හෝමාගම ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ සංස්කෘතික හා කලා අංශය විසින් සංවිධානය කරනු ලැබූ ‘මියුරු කල්පනා’ සරත් දසනායක ස්වරානුස්මෘතික ප්‍රත්‍යවලෝකනය පසුගිය දා හෝමාගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි.
හෝමාගම ප්‍රාදේශීය ලේකම් දමින්ද චින්තකගේ ඇරැයුමෙන්
සරත් දසනායකයන්ගේ යුග කාරක මෙහෙවර කියැවීම සරසවිය ප්‍රධාන කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් සිදුකළ අතර ගයාන් ගණකධාර, රංග දසනායක යන සංගීතවේදීහු එක් වූහ.
හෝමාගම ප්‍රාදේශීය මහා ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මනීන්ගේ ගී ගැයුම් රැඟුම්වලින්ද උලෙළ හැඩගැන්විණ. ප්‍රවීණ ගීත රචක සෝමපාල ලීලානන්ද, රෝහණ බෝගොඩ මරියෝ ආනන්ද ගායන ශිල්පින් හා මාධ්‍යවේදී චන්න බණ්ඩාර මේ අවස්ථාවට එක් වූහ.
හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් – චමල් ඩී. තේනුවර උලෙළ මෙහෙය වූයේය.
සේයාරූ-ලාල් සෙනරත්