ලේඛක සමන්ත සෙනෙවිරත්න විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන රංචු ගැහෙන සමනල්ලු චිත්‍රපටයේ රූගත කිරීම් වස්ගමුව, රිවස්ටන් පතන, නකල්ස් කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවල සිදු කෙරිණ.
මෙහි පියුමි රණසිංහ, යසස් දහම්, දෙනෙත් ඉඳුවර, තාරුක සඳෙව්, පද්මි ඉමාෂා ඇතුළු ළමා නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. රංචු ගැහෙන සමනල්ලු චිත්‍රපටයට වැඩි රංගන දායකත්වයක් සපයන්නේ නාමිණිඔය මධ්‍ය මහා විද්‍යාලයේ සහ හඳුන්ගමුව මහා විද්‍යාලයේ දරුවන් වීම විශේෂත්වයකි.
රංචු ගැහෙන සමනල්ලු චිත්‍රපටයේ කැමරාකරණය අකිල දෙල්ගහපෑල විසිනි. දිනේෂ් බණ්ඩාර ආලෝකකරණයෙන් දායක වී ඇති අතර ශබ්ද පරිපාලනය, සජීවීකරණය සහ සංස්කරණය තිළිණ ලක්ෂාන් විසිනි. වේශ නිරූපණය පියුමි රණසිංහ ගෙනි. සංගීත අධ්‍යක්ෂණය සංගීත් නිපුන් සුනෙත් බණ්ඩාර විසින් වන අතර ගීත ගායනය නෙතුජා මෙත්සඳී විසිනි. මෙම චිත්‍රපටයේ ගීත රචනය සහ නිෂ්පාදනයද සමන්ත සෙනෙවිරත්න විසිනි. ඔහු මින් පෙර ඉකිබිඳීන මල් කැකුළු, බිඳුනු පියාපත් වැනි කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණය කර ඇත. ප්‍රවීණ රංගවේදී සනත් ගුණතිලකයන් පිළිබඳ රචනා වූ “තුන්වැන්නාගේ සිනමාව” කෘතියෙහි කතුවරයා වන්නේද සමන්ත සෙනෙවිරත්නය.
