අඩ සියවසකටත් අධික ලාංකේය සිනමා වංශ කතාවේ අභිමානවත් යුග පුරුෂයා වුයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් සිනමාකරුවාය. ලාංකේය සිනමාව කියු විට ලෙස්ටර් නාමයද, ලෙස්ටර් කියුවිට ලාංකේය සිනමාව යන්න කියැවෙන තරමට ඔහුගේ සිනමා ව්‍යාපෘති ගොනුව අති විශිෂ්ට වේ. වර්ෂ 1919 අප්‍රේල් පස්වැනි දා උපන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මිය යන්නේ 2018 වර්ෂයේදී ය. ලෙස්ටර් අද සිටියා නම් ඔහුගේ වයස අවුරුදු 107කි. ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් වර්ෂ 1956 දී නිර්මාණය කළ “රේඛාව” චිත්‍රපටය ලාංකේය සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයකි. බොහෝ විචාරකයන් “රේඛාව” චිත්‍රපටය හඳුන්වන්නේ මෙරට ලාංකේය සිනමාවේ සැබෑ උප්පත්තිය ලෙසිනි. 1956 වසර යනු ලංකාවේ දේශපාලනික, සංස්කෘතික, සාමාජීය වශයෙන් පරිවර්තනයන් ගණනාවක් සිදු වු කාල පරිච්ඡේදයකි. විශේෂයෙන් දේශපාලනික වශයෙන් එස්.ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකගේ අගමැති ලෙස පත් වීම වැදගත් වේ. එමෙන්ම මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර විසින් මනමේ නාට්‍යය අධ්‍යක්ෂණය වන්නේද 1956 වසරේදී ය. ලෙස්ටර් කුලුඳුලේම නිර්මාණය කළ රේඛාව චිත්‍රපටය ලංකාවේ ප්‍රථම කලාත්මක චිත්‍රපටය වේ. එතෙක් ලාංකේය සිනමාව තුළ පැවති දමිළ සිනමා ආකෘතියෙන් සම්පූර්ණයෙන් බැහැරව සෞන්දර්යාත්මක බවින් පිරිපුන් සිනමානුරූපි ව්‍යාප්තියක් බිහිකර ගන්නට මුල්ම අඩිතාලම වැටෙන්නේ “රේඛාව” චිත්‍රපටය හරහායි.
එවකට ලාංකේය සිනමාව තුළ පැවති වටිටෝරුගතවූත් සාම්ප්රදායිකවූත් කතා තේමාවන්ගෙන් බැහැරව සිනමාපටයක් සඳහා ඉතාමත් උචිත ස්වාධීන තේමාවක් යටතේ තිර රචනයක් බිහිවන්නේ රේඛාව චිත්‍රපටය සඳහාය. රේඛාව චිත්‍රපටය සඳහා පසුබිම් වූයේ ලංකාවේ සංස්කෘතිය සමඟ බද්ධ ගැමි සංස්කෘතිය, සිරිත් විරිත්, ඇදහිලි හා විශ්වාසයන්ය. මෙම ප්රපංචයන්ට (නඩඥදධථඥදධද) අනුකූලව සිනමාව ඔස්සේ යථාර්ථවාදී මගකට පිවිසෙමින් ගැමි ජීවිතය පිළිබඳව විවරණයක යෙදීම රේඛාව චිත්‍රපටයේ අරමුණ විය. එවකට බොහෝ සිනමාපට වලට වස්තුවිෂය වූ සාම්ප්‍රදායික ප්‍රේම කතාවලින් ඔබ්බට ගොස් සමාජයේ ගැබ්ව පවතින්නා වූ මානව සම්බන්ධතා පිළිබඳව සියුම් ලෙස දකිමින් ඒවා සිනමාවේ ග්‍රහණයට හසුකර ගැනීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් සමත් විය. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ වෘත්තාන්ත චිත්‍රපට (ජ්ඥචබභපඥ ජ්ඪතථඵ) සංඛ්‍යාව 20 කි. ඔහු වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය කිරීමට පෙර “ඉඥතඪධතධඳභඪඥ” (1949), “ජ්චඪපඹඥතත බධ ජඩඪතඤ ඩධධඤ” (1950), “ඒ ඉඪදඩචතඥඵඥ ච්චදජඥ” (1950) යන කෙටි චිත්‍රපට ත්‍රිත්වය නිම කළේය.
වසර 1954 දී රැල්ෆ් කීන්ගේ ඇරැයුමකට අනුව රජයේ චිත්‍රපට අංශයට (ට්ධමඥපදථඥදබ ජ්ඪතථ උදඪබ) බැඳුණු ලෙස්ටර්, අනතුරුව වාර්තා චිත්‍රපටයන් (ච්ධජභථඥදබචපර ජ්ඪතථඵ) දෙකක් අධ්‍යක්ෂණය කළේය. ඒ නම් ” වියළි කලාපය ජය ගනී” සහ “රැකෙනු නැත තැවෙමු” යන සිනමා කෘතීන් ය. වෘත්තාන්ත චිත්‍රපට නිර්මාණය කිරීමට පෙර කෙටි චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට වලින් අඩිතාලම දමා ගත් ලෙස්ටර් ඉන් අනතුරුව 1956 දී රේඛාව පළමු වෘත්තාන්ත චිත්‍රපටය ලෙස අධ්‍යක්ෂණය කරයි. රේඛාව චිත්‍රපටය කලාත්මක අතින් උසස් වූවත් වාණිජමය වශයෙන් අසාර්ථක චිත්‍රපටයක් විය. එම නිසා ලෙස්ටර් වසර හතරක් තම සිනමා ජීවිතය නිස්කාරණයේ ගෙවූ කාලයට උකස් තැබීය. රේඛාව චිත්‍රපටයෙන් අනතුරුව ඔහු අධ්‍යක්ෂණය කරන දෙවන වෘත්තාන්ත චිත්‍රපටය වන්නේ “සන්දේශය”(1960) වේ.
වසර හතරකින් පසුව නිර්මාණය කරන “සංදේශය” චිත්‍රපටය වාණිජමය ගණයේ යුධ චිත්‍රපටයක් විය. ලෙස්ටර් පසු කාලයේදී තමන් විසින් නිර්මාණය කළ “සංදේශය” චිත්‍රපටය හැඳීන්වූයේ ඔහු නිර්මාණය කළ දුර්වලම චිත්‍රපටය එය බවයි. ලෙස්ටර් නිර්මාණය කරන තුන්වන චිත්‍රපටය වූ “ගම්පෙරළිය” (1963) ලෙස්ටර්ගේ සිනමා දිවියේ වැදගත් සංධිස්ථානයක් විය. මන්ද එවකට ලංකාවේ ශ්‍රේෂ්ඨ නවකතාකරුවා වූ මාර්ටින් වික්‍රමසිංහයන් විශිෂ්ටතම කෘතිය වූ “ගම්පෙරළිය” නවකතාව සිනමාවට නැගීමයි. ගමිපෙරළිය චිත්‍රපටය තුළ ලෙස්ටර් විසින් මතු කරන පුද්ගල අන්තර් සබඳතා බිඳවැටීම සමඟ සමපාත වන ලාංකේය වැඩවසම් වලව් සංස්කෘතියේ පරිහානිය පිළිබඳ සිනමානුරූපිව පෙන්වයි.
ලාංකේය සිනමාව තුළින් ගම්පෙරළිය වැනි විකල්ප ධාරාවේ සහ කලාත්මක ධාරාවේ චිත්‍රපටයක් නිර්මාණය වී තිබු නොවූ නිසාවෙන් ප්‍රේක්ෂක විචාරක පැසසුම් විශාල ප්‍රමාණයක් මැද සාර්ථක ලෙස තිරගත විය. 1964 වසරේ පවත්වන ලද මුල්ම සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන දිනූ ගම්පෙරළිය චිත්‍රපටය නිර්මාණය කරමින් මුල්ම හොඳම අධ්යක්ෂ ලෙස සම්මාන දිනුවේ ද ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. මෙරට අන්තර් ජාතික සම්මාන දිනූ මුල්ම චිත්‍රපටය ලෙස ගම්පෙරළිය ඉන්දියානු අන්තර් ජාතික උලෙළේ දී හොඳම චිත්‍රපටයට හිමි රණමයුර සම්මානය දිනා ගත්තේ සරසවිය සම්මානය දිනාගත් පසුවය. ගම්පෙරළිය 1965 වසරේ පැවති තුන්වැනි ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට උලෙළේදී හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි රණමයුර සම්මානය දිනා ගත්තාය. විශේෂත්වය නම් ඒ එසේ සිංහල වෘත්තාන්ත චිත්‍රපටයක් ජාත්‍යන්තර සම්මානයකින් පුද ලද ප්‍රථම අවස්ථාව වීමයි.
ලෙස්ටර් විසින් ඊළඟට අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය “දෙලොවක් අතර”(1966) චිත්‍රපටයයි. දෙලොවක් අතර චිත්‍රපටය අන්තර්ගත වන්නේ චරිතයක් මුහුණ දෙන මානසික ගැටුමක් (ර්ථඵරජඩධතධඨඪජචත ඛ්ධදටතඪජබ) සියුම් ලෙස නිරූපණය කරයි. මහාචාර්ය සිරි ගුණසිංහගේ විචාරයට අනුව “දෙලොවක් අතර’ ලෝකයේ ඕනෑම රටක නිපදවෙන චිත්‍රපටයක් සමඟ සමකළ හැකි බවයි. ලෙස්ටර් උපතින් කතෝලික ආගමේ අදහන්නකු වූවද ඔහු අධ්‍යක්ෂණය කළ “සන්දේශය”, “රන්සළු” වැනි චිත්‍රපට බෞද්ධ මුහුණුවරකින් යුක්ත ය. විචාරකයන්ගේ අදහස නම් “රන්සළු” චිත්‍රපටය ලාංකේය සිනමාවෙන් බිහි වු හොඳම බෞද්ධ චිත්‍රපටය බවයි. බෞද්ධ දර්ශනයට අනුව පුද්ගලයෙකු කෙමෙන් ලෞකික ජීවිතයෙන් මිදී ආධ්‍යාත්මය අත්පත් කර ගන්නා ආකාරය රන්සළු චිත්‍රපටය තුළ නිරූපණය වේ. ලෝක ප්‍රකට සිනමා විචාරක ආචාර්ය රොජර් මැන්වෙල් “රන්සළු” චිත්‍රපටය හඳුන්වනු ලැබුයේ ලෝකයේ ඕනෑම සිනමාවකට ආදේශ කළ හැකි විශිෂ්ට චිත්‍රපටයක් ලෙසිනි.
ලාංකේය සාහිත්‍යයේ පුරාවෘත්තයක් බඳු කරුණාසේන ජයලත් නම් නවකතාකරුවා රචනා කරන ලද “ගොළු හදවත” නවකතාව වර්ෂ 1968 දී සිනමාවට නැඟුහ. ගොළු හදවත තරම් ලංකාවේ පාඨක ජනයා තුළ ජනප්‍රිය පෙම් කතාවක් ලෙසින ආදරය දිනා ගත්තකි. තාරුණ්‍ය ප්‍රේමය මුල් කරගත් ගොළු හදවත චිත්‍රපටය ලෙස්ටර් නිර්මාණය කරන්නේ ගොළු හදවත නවකතාව අබිබවා යන විශිෂ්ට ආකාරයෙන් ය. “ගොළු හදවත” චිත්‍රපටය වාණිජ වශයෙන් අති සාර්ථක වූයෙන් එය තැනු ලංකා චිත්‍රාගාරය නම් නිෂ්පාදන සමාගම (ර්‍ථපධඤභජබඪධද ඛ්ධථනචදර) ලෙස්ටර්ට තවත් චිත්‍රපට දෙකක් අධ්‍යක්ෂණය කරන්නට මුදල් ආයෝජනය කළාය. ඉන් එකක් වුයේ මඩවල් එස්. රත්නායක විසින් ලියන ලද “අක්කර පහ”(1970) නවකතාව ඇසුරින් නිර්මාණය කළ “අක්කර පහ” චිත්‍රපටයයි. චිත්‍රපටයේ කතාවට පසුබිම වුයේ රජයේ ගොවි ජනපද ව්‍යාපාරයයි.
අනෙක් චිත්‍රපටය නමි ලෙස්ටර්ගේ ශ්‍රේෂ්ඨතම සිනමා කෘතිය වන “නිධානය”(1972) සිනමාපටයයි. නිධානය චිත්‍රපටය සඳහා ද පසුබිමි වන්නේ සාහිත්‍ය කෘතියකි. එනම් ජී.බී සේනානායකගේ “නිධානය” කෙටිකතාවයි. ප්‍රථම වරට කෙටි කතාවක් තිරයට නැඟුණු සිංහල චිත්‍රපටය “නිධානය” වේ. නිධානය චිත්‍රපටය ප්රකාශනය නමි ආශාව වෙනුවෙන් මනුෂ්‍ය යටි සිතෙහි උපදින මිනි මැරීම නමි සාහසික වු මනෝමය සිතුවිල්ල පිළිබඳවයි. නිධානය චිත්‍රපටයේ විශිෂ්ට රංගනයක නිරත වන ප්‍රවීණ රංගධර ගාමිණි ෆොන්සේකා සහ නිළි මාලිනි ෆොන්සේකාගේ අධි රංගනය ප්‍රේක්ෂකයන්ගේ සහ විචාරකයන්ගේ පැසසුමට ලක් වූහ. එමෙන්ම ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වු විශිෂ්ට ගණයේ චිත්‍රපට අතරට ද “නිධානය” චිත්‍රපටය ඇතුළත් වේ.
වර්ෂ 1975 දී ලෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කරන “දෑස නිසා” චිත්‍රපටය සඳහා පාදක වන්නේ ගුණසේන ගලප්පත්ති 1964 දී නිෂ්පාදනය කරන ලද එනමින් යුතු වේදිකා නාට්‍යයයි. ලෙස්ටර් වේදිකා නාට්‍යයක් ඇසුරින් තැනූ ප්‍රථම සහ එකම චිත්‍රපටය මෙය වෙයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් ගමිපෙරළිය චිත්‍රපටයෙන් පසු එහි දෙවැනි සහ තෙවැන් කොටස් වූ කලියුගය සහ යුගාන්තය කොටස් සිනමාවට නඟන්නට උත්සාහ දැරැවද එය ව්‍යර්ථ විය. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකතා අතරින් ලෙස්ටර් ඊළඟට චිත්‍රපට ගත කළේ මඩොල් දූව නම් ළමා සහ යොවුන් නවකතාවයි. මඩොල් දූව ලෙස්ටර්ගේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ද වෙයි. මඩොල් දූව චිත්‍රපටය විදේශීය රටවල තිරගත කෙරුණු අවස්ථාවල උපාලිගේ මවගේ මරණය දැක්වෙන දර්ශන කපා දමා ඇත. ඊට හේතුව නම් ළමා චිත්‍රපටයකට ඒ දර්ශනය සුදුසු නැති බව ඒ තිරගත වූ රටවල් අදහස් කිරීමයි.
ලෙස්ටර් විසින් නිර්මාණය කරන ලද ප්‍රථම සහ එකම ඉංග්‍රීසි භාෂිත ජාත්‍යන්තර චිත්‍රපටය වන්නේ “ගෝඩ් කිං” සිනමාපටයයි. වර්ෂ 1976 දී නිර්මාණය කළ “ගෝඩි කිං” චිත්‍රපටය ඓතිහාසික (ඩ්ඪඵබධපඪජචත) ශානරයේ චිත්‍රපටයකි. ජලය, පොළොව සහ ජනතාව නොසලකා හැර ධනය හා බලය හා කාමයට ගොදුරු වූ මුග්ධ පාලකයකුගේ ජීවිතය පිළිබඳ “ගෝඩි කිං” සිනමාපටයේ නිරූපිතය. “ගෝඩි කිං” චිත්‍රපටයෙන් අනතුරුව තවත් එවැනි ගණයේ ඓතිහාසික චිත්‍රපටයක් ලෙස්ටර් නිර්මාණය කරයි. ඒ “වීර පුරන් අප්පු” (1978) චිත්‍රපටයයි. වීර පුරන් අප්පු චිත්‍රපටයේ තිර නාටකය තිස්ස අබේසේකරගෙනි. ලාංකේය ඉතිහාසයේ සැබෑවටම ජීවත් වු චරිතයක් ලෙස වීර පුරන් අප්පු නමි විප්ලවකරුවාගේ ජීවිතය පාදක කරගෙන මෙම චිත්‍රපටයේ කතාව ගෙතෙයි. වීර පුරන් අප්පු චරිතය වෙනුවෙන් නිරූපණය කරන්නේ ප්‍රවීණ නළු රවීන්ද්‍ර රන්දෙණිය වේ. වීර පුරන් අප්පු යනු 1848 ලංකාව යටත් කරගෙන සිටි ඉංග්‍රීසි රජයට සහ හමුදාවට එරෙහිව කැරළි ගැසු ප්‍රධාන අරගලකරුවෙකි. ඔහුගේ විරෝදාර නායකත්වය “වීර පුරන් අප්පු” චිත්‍රපටය තුළින් ඉස්මතු කරයි.
“අහසින් පොළෙවට” ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කරන 12 වැනි සිනමාපටයයි. චිත්‍රපටය සඳහා ලෙස්ටර් පාදක කර ගන්නේ 1973 අයිලින් සිරිවර්ධන ලියූ මෙනමින් යුතු නවකතාවකි. ලෙස්ටර් තමන් නියෝජනය කරන සමාජ පන්තිය (ඉධජඪචත ඛ්තචඵඵ) පසුබිමි කරගෙන තරමක සංකීර්ණ කතා වස්තුවකට පිවිසෙන්නේ “අහසින් පොළවට” චිත්‍රපටය හරහාය. “අහසින් පොළොවට” තුන්වැනි කයිරෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ලෝකයේ හොඳම චිත්‍රපටය සඳහා වන “අක්නේටන්” සම්මානය ලැබිණි. ලෙස්ටර් මින් අනතුරුව ලෙනාඩි වුල්ෆ් විසින් රචනා කළ බැද්දේගම නවකතාව ඇසුරින් “බැද්දේගම”(1981) චිත්‍රපටයත්, ගමිපෙරළිය චිත්‍රපටයේ දෙවැනි කොටස සහ තෙවැනි කොටස ලෙස මාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත “කලියුගය”(1983) සහ “යුගාන්තය” නවකතාවන් චිත්‍රපටයට නැඟීය. ඉන් අනතුරුව පිංහාමි(1983) නමි ළමා චිත්‍රපටයක් ලෙස්ටර් අධ්‍යක්ෂණය කළේය. ජී.බී සේනානායකගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කළ “අවරගිර”(1975) චිත්‍රපටයත්, ඇන්ටන් චෙකොෆ්ගේ “චෙරි උයන” වේදිකා නාට්‍ය ආභාසය කරගෙන නිර්මාණය කළ “වෑකන්ද වලවිව”(2003) චිත්‍රපටය කැපී පෙනෙයි. “අමිමාවරුනේ”(2006) ලෙස්ටර් නිර්මාණය කළ අවසන් චිත්‍රපටයයි.
ඉංග්‍රීසි ජාතික විචාරකයකු වන ඩොනල්ඩ් රිචි ලෙස්ටර්ගේ සිනමාව ‘ධ්යානශීලි සිනමාවක්” (ඛ්ඪදඥථච ධට ඛ්ධදබඥථනතචබඪධද) ලෙස හඳුන්වයි. සිනමාව ඔපදමන්නට ලෙස්ටර් තමන්ගේ ප්රකාශනයන් සඳහා බොහෝවිට වස්තු විෂය කරගත්තේ ලාංකේය පවුල සංස්ථාව නමැති සංකීර්ණමය ව්‍යුහයයි. මිනිස් හදවත විනිවිද දැකීමට ලෙස්ටර් උත්සාහ ගත්තේය. එමෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සිංහල සාහිත්‍ය අතර තිබු අවියෝජනීය සබඳතාවය පිළිබඳ නිරික්ෂණය කළ හැකි ය. මුළුමනින්ම පාහේ ලෙස්ටර්ගේ සිනමාව පෝෂණය වූයේ සාහිත්‍ය සහ වේදිකා නාට්‍ය තුළිනි. 1999 වසරේ නවදිල්ලි ඉන්දියානු අන්තර්ජාතික චිත්‍රපට උලෙළේ ජීවිතයේ එක් වරක් පිදෙන යාවජීව සම්මානයෙන් පිදුමි ලබන අතර ආසියාවේ සිටින විශිෂ්ටතම සිනමාකරුවන් අතළොස්ස අතර ලෙස්ටර් ජේම්ස් පීරිස් සිටින්නේ ලාංකේය සිනමාවේ විශිෂ්ටතම සිනමාකරුවා ද බව කියාපාමින්.
මලින්ත විතානගේ
