මේ වනවිට ටෙලිනාට්‍ය-චිත්‍රපට රැසකට රංගනයෙන් දායකවෙමින් කලාදිවියේ දිගු ගමනක් යාමට සැරසෙන ඔහුට ඉන්දීය, දමිළ මලයාලම්, අරාබි චිත්‍රපට කිහිපයකට ද රංගනය මුසුකිරීමට භාග්‍යය ලැබිණි. විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ රංගනයේ යෙදෙමින් අත්දැකීම් රැසක් ලද හෙතෙම මාධ්‍යවේදියකු මෙන්ම නවක රංගන ශිල්පියකු ද වන අමිල අබේරත්නයි. අමිල සිය කලාදිවිය පිළිබඳ කතාකිරීමට සරසවිය හා මෙසේ එක්විය.
මේ දිනවල රංගනයෙන් දායක වන නිර්මාණ මොනවාද ….?
මේ දිනවල දිලුක ප්‍රසාද් ගුණතිලක අයියා අධ්‍යක්ෂණය කරන “හිරු කුමරු ආදරේ ගෙනල්ලා” ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. එහි කොටස් කිහිපයක් ඉදිරියේදී රූගතකිරීමට නියමිතයි. මේ වෙද්දී ටෙලිනාට්‍ය 14කටත්, චිත්‍රපට 12කටත් මම රංගනයෙන් දායකවී තිබෙනවා
රඟපෑ චිත්‍රපට-ටෙලිනාට්‍ය අතර සුවිශේෂී කැමැත්තක් දක්වන නිර්මාණ මොනවද කීවොත්……?
ටෙලිනාට්‍යවලින් ගත්තොත් මේ දිනවල විකාශය වන දිලුක ප්‍රසාද් ගුණතිලකගේ “හිරු කුමරු ආදරේ ගෙනල්ලා” ටෙලියේත්, මේ දිනවල තිරගත වන ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ “දේවි කුසුමාසන” චිත්‍රපටයේ සිංහල හමුදා නිලධාරියාගේ චරිතයත්, උදයකාන්ත වර්ණසූරිය මහතාගේ “ගිනිඅවි සහ ගිනිකෙළි 2” චිත්‍රපටයේත්, සරත් ධර්මසිරි මහතාගේ “කඩහපොළ උන්නාන්සේ”හි කැරලිකරුගේ චරිතයත් සුවිශේෂියි . “ගිනිඅවි සහ ගිනිකෙළි” මුල් චිත්‍රපටය එකල මම 20 වතාවකට වඩා නරඹා තිබෙනවා. ජැක්සන් ඇන්තනී වගේ දක්ෂයෝ රඟපෑ ඒ චිත්‍රපටයේ දෙවැනි කොටසට රංගනයෙන් දායකවෙන්න ලැබෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. මෙරට රූගතකිරීම් සිදුකළ ඉන්දීය චිත්‍රපටයක් වන “පරාශක්ති” චිත්‍රපටයේ මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, කම්කරුවෙක් යන චරිත තුනම රඟපාන්න ලැබීමත් සුවිශේෂියි. ශිව කාර්තික් සහ රවී මෝහන් නමැති ඉන්දීය සිනමා තරු තමයි මෙහි ප්‍රධාන භූමිකාවලට පෙනීසිටින්නේ. ප්‍රධාන නිළිය ශ්‍රී ලීලා. “පරාශක්ති” ඓතිහාසික, දේශපාලනික චිත්‍රපටයක්.
විදෙස් සිනමා නිර්මාණ කිහිපයකට රංගනයෙන් එක්වුණා නේද…..?
පළමුවෙන්ම මම රඟපෑ විදෙස් චිත්‍රපටය අරාබි චිත්‍රපටයක්. එහි නම “ඹ්ඪධද ම්ඪදඨ ර්‍ණට බඩඥ ඉඥච”. දෙවැනි චිත්‍රපටය තමයි මා ඉහතින් සඳහන් කළ “පරාශක්ති” නමැති ඓතිහාසික , දේශපාලනික ඉන්දීය චිත්‍රපටය. ආර්. මුර්ගදාස් මහතා අධ්‍යක්ෂණය කළ “මධරාසි” (ර්චඤඩචපචඵඪ) නමැති ඉන්දියානු චිත්‍රපටයේ ර්චතඥ ව්භපඵඥ කෙනකුගේ චරිතයක් කළා. එහි ප්‍රධාන නළුවාත් ශිව කාර්තික්. නිළිය රුක්මිණී වාසානාත්. ඉන්පසුව “පේට් රියට්” (ර්‍ථචඪබපපඪධබ) නම් දෙමළ මලයාලම් චිත්‍රපටයේ වරායේ කම්කරුවකුගේ චරිතයක් කළා. එහි ප්‍රධාන නළුවන් මෝහන් ලාල්, මනමෝති. නිළිය නයන්තරා නමැති දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළිය. එකී නිර්මාණ මට සුවිශේෂී අත්දැකීම් වුණා.ලංකාවේ සහ විදෙස් චිත්‍රපටවල රංගනයේදී ලැබුණු අත්දැකීම් ගත්තොත්, ඔවුන්ගේ ඒ නිර්මාණවල චරිතයන්හි ඇඳුම් පැලඳුම් ගත්තත් ඒ විදිහටම ගන්න ඔවුන් උත්සාහ කරනවා. ඉන්දිරා ගාන්ධි අගමැතිවරියගේ ඝාතනය අලළා නිර්මාණය වුණු ඉන්දීය චිත්‍රපටයේත් ඒ චරිතය වසර ගණනාවකට පෙර සිටි ආකාරයෙන්ම පෙන්වන්න උත්සාහ කරනවා. ඒ ඇඳුම්, පරිසරය, වාහන ආදිය එලෙසම ගන්නයි ඒ අධ්‍යක්ෂවරුන් උත්සාහ කරන්නේ . ලංකාවේ රූගතකිරීම් කළත් ඉන්දියාවේ එකල පරිසරයම නිර්මාණය කරන්න ඒ නිර්මාණකරුවෝ උපරිමයෙන් උත්සාහ කරනවා. ඒවගේම ඔවුන් චිත්‍රපට රූගතකිරීමේදී තිබෙන කාර්යක්ෂම බව, නිර්මාණශීලීව සිදුකිරීම අපට විශාල අත්දැකීමක් වුණා. තාක්ෂණික අතිනුත් හරිම නිර්මාණශීලියි. අපි රංගනයේදී හිනාවුණත්, ඔරවා බැලුවත්, ඇවිද්දත් 100%ක්ම ඒ ආකාරයෙන්ම ඔවුන්ට අවශ්‍යයි. ඒවගේම ඔවුන් දිනකට විශාල බජට් එකක් වියදම් කරනවා.
එහිදී නළුනිළියන්, කාර්මික ශිල්පීන්ගෙන් ලද සහාය ගැන කීවොත් ….?
ඉන්දීය සහ අරාබි චිත්‍රපටවලදී අධ්‍යක්ෂ, සහාය අධ්‍යක්ෂ, ඇඳුම් නිර්මාණ ශිල්පි, කාර්මික ශිල්පීන් ඇතුළු පිරිසගෙන් මනා සහායක් මට ලැබුණා . සුළු චරිතයකින් හෝ ඒ නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙන්නේ චිත්‍රපටයේ ගුණාත්මක බවට හානියක් නොවෙන්නයි. සුළු චරිතයකින් පවා උපරිම රංගනය ඔවුන්ට අවශ්‍යයි
එම විදෙස් චිත්‍රපටවලට දායක වෙන්න ලැබුණේ කොහොමද …..?
ඉන්දීය සහ අරාබි චිත්‍රපටයට මට දායකවෙන්න ලැබුණේ ඛ්චඵබඪදඨ සහ ච්ඪපඥජබඪදඨ සම්බන්ධ කරන අක්කා කෙනෙක් සහ අයියා කෙනෙක් හරහායි. ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා
රංගන දිවියේ ආරම්භය කොහොමද සිදුවුණේ …..?
නළුවෙක් වෙන්න ආසාව ඇතිවුණේ පාසල් කාලයේදීයි. මම ඉගෙනුම ලැබුවේ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ. අධ්‍යාපනය මඟහැරෙයි කියලා සිතූ නිසා මම රංගනයට යොමුවූයේ නැහැ. පාසල් කාලයේ කලා උලෙළවලට වේදිකා නාට්‍ය ශිල්පීන්, අධ්‍යක්ෂවරුන් ගෙන්නුවා. ඔවුන් එක්ක අපි සුහදව වැඩකළා. අපේ පාසල කලාවට ලැදි පාසලක්. එකල අපේ නාට්‍ය ගුරුවරයා වුණේ ප්‍රේමකුමාර සර්. පසුව රැකියා කරද්දී හොරණ ප්‍රදේශයේ තිබූ ප්‍රේමකුමාර සර්ගේ නාට්‍යකරණය උගන්වන පන්තියකට සහභාගි වෙලා නාට්‍යකරණය හැදෑරුවා. ඒ කාලයේ සර් කරපු වේදිකා නාට්‍යයක මීමැසි රංචුවක මීමැස්සකුට රඟපාන්න අවස්ථාව ලැබුණා. මගේ මුල්ම වේදිකා රංගනයත් එයයි. ඒ නාට්‍යය ඒ ප්‍රදේශයේ විශාල ලෙස ජනප්‍රිය වුණා. ඉන්පසු 2012දී සුදත් රෝහණ මහතාගේ “ස්වයංජාත” ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක වුණා. එහි විශ්වවිද්‍යාල සිසුවකුගේ චරිතයක් මට ලැබුණේ. එය තමයි මගේ මුල්ම ටෙලිනාට්‍ය රංගනය. කැමරාවකට මුලින්ම රඟපෑවේ එහිදීයි.
පාසල් සමයේත් කලාවට යොමුවුණාද…..?
පාසල් වේදිකාවට නම් මම ගොඩවුණේ නැහැ. ඒත් පාසලේ ලොකු කලා උලෙළක් පැවැත්වුවා.එහිදී ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්, රංගන ශිල්පීන් ගෙන්වා දේශන පැවැත්වුවා. අපි ඒවාට හොඳීන් දායක වුණා.
සිනමාවේ හා පුංචිතිරයේ රංගනය තුළ දකින වෙනස්කම් මොනවද……?
ලෝකයේ පිළිගැනීමක් තිබෙන්නේත් සිනමා නළුවා කියන පුද්ගලයාට. ඉන්දියාවේ වගේ ගත්තොත් ටෙලිනාට්‍ය නළුවා හා නිළිය සමහරු දන්නෙත් නැහැ . ලොව පුරා ප්‍රසිද්ධියට පත්විය හැක්කේ සිනමා නළුවාට, නිළියට. ලංකාවේ වුණත් සිනමා නළුවකුට තමයි දැවැන්තයෙක් කියන්නේ. දැවැන්ත තිරයක නරඹන සිනමාව දැවැන්තයි. ටෙලිනාට්‍ය තරමක් කුඩායි. මා දකින විදිහට සිනමාවේ රඟපෑම විශාල භාරදූර කාර්යයක්. සිනමා රංගනයේදී හැඟීම් ප්‍රකාශනය නිවැරදිවම තියෙන්න ඕනේ. ඒක කැපී පෙනෙනවා. සිනමාව ලොව පුරාම රැගෙන යාහැකියි. සිනමා නළුවකුට රූපවාහිනියේ රඟපෑම ඉතා සුළු දෙයක් වගේ.
අද තිබෙන මෙගා රැල්ල ගැන මොකද හිතෙන්නේ ….?
එදා තිබ්බ “ගිරය, කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව” වැනි ටෙලිනාට්‍ය සතියකට එක් කොටසයි විකාශය වුණේ. එක් කොටසක් නරඹා ඊළඟ කොටස නැරඹීමට අපි සතියක් තිස්සේ ඉතා කුතුහලයෙන් ඉන්නේ. ඒක හරිම සුවිශේෂියි. ඒවගේම සම්භාව්‍ය රසවින්දනයට අපි යොමුවී සිටියා එදා නිර්මාණ එක්ක. අද මෙගා ටෙලිනාට්‍ය නරඹද්දි යම් බොළඳ ස්වරූපයක් එහි දකින්න ලැබෙනවා. නිළියකගේ පවා එදා රූපයට නෙවෙයි ප්‍රේක්ෂකයා හදබැඳගත්තේ, ඇගේ රංගන ප්‍රතිභාවට. එහෙත් අද නිළියගේ පැෂන් එකට, ඇගේ රූපයට, අඳීන ඇඳුමට තමයි ආකර්ෂණය වෙන්නේ. එදා බිහිවූ ටෙලිනාට්‍යවල කතාව අපේ සමාජයේ යථාර්ථයට බද්ධ වූ දෙයක් අන්තර්ගත වුණේ. එහිදී අපට දැනෙනවා මේක මගේ කතාව, මේ මගේ මවුපියන්ගේ කතාව වගේ හැඟීමක් අපට එනවා. අද මෙගා ටෙලිනාට්‍යවල ෆැන්ටසියක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉහළ බුද්ධියක් සහිත උසස් රසවින්දනයක් සහිත ප්‍රේක්ෂකයා ඒ ෆැන්ටසියට කැමැති නැහැ. ෆැන්ටසිය කියන්නේ යථාර්ථයට නෙවෙයි. මෙගා ටෙලිවල පෙන්වන මහා මන්දිර ලංකාවේ තියෙනවාද කියන දේ ප්‍රශ්නයක්. මෙගා රැල්ලේ තියෙන්නේ යථාර්ථය නෙවෙයි, ෆැන්ටසියක්. ඒ නිර්මාණශීලිත්වයෙන් අඩුයි වගේම මුදල් ඉපයීමේ අරමුණින් පමණක් කරන දේවල්. ඒත් කඩුල්ල වැනි ටෙලි නිර්මාණ කොච්චර නැරඹුවත් එපා වෙන්නේ නැහැ. මම කඩුල්ල යූ ටියුබ් හි දහවතාවකට වඩා නරඹා තිබෙනවා. එවැනි වෙනස්කම් තමයි මේ මෙගා ටෙලි නාට්‍යවල සහ එදා තිබුණු නිර්මාණවල මම නම් දකින්නේ.
රංගන කාර්යයේදී ඔබ ගුරුතත්හිලා සලකන පිරිසක් වේද……?
ලින්ටන් සේමගේ නමැති විශිෂ්ට සිනමා නළුවාට මම හරිම කැමැතියි. “මීහරකා, පාදඩයා” වැනි චිත්‍රපටවල ඔහුගේ රංගනය ඉතා විශිෂ්ටයි. කර්කශ ජීවිත, අව්‍යාජ බව, යථාර්ථය මනාව නිරූපණය කළහැකි අති විශිෂ්ට නළුවෙක්. ඔහුගෙන් අපි නිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. අද ඔහු අමෙරිකාවේ සිටින්නේ. ජෝ අබේවික්‍රමත් එවැනි නළුවෙක්. ඒ ගොඩටම ජැක්සන් ඇන්තනී අයිතියි. විජය කුමාරතුංග ප්‍රේමනීය චරිත තුළ අති විශිෂ්ටයි. ඔවුන් අමරණීයයි. වසර දහස් ගණනකට ඒ චරිත අමතකවෙන්නේ නැහැ. ලංකාවේ සිනමාවේ මගේ කැමැතිම එසේම ගුරුතත්හිලා සලකන රංගන ශිල්පීන් ඔවුන්…ඔවුන්ගේ රංගනයන් මටනම් දැනුම් සම්භාරයක්. රංගනයේ විශ්වවිද්‍යාල වගේ මම ඔවුන්ව දැක්කේ…
වත්මන් සිනමාව කලාවක් සහ කර්මාන්තයක් ලෙස තිබෙන්නේ කුමන ස්ථානයකද යන්න පිළිබඳ ඔබේ අදහස…..?
මේවෙද්දී මෙරට සිනමා කර්මාන්තය කඩාවැටීමකට ලක්වී තිබෙනවා. අද විශිෂ්ට ගණයේ චිත්‍රපට නරඹන්න ප්‍රේක්ෂකයෝ නැහැ. ඉන්නේත් 10යි 12යි. ඒතුළින් සිනමා ශාලා ලාභ ලැබීමක් සිදුවෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයන් අඩුවෙද්දී චිත්‍රපටය ගලවලා දාන තත්ත්වයක් තියෙන්නේ. රධභඊභඡඥ, ව්ඥබටතඪය වැනි නව සමාජ මාධ්‍යයන් සමඟ ලාංකේය සිනමාව කර්මාන්තයක් ලෙස කඩාවැටීමකට ලක්ව තිබෙනවා. තරුණ ප්‍රජාව, නව සමාජ මාධ්‍ය තුළින් චිත්‍රපට නැරඹීමට හුරුවෙලා. ඒවා ගෙදර ඉඳන්, සහ බස් රියේ යන ගමන් නරඹන්න පහසුකම තියෙනවා .සිනමා ශාලාවකදී ලැබෙන තෘප්තිය, වින්දනය ඒවායින් ලබන්න බැහැ. හොඳ නිර්මාණ බිහිවුණොත් යම් ප්‍රමාණයක් හෝ ප්‍රේක්ෂකයා සිනමාහල්වලට ගෙන්වගන්න පුළුවන්. තරුණ ප්‍රජාව ඉල්ලන චිත්‍රපට ගුණාත්මක මට්ටමින් නිර්මාණය වුණොත් තරුණ ප්‍රජාව සිනමාශාලාවට ඒවි.
පසුගිය සමයේ ලාංකේය සිනමාව අන්තර්ජාතික මට්ටමේ සම්මානයට ලක්වුණා. මෙරට සිනමාව අන්තර්ජාතික මට්ටමේ තිබෙන ස්ථානය ගැන තෘප්තිමත් විය හැකිදැයි විග්‍රහ කළොත් …..?
ඔව්, ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්, ආචාර්ය ධර්මසේන පතිරාජ, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර, අතුල ලියනගේ වැනි අධ්‍යක්ෂවරුන්ගේ සිනමාකෘති අන්තර්ජාතික මට්ටමේ සම්මානයට ලක්වුණා. දක්ෂ අධ්‍යක්ෂවරුන් ලංකාවේ නැතිවා නෙවෙයි. එසේ ඉතා සුළු ප්‍රමාණයකින් තමයි එවැනි සිනමාකෘති බිහිවෙන්නේ. එය කනගාටුවට කරුණක්.අතීතයේදී ජෝ, මාලිනී, විජය, රවින්ද්‍ර , නීටා වැනි රංගන ශිල්පීන් දායකවූ චිත්‍රපට රැසක් අන්තර්ජාතිකතලයේ ඇගයුමට ලක්වුණා. ඒත් අද එවැනි නිර්මාණ බිහිවීම අඩුයි. ඉන්දියාව, ඉරානය වැනි රටවල අතිවිශිෂ්‍ට සිනමා නිර්මාණ බිහිවෙනවා. ලෝකයේ තිබෙන එවැනි නිර්මාණ සමඟ අපේ යම් පසුබැසීමක් තිබෙනවා. විශාල ලෙස එවැනි නිර්මාණ ලංකාවේ බිහිවෙනවනම් ලොව බිහිවන අනෙකුත් විශිෂ්ට චිත්‍රපට සමඟ අපට තරග කළ හැකියි. අපේ අයගේ නිර්මාණශීලීත්වය නැතිවා නෙවෙයි. ඇත්තෙන්ම කිව්වොත් තෘප්තිමත් විය හැකි මට්ටමක අපි නැහැ. මෙහි වෙනසක් විය යුතුයි.
රංගන කාර්යයේදී අධ්‍යක්ෂ, තිර රචක, කැමරා අධ්‍යක්ෂ යනාදීන්ගේ ගනුදෙනුව කවරාකාර දැයි පැහැදිලි කළොත්…..?
අධ්‍යක්ෂවරයා තමයි ගතයුතු ෂොට්ස් ගැනත් චරිත කෙසේද තිබිය යුත්තේ කියන දේ තීරණය කරන්නේ. එහිදී ඔහු නළුවා සමඟ කෙළින්ම සමීප සබඳතාව තිබෙනවා. තිර රචක ලියූ චරිතය රූප මාධ්‍යයට ගෙනඑන්නේ අධ්‍යක්ෂවරයානේ. තිර රචකයා අපේ ඇසට, මනසට ගෝචර වෙනවා. කැමරා අධ්‍යක්ෂ ගත්තත් ඔහු තමයි කැමරා කෝණය තීරණය කරන්නේ. මොවුන් සියල්ල අතරම සහසබඳතාවක් තිබෙනවා. රංගන ශිල්පියාට වඩාත් සමීපවන්නේ අධ්‍යක්ෂවරයා සහ කැමරා අධ්‍යක්ෂවරයා. මේ භූමිකා ත්‍රිත්වය කුලුනක කනු තුනක් වගේ. අධ්‍යක්ෂ, තිර රචක, කැමරාකරු යන තිදෙනා අතර සහසම්බන්ධය, සන්නිවේදනය තිබෙනවා. මේ කුලුනු තුනෙන් එකක් හෝ කැඩුණොත් ගුණාත්මක නිර්මාණයක් බිහිවෙන්නේ නැහැ
වේදිකාව තුළ ඔබේ භූමිකාව කෙසේද ….?
වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට මම ස්වල්ප වශයෙන් දායකවී තිබෙන්නේ. එක් වේදිකා නාට්‍යයකට විතරයි දායක වුණේ. වේදිකා නාට්‍ය ගැන යම් හැදෑරීමක් කර තිබෙනවා. සුදර්ශියෙන් නිපදවන වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න අදහස් කරගෙන ඉන්නවා. සිනමාවටයි මගේ වැඩිම කැමැත්තක් තියෙන්නේ. රංගනය සම්බන්ධව විශාල අත්දැකීම් වේදිකාවෙන් ලැබෙනවා. සිනමාවට, රූපවාහිනියට යම් තල්ලුවක් ලැබෙන්නෙත් වේදිකාව තුළින්ම තමයි
ලේඛන කලාවට, තිර පිටපත් රචනයට යොමුවූයේ නැද්ද …….?
මේවෙද්දී මම වෘත්තීන් දෙකක නිරත වෙනවා. ඒ රංගනය සහ ජනමාධ්‍ය යන අංශ දෙකේ. මාධ්‍යවේදියකු ලෙස ලේඛනයට හා තිර පිටපත් රචනයට යම් හැකියාවක් තිබෙනවා. මේවෙද්දී මම ස්වයං චරිතාපදානයක් ලියා අවසන්. එය මුද්‍රණයට තවම යොමුකළේ නැහැ නවකතා, කෙටිකතා ලිවීමට යම් ආසාවක් තිබුණා. තිර රචනයට නම් ආසාවක් තිබුණේ නැහැ. රංගනයේ යෙදෙනගමන් ලේඛන කලාවට යොමුවෙන්න නුදුරේදීම කැමැත්තක් තිබෙනවා
ඉදිරි නිර්මාණ ගැන කීවොත් ….?
රූපගත කිරීම් ආරම්භ කිරීමට නියමිත චිත්‍රපටයක ගිවිසුමට අත්සන් කර තිබෙනවා. එහි කැරලිකාරයකුගේ චරිතයක් මට ලැබුණේ. එය ඓතිහාසික කතාවක් පදනම් කරගත් දැවැන්ත චිත්‍රපටයක්. ඉන්දියානු නිර්මාණ කිහිපයක් ලංකාවේ රූගතකිරීමටත් නියමිතව තිබෙනවා . ඉන් කිහිපයකට රංගනයෙන් එක්වෙන්න සිතාගෙන ඉන්නවා. “හිරු කුමරු ආදරේ ගෙනල්ලා” ටෙලිනාට්‍යයේ රූගතකිරීම් ඉදිරියේදී තිබෙනවා.
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා දිවියට ලැබෙන සහාය කොයිවගේද ….?
මමයි අම්මයි ඉන්නේ. මගේ පියා 2015දී නැතිවුණා…. මව සමඟයි මම ඉන්නේ…. මගේ කිසිම ඥාතියකු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධයත් නැහැ. ගෙදරින් ඉස්සර කිව්වේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න කියලා. මගේ ඇඟේ තිබුණේ කලාව සහ නළුවකුවීමේ සිහිනයයි. කලාකටයුතුවලට ගෙදරින් බලපෑමක් නැහැ. කලා ක්ෂේත්‍රයේ නිරතවීමට ගෙදරින් බාධාවක් නැහැ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ