ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරනවා නම් මාධ්‍ය ක්ෂේත්රයේ හොඳ ගමනක් යන්නත් පුළුවන්. හොඳ දැනුම සහිත නිවේදිකාවක් වෙන්නත් පුළුවන් හැකියාව තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
අනාගත ගුවන් විදුලි ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
ඉදිරි කාල සීමාව වන විට ගුවන් විදුලි ක්ෂේත්රයක් තිබෙයි කියලා කියන්න පුළුවන් හැකියාවක් නැහැ කියලා මම විශ්වාස කරනවා.මේ වන විට තාක්ෂණයත් සමඟ මුසුවෙලා ඩිජිටල්කරණයට යොමු වෙලා ඉවරයි. අපිට මොනාද ලැබෙන්නේ කියන තැනට අද පත්වෙලයි ඉන්නේ.ජීවිතයට යම් ප්‍රශ්නයක් ඇතිවුණොත් හෝ අසනීප තත්ත්වයකට මුහුණ දිලා ඉන්නවා නම් අඩුම ගානේ එයට සහනයක් හරි නාලිකාව තුළින් ඒ වැඩසටහනෙන් ලැබෙනවා නම් පමණයි. මේ හේතු කාරණා සංසන්දනය කරලා බලන විට ඉදිරියේදී ගුවන් විදුලි ක්ෂේත්රයක් තිබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි .
ගුවන් විදුලි ක්ෂේත්රයක් ඉදිරියට තිබෙන්නේ නැත්නම් ඉදිරියට එන පරම්පරාවල් මොන වගේ ක්ෂේත්රද තෝරාගත යුත්තේ?
මම මේ කියන දේට සමහරක් අය එකඟ වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඉදිරි පරම්පරාව සියලු දෙනාම මුදල් ගැන පමණයි සිතන්නේ. ඔවුන්ට ක්ෂේත්රයක් තිබුණත් එකයි නැතත් එකයි කියන තැන ඉන්නවා ගොඩක් දෙනෙක්. හොඳ ජනමාධ්‍ය වේදියෙක් මාධ්‍යවේදනියක්, හොඳ නිවේදිකාවක් නිවේදකයෙක් වෙනවා කියන තැන අද නැහැ. ඉස්සරහට එන සියලු දෙනාම හිතන්නේ මට කොපමණ වැටුපක් ලැබෙනවද මොකක්ද ලැබෙන තනතුර කියන එක පමණයිමයි හිතන්නේ. අපි ක්ෂේත්රයට එන කාලේ අපි වැටුපක්, තනතුරක් නෙවෙයි බැලුවේ ක්ෂේත්රයට කොහොමද පියවර තබන්නේ කියන එක පමණයි සිතුවේ. හරිම අමාරුවෙන් මහන්සි වෙලා නිදි මරලා අද මෙතෙන්ට ආවේ. අපිට තිබුණේ මාධ්‍ය ලෝකයට ඇතුළු වීමේ උණ පමණයි. ඒ තුළින් අස්සක් මුල්ලක් නෑර ඇවිදලා දැනුම හොයන්න දැනුම පෝෂණය කරගන්න ජීවිතයට අවශ්‍ය අඩුම කුඩුම ටික එකතු කරගන්නයි. මම හෙව්වේ හැම වෙලේම දැනුමෙන් පෝෂණය වෙච්ච කෙනෙක් කියන එක ශ්රාවකයා කියන එක විතරයි. මේ ගෙවුණු කාලසීමාවේ ප්‍රවීණයන්ගෙන් නොදන්න දේවල් අහගෙන දැනුම පෝෂණය කරගන්න අදටත් මම උත්සාහ කරන්නේ. ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන තිලකරත්න, ආචාර්ය නුවන් නයනජිත් කුමාර, ඇතුළු ප්‍රවීණ මාධ්‍යවේදීන්ගෙන් දැනුම ලබා ගන්නේ හරිම කැමැත්තෙන්. මේ තාක් දුර මේ ගමනට අවුරුදු පහළොවක් තිස්සේ උදව් කලාට බොහොම ස්තුතියි කියලා ඔවුන් සියලු දෙනාටම කියන්න මේක අවස්ථාවක් කර ගන්නවා. දැනුම එකතු කරගන්න එක ජීවිතේ අපි වෙන්වී යන තුරුම තිබෙනවා. ගුවන් විදුලි ක්ෂේත්රය වියැකී යන විට ඉදිරියට එන පරම්පරාවට ඩිජිටල් මාධ්‍යකරණය තමයි තෝරා ගන්නට වෙන්නේ. ච්ඪඨඪබචත මාධ්යකරණයත් එක්ක ඉදිරියට එකතු වෙනවා නම් සියලු දෙනාටම කියන්න තියෙන්නේ ඔබ දැනුමෙන් පෝෂණය නොවුණොත් ඔබට ගමනක් ද නෑ කියන එක පමණයි.
පාසල් කාලයේ ඔබ මැවූ සිහිනය දැන් ඉටු වෙලානේද?
ජීවිතයේ යම් අරමුණක් කරා පිය නගනවා නම් ඕනෑම කෙනෙකුට එයින් ජයග්‍රහණය ළඟා කර ගත හැකිය. හඬ පමණක්ම ශ්රාවකයාට යොමු කළ මම අද මගේ රූපය ප්‍රේක්ෂකයා හමුවට දැන් දකින්න ඉඩ සැලසිලා තිබෙනවා. එය මම ජීවිතේ ලබපු ලොකුම භාග්‍යයක් කොටයි මම සලකන්නේ.මට ඕන කම තිබුණේ ගුවන් විදුලි නිවේදිකාවක් වෙනවට වැඩිය රූපවාහිනී නිවේදිකාවක් වීමයි. ඒ සිහිනය සැබෑ කරල දුන්න ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ඛ්ර්ණර්ණ උදාර විජේසිංහ මහතාට ස්තූතිය පුදකරනවා. ප්‍රේක්ෂකයන් මෙන්ම සමාජයෙන් විවිධ අංශ නියෝජනය කරන සියලු දෙනා දැන් පවසන්නේ ඔබ ගුවන් විදුලි නිවේදිකාවක් වනවාට වැඩිය රූපවාහිනී නිවේදිකාවක් වීම තමයි වටින්නේ කියලා. රූපය හඬ දෙකම එකට ගැළපෙනවා කියලා කියනවා. මේ කාල සීමාව තුළදී මට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා ඒ වෙනුවෙන්. මේ වෙනුවෙන් ලැබෙන සහයෝගය හා දිරිමත් කිරීමද අඩුවක් නැතුව ක්ෂේත්රයේ හා අනිකුත් සියලු දෙනාගෙන්ම ලැබෙනවා.
මේ ආපු ගමනේදි ඇගයිමකට ලක් වුණාද?
මේ කාල සිමාවේදි මම එහෙම ඇගයිමකට ලක්වීමට සිදු වුණේ නැහැ.මේ වෙනතෙක් මම ඇගයීම් සම්මාන වලට ඉදිරිපත් වෙලාත් නැහැ, මගේ රාජකාරියට මුල් තැන දිලා වැඩ කටයුතු ටික ඉටුකළා පමණයි. මම සම්මාන පසුපස හඹා ගියේ නැහැ කිසිම මොහොතකවත්. මම හිතන්නේ සම්මානයක් පිරිනමන කොට අපිව අධ්‍යයනය කරලා කුමන හෝ සම්මාන උළෙලකින් ඇගැයීමකට ලක් කරනවා නම් ඒක තමා වටින්නේ. කිසිදු විටෙකදී අපි සම්මාන ඉල්ලලා අපේ වැඩසටහන් සුදුසුකම් යොමු කරලා ගැනීම සුදුසු නෑ කියන මතේ මම දිගටම සිටිනවා.පසුගිය කාලය එක්කරා සම්මාන උළෙලක් පවත්වන ආයතනයකින් මට කතා කරනවා. ඔයාට සම්මානයක් තියෙනවා ඒ සඳහා රුපියල් හැටදාහක් පමණ මුදලක් මෙන්න මේ බැංකු ගිණුමට බැර කළ යුතුයි. ඊට පස්සේ අපි සම්මානය ඔබට පිරිනමනවා කියලා. ඒ ආයතනයට මම සඳහන් කළේ මට කිසිදු විටකදී මුදල් දීලා සම්මාන ගන්න අවශ්‍යතාවයක් නැති බවයි. ඒ පවත්වන පෞද්ගලික සම්මාන උළෙලවල් බොහෝමයක් මුදල් මත හා ඇඳුනුම්කම් මත සම්මාන පිරිනැමීමක් සිදු කරන බවයි වැටහෙන්නේ. මට කිසිදු විටක හැට හැත්තෑව වෙනකම් මාධ්‍ය ක්ෂේත්රයේ රැඳී ඉන්න අවශ්‍යතාවයක් නැහැ. මේ ගෙවුණු කාලසීමාවේ මම පුදුම තෘප්තියක් ලැබුවේ. සමහර අවස්ථාවල සමහර වැඩසටහන් ලැබුණා නම් හොඳයි කියලා හිතුණ අවස්ථාත් තිබුණා. නමුත් නොලැබුණා කියලා දුකකුත් නැහැ.
මේ ගමනට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ඒ ගැන නම් මතක් කළ යුතුම කරුණක් වෙනවා. මගේ ලොකු අම්මා ,තාත්තා අම්මගෙන් ලැබුණු සහයෝගය නොතිබුණා නම් අද මට නිවේදිකාවක් වෙන්න ලැබෙන්නේ නැහැ. මේ හැම පිටුපස්සකම කුසුම් නැන්දද හිටියා.
ඉන් පස්සේ මගේ ජීවිතයට එකතුවන මගේ සහකරුවා සලිත් වීරරත්නගෙන් ලැබෙන සහයෝගය මගේ දරුවෝ දෙන්නත් බලාගෙන මගේ ගමනට පුදුමාකාර සහයෝගයක් ලබා දෙන්නේ.එහෙම සහයෝගයක් ස්වාමියකුගෙන් නොලැබුණා නම් මට ඇත්තටම මෙච්චර දුරක් එන්න හම්බ වෙන්නේ නෑ කියලා මම හිතනවා.මේ රැකියාවේ වෙලාවක් කලාවක් නොමැතිකම ඔහු හොඳට තේරුම් ගෙන අපේ ජීවිත අපි ගෙනි යනවා මගේ දරුවෝ දෙන්නත් එක්ක. ඒක තමයි මට තිබෙන ලොකුම හයිය කියන එක කිව යුතුයි. මේ ජීවිතය මගේ තිබෙන එක බලාපොරොත්තුවක් තමා අතීතයේ තිබුණ දෙවල් ගවේෂණය කරලා හොඳ වැඩසටහනක් ඉදිරිපත් කරන්න තිබුනොත් හොඳයි කියන මතය මම ඉන්නවා. මේ ගෙවුණු කාලයේ සම්මාන නොලැබුණාට ශ්‍රාවක සම්මානය ලැබීම තරම් දෙයක් තවත් නිවේදිකාවකට නැහැ කියලා කියනවා. එය මට නොපිරිහෙලා හැමදාම ලැබෙනවා. මට ලැබුණු තනතුරත් එක්ක රන් ටථ නාලිකාව ශ්‍රාවකයන් තුළ මුවග රඳවන්න පුළුවන් නාලිකාවක් බවට හැමදාම තබන්නට මම උත්සාහ ගන්නවා.මේ ගමනට මට නන් අයුරින් උදව් කර සියලු දෙනාටම ස්තුතිය පුද කරන්නටත් අමතක නොකරනවා.
සටහන සහ සේයාරූ නිශ්ශංක විජේරත්න
