ශේන් නමැති විදේශීය දමිළ අධ්යක්ෂවරයකුගේ නිර්මාණශීලී අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘රාස් ‘ (Razz) චිත්‍රපටයේ රූගතකිරීම්වලට මේ දිනවල සහභාගි වන ඔහු තරුණ, කඩවසම් නවක රංගන ශිල්පියකු වන කවිඳු ශ්‍රීමාල් ය. ‘ රීකන්ඩිෂන් කෙල්ල ‘ ටෙලිනාට්‍යයේ ‘භාෂණ’ ලෙස ඉතා ජනපි‍්‍රයත්වයක් දිනාගත් ඔහු, ජයන්ත චන්ද්‍රසිරි නම් විශිෂ්ට අධ්යක්ෂවරයාගේ චිත්‍රපටයක රංගනයට ද වාසනාව ලැබීය කලාවට අමතරව ක්‍රීඩා අංශයෙන් ද දක්ෂ වේගපන්දු යවන්නකු මෙන්ම, තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසත් ඉදිරියට යාමට බලාපොරොත්තු වන හෙතෙම, අද වන විට පුංචිතිරයේ තාරුණ්‍යය හැඩ කරන නවක යොවුන් රංගන ශිල්පයෙකි. තරුණියන්ගේ ද ආකර්ෂණය දිනා සිටින කවිඳු ශ්‍රීමාල් සිය රංගන දිවියේ තොරතුරු කතාබහ කිරීමට සරසවිය හා මෙසේ එක් විය
ඔබ මේ දිනවල ‘රාස්’ (Razz) හි රූගතකිරීම්වල නේද ඉන්නේ ?
ඔව්, මේ දිනවල අශෝක් ජයකොඩි මහතා නිෂ්පාදනය කරන, ශේන් නමැති විදෙස් අධ්යක්ෂවරයා අධ්‍යක්ෂණය කරන ‘Razz’ චිත්‍රපටයේ රූගතකිරීම්වල නිරත වෙනවා.
‘Razz’ හි ඔබ වෛද්‍යවරයෙක්. ඒ ගැන කීවොත් ?
ඔව්, වෛද්‍යවරයෙක් කියන්නේ රෝගීන්ට ප්‍රතිකාර කරන නිහතමානී කෙනෙක්. ඒක හොඳටම හදවතට දැනෙන චරිතයක්. මෙහිදී යම් බෙහෙතක් සොයා ගන්න වෙහෙස මහන්සි වෙන වෛද්‍යවරයකු ලෙසයි මම රඟපාන්නේ. බොහොම සතුටින් ඒ චරිතය කරනවා.
කොහොමද මෙයට ආරාධනා ලැබුණේ ?
අශෝක් ජයසිංහ මහතා තමයි මේ චරිතයට ආරාධනා කළේ. මීට පෙර මම රඟපෑ නිර්මාණ ආදේශ කරගනිමින් මට ආරාධනය කරන්න ඇති කියා මම සිතනවා. සතුටින් මම ඒ ආරාධනය පිළිගත්තා.
රූගතකිරීම්වලදී ප්රවීණයන්ගේ ඇසුර කොහොමද දැනෙන්නේ ?
ඔව්, ප්රවීණයන්ගේ ඇසුර සතුටුදායක මට්ටමක තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අලුත් චිත්‍රපටයේදී පැරණි ප්‍රවීණ පිරිස අපට හමුවෙනවා. ඔවුන් සමඟ සතුටින් කාලය ගත කිරීම අමතක නොවන අත්දැකීමක්. ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලිනාට්‍යයේදීත් එවැනි ප්‍රවීණයන් සමඟ කරන කතාබහ, ලබන අත්දැකීම්, ජීවිතය ගැන ඔවුන්ගෙන් ඉගෙන ගන්න දේවල් හරිම වටිනවා. ඔවුන්ගෙන් මිල කළ නොහැකි බොහෝ දේ අපි වගේ නවකයන්ගේ ජීවිතයට ලබා ගන්න පුළුවන්.
පසුගිය දිනවල විකාශය වූ ‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලිනාට්‍යයේ ‘භාෂණ’ බොහෝ ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වුණා නේද ?
ඔව්, ගොඩක් අය භාෂණට ආදරය කළා. නියෝජ්‍ය ඇමැතිවරයකුගේ පුතෙක් නිසා. සල්ලිකාර, කෙළිලොල් චරිතයක් භාෂණ කියන්නේ. බොහෝ විනෝදයෙන් ඉන්න, නියම ඇමැති පුතෙක් ලෙසට රඟපාන නිසා වෙන්නැති ප්‍රේක්ෂකයා ඒ චරිතයට කැමැති. ඒ චරිතය ගැන අදටත් කතා කරනවා.
‘භාෂණ’ කවිඳුට වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති ?
ඔව්, භාෂණ කියන්නේ වෙනස්ම චරිතයක් වගේම මට වෙනස්ම අත්දැකීමක්. මහා පරිමාණයෙන් ගනුදෙනු කරන අය එක්කයි භාෂණ කටයුතු කරන්නේ. ඒ චරිතය ලෙහෙසිපහසු එකක් නෙවෙයි. ව්‍යාපාරික, දේශපාලනික කටයුතු වගේම ක්ලබ්වලට ගිහින් තරුණියන් සමඟ විනෝද වීම් දේ වගේ කටයුතු එහිදී මට කරන්න තිබුණේ. එහිදී චරිතයේ හැසිරීම් ස්වභාවය එකිනෙකට වෙනස් වුණා. භාෂණ චරිතයට මට කළ හැකි උපරිම සාධාරණත්වය ඉටුකළා කියා සිතනවා.
විශිෂ්ට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම චිත්‍රපටයට ආරාධනා ලැබුණා නේද ?
ඔහු සමඟ වැඩ කරන්න ලැබීමම මට ගෞරවයක් කියා මම සිතනවා. මම කලාවට පැමිණ සුළු කාලයයි. මම ඉපදෙන්නත් පෙර ඉඳන්ම ඔහු කලා නිර්මාණ කරනවා. මේ නිර්මාණයෙන් අනතුරුව ඔහුගේ ඊළඟ නිර්මාණයටත් මට ආරාධනා ලැබුණා. ඉතාම නිහතමානී අධ්යක්ෂවරයෙක් වන ඔහු සමඟ වැඩ කරන්න පහසුයි. මට ලැබුණු මිල කළ නොහැකි අගනා අවස්ථාවක් ජයන්ත චන්ද්‍රසිරි මහතා සමඟ වැඩ කිරීමට ලැබීම. එය මගේ අනාගතයට ඉතා වටිනා දෙයක්.
“Hidden City” (සැඟවුණු නගරය) හි ඔබේ චරිතය ගැන කීවොත් ?
එහි මගේ චරිතය ඇමැතිවරයෙකුගේ ගෝලයෙකුගේ චරිතයක්. අපි මෙහිදී නිධානයක් ලබාගන්න යනවා. හරිම බිහිසුණු අවස්ථා ඒ චරිතය තුළ තිබුණා. රූගතකිරීම් කැලෑවක සිදුවුණේ. ඒකනම් වෙනස් අත්දැකීමක්. චිත්‍රපටය තිරගත වෙද්දි ඔබට ඒ අත්දැකීම ලබන්න පුළුවන්.
කොහොමද එයට සම්බන්ධ වුණේ ?
එයට සම්බන්ධ වුණේත් ජයන්ත චන්ද්‍රසිරි මහතා හරහාම තමයි . මම රඟපෑ ‘සිකුරු ඇවිත්, රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලිනාට්‍යවල වීඩියෝස් දැකලා තමයි ඔහු මාව මේ චරිතයට සුදුසුයි කියා සිතන්න ඇත්තේ.
කවිඳු, ඔබේ කලා දිවියේ ආරම්භයට ගියොත් ?
පසුගිය වසරේ තමයි මම කලාවට ආවේ. ඒ ටෙලිනාට්‍ය හරහායි. 2023 වසරේ අවුරුදු කුමාරයා තරගයට සහභාගි වී අවසන් 12දෙනා අතරට ආවා. ඒ තුළින් තමයි තිර පරීක්ෂණවලට සහභාගි වෙන්න මට අවස්ථාව ලැබුණේ කියා සිතනවා. ප්‍රදීප් මානවඩු මහතාගේ ආරාධනයෙන් තිර පරීක්ෂණවලට එක්වෙලා ‘සිකුරු ඇවිත්’ ටෙලිනාට්‍යයේ රංගනයට මුලින්ම අවස්ථාව ලැබුණා. ඉන්පසුව තමයි විවිධ චරිත රඟපාන්න අවස්ථාව ලැබුණේ
මුලින්ම කැමරාවකට මුහුණ දුන් ඒ දවස මතකද ?
මුලින්ම කැමරාවකට මුහුණ දෙද්දී ලයිට් එක මුහුණට වදිද්දි හරිම රස්නයක් දැනුණා. ඒක වෙනස්ම අත්දැකීමක් වුණා. වටේටම කට්ටිය බලාගෙන හිටියත් ඒ ගැන මම හිතුවේ නැහැ. මම ස්වාභාවික රංගනයක් කරලා පෙන්නුවා.
මුල්ම රංගනය වූ ‘සිකුරු ඇවිත්’ ටෙලි නාට්‍යයේ අධ්යක්ෂ ඇතුළු පිරිසකගෙන් ලැබුණු සහාය ගැන කිව්වොත් ?
ඒ ටෙලිනාට්‍යයේ වැඩ කරන්න පහසු කාර්ය මණ්ඩලයක් සිටියේ. අධ්යක්ෂ තිළිණ බොරලැස්ස, සහාය අධ්යක්ෂ ප්‍රදීප් මානවඩු ඇතුළු අනෙක් පිරිසත් හරිම සුහදශීලියි. සහෝදර බැඳීමෙන්, පවුලේ අය වගේ අපි වැඩ කළේ. ඒ කාලය හරිම සුන්දරයි.
කවිඳු, රංගනය ගැන හැදෑරීමක් කර තිබේද ?
ජයන්ත චන්ද්‍රසිරි, රවින්ද්‍ර විජේරත්න වැනි අධ්‍යක්ෂවරුන්ගේ උපදෙස් හා දැනුම තුළින් තමයි රංගනය පිළිබඳ යම් දෙයක් ඉගෙන ගත්තේ. රංගනය ගැන වෙනත් හැදෑරීම් නම් කර නැහැ. රංගනය කියන දේ ඇඟෙන්ම එන්න ඕනෙ. එය වැඩිදියුණු කරගන්න පුළුවන් ඉගෙනීමෙන්. කලාව, රංගනය ඉගෙන ගන්න නම් ඔහුගේ හෝ ඇයගේ ඇඟේ ඒ දේ තියෙන්න ඕනේ. හැදෑරීම තුළින් එකී විෂයයේ වටිනාකම වැඩි වෙනවා. කොතරම් හැදෑරුවත් රංගනය කියන දේ ඇගේ නැත්නම් කරගෙන යන්න අපහසුයි. තවමත් මම ප්‍රවීණයන් හරහා කලාව, රංගනය පිළිබඳ ඉගෙන ගනිමින් ඉන්නේ.
මෑතකදී විකාශය අවසන් වූ ‘ මාව මතකද ‘ ටෙලිනාට්‍යයේ ඔබේ චරිතයත් කතාබහට ලක් වුණා නේද ?
ඔව්, ඒ චරිතය ගැන ගොඩක් කතාබහ වුණා. රෂිපබා අක්කගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඩොක්ටර් ශෙවාන් ලෙස මම රඟපෑවේ. ඇයවත් මේ වෙලාවේ මතක් කරනවා. ප්‍රවීණ රංගන ශිල්පීන් එක්කත් මගේ චරිතය විකාශය වුණා. ඒ චරිතය වෛද්යවරයකුවීමටත් වඩා රෂිපබා අක්කාගේ පෙම්වතා වූ නිසයි ඉතා ජනප්‍රිය වුණේ කියා මා සිතනවා.
රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලටත් පෙනී සිටියා නේද ?
TV Commercial රැසකටම දායක වුණා. විවිධ සන්නාම රැසක් යටතේ වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා.
රඟපාන්න ආසාවෙන් සිටින චරිතයක් තිබේද ?
මම කැමැතියි දුප්පත් කෙනෙකු හා පොහොසත් කෙනෙකු යනාදී ලෙස ඩබල් ඇක්ටින් චරිතයක් කරන්න. මහන්සි වෙලා පොහොසත්වන කෙනෙකුගේ චරිතයකටත් ආසයි.
මියුසික් වීඩියෝ කලාව තුළ කවිඳුගේ භූමිකාව කොයිවගේද ?
මියුසික් වීඩියෝවලදී නම් ආදරවන්තයා ලෙස තමයි හැමවෙලේම රඟපාන්න ලැබුණේ.
විදෙස් නිර්මාණවලට දායක වී තිබෙනවාද ?
විදෙස් නිර්මාණවලට නම් තවම දායක වුණේ නෑ. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන් දායක වෙන්න බලාගෙන ඉන්නවා.
මෙතෙක් රඟපෑ චරිතවලින් වඩාත් කැමැත්තක් දක්වන චරිතයක් තිබේද?
‘රීකන්ඩිෂන් කෙල්ල’ ටෙලිනාට්‍යයේ ‘භාෂණ’ නමැති නියෝජ්‍ය ඇමැති පුතාගේ චරිතයට කැමැතියි. ඒක අමුතුම චරිතයක්. එක චරිතයක් තුළ චරිත 04, 05ක් නිරූපණය කරන්න මට එහිදී සිදුවුණා. එහිදී රංගන ස්වරූපයන් එකිනෙකට වෙනස් ලෙස පෙන්වන්නට මට අවස්ථාව ලැබෙනවා. කෙළිලොල් දිවියේදී, දේශපාලනයේදී, ව්‍යාපාර වැඩවලදී, සමාජය තුළදීත් එකිනෙකට වෙනස් ලෙස හැසිරෙන්න තිබුණා.
වේදිකාවට ගොඩ වෙන්න අදහසක් නැද්ද ?
වේදිකා නාට්යවලනම් තවම රඟපා නැහැ. වේදිකා නාට්‍ය කියන්නේ රංගනය වැඩිදියුණු කරගන්නට අවශ්‍යම වෙන දෙයක්. එය සජීවී මාධ්‍යයක්. ඒක වෙනමම කලාවක් කියා සිතනවා. වේදිකාවට ඇරයුමක් ලැබුණොත් ආදරයෙන් බාරගන්නවා.
ගායනය, නිවේදනය, හඬ හඬකැවීම් ආදී අංශයන්ට කවිඳුගේ නැඹුරුව කොහොමද ?
ඔව්, ඒ අංශ කලාව තුළදී නිතරම අවශ්‍ය වන දේවල්. හඬකැවීම්වලට ඉදිරියේදී මම එක්වෙයි. මේ අංශවලට මගේ හැකියාවක් තියෙනවා. සුදුසු ලෙස, සුදුසු වේලාවට ඒ අංශයන්ගේ නිරතවෙන්න බලාපොරොත්තු වෙනවා
රංගනයට අමතක වෙනත් වෘත්තියකත් නිරත වෙනවා වෙනවද ?
මම කලින් බැංකු ක්ෂේත්රයේ සේවය කළා . පෞද්ගලික අංශයේ රැකියා කීපයකුත් කළා. ක්‍රීඩාව තුළින් ඉදිරියට යන්න හිතාගෙන ඉන්නේ. ක්ලබ් මට්ටමේ 23න් පහළ කණ්ඩායම්වල මම සිටියා. ප්‍රධාන පෙළේ කණ්ඩායම්වල මේ වෙද්දි පුහුණුවීම්වල නිරත වෙනවා. දක්ෂ වේගපන්දු යවන්නකු ලෙස වගේම තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
තාරුණ්‍යයේ සිටින කඩවසම් ඔබට පෙම්වතියක් නැතිවෙන්න බැහැ ?
මේ වෙද්දී නම් මට පෙම්වතියක් නැහැ. කලින් නම් හිටියා අනාගතයේ හරි වෙලාවට, හරිම කෙනා හමු වුණොත් මම ඇයව ආදරයෙන් භාරගනීවි කියා සිතනවා.
ලේඛන කලාවට යොමු වීමේ අදහසක් නැද්ද ?
ලේඛනය කියන්නේ අතිශයින්ම වැදගත් කලාවක්. ලේඛකයකු වීම අපහසු දෙයක්. දැනට නම් ලේඛන කලාවට අදහසක් නැහැ.
ඉදිරි නිර්මාණ ගැන සිහි කළොත් ?
සිනමා නිර්මාණ 03කට දායක වෙන්න නියමිතයි. ඒ ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ සහ අශෝක් ජයකොඩි මහතාගේ නිර්මාණ දෙකක්. අකිල සඳකැළුම්ගේ මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට මට ආරාධනා ලැබී තිබෙනවා.
පවුලේ විස්තර කීවොත් ?
මව, පියා සහ සහෝදරියක් මට ඉන්නේ. පවුලේ අය මගේ රංගනයට සහ ක්‍රීඩා කටයුතුවලට උදව් කරනවා. රංගනයේ යෙදෙනවට එයාලා බොහොම කැමැතියි. සහෝදරිය විවාහකයි. ඇය ගුරුවරියක් . පියා විශ්‍රාමික රණවිරුවෙක්. මට කැමැති කාර්යයේ නිරතවෙනවට පවුලේ අය කැමැතියි. එයාලා මගේ කලාව ආදරයෙන් පිළිගත්තා. ඔවුන් මගේ කටයුතුවලට ලොකු ශක්තියක්.
