නල්ලතම්බි 14 වැනිදා බත්තරමුල්ලේදි
ධර්මජිත් පුණර්ජීව නවතම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණයක් වන නල්ලතම්බි එළැඹෙන 14 වැනිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී වේදිකාගත කෙරේ.
රචනයෙන් මංජු කාරියවසම් එක්වන අතර මායා ශක්ති රංග ශිල්ප ශාලිකාව වෙනුවෙන් අනෝමා ජනාදරී නිෂ්පාදනය කරයි.
නල්ලතම්බි රාහුල ත්‍රිනෙත්, ඥානපාල ත්‍රිශුල් මහිම, ජෝර්ජ් අසිරි එදිරිසිංහ, ෆෙඩ්රික් ශානක පෙරේරා, ජුලී චනුෂී, සෝලි තෙපුළි පියංවදා, කට්ටඩ්යා සංඛ ජයලත්, ගෝලයා ගීත් ධනංජය, පූරක ශ්‍යාමලී, අවතරු අසේල රංගනයෙන් එක්වෙති.
******************************************************************
තුන්සිය හැට එක 19 දා
උදයසිරි වික්‍රමරත්නගේ ‘තුන්සිය හැට එක’ පෙබරවාරි 19 දර්ශන වාර දෙකක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදි වේදිකාගත කෙරේ.
ගිහාන් ප්‍රනාන්දු, උමයංගනා වික්‍රමසිංහ සමඟ රංගන ශිල්පීහු රැසක් රංගනයෙන් එක් වෙති.
******************************************************************
චරිතේ හොරු අරන් පානදුර පුරහලේදි
රවීන්ද්‍ර ආරියරත්න රචනා කොට අධ්‍යක්‍ෂණය කළ චරිතේ හොරු අරන් වේදිකා නාට්‍යය නිර්මාණය එළඹෙන 14 වැනිදා පස්වරුවේ පානදුර පුරහලේදිත්, 15 වැනිදා කොළඹ 07 සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයේ සුදර්ශී එළිමහන් රංග පීඨයේදී වේදිකාගත කෙරේ.
