Home » විජය අයියා මේ චිත්‍රපටයේ මා ලියූ දෙබස්වලට කැමැති වුණා

විජය අයියා මේ චිත්‍රපටයේ මා ලියූ දෙබස්වලට කැමැති වුණා

නොම්මර 17 නිපදවූ ප්‍රීතිරාජ් වීරරත්න

by mavan
March 26, 2026 12:20 pm 0 comment

අසූව දශකයේ රිදී තිරේ බැබළ වූ සිනමා නිර්මාණයක් වන නොම්මර 17 චිත්‍රපටය පුරා දශක ගණනාවකට පසු නැවත වතාවක් පුළුල් තිරයේ නැරඹීමට අවස්ථාව ලාංකේය ප්‍රේක්ෂකයන්ට නැවතත් උදාවී ඇත. ඒ ස්කූප් සිනමා සමාගම අභිනවයෙන් සැලසුම් කළ පැරණි ජනප්‍රිය චිත්‍රපට රැසක් නැවත ප්‍රදර්ශනය කිරීමේ සැලසුමේ ප්‍රථම පියවර වශයෙනි. එළඹෙන 28 වෙනිදා හෙට සිට දින තුනක් නොම්බර 18 චිත්‍රපටය කොළඹ ස්කූප් සිනමාහිදී ඔබට නැරඹිය හැකිය. මෙය නිමිතිකොට ගෙන එම චිත්‍රපටයේ කතාව දෙබස් සහ තිර නාටක රචක සහ චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න සමඟ අතීත මතක සැමරු මොහොතක කළ පිළිසඳරකි මේ.

නොම්මර 17 චිත්‍රපටය නැවත වතාවක් ප්‍රදර්ශනය කරන්න හිතුවේ ඇයි?

මේ සංකල්පය ඇත්තටම ස්කූප් සිනමා සමාගමේ ජයරත්න ගලගෙදර මහතාගේ අදහසක්. නොම්මර 17 විතරක් නෙවෙයි. පැරණි චිත්‍රපට 10ක් විතර මේ විදියට පෙන්වන්න ඔවුන් සැලසුම් කරගෙන සිටිනවා.

මේ චිත්‍රපට සියල්ල ඩිජිටල් කරලා සමාගමේ හෝල්වල පෙන්වන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මේ චිත්‍රපටය මි.මි. 35න් කරපුවා නේද?

ඔව්. මේවා මිල මීටර් 35න් කරපු නිර්මාණ. දැන් අපි මේක ඩිජිටල් වලට පරිවර්තනය කර තිබෙනවා. පුළුල් තිරයේ නැවත මේවා පෙන්වන්න ලැබෙන එකත් ලොකු ආශ්චර්යයක්.

මේ චිත්‍රපටයේ ඩිජිටල්කරණය වුණේ නිෂ්පාදක විදිහට ඔබතුමා අතින්ද?

කලින් මම ච්ඛ්ර්‍ථ එක හදලා තිබුණේ. ඩිජිටල් කරලා මගේම වියදමින්. ඒක මීට අවුරුදු පහකට වගේ කලින් කරලා තිබුණේ. නමුත් ඒක කුමක් හෝ හේතුවකට වැඩ කළේ නෑ. කරල දෙන්නම් කියලා සල්ලිත් අරගෙන කරලා දුන්නේ නෑ. ඊට පස්සේ ජයරත්න ගලගෙදර මහත්මයා ඒක ඉල්ලගෙන අපේ ලයිට් සිනමා මූවි වර්ක් වල ඉන්න පාලිත පෙරේරා මහත්මයාට දීලා. ඔහු මේක ඩිජිටල් වලින් හොඳට හදලා දීලා තිබුණා මගේ ළඟ තිබුණ නිව් මැටික් එකෙන් තමයි ඒක හදලා දීලා තිබුණේ.

මේ චිත්‍රපටයේ තත්ත්වය පිළිබඳ ඔබට හොඳ සහතිකයක් දෙන්න පුළුවන්ද?

මට දැනගන්න ලැබුණ විදිහට නම් හොඳ තත්ත්වයෙන්ම තියෙනවා මේකෙ ට්‍රේලර් එකත් මම යුටියුබ් එකට ෂෙයාර් කළා. ඒ වගේම ඒ දවස්වල මගේ ගෙදර තිබුණ පුළුල් තිර සිනමා ශාලාවේ දාලත් මම බැලුවා මට දැන් ජයරත්න ගලගෙදර මහත්මයා කිව්වා හොඳ තත්ත්වයෙන් තියෙනවා කියලා.

දැන් දින 3ක් නොම්මර 17 තිරගත වෙනවා නේද?

ඔව් මාර්තු 27, 28, 29 තමයි චිත්‍රපටය පෙන්වන්න දින නියම කරගෙන තිබෙන්නේ. සතුටු දායක කාරණය තමයි මාර්තු 27 වැනිදා දිනය මේ වන විටත් ආසන සියල්ල පිරී තිබීම. මේක හොඳ ප්‍රවණතාවයක්ට ඒවගේම මම හිතන්නේ මගේ චිත්‍රපටයෙන් පස්සේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා, මාලනී ෆොන්සේකාගේ චිත්‍රපට එන්න නියමිතයි ඉතින් ඒක ගොඩාක් හොඳ දෙයක්. මම වුණත් ඇත්තටම ආසයි පරණ චිත්‍රපට ආයෙත් පුළුල් තිරයෙන් නරඹන්න මේ සංකල්පය පිටරටවලත් කෙරෙන දෙයක්නේ. මට මතකයි ඉන්දියාවෙ 1992 දී අපේ සූරවීර චණ්ඩියෝ කරන්න ඉන්දියාවේ ගිය කාලෙත් ඒ කාලේ ඒගොල්ල රිලීස් කළා. එම්. ජී. ආර්. ගේ පරණ චිත්‍රපට. ඉතින් ඒක දින ගණන් දිව්වා. නොම්මර 17 චිත්‍රපටය ලංකාවේ දින 200 දුවපු එකම චිත්‍රපටය මමයි රජාත් දින දෙසීයක් දිව්වේ නෑ. 182යි දිව්වේ දින 217ක් නැෂනල් මහරගම සිනමා ශාලාවේ තිරගත වුණා. ආරම්භක සිනමා ශාලාවල දින 200ටත් වඩා ගියා. ඒ එක්ම අවුරුදු එකහමාරක් විතර ෆ්ලෝ ඩවුන් එකේ ගියා චිත්‍රපටය. ඊට පස්සෙත් නිතර නිතර දාන දාන වෙලාවල දින 50-60 හැටි මේ චිත්‍රපටය දිව්වා. මට හිතෙන්නේ රූපවාහිනියෙත් වැඩිපුරම විකාශය වුණු චිත්‍රපටය වෙන්න ඕන නොම්මර 17. දැන් මාස තුනකට විතර උඩදී මම මේ චිත්‍රපට ටික දුන්නා සුරංගද අල්විස්ට යූ ටියුබ් දාන්න කියලා. ඒකත් මිලියන ගාණක් දැන් නරඹලා තිබෙනවා. එහෙම ගිහිල්ලත් මේ චිත්‍රපටය තවමත් ඩිමාන්ඩ් කියන්නේ විශේෂ දෙයක් නේ. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර ගැමුණු නිට්ටඹුව හෝල් එකේ මි.මි 35 කොපිය දින 100ක් දිව්වා කටුනායක හෝල් එකක දින 100ක් දිව්වා.

ආපස්සට අතීතයට ගියොත් ඔබේ නොම්මර 17 මතකය අවදි කරන්නේ කොහොමද?

මේ චිත්‍රපටය මම නිපදවන්නේ මගේ පළවෙනි චිත්‍රපටය විදිහට ඇත්තටම බැලුවොත් මම ලන්ඩන්වල ඉගෙන ගන්න කාලේ මි.මි.8 කලර් චිත්‍රපටයක් කළා. පැය එකහමාරක ඈත එපිට කියලා. මැණික් කුරුකුලසූරිය තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ. ඒකේ අධ්‍යක්ෂණය, කැමරාකරණය සංස්කරණය තිර රචනය ඔක්කොම මගේ. ඒක වන් මෑන් ෂෝ එකක්. ඒකෙ ගොඩක් වැරදි තිබුණා.

නමුත් ඒකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක තමයි මට පිටුවහලක් වුණේ නොම්මර දාහත සහ ඊට පස්සේ කරපු චිත්‍රපට සාර්ථක වෙන්න නොම්මරේ දාහත කතාව මම හැදුවේ 1982 දී වගේ. මම ඒ කාලේ ඉගෙන ගන්නවා මගේ මාස්ටර්ස් කරන කාලේ. මගේ ක්‍රමයක් තියෙනවා කතාව ලියනකොට ලියන්නේ රංගන ශිල්පියා සහ ශිල්පිනිය ඔළුවේ තියාගෙන. ලෝකේෂන් එක ගැනත් විශේෂයෙන් හිතෙනවා. මම හිතෙනවා ඒක ටයිම් මැනේජ්මන්ට් වලට ලොකුවට බලපානවා කියලා. ඇත්තටම මේ කතාව ලිව්වේ විජය කුමාරතුංගම ඔළුවේ තියාගෙන. ඒ වෙලාවෙ අනෙක් චරිතයට සනත් ඔළුවේ තියාගෙන හිටියේ නෑ. නමුත් ජීවන් හිටියා.

ඒ වනවිට ඔබ විජේව හඳුනාගෙන හිටියද?

නෑ මම විජය අයියව දන්නේ නෑ නමුත් විජය අයියා මගේ තාත්තගේ හොඳ යාළුවෙක්. තාත්තගේ තමයි නුගේගොඩ වයිට් හවුස් එක. ඒගොල්ල ඒ කාලේ එකට පාටි දානවා ඒ කාලේ හැබැයි සබීතව ඔළුවේ තියාගෙන හිටියේ නෑ. හැබැයි චිත්‍රපටයේ ප්‍රධාන තිර රචනය මම ලියන්නේ 1986 දී විතර වගේ. මම ඉගෙන ගෙන ඉවරවෙලා 1983 දි තමයි ලංකාවට එන්නේ. කොහොමත් අම්මලා තාත්තලා කැමති වුණේ නෑ. මම චිත්‍රපට හදනවට. තාත්තා චිත්‍රපට දෙකක් කරලා පාඩුත් වෙලා තිබුණා. ඊට පස්සේ මට බොහෝ විදේශ සම්මන්ත්‍රණ වලට යන්න සිද්ධ වුණා. මේ කතාවේ තිර පිටපත ඇත්තටම මට ලියන්න වුණේ ලන්ඩන් – නිව්යෝර්ක් නිව්යෝර්ක් – ලන්ඩන් ප්ලයිට් එකේදි යනකොට ලිව්වා ආපහු එනකොට ලිව්වා. ඒ ගමනේදී දළ සටහන ඉවර කළා. තිර රචනය අවසන් කළාට පස්සේ තමයි විජය අයියා 1987 දී හම්බවෙන්න යන්නේ. ඒ කාලේ හැටියට චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමුවෙන්න නම් කෙටි චිත්‍රපට හෝ තුනක්ද කොහෙද කරල තියෙන්න ඕනෑ. ඉතින් මම අධ්‍යක්ෂණය පැත්තට යොමු වෙන්න ඉඩක් තිබුණේ නෑ. ඒ හින්දා තමයි. මම හේමසිරි සෙල්ලප්පෙරුම ඒකට තෝරගත්තේ. තිර රචනය දැක්කමත් විජය අයියා පුදුම වුණා. ‘ලොකු ඛ්චඵබ එකක්නේ ඉන්නේ ප්‍රීති කියලත් ඔහු කිව්වා විජය අයියා මේක අධ්‍යක්ෂණය කරන්න යෝජනා කළේ ඇත්තටම දිනේෂ් ප්‍රියසාද්ව. නමුත් මම හේමසිරි සෙල්ලප්පෙරුමව තෝරාගෙන හිටියා. චිත්‍රපටිය මම මට ඕන ආකාරයට කළා. එම්.ඒ ගෆූර්වත් මං මේ වෙලාවේ මතක් කරන්න ඕන ඔහු තමයි කැමරා ශිල්පියා. අපි හරි සැලැස්මක් ඇතිව වැඩකළා. ඒකට විජය අයියා හරියට කැමති වුණා.

ස්ක්‍රිප්ට් එක ගෙනිහින් විජය අයියට දුන්නම දින කොපමණ ඕනද කියලා ඇහුවා. ඔහු එකපාරටම ඇහුවා මේක හින්දි කොපියක්ද කියලා. මම කිව්වා නෑ මේක මම ලියපු එකක් කියලා. ප්‍රීතිමද ලිව්වේ කියලා ඔහු පුදුමයෙන් වගේ ඇහුවා.

මම කිව්වා ඔව් විජය අයියා මම පොත් ලියන්නේ අවුරුදු 11 ඉඳලා කියලා. ස්ටේජ් ඩ්‍රාම අවුරුදු 18 – 19 දී කලා කියලත් කිව්වා. ඊට පස්සේ විජය අයියා ස්ක්‍රිප්ට් එක බැලුවා. මම කිව්වා විජය අයියගේ චරිතේ නමත් විජය කියලා. විජය අයියා හරියට කැමති වුණා මේ චිත්‍රපටියේ දෙබස්වලට. මොකද ඒ වෙලාවේ ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන්න හදන කාලේ. අයුක්තියට අසාධාරණයට එරෙහිව… කියල මම ලියලා තිබුණ දෙබස දැකලා ෂා මරු ඩයලොග් එකක් ප්‍රීති කියලා කිව්වා . මම දකිනවා විජය අයියගේ මූණේ හිනාවක්. මට තේරුණා. විජය අයියා තිර රචනයට කැමතියි කියලා. ඒ කාලේ හැටියට එයාටම ගැලපෙන දෙබස් තමයි චිත්‍රපටයේ තිබුණේ. විජය අයියා කිව්වා ප්‍රීති මම දැන් චිත්‍රපටියක් කරන්න ලක්ෂයක් ගන්නවා කියලා. මම කිව්වා ප්‍රශ්නයක් නෑ මම විජය අයියට එක් ලක්ෂ විසිපන්දාහක් ගෙවන්නම් කියලා.

පස්සේ විජය අයියා මගේ මූණ දිහා බලාගෙන හිටියා. ඔහු කිව්වා ඔහොම කිව්ව එකම ප්‍රඩියුසර් ඔයා කියලා. ඇත්තටම ඒ වෙලාවේ විජය අයියා ලක්ෂ දහයයි කිව්වත් මම ඒක දීලා ඔහුව ගන්නවා. මොකද මට ඔහුව වටිනවා. මගෙත් එක්ක වැඩ කරපු කාටත් මම එහෙම සාධාරණය කරලා තියෙනවා අනිත් නිෂ්පාදකවරු වගේ මම කාටවත් ණය නෑ. ඇත්තටම විජය අයියා ඇග්‍රීමන්ට් අත්සන් කළේ රුපියල් 75000/-ට

ඔහු කිව්වා ප්‍රීති මට එහෙම සල්ලි ගන්න බෑ ඔයාගෙන්. මේක මාර තිර රචනයක් මේ කිව්වා. විජය අයියා අහනවා ප්‍රීති දැන් දින කොච්චර ඕනද කියල ඒ කාලේ හැමෝම පික්චර් කරන්න දින 35 – 40 -50 ඉල්ලනවා හැබැයි මම කිව්වා මට ඕන දින 17යි කියලා. ඔහු පුදුම වුණා. විජය මගේ මුහුණ දිහා බලන් හිටියා. ඒ කාලෙම තමයි සෝනියා දිසා මමයි රජා කළේත් මේ දින 17න් දින 2ක් සෝනියා දිසා මමයි රජා සඳහා ඉල්ලගත්තා. තව දින දෙකක් රන්දෙණිගල සිංහයා එකට ජීවන් ඉල්ලගත්තා. දවස් 13න් කරලා ඉවර කළා. මට හිතෙන්නේ විජය අයියව මම පාවිච්චි කළේ දින 8ක් හෝ 9ක් විතරයි. මුළු ෆිල්ම් එකම දවස් 11 ෂූටිං ඉවරයි.

කොහොමද එහෙම හැකියාවක් ඔබට ලැබුණේ

ඒකට හේතුව මගේ කාල කළමනාකරණය මේකට සාක්ෂියට ඉන්නවා තවමත් අපේ සහාය කැමරා අධ්‍යක්ෂක ජී. නන්දසේන. විජය අයියා කිව්වා ප්‍රීති ඔයාගේ මාර කාල කළමනාකරණයක් තිබුණේ කියලා ඔයාත් එක්ක වැඩ කරන්න මං හරි ආසයි කියලත් කිව්වා.

ඒකට හේතුව වුණේ මගේ ජා වත්තේ ගෙදර. ඒක කාමර 13ක් තිබෙන ගෙයක්. ඒ කාමර 6ක ඵඥබ හදලා තිබුණා. ඔය චිත්‍රපටයේ ඛ්තඪථචය එක ටඪතථ කරන්නෙත් ගරාජ් එකේ කඩෙත් ගෙදර. මර්වින් ජයතුංගගේ ගෙදරත් ගෙදර. සබීතා පෙරේරාගේ ගෙදරත් එතන. හිර ගෙදරත් එතන. එළියේ ෂූටින් කරනකොට අව්ව අඩු නම් අපි ජාවත්තට ඇවිත් ඇතුලේ දර්ශන ගන්නවා. කාලය පොඩ්ඩක්වත් නාස්ති කළෙත් නෑ. ඒ වගේම දළ සේයා පට අපි පාවිච්චි කළේත් අඩි 17000යි. ඒ කාලේ මට මතකයි යසපාලිත නානායක්කාර මගෙන් ඇහුවා ‘ප්‍රීති කොහොමද අඩි 17,000න් පික්චර් කරන්නේ. ඔයාට පිස්සුද ඇහුවා. එයා පාවිච්චි කරනවා කිව්වා අඩි තිස්පන්දාහකට වඩා.

මේ චිත්‍රපටයට ජනප්‍රිය ගීත ගණනාවක් අයත් වුණා නේද?

ඔව් පාට සරුංගල් වාගේ, සීගිරි ලාලිත ලඳුනේ, කරකාර බන්දන්න, දේවාති දේවා පරණ ගීත තනු අරගෙන පදමාලා වෙනස් කළ ගීතය වගේ ගීත පහක් මේකට ඇතුළත් වුණා. අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි එච්.ආර් ජෝතිපාලයන්ගේ වියෝ වීම. මම හිතන් හිටියේ ඔහු ලවා මේ ගීත ගායනා කරවන්න. ජෝති, ඇන්ජි, ග්‍රේෂන්, ෆ්‍රෙඩී ලවා ගායනා කරනවා කියලා තමයි මම හිතුවේ. නමුත් ජෝති නැති වුණාට පස්සේ ලොකු ප්‍රශ්නයක් ආවා. කවුද විජයට සින් කරන්නේ කියලා. විජය අයියා යෝජනා කළා ටෝනි හසන්ගේ හඬ. නමුත් මම කැමැති වුණේ නෑ. මම රිස්ක් එකක් අරගෙන කිව්වා විජය අයියට ඔහුටම වොයිස් කරන්න කියලා. විජය අයියා කැමති වුණේ නෑ. ඔහු කිව්වා චිත්‍රපටය වැටෙයි කියලා. මම කිව්වා නෑ ඒ රිස්ක් එක මම ගත්තා. පාට සරුංගල් සහ සීගිරි ලාලිත ඒ අනුව ඔහු ගායනා කළා. පාට සරුංගල් ලියන්න දීලා තිබුණේ ප්‍රේමකීර්තිද අල්විස්ට අනෙක් ගීත ටික ආචාර්ය අජන්තා රණසිංහට. හැබැයි අවාසනාවට ප්‍රේමකීර්ති අතින් ඔය ගීතය දවසින් දවස පරක්කු වුණා. ඒකට මට තරහ ගියා. දවසක් රන්දෝලියෙදි ඔහු හමුවුණා. මම ගිහින් ඇහුවා සින්දුව ලියන්නේ නැද්ද කියලා අනේ වෙලාවක් නෑ මම ලියලා දෙන්නම් කියලා. මම කිව්වා ඔයාට බෑ නම් බෑ කියන්න මම වෙන කෙනෙක් ලව්වා ලියවා ගන්නම් කියලා. එයත් කිව්වා එහෙනම් වෙන කෙනෙකුට කියලා ලියා ගන්න කිව්වා ඊට පස්සේ තමයි ඒ ගීතය අජන්තා රණසිංහට දුන්නේ. සීගිරි ලාලිත ළදුනේ ලිව්වේ එච් එස් පෙරේරා. එච්. ඒත් ඒ කාලේ ෆිල්ම් ප්‍රඩියුසර්. අනිත් සින්දු ඔක්කොම ආචාර්ය අජන්තා රණසිංහ ලිව්වේ.

ආපස්සට හැරිලා බලද්දි ඔබේ ජීවිතය ගැන මොකද හිතෙන්නේ?

අනේ හරි දුකයි. ඒ කාලෙට ආයෙ යන්න පුළුවන් නම් කියලා හිතෙනවා. දැන් මගේ වයස තව මාස හයකින් අවුරුදු 71 එකක් වෙනවා. වයස කියන එක නම් ඉලක්කමක් විතරයි. හරි සුන්දර කාලයක් අපි ගෙව්වා නොම්බර 17, සූරවීර චණ්ඩියෝ, ඉටිස් අ මැටර් ඔෆ් ටයිම්, පුදුමයි ඒත් ඇත්තයි චිත්‍රපට 4 කරලා. ඊට පස්සේ මම ආයෙත් සිනමාවට එන්නේ 2013 නේ මම පත්තරත් රාශියක් කළානේ.

ඒ වාර්තාත් තාම කවුරුත් කඩලා නෑ. මගේ අන්තිම ෆිල්ම් එක රිලීස් වෙන්නේ 1995 පුදුමයි ඒත් ඇත්තයි. අනූ හයෙන් පස්සේ මම හරි කාර්යබහුලයි. මම හිතුවා මගේ පවුල ගැන හිතන්න. දුවගේ පුතාගේ අධ්‍යාපනය පැත්ත මගේ බිරිඳ බැලුවාත්. ඇය තමයි ඒ වගකීම ගත්තේ මම කළේ වියදම් කරපු එකයි. ඒ ප්‍රයත්නය අන්තිම සාර්ථකයි. දෙන්නම හොඳ තැන්වල ඉන්නවා. 2013 දී ඔවුන් ස්ථාවරත්වයට ආවට පස්සේ මම ආයෙත් කලාවට ආවා. ඉජපඪනබ ලියන එක තමයි මගේ ආසාව. ‘රශ්මි’ කළා. 2022 පෙන්නුවා. 2019 දී තිත්ත ඇත්ත කළා. දැන් තව එක චිත්‍රපටයක් තියෙනවා එදත් දිනුම් අදත් දිනුම් තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා. අලුත් තිර නාටක දෙකක් ලියලා තියෙනවා. ඉදිරියේදී ඒක කරන්න බලාපොරොත්තු වෙනවා.

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT