‘විරහ ගීතවල කුමාරයා’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ දක්ෂ, ජනප්‍රිය ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘එදා රෑ’ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සුනෙත් මාලිංග ලොකුහේවා සහ ප්‍රියනාත් විදානපතිරණ තිරරචනය කළ ‘එදා රෑ’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අරුණ ජයවර්ධන විසිනි.
මිල්ටන් මල්ලවාරච්චි චරිතයට පණ පොවන්නේ රොෂාන් රවීන්ද්‍රය. මීට අමතරව නෙත්මි රොෂෙල්, සෙනාලි ෆොන්සේකා, ශේෂාද්‍රි ප්‍රියසාද්, දිනෙත් ද සිල්වා ඇතුළු ජනප්‍රිය නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙති.
එදා රෑ චිත්‍රපටයේ කැමරාකරණය චන්න දේශප්‍රියගේ වෙන අතර සංස්කරණය සහ වර්ණ සංයෝජනය ශාන් අල්විස් ගෙනි. ශබ්ද පරිපාලනයෙන් ශෂීන් ගිම්හාන දායක වේ. කලා අධ්‍යක්ෂණය අකුරම්බොඩ පියතිස්ස ගෙනි අංග රචනය බුවනෙක රණවක විසින් සිදු කෙරේ.
එදා රෑ චිත්‍රපටයේ පසුබිම් සංගීතය සුරේෂ් මාලියද්ද විසිනි. රනිල් මල්ලවාරච්චි සහ පවන් මල්ලවාරච්චි පසුබිම් ගායනයෙන් එක්වන අතර සමීතා මුදුන්කොටුව සහ උරේෂා රවිහාරී යුග ගායනයෙන් එක්වෙති. එදා රෑ නිෂ්පාදනය ර්‍ණදඥ ඹ්ඪදඥ ර්‍ථපධඤභජබඪධද ඡ්දබඥපබචඪදථඥදබ (ර්‍ථපඪමචබඥ) ඹ්ඪථඪබඥඤ වෙනුවෙන් රනිල් මල්ලවාරච්චි, ගයාන් අරෝෂ සහ චමක මංජුල ගෙනි.
