Home » ලංකාවේ පළමු නිදහස් සිංහල උපසිරැසිය නිර්මාණය කළේ අපි

ලංකාවේ පළමු නිදහස් සිංහල උපසිරැසිය නිර්මාණය කළේ අපි

බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියේ මෙහෙයුම් අදියුරු  අශාන් විමුක්ති

by mavan
October 9, 2025 11:17 am 0 comment

එක් එක් සිනමා කර්මාන්තය තුළ උපසිරැසි (subtitles) නිර්මාණය කිරීම වර්තමානයේ සුලභ කාරණාවක් බවට පත්ව ඇත. උපසිරැසියක් සිනමාපටයක අතිශය වැදගත් සාධකයකි. මන්ද සිනමාපටය මඟින් සන්නිවේදනය කරන අදහස සහ ජනිත කරන රසය උපසිරැසිය හරහා ප්‍රේක්ෂකයාට යම් කිසි අත්වැලක් සැපයීම සිදුවන නිසාවෙනි. ලංකාවේ සිනමා ප්‍රේක්ෂකාගාරයට නිදහස් ලෙස උපසිරැසි සහිතව සිනමාපටයක් නැරඹීමේ අවකාශය සකස් කර දෙන්නේ බයිස්කෝප් වෙබ් අඩවියයි. ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට නිදහස් ලෙස උපසිරැසියක් බාගත (Download) කොට චිත්‍රපටයක් රස විඳීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය විසින් ලබා දීම දශකයක් තිස්සේ සිදු කරගෙන යන විශේෂ සේවාවකි. ඔවුන් සිදු කරන මෙම සේවය සඳහා වසර 16ක් සපිරෙයි. බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියේ ඇඩ්මින්වරයකු වන අශාන් විමුක්ති සමඟ සිදුකළ කතාබහ⁣ මෙවර සරසවිය අවකාශය හරහා ඉඩහසර වෙන්වෙයි.

බයිස්කෝප් වෙබ් අඩවිය පටන් ගන්නේ කොහොමද?

2009 වගේ කාලේ තිබුණේ බ්ලොග් සයිට්. බිලොග් සයිට් ජනප්‍රියම කාලේ. පොතේ ගුරා කියලා අන්වර්ථ නාමයෙන් ⁣බිලොග් සයිට් ලියන කෙනෙක් පටන් ගන්නවා බයිස්කෝප් කියලා බිලොග් එකක්. එයා කළේ බලන ෆිල්මි එක ගැන පොඩි සටහනක්, විචාරයක් පළ කරන එක. 2009 මාර්තු 10 වෙනිදා සිට 2009 ජූනි 26 වැනිදා අපි සබ්ටයිටල් දෙන්නේ නෑ. ඒ වෙනකමි කළේ පොතේ ගුරා චිත්‍රපට විචාරය කරන එක. ඊටපස්සේ අතරමගදි පිරිසක් එකතු වෙනවා. ඒ පිරිස එකතු වෙලා බිලොග් සයිට් එක වෙබි අඩවියක් බවට පත් වෙනවා. 2009 ජූනි 26 වැනිදා අපි ලංකාවේ පළමු නිදහස් උපසිරැසිය අන්තර්ජාලයේ පළ කරනවා. මීට කලින් ටයිටස් තොටවත්ත මහත්තයා එහෙම උපසිරැසි නිර්මාණය කරලා තියෙනවා. හැබැයි අපි ඔිනෑම කෙනෙකුට අන්තර්ජාලයේ බාගත කරගන්න පුළුවන් විදියට නිදහස් උපසිරැසියක් නිර්මාණය කළා. ඒ තමා රොයිලි ප්‍රනාන්දු විසින් ‘ඩෙජා වූ’ කියන ඩෙන්සිල් වොෂින්ටන්ගේ ෆිල්මි එකට කරපු පළවෙනි සිංහල උපසිරැසිය. ඊටපස්සේ ක්‍රම ක්‍රමයෙන් මාසයකට එකක්, සතියට දෙකක් වගේ අපි සබිටයිටල්ස් හැදුවා. ඒකට හේතුව තමයි පිරිස ඒකට අලුත්. මොකද අද කාලේ වගේ සිංහල සබිටයිටල් සුලභ නැහැ. කාලයක් ගිහින් සබ්ටයිටල් එක්ක ෆිල්මි බලන්න ටික ටික ප්‍රේක්ෂකාගාරය හුරු වුණා.

බයිස්කෝප් විසින් ප්‍රේක්ෂකාගාරයට නිදහස් ලෙස සිංහල සබිටයිටල් එකක් නිර්මාණය කිරීම හරහා කරන්නේ එක්තරා විදියට සේවාවක් විදියට නේද?

ඇත්තෙන්ම ඔවි. අපි සබ්ටයිටල් එකක් කරන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් උදෙසා නෙමෙයි. සම්පුර්ණයෙන්ම පාහේ ආත්ම තෘප්තියට කරන දෙයක් අපි. අනෙක් අතට සිංහල සබිටයිටල් එකක් නිර්මාණය කිරීම හරහා චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකාගාරයට පහසුකමක් සැපයීමයි සිද්ධ වෙන්නේ. සබ්ටයිටල් එකක් නිර්මාණය කරන කෙනත්, බයිස්කෝප් කණ්ඩායමක් විදියට අපිත් මේ කරන්නේ එක්තරා ආකාරයකට විවිධ ශානර යටතේ නරඹන ප්‍රේක්ෂකාගාරයට චිත්‍රපටයක් පූර්ණ ලෙස රසවින්දනයට පහසුකම සැපයීම. උදාහරණයක් විදියට දෙමළ චිත්‍රපටයක්, ජපන් චිත්‍රපටයක් නරඹද්දි මේ භාෂා ප්‍රශ්නය ලංකාවෙි ප්‍රේක්ෂකාගාරයට එනවා. එතකොට සබිටයිටල් එකක් නිර්මාණය කරලා දුන්නම චිත්‍රපටයේ අදහස නිවැරදිව සහ වින්දනය ලබන්න හැකි වෙනවා. ඇත්තටම සබිටයිටල් එකක් කියන්නේ චිත්‍රපටයක් රස විඳීන්න ප්‍රේක්ෂකාගාරයට අපි හදන ඉනිමඟක් වගේ.

කිසිදු ලාභයක් නොලබා විශාල ගෙවීමක් සහිතව වෙබි අඩවියක් පවත්වගෙන යන්න ලේසි පහසු නැහැ. මේ කර්තව්‍යය සිද්ධ වෙන්නේ කොහොමද?

2015 වෙනකම් ඉසිර ගුණතිලක සහ රොයිලි තමයි මීට මුල්‍යම දායකත්වය සැපයුවේ. ඊටපස්සේ මේක දැන් දරාගන්න බැරි මට්ටමකට ආවා. මාසයකට නඩත්තු මුදල විදියට 15,000 – 30,000ක් වගේ හැදුණා. නැවැත්තුවොත් මෙික අපිට ලොකු පීඩනයක් එනවා, ඇයි මෙික නැවැත්තුවේ කියලා. ඊටපස්සේ අපි තීරණය කළා දැන්වීමි දාමු කියලා. හැබැයි ඒ හම්බවෙන මුදලින් ඉතිරි මුදල අපි කළේ යමිකිසි සමාජ සත්කාරයක් සඳහා යොදවපු එක. අපේ වෙබිඅඩවියේ අපි කරපු සමාජ සත්කාර පිළිබඳ පළ කරලා තියෙනවා. ඇත්තටම අපි මේක විනෝදයට කරපු වැඩක්. එක්තරා විනෝදාංශයක්.

මේ කර්තව්‍යය කරගෙන යාමේදී පැමිණි අභියෝග මොනවද?

බයිස්කෝප් වෙබ් අඩවියේ පදනම මිත්‍රත්වය. ඒ කියන්නේ සබිටයිටල් කරන්න එන අය අතර මිතුරුකමක් නිර්මාණය වීම. මාව ඇඩිමින් පැනල් එකට ගද්දි මට සබිටයිටල් එකක් නිර්මාණය කරන්න පුළුවන් වුණාට වෙබි අඩවි විෂය සම්බන්ධයෙන් දැනුම්වත්භවයක් තිබුණේ නැහැ. මේ වැඩේ කරගෙන යනකොට දැනුම අවශ්‍යයි. ඉතින් අපේ වෙබ් අඩවි සම්බන්ධයෙන් තිබුණ දැනුම දුර්වලතාවය නිසා එක මොහොතකදි වෙබ් අඩවිය තාක්ෂණිකව බිඳ වැටෙනවා. අපේ සර්වර් එක දීලා තිබුණේ පෝලන්තයේ එක්තරා සමාගමකට. ඒක සම්පුර්ණයෙන්ම පාහේ ගිනි ගත්තා. ඒ එක්කම ඒ අතර තිබිලා අපේ වෙබි අඩවියත් බිඳ වැටුණා. බැකප් එකක් තිබුණ නිසාම නැවත යථාතත්වයට පත්කරගන්න හැකි වුණා. අපි නිතරම වෙබි අඩවි තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම ලබාගත්තේ පිටත අයෙක් හරහා. හැබැයි ඒ දැනුම දැන් අපිට තියෙනවා. දැන් අපිට තියෙන අභියෝගය තමයි සබිටයිටල් කරන සම්පත්දායකයන් හිඟතාවය.

සාර්ථක සබ්ටයිටල් එකක තියෙන ලක්ෂණ මොනවද?

දළ වශයෙන් චිත්‍රපටයක දෙබස් 1500ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඔික සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්න දවස් එක හමාරක් විතර ගත වෙනවා. ඉවසීම, දැනුම සහ කාලය අත්‍යාවශ්‍යයි. ඉංග්‍රීසි දැනුම තිබුණාට පමණක් මදි. උපමා, රූපක, පාරිභාෂික වචන දැනගනීමත් ඉතාම වැදගත්. චිත්‍රපටය වටා තියෙන අනෙකුත් සංස්කෘතික කාරණා දැනගැනීම වැදගත්. උදාහරණයක් විදියට හින්දි චිත්‍රපටයකට තියෙන ඉංග්‍රිසි සබ්ටයිටල් එක පරිවර්තනය කරද්දි ඉංග්‍රිසි භාෂාවේ තියෙන ඉඩියම්ස් පවා දැනගැනීම අතිශය වැදගත්. චිත්‍රපටයේ කියවෙන දෙබස්වල උපමා, රූපක අනෙක් අතට දෙබස් පරිවර්තනය කරද්දි නිවැරැදි සහ පැහැදිලිව අදහස ලියවෙන්න ඕන. හැබැයි බොහෝමයක් දෙනා දැන් කරන්නේ ගූගල් ට්‍රාන්ස්ලේට් හරහා සබ්ටයිටල්ස් පරිවර්තනය කරන එක. ඒක 100% සාර්ථක පරිවර්තනයක් නෙමෙයි.

උපසිරැසි නිර්මාණය සමිබන්ධයෙන් දියුණුවිය යුතු කාරණා මොනවද? සහ යෝජනා මොනවද?

පෞද්ගලිකවම ස්වයං විවේචනයක් කළොත් අපි හැම තිස්සේම උත්සාහ කරන්න ඔින මෙන්න මේ දේ. එකක් තමයි බයිස්කෝප් වෙබි අඩවියේ උපසිරැසිය විශ්වාස කරලා තමයි යමෙකු චිත්‍රපටයක් රසවිඳීන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උපරිමයෙන් ගුණාත්මක සබ්ටයිටල් එකක් දෙන්න උත්සාහ කරන්න ඔින. සහ මම යෝජනාවක් විදියට කරන්න කැමති කවුරුහරි සබිටයිටල් කරනවා නම් ගුණාත්මක පරිවර්තනයක් එක්ක සබ්ටයිටල් එකක් කරන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න කියලා.

ඔබට අනුව හොඳ උපසිරැසි නිර්මාණකරුවකු කියන්නේ කවුද?

තමන් උපසිරැසි නිර්මාණය කරන චිත්‍රපටයේ හැඟීම, සංවේදනාව තමන්ගේ හදවතට ගන්න පුළුවන් මනුස්සයෙක්⁣ට තමයි හොඳ උපසිරැසි නිර්මාණකරුවකු වෙන්න පුළුවන්. ඉංග්‍රිසි දැනුම ඕනම තැනකින් ගන්න පුළුවන්. හැබැයි චිත්‍රපටයක හැඟීම, සංවේදනාව සබ්ටයිටල් එකත් එක්ක නිර්මාණය කරන එක 100% හැමෝටම කරන්න බැරි දෙයක්.

යිස්කෝප් වෙබි අඩවිය හරහා ජනප්‍රිය ගණයේ ශානරවලට වගේම වාර්තා චිත්‍රපට (Documentary) ශානරයටත් ඉඩකඩ ලබා දෙනවා. මෙය ඔබ දකින්නේ මොන විදියටද?

අපිට අවශ්‍යය වුණා විනෝදය සමඟ දැනුම ලබා දෙන්න. ඒ අරමුණ සහිතවම තමයි අපි ඩොකියුමන්ට්‍රි ශානරයේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණය කළේ. ඔය අදහස ආවේ 2011, 2012 වගේ. මෙි හරහා අපිට උවමනා වුණේ ආහාර, විද්‍යාත්මක කාරණා, පාරිසරික, සාමාජීය කාරණා සමිබන්ධයෙන් ගෙතුණ වාර්තා චිත්‍රපට හරහා එන දැනුම ලබා දීමත් එක්ක රටට හොඳ යහපත් තත්ත්වයක් ඇති කිරීම.

බයිස්කෝප් වෙබි අඩවියේ පවත්වාගෙන යන පිරිස ගැනත් කියමු…

මුලින්ම ගත්තොත් පොතේ ගුරා ( ඉසිර ගුණතිලක) තමයි ආරම්භකයා. අනෙක් අය තමයි ගෝලයා (උමේෂ් ලීලසේන), රොයිලි ප්‍රනාන්දු, විකියා, වාසල, හසන්ත වික්‍රමරත්න, සමීර කරුණාරත්න, සමීර චතුරංග, අශාන් විමුක්ති, යශෝධ ශ්‍රීමාල්, ලෝගන්, ආසිරි ප්‍රියන්ත, නිර්මාණි, සමන් ප්‍රසාද්, තිසර නියෝ, චාමර සම්පත්, ප්‍රණීත් චින්තක, ලශේන් ද මෙල්, රවිඳු හේශාන්, රවිඳු නවීන්, සනුප සහ හිරාන්. ග්‍රැෆික් අංශය, නලින් පෙරේරා, රුක්ශාන් සහ දිල්ශාන් සචින්ත වැනි අය බයිස්කෝප් වෙබි අඩවිය සඳහා විශාල කාර්යභාර්යක් ඉටු කළ අය සහ සවියක් වුණු අය. දැනට සබ්ටයිටල් 25, 000කට වැඩ් ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. ලෝකයේ දැනට නිර්මාණය වු විදේශීය ර⁣ටවල් බොහෝ ප්‍රමාණයකට අපි උපසිරැසි නිර්මාණය කරලා තියෙනවා.

උපසිරැසි 25,000කට අධික ප්‍රමාණයක් නිර්මාණය කරපු ⁣බයිස්කෝප් වෙබි අඩවිය ඉදරියට පවත්වාගෙන යන්න හිතන් ඉන්නේ කොහොමද?

දැනට කරන්න අලුත් දෙයක් කරන්න නැහැ කියලා හිතනවා. මොකද⁣? ලෝකයේ විශිෂ්ට චිත්‍රපට, විවිධ ශානර, ටෙලි සීරිස් වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරලා තියෙනවා. අපි ඊළගට මොකද කරන්නේ කියලා හිතනකොට තමයි පොඩිකාස්ට් වැඩක් කරන්න ඔින සිතුවිල්ල ආවේ. දැනට අපි බයිස්කෝප් පොඩ්කාස්ට් කරගෙන යනවා. මිනිස්සු දැන් කියවනවට වඩා අහන්න කැමති නිසා පොඩිකාස්ට් එක කරනවා. අනෙක් දේ තමයි සමාජ සත්කාර ව්‍යාපෘති කරන්න අපි හිතන් ඉන්නවා ඉදිරියේ දී. අපි මීට කලින් ⁣තෝරාගත් පාසල් කිහිපයක් වෙනුවෙන් සිසුන්හට ලිපි ද්‍රව්‍ය, බඩු බාහිරාදිය ලබා දුන්නා. අනෙක් අතට අපිට පුළුවන් තරම් කාලයක් මේ බයිස්කෝප් වෙබ් අඩවිය පවත්වාගෙන යන්න උත්සාහ කරනවා

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT