ප්‍රවීණ රංගවේදිනි ග්‍රේස් තෙන්නකෝන් ඕස්ට්‍රේලියාවේදී ‘ ප්‍රත්‍යවලෝකන ‘ ඇගයුම් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ ඇයගේ රංගන ජීවිතයට හැටපස් වසක් පිරීම වෙනුවෙනි. ඇයට මෙම සම්මානය පිරිනමන ලද්දේ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී රංගසබා සංවිධානය විසිනි. මීට සමගාමීව සිනමා අධ්‍යක්ෂ සුමිත් තිත්තවැල්ගල විසින් අධ්‍යක්ෂණය කළ ග්‍රේස් තෙන්නකෝන් විසින් නිෂ්පාදනය කළ ” සමඅසම” චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සහ සිඩ්නි හිදී තිරගත කෙරිණ.
බ්‍රිස්බේන් හිදී චිත්‍රපටය තිරගත කිරීමෙන් ලද ආදායම නාගස්තැන්න දෙමළ විද්‍යාලයේ සිසුවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් ලබා දීමට නියමිතයි. එයට මූලිකත්වය ගනු ලැබුවේ බ්‍රිස්බේන් හි ” හෙල්ප් ශ්‍රී ලංකා” පදනමේ රන්දේව ඩි. මෙල් සහ සරත් හපුගොඩ ඇතුළු හිතමිතුරන් විසිනි.
මෙම ප්‍රත්‍යවලෝකන ඇගැයුම් උලෙළ සහ සිනමා දැක්මේ අනුග්‍රාහකත්වය සහ සංවිධානය ඕස්ට්‍රේලියාවේ සිංහල සංස්කෘතික සංසදයේ සභාපති රුක්ශාන් ඇන්තනී , “ශ්‍රී රංගසබා ” අධ්‍යක්ෂවරුන් වන චන්ද්‍රානි බුද්ධිපාල සහ චම්පා බුද්ධිපාල ගෙනි.
