ලාංකේය සංගීත ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් වෙනම හැඩයකින් වර්ණ ගැන්වූ සංගීතඥයකු ලෙස ක්ලැරන්ස් විජේවර්ධනයන් අපගේ අවධානය දිනාගනු ලබයි. විශේෂයෙන් හැත්තෑව දශකයේ මෙරට වූ සංගීත පසුබිමේ ඔහුගේ සංගීත භාවිතාව මෙරට සංගීත ඉතිහාසයේ ක්ලැරන්ස් ලකුණ ලෙසින් මුද්‍රා වී ඇත්තේය. ඒ අතීතය අප මේ මොහොතේ නැවත පිරික්සන්නේ ‘ අඩරබඩථ ධට බඩඥ ඨභඪබචප ක්ලැරන්ස්’ චිත්‍රපටයේ දිගහැරුමත් සමඟිනි.
නිර්මාණශීලි අධ්‍යක්ෂවරයකු වන තේජා ඉද්දමල්ගොඩ විසින් නිර්මාණය කරන ලද මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වූ සුරේෂ් මාලියද්ද විසින් සිදු කොට තිබේ.
මෙම විචිත්‍ර සිනමා පටය සිනමා නිර්මාණයකින් ඔබ්බට ගොස්, සංගීතය නම් වූ සෞන්දර්යාත්මක විෂය අතිශය නිර්මාණශීලීව හා භාවපූර්ණ ලෙස සිනමාවට බද්ධ කළ හැක්කේ කෙසේද යන්න පුළුල් කතිකාවක් සමාජයේ ගොඩනැඟූ සිනමාපටයක් වීම ද සුවිශේෂ කාරණයකි. මෙරට විශිෂ්ට සංගීතවේදියකුගේ ගී නිර්මාණ හා ඔහුගේ සංගීත ගමනේ ඉසව් අලළා ගොඩනැගුණු මේ සිනමා පටය සංගීතයේ මායා ගුණයෙන් ප්‍රේක්ෂකයන් වෙළා ගන්නට සමත් වූ මෑතකාලයේ බිහිවූ සොඳුරුම චිත්‍රපටය ය යන්න ද අදහසකි. මේ එහි සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද සමඟ කළ කතා බහකි.
වසර විසිපහකට වැඩි මගේ සංගීත දිවියේ වඩාත් ම සතුටක් දැනුණ අවස්ථාව තමයි මේ පැවරුම. ඒක මගෙ රැකියාවට එහා ගිය, ප්‍රීතිමත් අවස්ථාවක්. ඇත්තටම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මාව මේ කාර්යය සඳහා තෝරා ගැනීමට මුල්වූ ප්‍රධාන කාරණා දෙකක් තිබුණා කියා මා විශ්වාස කරනවා. එකක් තමයි සංගීත අධ්‍යක්ෂවරකු විදියට මට චිත්‍රපට ක්ෂේත්‍රය ගැන ඇති අවබෝධය හා අත්දැකිම්. ඒ වගේම මුල් කාලයේ ප්‍රධාන සංගීත කණ්ඩායම් කීපයක වාදකයකු ලෙස කටයුතු කර තිබූ පළපුරුද්ද. මම ඒ බොහෝ අවස්ථාවල වාදකයකු විදියට හැත්තැව දශකයේ ගීත තමයි වාදනය කරල තිබුණෙත්. විශේෂයෙන්ම මහින්ද බණ්ඩාර මහත්මයගෙ මඟ පෙන්වීමෙන් මම සම්බන්ධ වෙලා වැඩ කරපු ෆෝචූන්ස් සංගීත කණ්ඩායමේ අත්දැකීම්. ඒ වගේම සංගීතඥයකු විදියට හැත්තෑව දශකයේ සංගීතය පිළිබඳ තිබුණ අවබෝධය මට ගොඩක් වැදගත් වුණා මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා විදියට වැඩ කරද්දි. ඒ වගේම තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා, තේජා ඉද්දමල්ගොඩ මහතාට ක්ලැරන්ස් විජේවර්ධන මහතා ගැන වගේම ඔහුගේ සංගීතය ගැන තිබු අවබෝධය. මේ හේතු නිසා තේජා ඉද්දමල්ගොඩ මහතා මාව මේ සඳහා සුදූසු බව තීරණය කරන්න ඇති.
මේ කටයුත්ත බාර වෙද්දී මොකක්ද හිතුණෙ ?
මට බයක් ඇති වුණේ නැහැ කිසිසේත්ම. ලොකු හැඟීමක් ඇති වුණේ. එතුමාගේ සංගීතයටත් , නිර්මාණ දිවියටත් ආදරය කරපු ,ඉන් අනුප්‍රාණය ලබපු කෙනෙක් විදියට. හැබැයි මේ නිර්මාණ ක්‍රියාවලියේ යෙදෙද්දි මට දැනුණ මෙය ඉතාමත් අභියෝගාත්මක බව. ඒකට හේතු කීපයක් තිබුණා. ඒව පැහැදිලි කළොත් මට මේ නිර්මාණ කටයුත්ත පැවරුණේ චිත්‍රපටයක් වෙනුවෙන්. ඒක එකක්. අනෙක් පැත්තෙන් මේ නිර්මාණය ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුකළ ලෙජන්ඩ් කෙනකුගේ (පුරාවෘත්තයක්) සංගීත දිවිය අලළා කෙරුණු නිර්මාණයක්. එතනදි පොදු චිත්‍රපට ප්‍රේක්ෂකයන් කියන කොටසට අමතරව එතුමාගේ සංගීතයට දැඩිව බැඳුණු වෙනම රසික පිරිසකුත් ඉන්නවා. එතකොට මේ දෙපිරිස ගැනම විශාල අවබෝධයක් ඇතිව මේ නිර්මාණය ඇතුළෙ කටයුතු කළ යුතුව තිබෙන බව මා දැන සිටියා. එතනදි මේ කාරණා ටික වෙන වෙනම නම් මට ලැබෙන්නේ, එනම්, හුදෙක් චිත්‍රපටයක් වෙනුවෙන් සංගීත අධ්‍යක්ෂණය කිරීම නම් එය වෙනම ම කාරණයක් විදියකට මම ගන්නේ.ඒ වගේම ප්‍රසංගයක් විදියට එතුමාගේ ගීතවලට සංගීත දායකත්වය ලබා දීම නම් මට පැවරුණේ පැහැදිලිව මා ඊට මුහුණ දෙන්නේ තවත් විදියකට.
හේතුව ඒ අවස්ථා දෙක දෙයාකාරයක් නිසා. මෙතනදි මට පැවරුණේ මේ දෙයාකර ස්වරූපයේම සාධක එක තැනකට ගෙනත් සිනමාව ඇතුළේ නිර්මාණයක් විදියට ගොඩනඟන්න. මේ නිර්මාණය ඇතුළෙ ගීත 29ක් ළඟ ළඟ ගලාගෙන යෑමට සලස්වද්දි, පසුබිම් සංගීතයෙන් එකිනෙක සම්බන්ධ කීරීම දුෂ්කර කාර්යක් චිත්‍රපටයක. එතනයි අභියෝගාත්මක.
චිත්‍රපටයේ යම් ගීත (උදා: මලට බමරෙකු සේ, ගමෙන් ලියුමක්, සුමුදු සමන් මල්) වැනි ගීතවල මුලික සංගීතයේ කිසි වෙනසක් නොකර පටිගත කළ අතර, සඳ එක් දිනක්, එක දවසක්, සිහින ගෙනෙන ඔබ කවුරුන් දෝ වැනි ගීත මේ නිර්මාණ ක්‍රියාවලියේදී මම වෙනස්කම්වලට බඳුන් කළා. ඒ මේ චිත්‍රපටයේ නිර්මාණ කාර්යයට අදාළව. නමුත් එතනදි පැහැදිලිව මට අවබෝධයක් තිබුණා ක්ලැරන්ස් විජේවර්ධන රසිකයන් මේ පිළිබඳ විචාරශීලි වන බව. මොකද ඔවුන් ඔහුගේ සංගීතය හා දැඩිව බද්ධ වූ පිරිසක්. ඒ ගීතවල කුඩා වෙනසක් පවා ඔවුන් ඉක්මනින් හඳුනා ගන්නවා. ඔවුන්ට එය දැනෙනවා. ඔවුන් මේ නිර්මාණ කාර්‍යය කොහොම ගනීවිද කියන පැනය මට තිබුණා. ඒ අනුව මා ගන්නේ අවදානමක් ද යන්නත් එක් මොහොතක සිතන්න වුණා. කෙසේ වෙතත් මා නිර්මාණ කාර්යයේදී බය පුද්ගලයකු නොවේ. අද මම විශ්වාස කරනවා නිර්මාණකරුවකු විදියට මේ චිත්‍රපටය තුළ ඒ කළ දේවල් සාර්ථක යි කියා.
මෙහි අධ්‍යක්ෂවරයා තේජට ඕන වුණේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගෙ ජීවිත කතාව කියන්න නෙවෙයි. හැබැයි ඔහුගෙ නිර්මාණ ජීවිතයේ ලස්සනම සින්දූ ටිකක් අරන් ලස්සන කතාවක් හදන්න. ඔහුගෙ නිර්මාණ ජීවිතයේ රස තැන් ස්පර්ශ කරමින්, රස ඵල නෙළාගෙන කළ මිහිරි වියමනක්. එහිදී මට වුවමනා වුණා ක්ලැරන්ස් රසිකයන්වත් තෘප්තිමත් කරන ගමන් මේ සින්දු අහල නැති , මේ ශෛලීයට හුරුවක් නැති අලුත් පරපුරකුත් මේ රස විඳීම ඇතුළට ගේන්න. මේ නිර්මාණ කාර්යය ඇතුළෙ මම විශ්වාස කරනවා ඒක මට කරන්න පුළුවන් වුණා කියල. මම උදාහරණයක් කියන්නම්. මේ චිත්‍රපටයේ තියෙනවා ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය ගායනා කරපු එක දවසක් කියන ගීතය. අපි අහල තිබෙන ඒ ගීතය තරමක වේග රිද්මයේ ගීතයක්. පැරණි ක්ලැරන්ස් රසවතුන්ට මේ ගීය ගැන මනා අවබෝධයක් තියෙනවා. ඔවුන් ඒ මුල් ගීයේ හැඩය දන්නවා. මම මේ චිත්‍රපටය තුළට ඒ ගීය අරගෙන එන්නෙ වෙනම හැඩයකින්. මෙහි මුල් ගීයේ භාවිත කර තිබෙන්නේ සීමිත වාද්‍ය භාණ්ඩ ප්‍රමාණයක්. නමුත් මා මෙහි වයලීන විසි එකක් (7ය3) වාදනය කරනවා අලුත් සංයෝජනයකින්. ඒ චිත්‍රපටයේ කතා තේමාවේ අදාළ රූපරාමුවල භාවමය හැඟීම තීව්‍ර කරගන්න. මම විශ්වාස කරනවා චිත්‍රපටය නරඹන පිරිස මේ වෙනස, මා මේ ප්‍රකාශ කරන දේ මොකක්ද කියන එක එය විඳීමෙන් ම වටහා ගනීවි කියල. ඕනෑම නිර්මාණ කාර්යයක් ඇතුළෙ තිබෙන්නේම මිනිස් හදවතක ඉපදී පණගැහෙන හැඟීමක්. එහෙම නම් නිර්මාණකරුවො විදියට ඒ හැඟීම ප්‍රේක්ෂකයන්ට හෝ රස විඳීන්නාට විඳීන්න දෙන්න කැප වෙන එක තමයි අපේ මූලික වගකීම මේ නිර්මාණ කාර්යය ඇතුළෙ.
මේ චිත්‍රපටය ඇතුළෙ කළ සුවිශේෂ සංගීත සැකැස්ම (ථභඵඪජ චපපචදඨඥථඥදබ) වෙනුවෙන් යොදා ගන්නා සංගීත භාණ්ඩ ප්‍රමාණය පවා ඉහළයි. මේක පැහැදිලි කරගනිමු.
චිත්‍රපටයක් කියන්නෙ ලොකු නිර්මාණයක්. පසුබිම් සංගීතය චිත්‍රපටය කියන නිර්මාණ කාර්යය ඇතුළෙ ඉතා වැදගත්ම කාර්‍යභාරයක් ඉටු කරනවා. නාද මතුකර ගැනීමේ නිකන්ම නිකන් ක්‍රියාවලියක් නෙවෙයි මෙතන සිදු වෙන්නේ. ඒ පසුබිම් සංගීත ඛණ්ඩවලට හෝ අපි උපද්දන නාදවල යථාර්ථවාදීබව ගන්න ලොකු බරක් යෙදිය යුතු වනවා. සමහර විට ඔබට ඇසෙන්නේ එක පුංචි සියුම් හඬක් විය හැකියි.ඒ හඬ පරිපූර්ණ හඬක් විදියටම අසන්න සලස්වන්න ඕන නම් ඒක සංගීතඥයකුට උඩින් පල්ලෙන් කරන්න බෑ. ඔහුගෙ දැනුම පරිචය සම්පූර්ණ කරගන්න තවත් සාධක ගණනාවක් සම්පූර්ණ විය යුතුයි.සංගීතය කටහඬ ගායනය වගේම යොදාගන්නා සංගීත මෙවලම් හා ඒවා මෙහෙයවන ආකාරය ද නිර්මාණ කාර්යයේදී ඉතා වැදගත්. ලෝකයේ විවිධ රටවල නිර්මාණ ක්‍රියාවලීන් අපි අධ්‍යයනය කළොත් මේ වෙනස්කම් ඔබට හොඳීන් වටහාගත හැකියි. මම මෙතනදිත් කළ දේ ඒකයි. මේ චිත්‍රපටය පුරා දිවෙන ජීවිතයේ සෞන්දර්‍ය, ප්‍රීතිය සතුට වගේම ප්‍රේමයේ විරහව වගෙ භාවාත්මක පැති සිනමාත්මකව ලස්සනට ගොඩ නඟන්න, ඒ හැඟීම් සංගීතය ඔස්සේ සියුම් ලෙස භාවාත්මක කලාප ඔස්සේ අරන් ගිහින් ප්‍රේක්ෂකයන්ට ඒක භාවාත්මකව දැනෙන්න සලස්වන්න සංගීතය පැත්තෙන් කරන්න මා පිට විශාල වැඩ කොටසක් තිබුණා. ඒක සංගීතය කියන විෂය ඇතුළෙ නිර්මාණාත්මකව වගෙම තාක්ෂණික වශයෙනුත් උපරිමව කරන්න මම පසුබට වුණේ නැහැ.මොකද මේ චිත්‍රපටයේ අන්තර්ගතය අනුව සංගීතය කියන්නෙ එහි ප්‍රමුඛ ම කොටසක්. ඒක චිත්‍රපටය පුරාම බිඳ නොවැටී පවත්වා ගැනීම ඉතා වැදගත් බව මට අවබෝධයක් තිබුණා. එතනදි සංගීත මෙවලම් යොදා ගැනීම හා වාදනය කෙසේ විය යුතුද කියන කාරණය ගැන මම ගොඩක් සැලකිලිමත් වුණා. දැන් ඒ නිර්මාණ කාර්යය අවසානයේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට ලොකු සතුටක් තියෙනවා. ඒක සංගීතය පැත්තෙන් විතරක් නෙවෙයි මේකෙ ගීත ගායනය පැත්තෙනුත් හරිම සියුම්ව බලන්න අපට සිදු වුණා. ඒක පහසු කටයුත්තක් වුණේ නෑ. මොකද ක්ලැරන්ස් විජේවර්ධන ඉන්ද්‍රාණි පෙරේරා වගේම ඇනස්ලි මාලෙවන කියල කියන්නෙ ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අනන්‍ය වූ (භදඪඳභඥ) කටහඬවල් තුනක්. ඒ වගේම ඔවුන්ගෙ ගායන ශෛලීනුත් අනන්‍යයි. ප්‍රවීණ ගායකයකුට පවා හොඳ අධ්‍යයනයකින් අනතුරුවයි ඔවුන්ගේ ගීත ඒ සැටියෙන්ම ගැයිය හැකි වන්නේ. ඒ වගේම අපි ඒ හඬවල් තිරයට ගැළපෙනවාදැයි කියා වෙනම ම බැලිය යුතුයි. ගායනය නිවැරදිව ඉදිරිපත් කරනවා සේම ඒ හඬ තිරයට වගේම රංගනයේ යෙදෙන නළුවා හෝ නිළියගේ රූපය හා සසැඳෙනවාද යන්නත් තහවුරු කරගත යුතුයි. මින් එකක් හෝ බිඳ වැටුණොත් චිත්‍රපටයේ සමස්තයට එය විශාල හානියක් වනවා.ඉතින් ඒ නිසා මේ ගීත ගායනය සඳහා වඩා සුදුසු කවුරුන්ද යන්න නිර්ණය කරගන්න අපට විශාල වෙහෙසක් දරන්න වුණා. ගායනයේ අතිශය කුසලතා දක්වන ශිල්පීන් ගනණාවක් අතරින් අවසාන නිගමනයට පැමිණීම උදෙසා කළ සියුම් හඳුනාගැනීම්වල ප්‍රතිඵලයක් විදියටයි අද මේ චිත්‍රපටයේ ගීත ටික මේ ලෙස ඔබේ සවනට ඇතුල් වෙන්නේ.
මම මේක තව පැහැදිලි කළොත් මෙතන ක්ලැරන්ස්ගෙ සින්දුවලට සංගීතය මුසු කරන විදිය හිතන්න වෙනවා වගෙම මේක චිත්‍රපට නිර්මාණ කටයුත්තක් කියන එකත් ඇතුළෙ හිඳීමිනුයි මට මේ නිර්මාණ කාර්යයට දායක වෙන්න තිබුණේ. එතනදී ක්ලැරන්ස් විජේවර්ධන කියන සුවිශේෂ සංගීතඥයාගේ නිර්මාණ ටික පරිස්සම් කරමින් ඔහු නමින් කෙරෙන මේ නිර්මාණය ඇතුළෙ සිනමානාත්මක හැඩයක් එක් කරමින් ප්‍රතිනිර්මාණයක් කරන්න සිදු වුණා. එතනදි සිනමා ප්‍රේක්ෂකයන්, පැරණි ක්ලැරන්ස් රසවතුන් වගේම නූතන පරපුරත් ක්ලැරන්ස් හඳුනාගනු දැකීම මගේ ඉලක්කය වුණා. ඒ දායකත්වය වෙනුවෙන් සතුටු වන මේ මොහොතේ ඒ සතුට මට ලබාගන්න මාව සුදුස්සකු කළ මෙහි අධ්‍යක්ෂ තේජා ඉද්දමල්ගොඩ නිර්මාණකරුවා වෙත මගෙ උපරිම ගෞරවය පුද කරනවා. ඒ ගෞරවය සියයට සියයක් ලබන්න ඔහු සුදූසු යි. මොකද ඔහුගේ ඒ අදහස නොවන්න අද මෙබඳු නිර්මාණයක් අප අතර නෑ.
අප මේ සාකච්ඡාව පුරා චිත්‍රපටයේ සංගීතමය කාර්‍යභාරය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් කතා කළත් මේ චිත්‍රපටය මෙතරම් ජන ආකර්ෂණීය නිර්මාණයක් බවට පත් කරන්න මේ සමඟ එක්වූ පිරිසක් ඉන්නවා. මේ නිර්මාණය පුරා විශිෂ්ට රූප රචනයකට දායක වූ ප්‍රවීණ කැමරා ශිල්පී රුවන් කොස්තා , ඉතා දක්ෂ සංස්කරණයක් හා වර්ණ සංයෝජන ක්‍රියාවලියකට දායක වූ යශෝධ ධනුපම ,ඉතා විශිෂ්ට ආකාරයේ වාදන දායකත්වයත් මේ නිර්මාණය වෙනුවෙන් ලබා දුන් වාදන ශිල්පීන් වගෙම මෙහි ඉතාමත් ලස්සන ගීත දක්ෂ ලෙස ගායනා කිරීමට තම දායකත්වය හා සහය ලබා දුන් ගායන ශිල්පීන් හරිම ආදරෙන් මතක් කළ යුතුමයි. විශේෂයෙන්ම මේ නිර්මාණ කාර්යය යථාර්ථයක් බවට පත් කරන්න පෙරමුණ ගත් නිෂ්පාදක තුසිත විජයසේන මහතාත් ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි. ඔවුන් සියලු දෙනා එකිනෙකට අනන්‍යව එක් කළ හැඩයන් ඔස්සේයි මේ චිත්‍රපටය මේ තරම් නිර්මාණයක් බවට පත් වුණේ.
සමුද්‍රිකා වර්ණකුල