Home » විජයාවර්ජන චිත්‍රපට දැක්ම දා

විජයාවර්ජන චිත්‍රපට දැක්ම දා

by mavan
November 27, 2025 10:49 am 0 comment

ජනපි‍්‍රය රංගන ශිල්පී විජය කුමාරතුංගයන්ගේ 80 වැනි ජන්ම දින අනුස්මරණය පිණිස මාලඹේ හොරයිසන් විශ්වවිද්‍යාලයීය (Horizon Campus) Roteract තරුණ එකමුතුව විසින් සංවිධානය කරන ලද හෙළ රූ සමඟ ‘විජයාවර්ජන’ විජය සිනෙ දසුන් චිත්‍රපට උලෙළ පසුගිය දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පවත්වන ලදී

චිත්‍රපට දැක්ම ආරම්භ වූයේ යසපාලිත නානායක්කාර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තුෂාරා’ චිත්‍රපටය තිරගත කරමිනි.

එදින සමාරම්භක දෙසුම සරසවිය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් පවත්වන ලදි. ආචාර්ය තිස්ස අබේසේකරයන්ගේ ‘මහගෙදර’, ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ ‘පාරදිගේ’, ‘බඹරු ඇවිත්’ යන චිත්‍රපටද මේ උලෙළේදී තිරගත කෙරේණි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT