සම්මානනීය සිනමා අධ්‍යක්ෂ චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කරන රිදී දෝලිය සිනමා පටයේ සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ. ප්‍රවීණ සංස්කරණ ශිල්පී අජිත් රාමනායක විසින් සංස්කරණ කටයුතු සිදු කෙරේ. රිදී දෝලිය චිත්‍රපටයේ කතාව සහ තිරරචනය චමින්ද ඉලුක්වෙල විසිනි.
මෙහි ශ්‍යාම් ප්‍රනාන්දු, නීටා ප්‍රනාන්දු, ක්ලීටස් මෙන්ඩිස්, උමා අසේනි, තුෂේනි ප්‍රනාන්දු, සූර්යා දයාරුවන්, වොල්ගා කල්පනී, ධනංජය ප්‍රනාන්දු ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වෙති.
රිදී දෝලිය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ෂර්ලි සඳරුවන් වන අතර අංග රචනය බුවනෙක රණවක විසින් සිදු කරනු ලබයි. නර්තන අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ සුජීව ජයතිලක විසිනි.
