වේදිකාව හා පුංචි තිරය ඔස්සේ රසික හදවත් දිනාගත් රංගන හා ගායන ශිල්පිනී කාංචනමාලා මහවිතාන විසින් පවත්වනු ලබන ඬචදජඩචදචථචතච තඪමඥ ඪද ජධදජඥපබ ගී ප්‍රසංගය එළැඹෙන 19 වැනිදා මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී සවස 6:30ට පැවැත්වේ. සිංහල සිනමාවේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ප්‍රවීණ රූපණවේදිනියට හරසර දැක්වීම මූලික අරමුණක් කරගත් ඬචදජඩචදචථචතච තඪමඥ ඪද ජධදජඥපබ 2025 ප්‍රසංගය පිළිබඳ ගායන හා රංගන ශිල්පිනී කාංචනමාලා මහවිතාන දැක්වූ අදහස් බලමු.
සිංහල සිනමා ගීත ඉතිහාසය ගැන උනන්දු කෙනෙක් විදියට සිංහල සිනමා ගීත ඉතිහාසයේ රස මතක අවදි කරන මේ ප්‍රසංගය වසර දහසයක් පුරා මවිසින් පවත්වනු ලබනවා. මෙවර එම ප්‍රසංගය දෙසැම්බර් මස 19 වැනිදා සවස 6:30ට මරදාන එල්ෆීන්ස්ටන් රඟහලේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ප්‍රවීණ සිනමා රූපණවේදිනී ගීතා කුමාරසිංහ මහත්මිය එදින විශේෂ දේශනය කරනු ලබනවා. මෙවර විශේෂත්වය වෙන්නෙ අප අතරින් වියෝ වූ අපගේ නිළි රැජන මාලිනී ෆොන්සේකා ප්‍රවීණ රූපණවේදිනිය පිළිබඳ මතකය අවදි කරමින් ‘ආදරනීය මාලිනිය’ ලෙස ඒ ප්‍රසංගය පවත්වන්නට සූදානම් කර තිබීම. ඒ අනුව එතුමිය රඟ පෑ චිත්‍රපට අතරින් තෝරාගත් චිත්‍රපට ගී තිහක් පමණ මෙවර ප්‍රසංගයට ඇතුළත් කරන්න අපි කටයුතු කළා.
මෙවර මට මේ ප්‍රසංගයේදී ගායනයෙන් සහය වන්නේ දයාන් විතාරණ, පේෂල මනෝජ්, හර්ෂණ දිසානායක, නිලන්තසිරි පතිරණ, සමන් ප්‍රියංකර නම්මුනිගේ, උපුල් නිශාන්ත, රංග සොයිසා, වජිර එදිරිමාන්න, රොෂෙන් ලක්ෂිත ආදීන්. ඒ වගේම මෙවරත් මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීම සිදු කරනු ලබන්නේ වෙනදා මෙන්ම යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම විසිනුයි.
ඇත්තෙන්ම මේ ප්‍රසංගය නැසී ගිය මගේ සැමියා චිත්‍රපට සංගීත අධ්‍යක්ෂ ස්ටැන්ලි ලියනගේ ගේ සංකල්පයක්. මිනිස්සු චිත්‍රපට ගීත රස විඳීන්න තිබෙන කැමැත්ත ඔහු මා සමඟ ගොඩක් කතා කරල තිබුණා. ඒ ගීත ගොඩක් අපට අද අසන්නට නොලැබීම හේතු කොටගෙන මෙවැනි ප්‍රසංගයක් කරමු කියන එක ඔහු තමයි යෝජනා කළේ. ඔහු එකල සෝමදාස ඇල්විටිගල, ෂෙල්ටන් ප්‍රේමරත්න, ආර්. මුත්තුසාමි, එම්. කේ. රොක්සාමි, සරත් දසනායක වැනි බොහෝ දක්ෂ චිත්‍රපට සංගීත අධ්‍යක්ෂවරු යටතේ ඔහු වාදන ශිල්පියකු ලෙස වැඩකරල තියෙනවා. පසුකාලීනව ඔහු සටනට සටන, ජයග්‍රහණය, වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂවරයා විදියට කටයුතු කරල තියෙනවා. ඔහු එදා මේ ගීත ගැන කතා කරපු දේවල් එක්ක තමයි අපි මේ ප්‍රසංගය ආරම්භ කරන්න පෙලඹෙන්නේ. එහිදී කිසිදු දිනෙක මේ ප්‍රසංගය අපි මුදල් අයකර පෙන්වන්න කටයුතු කර නෑ. අපට හැකි අයුරින් මේ ප්‍රසංගය කරමු කියන එක තමයි ඔහුගේ අදහස වුණේ. ඒ නිසා ටිකට් පතක් අලෙවි කර හෝ එහෙම නැතිනම් සමරු කලඹ නිකුත් කර හෝ අප එය කරන්නේ නෑ. මම මෙය සලකන්නෙ සංගීතමය දානයක් විදියට. මිනිස්සුන්ගෙ මනස සුවපත් කරන්න දායක වන ප්‍රසංගයක් විදියට ඉදිරිපත් කරන්නයි හැමදාමත් අපේ පැතුම වුණේ. මෙවරත් එය එසේමයි. විශේෂයෙන් ම මේ මොහොතේ රටේ පවතින වාතාවරණය හමුවේ මිනිසුන්ගෙ හිත් සුවපත් කරන ප්‍රසංගයක් ලෙස මේ ප්‍රසංගය ඉදිරිපත් කරනවා. හැම වසරකම මට ආදරය කරන කලා ලෝකයේ මගෙ ආදරනීය රසිකයන් මේ ප්‍රසංගය නරඹන්න එනවා. ඔවුන් මෙවරත් ඒ ලෙසම මේ ප්‍රසංගයේදී දකින්න අපේක්ෂා කරනවා.මේ වෙලාවේ ඔවුන් හැමදෙනාටම හරිම ආදරෙන් ආරාධනා කරනවා කාංචනමාලා ලයිව් ඉන් කොන්සර්ට් බලන්න එන්න කියලා.
සමුද්‍රිකා වර්ණකුල
