Home » වෙස්මුහුණු ගලවන ගරා

වෙස්මුහුණු ගලවන ගරා

by mavan
March 12, 2026 10:15 am 0 comment

බටහිර සිනමා ශෛලියට අනුගත වෙමින් දේශීයත්වය සෞන්දර්යාත්මකව එක් කරමින් නිර්මිත ‘ගරා’ සිංහල සංස්කෘතියේ අමතක නොවන රුවක් වූ ගරා යකා සිහිපත් කරවයි. අතීතයේදී මෙරට වැසියන් බොහෝ දෙනෙකු නිවෙස් තුළ ගරා යක්රුව (වෙස්මුහුණ) ප්‍රදර්ශනය කරන ලද්දේ ඇස්වහ කට වහ දෝෂ දුරුකරලීමේ අපේක්ෂාවෙනි. පිටත වේශයෙන් යක්ෂයකු වුවද, ඇතුළාන්තයෙන් ගරා යනු දේව සභාවේ දේව සේවකයෙකි. මෙම ගරා යකාගේ ජනප්‍රවාදයන් විවිධාකාර වේ. පශ්චාත් නූතන වකවානුව තුළ ගරා සිනේ මායාවට එක්වී ඇත. හෝරා විසි හතරක් තුළ සිදුවන ත්‍රාසය භීතිය හා කුතුහලය පිරි සිදුවීම් මාලාවක් තුළ මනුෂ්‍ය චිත්ත සන්තාපයේ පවතින මානුෂීය වාතාවරණයන් උච්චව ගියකල සිදුවන දැඩි මානසික ව්‍යාධිය හමුවේ මිනිසෙකුගේ ස්වරූපය කෙබඳු වේද යනු ගරා තුළින් නිරූපණය වේ. ප්‍රේමය, රාගය, විශ්වාස භංගත්වය, රැවටීම බොහෝ මනුෂ්‍යයන් මුහුණ දෙන පොදු සත්‍යතාවයක් වුවද, යමෙකුට මෙම තත්ත්වය අබිබවා ගොස් මානසික රෝගියකු බවට ද පත්විය හැකි බවත් , හුදෙක් මිනිසා බාහිරෙන් පෙනෙන්නට සිටින පුද්ගලයා නොවන බවත් පෙන්වා දෙන ගරා හී සිටින මනෝ ඝාතකයා හඹා යන පොලිස් නිලධාරීන්ට ඔහු හමුවේද යනු ප්‍රේක්ෂකයාට මෙය නැරඹීමෙන් අනතුරුව වටහා ගැනීමට හැකි වනු ඇත.

වින්ද්‍යා හාරිස්පත්තුව තිරයට ගෙන එන ඇයගේ දෙවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි ‘ගරා’ චිත්‍රපටිය. වින්ද්‍යා විසින් මෙයට ප්‍රථම 2025 වර්ෂයේදී තිරගත වූ ‘69’ චිත්‍රපටය හරහා සිනමා ප්‍රේක්ෂකයා අතරට පිවිස ඇත. ගෝතමී බාලිකා විද්‍යාලය, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුළින් අධ්‍යාපනය හදාරා ඇති ඇය, තිර පිටපත් රචිකාවක් මෙන්ම ගීත රචිකාවක්ද වෙයි. වින්ද්‍යා සිනමා කලාවට අවතීර්ණ වන්නේ, 2020 වර්ෂයේ ප්‍රංශයේ පැවතුණු කාන්ස් කෙටි චිත්‍රපට උළෙල සඳහා ලංකාව නියෝජනය කරමින් ‘ඇන් ඇනොටෝමිස්’ නිර්මාණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. නව නිර්මාණ කිහිපයක් සඳහාම සූදානම් වන ඇය, ‘කයිට්’ නමින් තැනෙන සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා මේ දිනවල කාලය වෙන්කර ඇත.

රංගන දායකත්වය
කලණ ගුණසේකර, චමත්කා ලක්මිණි, දිල්රූෆා ශානාෂ්, රවින්ද්‍ර තාරක, මීනා කුමාරි, ඒෂාන් පද්මික, ඒ.ඩී.යුගාන්ත, තරු හර්ෂ් සහ කෙවින් ඇතුළු රංගන ශිල්පීන් රැසක් එක්වී ඇත. කාර්මික දායකත්වය කතාව, තිර පිටපත, ගීත රචනය සහ අධ්‍යක්ෂණය – වින්ද්‍යා හාරිස්පත්තුව
ඉදිරිපත් කිරීම – තව්තිසා පික්චර්ස්
නිෂ්පාදනය -මොහාන් පෙරේරා
කැමරාකරණය -එච්. ඩී.ආරියවංශ
සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද සැලසුම්කරණය – නිරෝධ වෙරංග
සහය අධ්‍යක්ෂණය – දිනේෂ් සංජීව, ජනිත් නානායක්කාර
කලා අධ්‍යක්ෂණය -නිත්‍යා දුෂ්‍යාන්ති
කලා සහය – විනෝද් කාරියවසම්, පද්මික සතරසිංහ, මාධව ගුණරත්න, නයෝමි කුලතුංග, අමායා සෙව්මිනි, නයෝමි නිසංසලා, තරිඳු මාලඹේ
අංග රචනය – නිමල් කරුණාරත්න, සඳමාලි ආරියරත්න
අංග රචනා සහාය- කෝකිල මධුර
නිෂ්පාදන කළමනාකරණය – දිනේෂ් සංජීව
නිෂ්පාදන කළමණාකරන සහය – නවී විතාන, අනිල් දේශප්‍රිය, දේවින්ද හසිත, මහේෂ් තිලකවර්ධන
ආලෝකකරණය – ගිහාන් කවිංග, කවිඳු දිල්ෂාන් බණ්ඩාර
රංග වස්ත්‍ර නිර්මාණය -රාධා සෙල්වරත්නම්
නිශ්චල ඡායාරූප – චාරුක පෙරේරා, ළහිරු දේශප්‍රිය
ඇඳුම් නිර්මාණ අංශය – අනෝජ් රත්නායක, පුබුදු තිලංග, ශක්ති විදුරංග, කාර්තික් නඩරාජා
සංස්කෘතික නර්තන – අජය රවිඳු උමයංග රඹුක්කනගේ
පසුබිම් සංගීතය-නිපුණ අබේකෝන්
ගීත ගායනය -මෙත්සර වීරසිංහ
ගිණුම් අංශය -සේකර දිව්‍යරාජ, නලින් වික්‍රම, සඳනි නානායක්කාර, උත්පලා අරුන්දතී, සඳුන් මඩවල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT