වයිෆ් චිත්‍රපටය මේ දිනවල කා අතරත් කතාබහට ලක්වූ චිත්‍රපටයකි. එය සිනමා අධ්‍යක්ෂ සමීර නාඔටුන්නගේ තෙවැනි චිත්‍රපටයයි. මෝටර් බයිසිකල් චිත්‍රපටයෙන් පසු 2025 වසරේ තිරගත වූ සිහින නෙළුම් මල් ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයයි. සමාජයේ පවතින සිදුවීම් පාදක කරගනිමින් සිනමා නිර්මාණ බිහිකිරීම සමීර තුළින් දැකිය හැකි විශේෂත්වයකි. මෙවර ඔහුගේ නවතම සිනමා පටය වන වයිෆ් ඔස්සේ කතා කරන්නේද සමාජයේ බහුලව කතා කෙරෙන මාතෘකාවකි.
විස්වාසය , ආදරය අප සැමදෙනාම බලාපොරොත්තු වෙන දෙයකි. විශේෂයෙන් පවුල් ජීවිතයේ ආදරය සහ විශ්වාසය තිබිය යුතු ප්‍රධානම අංග දෙකකි. අඹුසැමි දෙපළක් අතර විශ්වාසය නැති නම් ආදරය නැතිනම් සාර්ථක පවුල් ජීවිතයක් ගතකළ නොහැක. මේ සියල්ල ගැන වයිෆ් චිත්‍රපටය ඔස්සේ කතා කිරීමට සමීර උත්සාහ දරා ඇත. ඒ පිළිබඳ වැඩි යමක් කතා කිරීමට සමීර සරසවිය සමඟ සම්බන්ධ විය. මෙහි දැක්වෙන්නේ ‘ වයිෆ් ‘ ගැන ඔහු පැවසූ අදහස් ය.
‘ වයිෆ් ‘ මගේ තෙවෙනි සිනමා නිර්මාණය මේ දිනවල සිතුවාටත් වඩා හොඳීන් ‘ වයිෆ් ‘ සිනමාපටය දිවයින පුරා තිරගත වෙනවා. මේ වනවිට ලංකාව පුරා සිනමාශාලා අසූවකට වැඩි ප්‍රමාණයක වයිෆ් තිරගත කෙරෙනවා. එහි දර්ශන වාර ගණනත් වැඩිකර තියෙනවා. උදාහරණයක් ලෙස කොළඹ ර්‍ථඍඅ සිනමාහලේ දර්ශන වාර ගණන වැඩිකර තිබෙනවා. එසේ කර තියෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම නිසා ඉතාමත් සතුටුයි. එවැනි තත්වයක් ‘ වයිෆ’ චිත්‍රපටයට උදාවීම ගැන. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරත් ඉතා ඉහළයි. ‘ වයිෆ් ‘ නරඹලා එළියට එන ප්‍රේක්ෂකයන් වයිෆ් ගැන සුබදායි ප්‍රතිචාර ලබාදීමෙන් එය සාර්ථක වූ බව කියන්න පුළුවන්.
වයිෆ් චිත්‍රපටයේ තිරරචනයත් මගෙමයි. මම කැමති කාලීන මාතෘකා ගැන කතා කරන්න ඒ වෙනුවෙන් නිර්මාණ කරන්න. එදිනෙදා ජීවිතවල සිදුවන සිදුවීම් නිර්මාණ හරහා ප්‍රේක්ෂකයාට ළංකරන්න මම කැමතියි. මගේ මුල්ම සිනමා නිර්මාණය වුණේ මෝටර් බයිසිකල්. ඒ චිත්‍රපටයෙනුත් මම කතා කළේ තරුණයෙක් තුළ තිබූ හීන. ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න. මගේ දෙවෙනි සිනමා නිර්මාණය සිහින නෙළුම් මල්. ඒ ඔස්සේ කතා කළේ තරුණ අඹුසැමි යුවළක් තමන්ට දරුවන් නොමැතිකම නිසා මුහුණපාන ගැටලු පිළිබඳව. වයිෆ් චිත්‍රපටයෙන් කියවෙන්නේ සැමියා තම බිරිඳගේ විශ්වාසය කඩ කිරීම. ඇයට දැනෙන සේ ආදරය නොකිරීම. විවාහ වූවාට පසුව ආදරය කළ අය තමයි ටික කාලෙකින් දික්කසාද වෙන්නේ. මේ සමාජ ප්‍රශ්නය දෙස වෙනස් විදිහකට බලන්න තමයි මම ‘වයිෆ්’ චිත්‍රපටය නිර්මාණය කළේ. චිත්‍රපටය නරඹපු සමහර මහත්වරු කිව්වා ඇත්තටම එයාලගේ බිරින්ඳෑවරුන්ට මීට වඩා ආදරය කරන්න. හිතුණා කියලා. වයිෆ් චිත්‍රපටයෙන් සමාජයට දෙන්න ඕන වුණෙත් ඒකමයි. වයිෆ් චිත්‍රපටයට මේතාක් මට හොඳ ප්‍රතිචාර මිසක් නරක ප්‍රතිචාර නම් ලැබිලා නැහැ. මම මේ චිත්‍රපටයෙන් සැමියන් නරකයි කියලා පෙන්න්වන්න උත්සාහ කළේ නැහැ. චිත්‍රපටයේ හැටියට ඒ ස්වාමිපුරුෂයා බිරිඳට අවංකවම ආදරය කරන අවස්ථාත් පෙන්නුම් කරනවා.
මෙහි පිටපත ලිව්වෙත් මම. එය ලියන විටම මෙහි ස්වාමිපුරුෂයාගේ චරිතය ලබා දෙන්නේ හේමාල්ට කියන එක හිතේ තිබුණා. නමුත් බිරිඳගේ චරිතය සඳහා ගන්නේ කවුරුන්ද කියන එක තීරණය වුණේ නැහැ. එත් නිෂ්පාදකවරයාගේ පැත්තෙන් යෝජනාවක් ආවා. උදාරිව ඒ සඳහා සුදුසුයි කියලා. එය සාර්ථක වුණා. වයිෆ් චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන්නේ වරුණ අරඹගේ. ඔහු මා සමඟ චිත්‍රපට දෙකක් නිෂ්පාදනය කළා. ඒ නිසා අපි අතර හොඳ හිතවත් කමක් තියෙනවා. ඒ වගේම හොඳ අවබෝධයක් තියෙනවා.
චිත්‍රපට අධ්‍යක්ෂණයේදී අපට විවිධ ගැටලු මතුවෙනවා. ප්‍රධානම ගැටලුව චිත්‍රපටය බෙදා හැරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු. ඒ සඳහාවූ පනත් යල්පැන ගිහින් තියෙනවා. ලෝකයේ සිනමාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් යන කාලයක රජය මැදිහත් වී හෝ මේ සඳහා තිරසාර විසඳුමක් ලබා දෙනවා නම් සිනමාව කර්මාන්තයක් ලෙස පවත්වාගෙන යන්න පුළුවන්.
වර්තමානයේ සිනමාශාලවල චිත්‍රපටයක් පෙන්වන ක්‍රමය වෙනස්. ඉස්සරනම් දවසක තියෙන දර්ශන වේලාවන් ලබා දී තිබුණේ එකම චිත්‍රපටයකට. දැන් දර්ශන වාර ලබා දී තියෙන්නේ එක් එක් චිත්‍රපට සඳහා. අද සමාජ මාධ්‍ය දියුණුයි. ඒ නිසා තමාට අවශ්‍ය චිත්‍රපටය තෝරාබේරා ගෙන බලන්න පුළුවන්.
මේ දිනවල වයිෆ් චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සිදුකරගෙන යනවා. අපි වයිෆ් ප්‍රදර්ශනය කරන සෑම සිනමා ශාලාවකටම ගිහින් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් හමුවෙනවා. අපි එය අඛණ්ඩව සිදු කරගෙන යනවා. ඒ සඳහා චිත්‍රපටයේ රඟපෑ රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. අපි සිනමා ශාලාවලට ගියාම ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටුවිට ඇත්තටම හිතට සතුටක් දැනෙනවා. ඒ වගේම වයිෆ් චිත්‍රපටයේ අවසානය සිදු වන්නේ ප්‍රශ්නාර්ථයකින් කියලා සමහරු කියනවා. එය තීරණය කළ යුත්තේ ප්‍රේක්ෂකාගාරයමයි. බොහෝ අය අහනවා වයිෆ් චිත්‍රපටයේ දෙවෙනි කොටසක් තියෙනවා ද කියලා. බලමු එය ඉදිරියේදී තීරණය වෙයි. මේ අවස්ථාවේ වෙනත් රටවලත් වයිෆ් චිත්‍රපටය තිරගත කෙරෙනවා. මම සියලුම ආදරණීය සිනමා ලෝලීන්ගෙන් ඉල්ලා සිටිනවා වයිෆ් සමඟ එකතු වෙන්න කියලා.
නයනාංජලි දෙහිපිටිය
