චිත්‍රපට අධ්‍යක්ෂ සුදේෂ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කරන රතී චිත්‍රපටයේ රූගත කිරීම් පසුගිය දිනවල පනාගොඩ සහ කොළඹ අවටදී සිදු කෙරිණ. ඉතා සාර්ථක ලෙස රූගත කිරීම් අවසන් කළ රතී චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබුවේ ඩිස්නි රාජපක්ෂ සමඟ චමීර ලියනගේය. මීට අමතරව චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකා සමරවීර, ශ්‍යාම් ප්‍රනාන්දු, ගීතා කාන්ති ජයකොඩි, කුමාර තිරිමාදුර ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති.
රතී හි තිරරචනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සහ තිරරචක සරත් ධර්මසිරි ගෙනි. ගාමිණී මොරගොල්ලාගම කැමරාකරණයෙන් දායක වන මෙහි කලා අධ්‍යක්ෂණය චන්දන ප්‍රියංකර විසිනි. වේශ නිරූපණය රොඩ්නි වැන්ටුවෙස්ට් ගෙනි. විමල් දේශප්‍රිය සහය අධ්‍යක්ෂණයෙන් දායක වන රතී නිෂ්පාදනය කරනු ලබන්නේ Sent International (PVT) Ltd වෙනුවෙන් ශශ්‍රීමාල් සොයිසා සහ සුරංග අමරසූරිය විසිනි.
