Home » “රෑ රූ” නව ආකාරයකින් ළගදීම එනවා

“රෑ රූ” නව ආකාරයකින් ළගදීම එනවා

ප්‍රකට රංග ශිල්පී, අධ්‍යක්ෂ ජයසේකර අපෝන්සු

by mavan
March 5, 2026 11:25 am 0 comment

1973 සුහද පැතුම චිත්‍රපටයෙන් කලා ලොවට පිවිසි ජයසේකර අපෝන්සු රංග ශිල්පියකු, චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස අඩසියවසක් ඉක්මවා කලා ක්ෂේත්‍රයෙහි නියැලී සිටින්නේය.

මා කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1971 වර්ෂයේ කෙලින්ම එන්නේ සිනමා නළුවෙක් වෙන්න කියලා. ඒ ආපු දවසේ ඉඳලා කලා ක්ෂේත්‍රයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා තමයි උත්සාහ කළේ. ඒ උත්සාහය පැතුම කොතෙත් දුරට සාර්ථකද කිව්වොත් 1973 වසර වෙන කොට ‘‘සුහද පැතුම‘‘ චිත්‍රපටියේ රඟපාන්න අවස්ථාවක් ලැබුණා . ඉන්අනතරුව‘‘ සිනාවයි ඉනාවයි‘‘ චිත්‍රපටිය රඟපාන්න අවස්ථාව උදාවුණා. සුහද පැතුම චිත්‍රපටිය රඟපෑවේ ජවනිකා දෙකයි. චිත්‍රපටි නළුවෙක් වෙන්න මගේ තිබුණු දක්ෂතාවය මතයි ලැබුණේ. නමුත් චිත්‍රපටවල ගැඹුරු හැඟීම් එක්කයි රගපාන්න තියෙන්නේ. එම නිසා මන් තීරණය කලා විහිළු කාරයෙක් වෙලා ඇතුල්වෙලා ඒ අතරින් ගිහිල්ලා ජනප්‍රිය වෙන්න. එහි ප්‍රතිපලයක් ලෙස අන්තිමට මට අඬ ගහන්න ගත්තේ විහිළු චරිතවලට.

මේ වෙනකොට නාට්‍ය කොපමණ නිෂ්පාදනය කරලා තියෙනවද..

වේදිකා නාට්‍යය ජනප්‍රිය වෙච්ච ඒවා 80 ද ජනප්‍රිය නොවිච්ච ගණන නාට්‍ය 80ක් පමණ තිබුණ. නමුත් එහිදී ජනප්‍රිය වුණා ‘‘ පාතාලයේ සොල්දාදුවෝ‘‘ “තටු“ “ගුරු“ වැනි නාට්‍ය ගොඩක් කළා. එයින් ජනප්‍රියත්වයට පත්වුණේ තටු නාට්‍යයයි.

ඇයි අකුරු දෙකේ නාට්‍ය හදන්න ගත්තේ..

අකුරු දෙකේ නාට්‍යය කියලා විශේෂයක් වුණේ් පාතාළේ් සොල්දාදුවෝ නාට්‍යය කලානේ්. මේකෙදි වැඩිම සම්මාන ගාණක් එනම් සම්මාන දහතුනක් (13) හම්බවුණේ ඒ නාට්‍යයෙන්. 1984 වසරේදී රාජ්‍ය සම්මානත් ලැබුණා. ඊට පස්සේ1991 වසරේ තටු නාට්‍යය කළා. එතනදී පෝස්ටර් ගහන එක්කෙනා කිව්වා පාතාළේ සොල්දාදුවෝ නම හරි දිග වැඩියි. අකුරු දෙකෙන් නමක් දාන්ඩ කියලා කිව්වා. ඊට පස්සේ‘‘ තටු ‘‘ නාට්‍යය ලිවේ මගේ මාමා එඩ්වින් පීරිස් එයා කිව්වා එහෙම නම් තටු කියලා දාන්න කියලා ඊට පස්සේ තටු කියල නම දැම්මා

ඊට පස්සේ තටු නාට්‍යය ජනප්‍රිය වුණාද..

කොතෙක් ජනප්‍රිය වුණාද කීවොත් දොරවල් කඩාගෙන එන්න සිනමාශාලාවල් වලත් නාට්‍ය රංගන හල්වල සෙනග පිරී ඉතිරී ගියා. පාතාලය සොල්දාදුවෝ නාට්‍යයටත් ඒ වගේම සෙනග ආවා. නමුත් තටු නාට්‍යය ඊට වැඩිය ගොඩක් ජනප්‍රියවුණා. තටු නාට්‍ය ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගියා.

තටු නාට්‍යය වගේම තමයි දැන් ‘‘ගුරු‘‘ කියලා නාට්‍යයක් කරන්නේ. ගුරු නාට්‍යය මේ දවස්වලින් රට වටේම දුවනවා. අර වගේම සෙනඟ ගුරු නාට්‍යය බලන්න එනවා.

ඒ වුණාට ඔබ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විකට ජවනිකාවලින් නේද..

විකට නළුවෙක් හැටියට 1975 නාට්‍ය තරඟයේදී හොඳම නළුවා බවට පත්වන්නේත් මමයි. නමුත් එදා හොඳම නළුවා වෙන්නේ බර ගාණක් නළුවන්ව පරද්දලා. රවීන්ද්‍ර රන්දෙනිය, විජය නන්දසිරි, හේමසිරි ලියනගේ, සිරිල් වික්‍රමගේ, වික්‍රම බෝගොඩ වැනි පතාකයෝධයෝ පරද්දලා 75 වසරේ හොඳම නළුවා, වෙනවා. හැබැයි මන් විකටයෙක් නම් වෙන්නැහැ. විකටයෙක් වගේ නෙමෙයි හෙන ගැඹුරු චරිතයක් ඒ කාලේ කළා. චිත්‍රපටි හදනකොට චිත්‍රපට සංස්ථාවෙන් චිත්‍රපටි කතාව කියවල තමයි අවසර දෙන්නේ චිත්‍රපටි කරන්න.එතකොට ධර්මසේන පතිරාජ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයා මාව හම්බෙන්න එනවා සුදර්ශි එකට. පිටපතකුත් අරගෙන ඇවිල්ලා කියනවා ඔයා හැත්ත පහේ හොඳම නළුවා වුණාට මේ මං මේ ආවේ මේ කතාව ලියනකොට ඔයා තමයි චරිතට ඇතුල් වුණේ හැබැයි විහිළුකාරයෙක් නෙමෙයි යනුවෙන් සදහන් කරමින්.

ප්‍රධාන චරිතෙට විප්ලවවාදීවවාදී තරුණයෙක්ගේ චරිතයක්. ධර්මසේන පතිරාජ අයියා ආව මාව හම්බවෙන්න ඇවිත් කිව්වා මේ චිත්‍රපටිය පිටපත තහනම් කළා කියලා.මේ තහනම කළේ මට නෙමෙයි කැපුවේ, උඹවයි කපලා තියෙන්නේ.ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයේ හරි දරුණුයි. දරුණු. දුෂ්ට මාෆියාවක් හිටියා. නමුත්දැන් නම් මං හිතන්නේ ඒක නෑ. එදා ධර්මසේන පතිරාජ ගේ චිත්‍රපටියේ මම ප්‍රධාන චරිතය කළා නම අද මගේ තත්ත්වය මීට වැඩිය හුගක් වෙනස් වෙලා.

කිංස්ලී රාජපක්ෂ මහතා ඔබට සම්බන්ධ වුණේ කොහොමද?

ඉස්සර තිබුණා ජීවන සිය සංගමයේ වාර්ෂික උත්සවයට ආවා කිංසිලි රාජපක්ෂ මහතා .එනතද හමුවෙලා කථා කරද්දී එයා කිව්වා එයාගේ‘‘ සිනාවයි හිනාවයි ‘‘චිත්‍රපටියේ පොඩි චරිතයත්තියෙනවා කෙනෙකුට දෙන්න කැමතියි කියලා. මම ටක් ගාලා කීවා මට දෙන්න කියලා.ඊට පස්සේ මට එන්න කිව්වා ගෙදරට .සිනාවයි ඉනාවයි එකේ රඟපාන්න පස්සෙ ගියහම මාව මේකප් කරලා කළුපාට ගාලා වැද්දෙක්ගේ චරිතයට තමයි මාව ගත්තේ. විකට ඇඳුම් තරගයක් ඒ වෙලාවේ හෝ ගාලා වහින්න ගත්තා. වැස්ස බොහොම තදින්ම වැස්ස හින්දා රූගත කිරීම කල් දැම්මා ඒ අවස්ථාවේ මම කිව්වා මං ආසයි රඟපාන්න ඕන නම් රඟපාලා පෙන්නන්නම් කියලා. එතකොට අශෝක පොන්නම්පෙරුම, තිස්ස විජේසුරේන්ද්‍ර යන කලාකරුවන් ඔක්කොම හිටියා. ඒ කට්ටිය උඩ පැන පැන හිනාවුණා. ඊට පස්සේ මාව ගත්තා සුහද පැතුම චිත්‍රපටියට ගත්තා සුහද පතුම චිත්‍රපටය එක රැයින් ජනප්‍රිය වුණා.

රැ රූ චිත්‍රපටිය අසාර්ථක වුණාද…

මේ චිත්‍රපටිය කළේ් අනූ තුන වසරේ.මං වියදම් කරන්න පටන් ගත්තා මගේ යාළුවෝ පිරිසකුත් සල්ලි දැම්මා. කොහොමහරි චිත්‍රපටියේ අඩි විසි දාහක් ෂූටින් කළා. දිල්හානි අශෝකමාලයි මායි තමයි ප්‍රධාන චරිතය කලේ. ඒක ඉංග්‍රීසි චිත්‍රපටියක් අනුසාරයෙන් තමයි ලීවේ. බටහිර ක්‍රමයට වෙනස් කරලා ඒකෙ තිබුණේ සෙක්ස් ගැන පොඩි පණිවිඩයක්. ඒක පොඩ්ඩක් වෙනස් කරලා අපේ සමාජයට ගැළපෙන විදිහට හැදුව පස්සේ අපේ කට්ටියට චිත්‍රපටිය පෙන්නුවාම මේකනම් නියමයි හොඳට නැගලා යන චිත්‍රපටියක් කියලා කිව්වා. ඔහොම ඉන්නකොට චිත්‍රපටි පෝලිමේ චිත්‍රපට දාහක් විතර තිබුණා. ඒ කියන්නේ ලේසියෙන් දැන් මේක රිලීස් කරන්න බෑ.

93 හැදුවේ 97වෙනකොට ඈෂ්ලි රත්න විභූෂණ කියන විචාරකයා මේ පෝලිමේ තිබුණ චිත්‍රපටවලින් දහයක් තෝරා ගත්තා. ඒ දහයට මගේ චිත්‍රපටියත් ඇතුළත් වුණා ජැක්සන් ඇන්තනීගේ ජුලියට්ගේ භූමිකාව, සුමිත්‍රා පීරිස්ගේ යහළුවෝ එහෙම ඒවා. මෙහිදී හොඳම චිත්‍රපටය වුණේ ක්ෂේම භූමි කියන එක ඒගොල්ලෝ අගය කළා.

ඊට පස්සේ පරවාගත් චන්ද්‍රරතන හාමුදුරුවෝ එනවා ප්‍රංශයේ ඉඳලා මං අඳුරන්නේ නැහැ. උන්වහන්සේ අර චිත්‍රපටි වලින් නමයක් විතර බලලා මොකක්ද අරමුදලකට ආධාර පිණිස ගෙනියන්න ඊට පස්සේ ශ්‍රියානි අමරසේන මට ටෙලිෆෝන් කර කිව්වා මල්ලී අර චිත්‍රපටිය පෙන්නන්න අර හාමුදුරුවන්ට කියලා එයා මට හාමුදුරුවන්ගේ නොම්මරේ දුන්න පස්සේ මං රෑ රූ මිනිතියටර් එක බුක් කරලා චිත්‍රපටිය පෙන්නුවා. හාමුදුරුවෝ මේක දැක්ක ගමන් මරේ මරු මේක ශෝක් කියලා කිව්වා එහෙම කියලා හාමුදුරුවෝ මට වීසා හදලා දිලා හාමුදුරුවෝ මට ප්‍රංශෙට යන්න අවස්ථාවක් උදා කරදුන්නා. ඒ වෙනකොටම වොෂින්ටන් පන්සලේ උපරතන හාමුදුරුවෝ කතා කරලා කිව්වා මහත්තයෝ අපි ඇමරිකාවේ වොෂින්ටන් වලත් පෙන්නම ද කියලා.

ඒකට හා කීවා විතරයි මට අමෙරිකාවෙට යන්නත් වීසා හදලා දුන්නා. එහෙම ඉන්නකොට කැනඩාවෙන් හාමුදුරු කෙනෙක් ඇවිල්ල කථා කරලා කැනඩාවට යන්නත් ආරාධනා ලැබුණා. මේ කාලෙ නෝනාවරනිය මහත්වරුනි ටෙලිනාට්‍ය ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා ගොඩක් ඉහලින් තිබුණු කාලයක්.

මං සිව්ගුරු නාදයන්ට කීවා මට චිත්‍රපයටය අරන් මාස තුනක් පිටරට යන්න වෙනවා කියලා. ඊට පස්සේ මේ ගොල්ලෝ කළේ මාස එකහමාරක් එක දිගටම නෝනාවරනි මහත්වරුනි ෂූටින් කළා. ඊට පස්සේ මං රැ රූ චිත්‍රපටිය අරන් මං ප්‍රංශෙ ගියා. ඒ බලපු හැමෝම කිව්වේ අපොන්සු අයියා මේක ලංකාවේ හොඳට දුවයි කියලා .ඇමරිකාවේ බලපු අය කිව්වෙත් ඒකමයි. කැනඩාවේ පෙන්නද්දි හාමුදුරුවෝ ටෙලිෆෝන් කරලා කිව්වා, ප්‍රංශ කට්ටිය කියනවා තව පාරක් බලන්න ආසයි කියලා.

ඒ අනුව ප්‍රංශයේ රැ රූ චිත්‍රපටිය දෙපාරක් පෙන්වුවා. ඊට පස්සේ ආයි ලංකාවට ආවා ඔහොම ඉන්නකොට එනවා එල්ටීටීඊ සමය උදාවීමක් සමගින් ලංකාවේ බෝම්බ පුපුරනවා. සෙනග හෝල් එකක නාට්‍යයක් චිත්‍රපටියක් බලන්න යන්නේ නැහැ. ඒ කාලේ මගේ ෆිල්ම් එක දාන්න කීවා හෝලවල පෙන්වන්න. චිත්‍රපට සංස්ථාවේ ගාමීණී වේරගම මහතා. ඒ වෙනකොට එම චිත්‍රපටිය හදන්නේ ද මගේ ඉඩමයි බැංකුවට උගස් කරලා තිබුණේ. දැන් ෆිල්ම් එක හෝල් වලට දාන්න කිව්වා නැත්තං අවුරුදු හයක් ඉන්න වෙනවා ආයි අවස්ථාවක් ලබාදෙන්න කියලා.

ඒ කාලයේ හෝල්වල චිත්‍රපට බලන්න සෙනග එනවද ?

පොළොන්නරුවේ හෝල් එකකට ඇවිත් තිබුණේ එකම පවුලේ හිටියේ හතර දෙනෙක් විතරයි. තව හයදෙනෙක් ආවොත් චිත්‍රපටිය පෙන්වනවා කිවා. නමුත් හය දෙනෙක් ආවේ නැහැ. චිත්‍රපටිය පෙන්නුවේ නෑ. ඒ වෙනකොට ආදායම් නැතිව බැංකුවෙන් ලියුම් එනවා ණය ගෙවන්න පොලී බදින්න කියලා. අතේ සල්ලි නැතිව මොනා කරන්නද. ගේය ඉඩමයි බැංකුවට සින්න වෙන්න යන හින්දා ඉතාම අඩු ගාණකට ගේ විකුණලා මහජන බැංකුවට සල්ලි බැන්දා.

එදා රැ රූ චිත්‍රපටිය විදේශ රටවල් ගණනාවක් පෙන්නුවා බොහෝ ඉල්ලීම් විදෙස් රටවලින් තිබුණා. නමුන් මං තීරණය කළා රැ රූ නව ආකාරයට රූ ගතකර කරළියට දමන්න. ඒ සඳහා ලබන මාගේ උපන්දිනය දාට එනම් මාර්තු 23 වැනි ඒක සාකච්ඡා කරලා පටන් ගන්නවා එම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මහේන්ද්‍ර සමන් කුමාර මහතායි. ඹහුත් ඉතා දක්ෂ නළුවෙක්. මේ වනකොටත් කෝපි කඩේ ටෙලි නාට්‍යෙයෙත් රගපානවා. රැ රූ චිත්‍රපටියේ නිෂ්පාදන කළේ්ත් මහේන්ද්‍ර සමන් කුමාරයි.

ඉදිරියේදී මොනවාගේ නිර්මාණය කරන්න අදහස් කරන්නේ..

වේදිකා නාට්‍ය කරනවා ඊට අමතරව ටෙලිනාට්‍යවල රඟපානවා, ඊට අමතරව මැරෙනතුරුම චිත්‍රපටි කරන්න තමයි අදහස. මේ දිනවල ලියාගෙන යනවා ඊළඟ චිත්‍රපටිය ‘‘එමා‘‘ කියන චිත්‍රපටියේ ‘‘එමා‘‘ කියන චිත්‍රපටිය මට අත දෙන්න කට්ටිය දැන් ඉන්නවා මං ආවෙත් සිනමාකරුවෙක් හැටියටනේ සිනමාකරුවෙක් වෙලාම තමයි මැරෙන්නේ.

නිමල් රාජපක්ෂ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT