22 වැනි වරට පවත්වන්නට යෙදෙන රයිගම් ටෙලීස් සම්මාන උලෙළ පිළිබඳ විශේෂ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පසුගිය නොවැම්බර් 11 වෙනිදා කොළඹ සැෆයර් හෝටලයේදී පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට හේතුව වූයේ රයිගම් ටෙලීස් සඳහා අයදුම්පත් කැඳවීම, අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය , නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළ සහ සම්මාන රාත්‍රිය පිළිබඳ දැනුම් දීම සඳහාය.
ඒ සඳහා පහත සඳහන් දිනයන් ප්‍රකාශයට පත්කර ඇත.
2026 පෙබරවාරි 27-නිර්දේශිත නාම උත්කර්ෂණ උලෙළ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී.
2026 මාර්තු 28 – සම්මාන රාත්රියකොළඹ ශැංග්‍රීලා හෝටලයෙදී .
මෙම මාධ්‍ය හමුව සඳහා රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති රවී ලියනගේ, කළමනාකාර අධ්යක්ෂ නිශාන් තියෝඩර්, ජ්‍යෙෂ්ඨ අධ්යක්ෂ ගණක අමරසිංහ, රයිගම් ටෙලීස් විනිශ්චය මණ්ඩල සභාපති බුද්ධදාස ගලප්පත්ති, සම්පත් බැංකුවේ සේවා සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි දීපාල් ද සිල්වා සහභාගී වී සිටියහ.
ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන, රූපවාහිනි මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ජනප්‍රිය සම්මාන, ජනගත සම්මාන, ප්රණාම සම්මාන, රූපවාහිනි ඇගැයිම් සම්මාන යන අංශයන් යටතේ සම්මාන පිරිනැමීම සිදු කෙරුණු ඇත. මීට අමතරව කලාකරුවන්ට ඉහළ වටිනාකමින් යුත් තිළිණ ප්රදානයක්ද සිදු කිරීමට නියමිතයි. රයිගම් ටෙලීස් 2025 උලෙළ සඳහා අයදුම්පත් හා නිර්මාණ භාරගැනීම මේ සමඟ ආරම්භ වූ අතර, එය 2026 ජනවාරි මස 15 වන දින අවසන් වේ.
