සමීර නාඔටුන්න විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍රපටය වන වයිෆ් අද සිට දිවයින පුරා සිනාමහල්වල තිරගත වේ.
හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, වීණා ජයකොඩි, ලක්ෂ්මන් මෙන්ඩිස්, ප්‍රියන්ත සෙනවිරත්න, පියුමි බොතේජු, රෙබෙකා දිල්රුක්ෂි, දිනිති වල්ගමගේ, දිනෙත් ද සිල්වා, ගයාන් මාපලගම, රුක්ෂානා දිසානායක, බෙනට් රත්නායක, ජයනි වීරසිංහ, මල්කාන්ති ජයසිංහ, නෙතලී නානායක්කාර ඇතුළු පිරිසක් මේ සඳහා රංගනයෙන් එක්වෙති.
කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චිත්‍රාල් සෝමපාල, ගීත රචනයෙන් කරුණාරත්න අබේසේකර සමඟින් ශමීර නාඔටුන්න, ගීත ගායනයෙන් චිත්‍රාල් සෝමපාල සහ රෝහිත ජයලත්, ශබ්ද සංකලනයෙන් අරුණ ප්‍රියන්ත කළු ආරච්චි, අංග රචනයෙන් බූවනෙක රණවක, ඇඳුම් නිර්මාණයෙන් මාධවී දසනායකගෙනි. වයිෆ් නිෂ්පාදනය කරනුයේ වරුණ අරඹගේ විසිනි.
