Home » ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මාන පිරිනැමෙයි

‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මාන පිරිනැමෙයි

by mavan
October 23, 2025 11:46 am 0 comment

ප්‍රවීණ සංගීත වාද්‍ය ශිල්පීන් තිදෙනෙකු සඳහා ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මාන පිරිනැමීණි.
මෙහි දී ‘වාද්‍යාභිමානී’ ප්‍රණාම සම්මානයෙන් ප්‍රවීණ බටණලා වාදන ශිල්පී උපතිස්ස පෙරේරා, ප්‍රවීණ වයලින් වාදන ශිල්පී ඩී.ඩී ගුණසේන සහ ප්‍රවීණ ලීඩ් ගිටාර් වාදන ශිල්පී මහින්ද බණ්ඩාර මෙසේ සම්මානයෙන් පිදුම් ලැබීය.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය මහජන ආරක්ෂක අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී මෙම උලෙළ පැවැත්විණි.
ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව සංවිධාන කළ මෙම ප්‍රණාම උලෙළ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ යන මහත්ම මහත්මීහු ද කලාකරුවන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT