ඉකුත්දා ඉන්දියාවේ පැවැති ‘ර්ථපඪඤඥ ර්‍ණට ව්චබඪධද’ සම්මාන උලෙළේදී ‘ඉජපඪනබ එපඪබඥප ) ර්ධඵබ ඊචතඥදබඥඤ රධභදඨ ජ්ඪතථ ) ඊඥතඥමඪඵඪධද ච්ඪපඥජබධප’ සම්මානයෙන් මෙරට තරුණ, දක්ෂ අධ්යක්ෂවරයකු වන හර්ෂ උඩකන්ද පිදුම් ලැබීය. මෙය හර්ෂට විදෙස් රටකින් ලද ප්‍රථම සම්මානය වීම එක් විශේෂත්වයකි. එසේම හර්ෂ උඩකන්දගේ නවතම ටෙලි නාට්‍යය ‘මං ආදරෙයි’ මේ දිනවල පුංචිතිරය ඔස්සේ විකාශය වෙයි. එකී කරුණු පිළිබඳවත් අධ්යක්ෂවරයකු, තිර රචකයකු ලෙස සිය භූමිකාව පිළිබඳවත් කතා කිරීමට ඔහු මෙසේ සරසවිය හා එක්විය.
පසුගියදා ඔබ ‘ඉජපඪනබ එපඪබඥප ) ර්ධඵබ ඊචතඥදබඥඤ රධභදඨ ටඪතථ ) ඊඥතඥමඪඵඪධද ච්ඪපඥජබධප’ ජාත්‍යන්තර ඇගයීම් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැන පැහැදිලි කළොත් ?
ඔව්, ‘ර්ථපඪඤඥ ර්‍ණට ව්චබඪධද’ කියන සම්මාන උලෙළ සෑම වසරකම පවත්වනවා. එය ඉන්දියාවෙන් තමයි සංවිධානය කරන්නේ. ඒ සම්මාන උලෙළ ආසියාතික රටවල් 21ක් පමණ නියෝජනය කරනවා. එසේ රටවල් 21ක් අතරින් ශ්‍රී ලංකාවට තමයි මෙවර “‘ඉජපඪනබ එපඪබඥප ) ර්ධඵබ ඊචතඥදබඥඤ කධභදඨ ජ්ඪතථ ) ඊඥතඥමඪඵඪධද ච්ඪපඥජබධප’ සම්මානය ලැබුණේ. ඒ සම්මානය මෙවර මට ලබා දුන්නේ. ඉන්දියාව වගේ රටක මෙවැනි සම්මාන උලෙළකින් ලංකාවේ අය ඇගයීම ගැන සතුටුයි. එය ලංකාවේ 4,5 දෙනකුටම ලැබුණා. කලා ක්ෂේත්රයේ කිහිප දෙනෙකුටත් ලැබුණා. රටවල් 21ම නියෝජනය කරන පිරිස් මේ උලෙළට ඇවිත් හිටියා. ඔවුන්ව ඇගයීමට ලක් කළා. විදෙස්් රටකින් මට ලැබුණු පළමු ඇගයීම තමයි මේක.
සම්මානය ගත්ත මොහොතේ දැනුණු හැඟීම මොන වගේද ?
මට ඒ වෙලාවේ හිතුණා වයිෆ් ළඟ හිටියා නම් කියලා. එදා ඇයට සම්මාන උලෙළට එන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ සඳහා සීමිත ආරාධනාපත් ප්‍රමාණයයි තිබුණේ. විවාහයෙන් පසුව මට ලැබුණු පළමු සම්මානයත් මෙයයි.
සම්මානය ඔබේ දිවියට සිදු කරන බලපෑම මොන වගේද ?
සම්මාන උලෙළකින් ඇගයුමට ලක්වීම කලාකරුවකුට දිරියක්, ශක්තියක්. සම්මානයක් ලැබුණාම නිර්මාණකරුවන් පරිස්සම් වෙනවා කොහොමද ඉදිරියේදී නිර්මාණ කරන්නේ කියලා. නිර්මාණකරුවකුට ලොකු වගකීමක් එතැනදී තියෙනවා. අපිට දැන් සිතන්න වෙලා තියෙනවා කොයි ආකාරයටද ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කළ යුත්තේ කියලා. ඒ බර මටත් දැන් දැනෙනවා. සම්මානය ලැබීමත් සමඟම හැකි වුණා දකුණු ඉන්දීය ශිල්පීන් සමග මගේ සුහදත්වය ගොඩනඟාගන්න. ඔවුන් සමග ඉදිරියේදී කොහොමද සිනමාවේ කටයුතු කරන්නේ කියලාත්, ඔවුන්ගේ සහ අපේ සිනමාව ගැන කතා කරන්නත් මෙහිදී අවස්ථාව ලැබුණා.
‘ර්ථපඪඤඥ ර්‍ණට ව්චබඪධද’ සම්මාන උලෙළ ගැන ඔබේ මතය මොන වගේද ?
මේ සම්මාන උලෙළ ආසියාතික රටවල් 21ක් නියෝජනය කරමින් පවත්වනවා. මේ සම්මාන උලෙළින් විවිධ ක්ෂේත්රවල විශාල වෘත්තිකයන්ට අවකාශය ලැබුණා කලා ක්ෂේත්රය තුළ අපටත් ඒ අවකාශය ලැබුණා. මේක ආසියාතික කලාකරුවන්ට විශාල උත්තේජනයක් සහ විශාල ඇගයුමක්. මෙවැනි සම්මානයක් ලැබීම අපට ලොකු ගෞරවයක්.
ඔබට ලැබුණු අන්තර්ජාතික සම්මානයට මෙරටින් ලැබුණු ඇගයුම මොන වගේද ?
විවිධ අය මට සුබ පැතුම් එක්කර තිබුණා. ඔවුන්ට බොහොම ස්තුතියි. ප්‍රේක්ෂක ආදරය සියල්ලටම යටයි. මේ සෑම දෙයක්ම ලැබෙන්න හේතුව ප්‍රේක්ෂකයා. ඔවුන් තමයි කලාකරුවකුගේ නියම සම්මානය .
සංජීව පුෂ්පකුමාර, විමුක්ති ජයසුන්දර, ජගත් මනුවර්ණ වැන්නන් අන්තර්ජාතිකව පිදුම් ලැබුවා. මෙරට සිනමාව ජාත්‍යන්තරයේ සනිටුහන් කිරීම ගැන මොකද සිතන්නේ ?
සිනමාව යනු විශ්ව භාෂාවක්. සිනමාව එක් රාමුවකට කොටු කරන්න බැහැ. එය ලොවට යා යුතුයි. එසේ සම්මාන ගෙනා වත්මන් තරුණ අධ්‍යක්ෂවරුන්ට ස්තුතිවන්ත වෙනවා. ඔවුන් ගත් මේ උත්සාහය අනාගත සිනමාවට මහා රුකුලක්. සිනමාව වැනි දැවැන්ත කර්මාන්තයකට මේ පුංචි රටෙන් අන්තර්ජාතික පැසසුමට ලක්වන දෙයක් කළහැකි නම් එය කලාකරුවකුගේ ලොකු ජයග්‍රහණයක්. ඔවුන් ගත් උත්සාහය සාර්ථක වී තිබෙනවා. ලොව රටවල් රැසක සංචාරයේ යෙදෙද්දී ලංකාවේ පුංචි සිනමාව ගැන ආඩම්බරයෙන් කතා කරන පිරිසක් හමුවී තිබෙනවා. ඉදිරියේදී මේ ප්‍රවණතාව වැඩිවෙයි. අද වෙද්දී ලංකාවේ චිත්‍රපට ගැන බොහෝ අය කතා කරනවා.
ඔබේ නවතම ටෙලි නිර්මාණය’ මං ආදරෙයි” ඉකුත්දා විකාශය ඇරඹුණා ?
මේක මගේ 06 වැනි ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ප්‍රේක්ෂකයෝ උන්මාදයකින් බලා සිටි ටෙලි නිර්මාණයක්. චිත්‍රපටයකටත් වඩා අපි මේ ටෙලිනාට්‍යයට මහන්සියක් ගත්තා. මේක යම් ප්‍රමිතිගත ටෙලියක් බවට පත්කරන්න දෙරණ නාළිකාවේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහතාටත් අවශ්‍යතාව තිබුණා. මේ ටෙලිනාට්‍ය පිටපත අංගසම්පූර්ණයි. මේ පිටපතේ මුල, මැද, අග බොහෝ ලස්සනට ගෙතී තිබෙනවා. මෙහි රූගත කිරීම් කළේත් සිනමාරූපී ආකාරයට. ටෙලි නාට්‍යයට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබෙනවා. මෙයට සිනමානුරූපී හැඩයක් දෙන්න අපි උත්සාහ කළා. මේ කතාව තුළ අපි හැමෝම ජීවත් වෙනවා.
‘මං ආදරෙයි’ අධ්යක්ෂණයට පෙලඹුණු අයුරු කීවොත් ?
මගේ නිර්මාණවල තිර පිටපත් මම ලියන්නේ. ඒත් කාර්යබහුලත්වයත් එක්ක පසුගිය කාලේ ඒක කරගන්න බැරි වුණා. මං පාසල් කාලයේ සිටම ලියන්න දක්ෂයි. ඒ නිසා මට සිතුණා මේ ටෙලිනාට්‍යය මම රචනා කළ යුතුයි කියලා. මම තව සහායිකාවකුත් යොදා ගත්තා. කතාව මුල, මැද, අග ගැළපුවා. මේකේ කාස්ට් එක තෝරාගන්න සෑහෙන වෙහෙසුණා. මේ චරිතවලට හරියටම ගැළපෙන කෙනා යොදා ගන්න අවශ්‍ය වුණා. ඒ වගේම අලුත් අයට අවස්ථාවක් දෙන්නත් අවශ්‍ය වුණා. නවක පිරිස් බොහෝමයක් ‘මං ආදරෙයි’ හරහා ටෙලි ප්‍රේක්ෂකාගාරය අමතනවා. ඒකත් අපට අභියෝගයක් වුණා. අවශ්‍යම කෙනා හමුවුණාට පසුවයි මේක නිර්මාණයට පෙළඹුණේ.
රූපවාහිනී ප්රේක්ෂකයන්ගෙනුත් මේ ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඇති ?
ඔව්, රූපවාහිනී වගේම සිනමා ප්රේක්ෂකයන්ගෙනුත් ලොකු ආකර්ෂණයක්, ප්‍රතිචාරයක් ලැබෙමින් තිබෙනවා. පසුගියදා රිදී තිරයේ මෙහි පූර්ව ප්රචාරක පටය තිරගත කළා. එයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම සිතුවේ මේක චිත්‍රපටයක් කියලා. සමහරු ඇහුවා චිත්‍රපටයකට කළ දෙයක් ද මේ ටෙලිනාට්‍යයකින් පෙන්වන්නේ කියලා. රූපවාහිනිය නරඹන්නටත් චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන මගේ ප්‍රේක්ෂකාගාරය විසින් පෙලඹෙව්වා.
මේ දිනවල ඔබේ නවතම නිර්මාණ ගැන කීවොත් ?
ඔව් , ‘මං ආදරෙයි’ තමයි නවතම නිර්මාණය. ඒ වෙනුවෙන් තමයි පූර්ණකාලීනව කැපවෙලා ඉන්නේ. නවතම නිර්මාණ කිහිපයකට සූදානමකුත් තිබෙනවා.
ඔබ අවස්ථා කිහිපයකදීම සම්මානිත වුණා නේද ?
ලංකාවෙදී සම්මාන කිහිපයක් මට ලැබුණා. කෙටි චිත්‍රපටවලට සම්මානත්, උපහාර සම්මානත්, ගෞරව නාම ආදියත් මට ලැබී තිබෙනවා. ඒ සියල්ල මගේ සම්මාන රාක්කයේ තිබෙනවා. ඒවායින් මම වැජඹෙන්න උත්සාහ කළේ නෑ. මට ලැබුණු ලොකු සම්මානය ජනතා ආකර්ෂණය. ඒක අධ්යක්ෂවරයකුට ලැබෙන්නේ නැති සම්මානයක්.
කලා දිවියේ ආරම්භය අහම්බයක් නේද ?
2009 දී තමයි මම කලා ක්ෂේත්රයට එක්වන්නේ. ඒ සහාය අධ්යක්ෂවරයෙක් ලෙස. ඒක අහම්බෙන් සිදුවූ දෙයක්.
නළුවෙක් වීමේ ආසාවක් තිබ්බේ නැද්ද ?
ඇත්තෙන්ම නළුවෙක් වෙන්න තමයි මම මේ ක්ෂේත්රයට එන්නේ. ඒත් සහාය අධ්යක්ෂවරයෙක් වෙන්නයි සිද්ධ වුණේ. අධ්යක්ෂ කියන්නේ නළුවාට වඩා ඉහළින් ඉන්න කෙනා. මට අවශ්‍ය වුණා හැමදේටම වඩා ඉහළින් ඉන්න පුද්ගලයෙක් වෙන්න. ඒ නිසාම අධ්යක්ෂවරයා කියන භූමිකාවයි මම තෝරාගත්තේ. ඒ වෙද්දිත් මම අධ්‍යක්ෂණය කියන දේ හදාරමින් හිටියේ. එයින් පසු නළුවකු වීමේ ආසාව එතැනින්ම යටපත් වෙනවා. පසුව කාලයක් ගිහින් මම චිත්‍රපටයක රඟපෑවා. සුගත් සමරකෝන් මහතාගේ අලුත්ම චිත්‍රපටයටත් ආරාධනා ලැබී තිබෙනවා. දැන් නම් කාර්යබහුල වීම එක්ක රඟපෑමට යන්න අමාරුයි. ආරාධනා ලැබුණොත් හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසාවෙන් ඉන්නේ. සුගත් සමරකෝන් මහතාගේ ‘තෛ්රලෝකපත්රම්’ චිත්‍රපටයේ අනිවාර්යයෙන් රඟපාවි. එහි මට වෙනස් චරිතයක් කරන්න තියෙන්නේ.
මුල්ම අධ්‍යක්ෂණයේ අත්දැකීම් මතක් කළොත් ?
මං මුලින්ම අධ්යක්ෂවරයකු වන්නේ 2009 දී වගේ. මේකට තිබූ ආසාව නිසා මට ඕන වුණේ නිර්මාණයක් කරන්න. එහිදී ‘සංකල්පනා නමින් ඒකාංගික ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. ඒක තමයි මගේ පළමු අධ්‍යක්ෂණය. ඉන්පසු තමයි විවිධ දේ කරන්න පෙලඹුණේ.
ඔබේ අධ්යක්ෂණ අතරින් සුවිශේෂ නිර්මාණයක් තිබේද ?
මට හැම චිත්‍රපටයක්ම සුවිශේෂියි. දැනට චිත්‍රපට 07ක් මම නිර්මාණය කළා. ඒ සෑම නිර්මාණයකින්ම මම බොහෝ දේ ඉගෙන ගත්තා. මට එකල තිබූ සමාජ වටපිටාව, ආර්ථිකය, සම්බන්ධතා ආදිය බලලා තමයි මේ නිර්මාණකරණයේ නියැළෙන්නේ. මම පළමු එකට වඩා දෙවැනි එකත් ඊට වඩා තුන්වැනි එකත් හොඳීන් කරන්න උත්සාහ කළා. මට හැම නිර්මාණයක්ම සුවිශේෂියි. හර්ෂ උඩකන්ද නම හැදුණේ මම කළ නිර්මාණවලින්මයි.
හර්ෂ උඩකන්ද නමැති තිර රචකයාගේ භූමිකාව මොනවගේද කීවොත් ?
මම සිතන්නේ අධ්යක්ෂවරයාට පහසු කාර්යයක් තමයි ඔහුම තිර රචනය ලිවීම. මම කුඩා කාලයේ 04, 05 පන්තිවල ඉද්දී මට ‘නිධානය’ තිර නාටකය කියවන්න ලැබුණා. එය කියෙව්වාට පසුව චිත්‍රපටය බලන්නට ඕන වුණා. තිර රචනයේ තිබූ දේ ලෙස්ටර් මහතා කොහොමද අධ්‍යක්ෂණය කළේ කියා මට බලන්නට අවශ්‍ය වුණා. නවකතාව සහ තිර නාටකය අතර වෙනස මට තේරුණේත් ‘නිධානය’ තිර නාටකය හරහායි. ඒ කුඩා කාලයේම තිර නාටකය කියවද්දී මෙය කෙසේද සිනමා රූපයට නඟන්න ඕන කියන සිතුවිල්ල මගේ ඔළුවේ මැවුණා. ඉන්පසු චිත්‍රපටය බලන්න අවස්ථාව ලැබුණා. ඇඟේ මයිල් කෙළින් වෙන්නම ඒ තිර නාටකය ලියවී තිබුණා. චරිතවල ගාම්භීරත්වය, හැසිරීම තිර නාටකයේ ගැබ්ව තිබූ බව ‘නිධානය’ නැරඹීමෙන් පසු මට වැටහුණා. එයින් තමයි මට තිර රචනයට ඇල්මක් ඇතිවූයේ. ඉන්පසු මමම තිර රචනා ලියන්න ගත්තා. ජාතික චිත්‍රපට සංස්ථාවේ පාඨමාලාවේදී අධ්‍යක්ෂණය පිළිබඳව ඉගෙන ගනිද්දිත් තිර රචනය ගැන ඉගෙන ගත්තා. ඒ කාලයේ දක්ෂ තිර රචකයන් යටතේ ඔවුන්ගේ සහායකයකු ලෙස ඉඳගෙන සහාය තිර රචකයකු ලෙස තිර රචනා ලියන්න මට අවස්ථාව ලැබුණා. ඒ තුළින් හොඳ ආභාසයක්, අත්දැකීම් රැසක් ලැබුණා. ඉන්පසු මා නිර්මාණය කළ බොහෝමයක තිර රචනාත් මමමයි ලිව්වේ. ලියද්දි මගේ සිතේ මැවෙන දේ කොහොමද රූප මාධ්‍යයට ගේන්නේ කියන දේ ගැන අවබෝධයක් මට ලැබුණා. එසේ ලද අත්දැකීම් තමයි මාව තිර රචකයෙක් ලෙස පෝෂණය කළේ කියා සිතනවා .
අධ්යක්ෂණ කාර්යයට අමතරව වෙනත් වෘත්තියකත් යෙදෙනවාද ?
ඔව්, අධ්‍යක්ෂණය කියන්නේ මගේ ආත්මතෘප්තිය වෙනුවෙන් කරන දෙයක්. මගේ වෘත්තීය වෙනත් දෙයක්. මට ව්‍යාපාර කිහිපයක් තිබෙනවා. මැණික් වෙළෙඳාම, ඩ්උ ඛ්පඥචබඪධද ර්ථමබ ඹ්ඪථඪබඥඤ නමින් නිෂ්පාදන ආයතනයක් මගේ තිබෙනවා. විවිධ ව්‍යාපාර කිහිපයක් කරගෙන යනවා. නිර්මාණකරණයට මම කෑදරයි. කලා ක්ෂේත්රය තුළත් මගේ ව්‍යාපාර කිහිපයක් තිබෙනවා.
ඉදිරි නිර්මාණ ගැන මතක් කළොත් ? තවත් ටෙලි නාට්‍යයකට තිර රචනයක් ලියමින් යනවා . ‘මං ආදරෙයි’ ෂූටින් නිසා තිර රචනය හෙමිහිට සකසනවා. චිත්‍රපටයකටත් තිර නාටකය සකසමින් ඉන්නේ. ලියූ තිරරචනා 03, 04ක්ම තව තියෙනවා. ඊට කලින් කළයුතු චිත්‍රපටයක් මගේ ඔළුවේ තියෙනවා. ඒ සඳහා මේ දිනවල කාලය වෙන් කරමින් යනවා. ඒ ලබන වසර මුලදී ආරම්භ වේවි.
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලාකටයුතුවලට ලැබෙන සහාය මොන වගේද?
මගේ අම්මා, තාත්තා ඉන්නවා. ඔවුන්ගේ එකම දරුවා මම. වයිෆ් ශලනි ප්‍රනාන්දු. එයා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැනට රංගනයෙන් ඈත් වෙලා ඉන්න ඇය නිෂ්පාදන අංශයෙන් අපත් සමඟ දායක වෙනවා. ඔවුන්ගේ සහාය නිසයි මම නිදහසේ කලා කටයුතු කරගෙන යන්නේ. ඒ පිළිබඳ ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.
