Home » මේ තරගයෙන් ජය ලබන අය සිනමාවට හඳුන්වා දෙනවා

මේ තරගයෙන් ජය ලබන අය සිනමාවට හඳුන්වා දෙනවා

Novacosmo World Wide Pageants ජාතික අධ්‍යක්ෂ මයුර පෙරේරා

by mavan
November 20, 2025 11:51 am 0 comment

රූ කිරුළකට තරඟ වදින බොහො දෙනා අවධානය යොමු කරන්නේ තමන්ගේ රුව ගැන පමණි. එහෙත් එවැනි තරඟ වලට සහභාගී වීමේදී රූපය පමණක් තිබීම වැදගත් සාධකයක් නොවේ. විශේෂයෙන් ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගී වීමේදී ඉංග්‍රීසි භාෂා දැනුම, ලෝකය ගැන හොඳ අවබෝධයක් සහ යහපත් හැසිරීම් රටාවක්, තමන් සතුව කුමන හෝ අංශයකට දක්වන දක්ෂතාවයක් තිබිය යුතුයි. අද ලෝකයේ බොහෝ රටවල රූප රාජිනියන් තේරීම, කඩවසම් තරුණයා තේරීම වැනි ඉසව් නිතර පැවැත්වීම සිරිතක් වී තිබේ. එය අපේ පුංචි දිවයිනටද පොදු කටයුත්තක් බවට පත් වී තිබේ.

එවැනි තරඟවලින් ජයග්‍රහණය කරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අවසානයේ තෝරා ගන්නේ ටෙලි නාට්‍ය කලාව හෝ සිනමාවයි. එසේ තෝරා ගත්තත් ක්ෂේත්‍රයේ රැඳී සිටිය හැක්කේ කලාව, රංගනය ගැන මනා දක්ෂතාවයක් තිබුණහොත් පමණයි. රෑ කිරුළ පලදා ජයග්‍රහණය කර අද වනවිට රංගනයෙන් දස්කම් පාන ශිල්පීන් ටෙලි නාට්‍ය සහ සිනමා ක්ෂේත්‍රයේ අපට දැකගත හැකිය. එවන් කිරුළු පැළදීමට අවස්ථාව සලසා දෙන සොඳුරු තරුණයෙක් සරසවිය හමුවට කැඳවාගෙන ඒමට හැකිවිය. ඔහු ජාතික අධ්‍යක්ෂ මයුර පෙරේරාය. ඔහු ඉදිරියේ සංවිධානය කරනු ලබනNovacosmo World Wide Pageants පිළිබඳ සහ එය කලාවට සම්බන්ධ වන්නේ කෙසේද පිළිබඳ ඔහුගේ අදහස් මෙසේය.

මම මුලින්ම මා ගැන කෙටි හැඳීන්වීමක් කළ යුතුයි. මම මුලින්ම රැකියාව කළේ හෝටල් ක්ෂේත්‍රයේ. ඒවගේම කලාවට සිනමාවට ප්‍රිය කරන කෙනෙක්. මම කැමතියි සෑම දෙනාම ලස්සනට ඉන්නවා දකින්න. මම වර්තමානයේ ජාතික අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. මගේ කාර්භාරය වන්නෙ රූප රාජිනී තරඟ, මෝස්තර නිරූපණ වැඩසටහන් වැනි දේ සංවිධානය කිරීම. අපේ රටේ පමණක් නොව අන්තර් ජාතික මට්ටමෙන්ද කටයුතු කරනවා. හෝටල් ක්ෂේත්‍රයේ වැඩ කරන විට මම දැක්කා විවිධ මෝස්තර නිරූපණ තරඟ, රූ රැජින තරඟ ආදිය පැවැත්වෙනවා. මට ආසාවක් ඇතිවුණා ඒවා බලන්න යන්න. මම ටිකට් අරගෙන ඒ වැඩසටහන් බලන්න ගියා. එහෙම බලද්දී මට හිතුණා මටත් ඒ වගේ මෝස්තර නිරූපණ, රූ රැජින තරඟ සංවිධානය කිරීමට ඇත්නම් කියලා. මම ඒ ඉලක්කය ජය ගත්තා. 2023 වසරේ අවුරුදු කුමර කුමරියෝ තරඟාවලිය මම සංවිධානය කළා. එතනින් නොනැවතුණ මම කැනඩාව, නේපාලය, පිලිපීනය සම්බන්ධ කරගෙන අන්තර් ජාතික මට්ටමේ ඉසව් සංවිධානය කළා. Young Clothing Awurudu Kumara Kumara Kumariyo 2023/2024, Global man & women International Pageant, Mr. Unilevers Man of the World, Novacosmo Worldwide, Mam of the Global. මෙම ඉසව් වලින් 2024 වසරේදී ලංකාවට රූ කිරුළු හතරක් රැගෙන එන්න පුළුවන් වුණා. ඒ වගේම මේ වසරේ සූර්ය අවුරුදු කුමර කුමරියෝ ඉසව්ව අති සාර්ථව පැවැත්වූවා. එයින් දිනපු සූර්ය කුමරා අන්තර් ජාතික තරඟාවලියට ගියා. එයින් ඔහු අවසන් දස දෙනා (Top 10 ) අතරට තේරුණා.

මට තවත් හිනයක් තිබුණා. රූ රැජින තරඟයකදී ශ්‍රී ලංකාව සත්කාරක රටක් බවට පත් කරන්න. ඒ හීනයත් සැබෑ කරගන්නට හැකිවුණා. මේ දෙසැම්බර් මස තුන්වෙනිදා සිට අට වැනිදා දක්වා ලංකාවේ රූ රැජින තරඟයක් පැවැත්වෙනවා. එයට ලෝකයේ රටවල් විස්සකින් රූමතියන් තිස් හතර දෙනෙකු ලංකාවට පැමිණෙනවා. එහි තරඟ අංශ හතරක් තිබෙනවා.

මේ සඳහා ලංකාවෙන් තරඟ වදින්නේ නදීශානි කරුණානායක. ඇය දැනට පදිංචිව සිටින්නේ කැනඩාවේ. මේ තරඟාවලියට සහභාගී වීම සඳහා ඇය ලංකාවට පැමිණෙනවා. ඇය නදීශානි කරුණාරත්න. ඇය ගැන විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. ඇය 2009 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස කිරුළ පැළඳු යුවතියක්. ඒ වගේම අපේ රටේ ජනප්‍රිය ගායකයෙක් වූ වරදත්ත අරවින්දයන්ගේ ජනප්‍රිය ගීතයක් වූ ” මට ආරාධනාවක් කළාදෝ” ගීතයේ රූප රචනාවේ පෙනී සිටින්නේ ඇය. මෙම තරඟවලියෙන් පසු ලබන වසරේ සිට සිංහල සිනමාවට සම්බන්ධ වෙන්නත් ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා.

Novacosmo අවසාන මහා තරඟය පැවැත්වෙන්නේ නෙළුම් පොකුණෙදී. ඒ වෙනුවෙන් මම මේ දවස්වල අතිශය කාර්‍යබහුලයි.

මගේ හිතේ තවත් විශේෂ බලාපොරොත්තුවක් තිබෙනවා. මෙම තරඟාවලි වලින් ජයග්‍රහණය කරන ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සිනමාවට දායාද කිරීම. රුව පමණක් තිබීමෙන් රංගනයට අවතීර්ණ වීමට නොහැකි බව මා හොඳීන්ම දන්නවා. රංගනය පිළිබඳ හැදෑරීමක් කළ යුතුමයි. ව්ධමචජධඵථධ සඳහා අපේ රට නියෝජනය නදීශානි කරුණාරත්න. 2009 දී ජාතික රූපවාහිනීයේ අවුරුදු කුමරිය ලෙසින් අභිෂේක ලැබුවා. ඉන්පසු ඇයට ගීත වීඩියෝ සඳහා පෙනී සිටීමට අවස්ථාව ලැබුණා. වෙළඳ දැන්වීම් ගණනාවක නිරූපිණියක් ලෙස කටයුතු කරන්න අවස්ථාව උදාවුණා. ඇය කැනඩාවේ පදිංචිව සිටියත් අවස්ථාවක් ලැබුණොත් සිනමාවට සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා. ඒ සඳහා මගේ උපරිම සහයෝගය දෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවේ ජනප්‍රිය තලයේ සිටින නිළියන්ගේ සිනමාවට අවතීර්ණ වෙන්න මූලික අඩිතාලම දමා ගත්තේ රූ රැජින කිරුළ ජයග්‍රහණ නිසා. මගේ බලාපොරොත්තුව වන්නේ තරඟය ජයග්‍රහණය කළ පමණින් ඔවුන්ව සිනමාවට සම්බන්ධ කරන්න නෙවෙයි. රංගනය ගැන නිසි ආයතනයක පුහුණුවකින් පසුව ක්ෂේත්‍රයට යොමු කිරීමයි.

2025 දී මගේම කියලා නිරූපණ ඉසව්වක් ලෝකේට අලුතින් හඳුන්වා දෙන්න සූදානම් වෙනවා. Man of the Planet නමින් එට සංවිධානය කරන්නේ. ලබන වසරේ සැප්තැම්බර් මාසය වන විට එම ඉසව්ව පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. ඒ හරහා අපේ රටට විදේශ විනිමය ගෙන එන්න පුළුවන්. ඒ වගේම එයින් ජයග්‍රහණය කරන ශ්‍රී ලාංකික තරුණයන්ට සිනමාවේ දොරටු විවර වේවි.

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT