ප්‍රතිභා සම්පන්න නළුවකු ලෙසින් වේදිකාව, පුංචි තිරය, සිනමාව, රංගනයෙන් ආලෝකම්ත් කළ ඔහු වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු ලෙසින් වේදිකාවේ අමතක නොවන නාට්‍ය නිර්මාණයන් රැසක් රැගෙන ප්‍රේක්ෂකයන් පිනවනු ලැබුවේ අදත් ඒ නාට්‍යය නිර්මාණයන්ගේ මතකයන් ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන්වල ඉතිරි කරමිනි. රංගනයේ විවිධ චරිත ඔස්සේ අසීමාන්තික ආදරයක් දිනාගනිමින් ප්‍රේක්ෂක නෙත තමන් කෙරෙහි තතුකර ගත් මේ රංගවේදියා නාට්‍ය නිර්මාණකරුවා අන් කවරකු නොව ජනක් ප්‍රේමලාල්ය.
කලකට පසු සරසවිය පුවත්පත හා කතාබහට එක් වූ ජනක් ප්‍රේමලාල් තම අලුත්ම තොරතුරු අප හා බෙදා හදාගත්තේ තම රසිකයන්ට ප්‍රේක්ෂකයින්ට අලුත් ආරංචියක් ද රැගෙන එමිනි. අපි කතා කරමු ජනක් පේ‍්‍රමලාල් සමඟ.
ඉතිං කොහොමද අලුත් තොරතුරු?
මේ දවස්වල පාසල් නාට්‍යයක් නිර්මාණය කරමින් ඉන්නවා. ලබන වසරේ ජනවාරි මාසයේ මංගල දර්ශනය පවත්වමින් වේදිකාවට රැගෙන එන්නයි මගේ සැලසුම මේ දවස්වල එහි රිහසල් කටයුතු සිදුකරමින් ඉන්නවා සත්තුන්ගේ උසාවියක් නමින් තමයි මම මේ නවතම නාට්‍ය නිර්මාණය නම් කරල තියෙන්නේ.
සත්තුන්ගේ උසාවියක් නාට්‍ය නිර්මාණය තුළින් පාසල් නාට්‍යයක් හැටියට මොන වගේ තේමාවක් ගැන ද කතාබහ?
පරිසර දූෂණය සම්බන්ධව තමයි මෙහි කතාව මුලික වෙලා තියෙන්නේ. මේ ලෝකයට සත්තුත් උපදිනවා මිනිස්සුත් උපදිනවා නමුත් මිනිස්සු පරිසරය විනාශ කරනවා. ඒකෙන් අපහසුතාවයට පත්වෙන්නේ සතුන්. සතුන් කවදාවත් පරිසරය දූෂණය කරන්නෑ. ඔවුන් පරිසරයේ කොටසක්. භූමියට පරිසරයට අනුගතව ජීවත් වෙනවා. මිනිස්සුන්ගේ නොහොබිනා ක්‍රියාකලාපයට එරෙහිව සතුන් උසාවියට එන තේමාවක් මුල්කොට තමයි මේ නාට්‍යයේ කතාව ලියවිලා තියෙන්නේ. සතුන් විසින් උසාවියේදී පෙන්නල දෙනවා. මිනිහ කියන කෙනා අතින් සිදුවන පරිසර විනාශය.
මිනිස්සුන්ට පණිවිඩයක් දෙන්න. ඔබ නිර්මාණාත්මකව ගෙන එන්නේ සතුන් පිරිසක්?
දැන් බලන්න මිනිස්සු හැටියට අපි මිනිස්සුන්ට පණිවිඩ දෙනවා. ඒත් වැඩක් නෑ. ඉතිං මම කල්පනා කළා මිනිස්සු මිනිස්සු කියන එක අහන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට සතුන්ගෙන් හරි දෙයක් කියල මිනිහ කියන කෙනාගේ මොළයට මේ පණිවිඩය ගෙනියන්න. බලමු අපි සත්තු කියන දේවත් දැන් මිනිහ අහයි ද කියල.
මේ ඔබේ කීවෙනි නාට්‍ය නිර්මාණය ද?
මුලින්ම මම නාට්‍යයක් නිර්මාණය කරන්නේ 1984 දී. ඒ අබුද්දස්ස කෝලම ඊට පස්සේ 88’ දී, රාජකපුරු 2000’ වසරේ, රජගහේ නාඩගම, 2004’ වසරේ සක්වල කැළඹිලා, 2023’ වසරේ ආඬි හතයි කැද හැලියයි. 2025 දී මේක අපේ ආණ්ඩුවක් නාට්‍ය නිර්මාණ කළා. 2026 වසරේ මම වේදිකාවට ගේන්න හදන මගේ අලුත්ම නාට්‍ය සත්තුන්ගේ උසාවියක්. මගේ හත්වෙනි නාට්‍ය නිර්මාණය.
ඔබේ නාට්‍ය නිර්මාණ ජීවිතයේ පාසල් නාට්‍යයක් නිර්මාණය සඳහා මෙවර පෙලඹවීමට හේතුවක් තියෙනවද?
ඔව්. මම වේදිකාවට මුලින්ම පා තැබුවේ පාසල් නාට්‍යවලින් ඉස්කෝලේ යන කාලයේ කළා පාසල් නාට්‍යයක් ඒ හරහා තමයි වේදිකාවට මම පා තබන්නේ. අන්න ඒ සිද්ධියට කෘත ගුණ සැලකීමක් හැටියට තමයි මගේ හත්වෙනි නාට්‍ය නිර්මාණය පාසල් නාට්‍යයක් හැටියට පාසල් දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන්න අදහස් කළේ.
ඔබ වේදිකාවට පැමිණ කොපමණ කලකට පස්සේ ද මෙවැනි ප්රතිකෘතගුණ දැක්වීමක් කරන්න අදහස් කරල තියෙන්නේ?
1976 වසරේ තමයි මම මුලින්ම පාසල් නාට්‍යයේ රඟපෑවේ. මම වේදිකාවට ඇවිත් මේ වන විට අවුරුදු 49 ක් වෙනවා. මේ 49 වන අවුරුද්දේ තමයි මම ඒ වෙනුවෙන් යමක් කරන්න හිතුවේ. මගේ කලා ජිවිතයට පණස් වන අවුරුද්ද 2026 වසරට සපිරීමත් සමඟ. අඩසියවසක මගේ කලාජිවිතය සිහිපත් කරමින් පාසල් නාට්‍යයක් මම නිර්මාණය කරනවා.
මේ වෙනකොට ජනක් පේ‍්‍රමලාල් පුංචි තිරයෙන් සමුගෙන ගොසින් ද? කාලයක් තිබුණ දාන දාන චැනල් එකේ ජනක් පේ‍්‍රමලාල් විවිධ චරිත මවපු කාලයක්?
ටෙලි නාට්‍ය ක්ෂේත්රය පිළිබඳ මට කලකිරිමක් ඇති වුණා. අද ටෙලි නාට්‍ය හැදෙන්නේ කිසිදු ආකාරයක කලා නිර්මාණයක් කරනවා කියන චේතනාවෙන් නොවෙයි බොහෝ දෙනෙක්ගේ අරමුණ ඒකයි. වාණිජමය පරමාරත පමණයි ප්රමුඛ වෙලා තියෙන්නේ. අද හොඳ නිර්මාණත් අතළොස්සක් පමණයි නිර්මාණය වන්නෙත්. වැඩිපුර බිහිවන්නේ බොළද හරසුන් නිර්මාණ. අද ටෙලි නාට්‍ය රඟපාන එක හරි වෙහෙසයි. එදා ටෙලි නාට්‍ය හැදුණේ විරාමයක් ඇතුව. අද එක දවසට ටෙලි නාට්‍යයේ කොටස් තුනක් රූපගත කරනවා පැය භාගයක් තුළ තියෙන්නේ සීන් හතයි. එදා බොහෝ විට දවසකට කළේ ජවනිකා දෙකයි. අධ්යක්ෂවරයා තෘප්තිමත් වෙනකන් සීන් එක කළා. එහෙමයි එදා නිර්මාණ බිහිවුණේ. අද වෙනකොට දවසකට සීන් විසි එකක් ෂුට් කරනවා. ඒ කියන්නේ කොටස් තුනක ප්‍රමාණය වෙලාවක් නෑ. කලාවක් නෑ. ඉස්පාසුවක් නෑ දෙබස් පාඩම් කරනවා ආයෙත් සීන් එක ඉවර වෙනකොට අමතක කරනවා. ආයෙත් තව එකක් පාඩම් කරනවා. කිසිම විරාමයක් නෑ කරන වැඩේ ඔලුවට ගන්න කාලයක් නෑ. මේක හරිම වෙහෙසකර කටයුත්තක් මේකට තවත් දෙයක් හේතු වුණා. මට කෝවිඩ් හැදුණා. ඒ වෙලාවේ දවස් ගණනක් රෝහල්ගතවෙලා ඉන්න සිද්ධ වුණා. ඔය වෙලාවේ හුදකලාවෙලා ඉන්නකොට ශාරීරික අපහසුතා ඇගට දැනෙන්න ගත්තා. ඔය වෙලාවේ මට හිතුණ දෙයක් තමයි ඇයි මම තව දුරටත් මේ ශරීරය වෙහෙසට පත්කරන්නේ. වෙළෙන්දන්ගේ බාල බොළද වැඩවලට ගිහින් හරවත් දෙයක් නම් කමක් නෑ. කියන සිතුවිල්ල මගේ හිතට ආවා. 2021 වසරේ කොරෝනා හැදුණා. 2022 වසරේ අරගලය ආවා 2023 වසරේ රට බංකොලොත් වුණා. සේරම කඩා වැටුණා. ඔය තත්ත්වය තුළ නිර්මාණයකට කතා කළාම නිෂ්පාදක ගොඩදාන්න නිර්මාණ කරන අදෝනාව කියනවා. ඒ අදෝනාව අහපුවහම ඇත්තෙන්ම වැඩේට ගියොත් හරි වෙහෙස කරයි. ඔය නිසාම මම නිර්මාණ බාරගැනීමෙන් ඈත් වුණා. මුල දී ආශාවට හැමදෙයක්ම භාරගත්තා. රෝගී වීමත් සමඟ උපේක්ෂා සහගතව හිතල බලනකොට මට බදාගැනීම්ි අතහරින්න හිතුණා. මට දැන් සල්ලි ඕනෙ නෑ. ජීවත් වෙන්න මුදලක් තිබුණහම ප්‍රමාණවත් මට ආදායමක් තියනවා. ඒ නිසා මම දැන් සමාජ සේවයට බොහොම ආශාවෙන් දායක වීමක් සිද්ධ කරනවා.
රංගනය පසෙක තැබූ ජනක් පේ‍්‍රමලාල් අද සමාජ සේවයේ නියමුවෙක්ද?
නාට්‍ය තරග විනිශ්චය සාහිත්‍ය දේශන උත්සව සඳහා සහභාගිවෙමින් මගේ දැනුම අන් අයට බෙදා දිමේ ක්‍රියාවලියක් තුළින් මම ලොකු ආශ්වාදයක් ලබනවා. විවේකීයව පාසල් දරුවන් දැනුම්වත් කරමින් විවිධ රසවින්දින වැඩසටහන්වලට දායකවෙමින් තෘප්තිකර ජිවිතයක් මම ගත කරනවා. ටෙලි නාට්‍යවල රඟපාන්න ගිහින් ලබන අපෘත්තිකර ජීවිතයට වඩා දැනුමෙන් සන්නද්ධ වෙලා පොතපත කියවීම තුළින් ලබන අලුත් දැනුම්වත්වීම් මේ හැම දේකින්ම අපි දවසින් දවස අලුත් වෙනවා. මේ ආකාරයෙන් මම සමාජය දරු දැරියෝ දැනුම්වත් කරන සාහිත්‍ය දේශන ආදියට සහභාගි වෙමින් ලොකු සමාජසේවයක් සිදුකරනවා. මට මේ තාක් තිබුණු කාර්යබහුලතාවය නිසා මගෙන් මඟ හැරුණු දේ අද මම බොහොම සතුටින් කරගෙන තෘප්තිමත් දවසක් ගත කරනවා.
මේ වෙනකොට ටෙලි නාට්‍ය රංගන කලාවට ඔබ දක්වන අකමැත්ත සිනමා නිර්මාණ රංගනයටත් වලංගු ද?
මගේ රංගන ජීවිතයේ සිනමා නිර්මාණ සඳහා ලොකු ආරාධනාවන් ලැබුණේ නැති තරම් චිත්‍රපට දහයක පහළොවක මම රඟපාල ඇති ඒ කිසිම රඟපෑමක් ප්‍රධාන චරිත නොවෙයි අතුරු චරිත පමණක් මම චිත්‍රපටවල රඟපෑවා.
සුළු චරිත රඟපෑවත් ඔබ සිනමා රංගනයේ මතක හිටින චරිත අතරත් සුවිශේෂී පුද්ගලයෙක් නේද?
වසන්ත ඔබේසේකරගේ සලෙලු වරම චිත්‍රපටයේ මම රඟපෑ සහෝදර පේ‍්‍ර්මය ඉස්මතු වන ලෙස කළ අයියාගේ චරිතය. සුපර්ණා චිත්‍රපටයේ මම කළ සුවිශේෂී චරිතය. මිනිස්සු තුළ කතාබහක් ඇති කළා, ඉදිරියේදී තිරගත වීමට නියමිත නලින් මාපිටියගේ තානාපතිලගේ වලව්ව චිත්‍රපටයේ රංගනයත් ඒ වගේ සුවිශේෂි චරිතයක්. සරත් ධර්මසිරිගේ කඩහපොල උන්නාන්සේ චිත්‍රපටයේ මම සහකාර පොලිස් අධිකාරිවරයෙක් ගේ චරිතයක් කරනවා. බොහෝ විට ලබන වසරේ පෙබරවාරි මාසයේ මේ චිත්‍රපටය තිරගතයි.
වේදිකාව, සිනමාව, පුංචි තිරය තුළ ඔබ රංග වේදියෙක් ලෙස දුරගමනක් පැමිණියත් වඩාත් ඔබ පේ්රක්ෂක සිත් සතන් තුළ කිදා බසින්නේ පුංචි තිරයේත් ඔබ කළ රංගනයන් සමඟ නොවේද?
මම අද ජීවන ගමනේ හැටහය වන කඩඉම පසුකරමින් ඉන්නේ. මුලින්ම මම පෙම්වතාගේ චරිතය තමයි රඟපෑවේ සුදත් සේනාරත්නගේ සිව්මංසල ටෙලි නාට්‍යයේ ජයංගනී දික්කුඹුරගේ පෙම්වතා වුණේ මම, පරාක්‍රම නිරිඇල්ලගේ සඳගිරි පව්ව ටෙලි නාට්‍යයේ යශෝධා විමලධර්මගේ පෙම්වතා, එරංග සේනාරත්නගේ පළමු පත්වීම ටෙලි නාට්‍යයේ දමිතා අබේරත්න ගේ පෙම්වතා, නාලන් මෙන්දිස්ගේ නෑදැයෝ ටෙලි නාට්‍යයේ චාන්දනී සෙනෙවිරත්නගේ පෙම්වතා, ඔය ආකාරයට මුලින්ම පෙම්වතා ලෙස පුංචි තිරය තුළ ජීවත් වුණා. ඊට පස්සේ ටිකෙන් ටික වයසට යනකොට පෙම්වතාගේ යාළුවාගේ චරිතය කළා ඊට පස්සේ තව වයසට යනකොට පෙම්වතාගේ වැඩිමල් සොහොයුරාගේ චරිතය රඟපෑවා. ඊට පස්සේ තවත් වයසට යනකොට පෙම්වතාගේ හෝ පෙම්වතියගේ තාත්තාගේ චරිතය කළා. ඊට පස්සේ මාමාගේ චරිතය කලා අන්තිමට දැන් සීයගේ චරිතය ලැබුණා. මගේ වයසේ විකාශයත් සමඟ මට ඒ ආකාරයට චරිත ලැබුණා. ඔය අතරේ විවිධ වූ සමාජයේ චරිත මට රඟපාන්න ලැබුණා. ටයිකෝට් අදින පුද්ගලයාගේ ඉදල අමුඩෙ ගහන ගැමියාගේ චරිත පවා මට කරන්න ලැබුණා. 1989 වසරේ තමයි මම මුලින්ම ටෙලි නාට්‍ය රංගනයට එකතු වෙන්නේ. මේ වෙනකොට ඒකාංගික ප්රසාංගික ටෙලි නාට්‍ය විතරක් හාරසීයටකට වඩා ප්‍රමාණයක් මම රඟපාල තියනවා. විවිධ වූ චරිත රංගනයෙන් මම වඩාත් පේ්රක්ෂකයන් අතර අදත් නොමැරුණු චරිතයක් බවට පත්වෙලා තියෙන්නේ. ටෙලි නාට්‍ය රංගනයෙන් මා ලැබු ජනපි‍්‍රයත්වය.
ජීවන ගමනේ හැටහයවන කඩඉම පසුකරන ඔබ කලා ජිවිතයේ හතළිස් නවවනවිය පසුකරමින් කලා ජිවිතයේ අඩසියවස සපුරාලන එළිපත්තට පැමිණ සිටින ඔබ මේ කාලය පුරාවට වේදිකාවේ පෙරළිකාර නාට්‍ය නිර්මාණ කරුවෙක් බවට පත්වෙනවා නොවේද?
1984 වසරේ මම මුලින්ම අබුද්දස්ස කෝලම වේදිකා නාට්‍ය නිර්මාණය කරනවා. ඒ නාට්‍යයේ පිටපත ලිව්වේ මගේ තාත්තා සිරිසේන පේ‍්‍රමලාල් මහතා ඊට පස්සේ මම කරන රාජකපුරු, රජගහේ නාඩගම, සක්වළ කැළඹිලා නාට්‍යවල පිටපත ලියන්නෙත් තාත්තා ආඬිහතයි කැදහැලියයි නාට්‍යයේ තාත්තා ලියන කෙටි නාට්‍ය පිටපත ඇසුරින් මම දිගු නාට්‍යයක් බවට එයපත් කරනවා. මේක අපේ ආණ්ඩුවක් නාට්‍ය නිර්මාණයේ පිටපත ලාල් කුලරත්නගේ මගේ නවතම නාට්‍යය සත්තුන්ගේ උසාවියක්. තාත්තා රචනා කළ කෙටි කතා පිටපත් කීපයක් ඇසුරින්. මම තනි නාට්‍යයක් ලෙස නිර්මාණය කළා.
හොරණ නාට්‍ය කණ්ඩායම ඇරඹුමටත් ඔබ මුලික වූ චරිතයක්?
ඒ කාලේ මතයක් තිබුණා සාර්ථක නාට්‍යයක් කරන්න ඕනෙ නම් කොළඹටම එන්න ඕනේ කියලා. ප්‍රාදේශීය මට්ටමින් කළොත් ඒක ඒ ප්‍රදේශයට පමණයි. කොළඹදි යමක් එක්ව කළොත් ඒක සමාජ ගතවෙනවා කියන කතාව තිබුණා.
ඒ නිසාම අපි හොරණින්ම ක්ෂේත්රයට බිහි වුණු පිරිසක් එකට සොයාගැනීමක් කළා. එහෙම පිරිසක් එකට එකතු කරන් අපි නාට්‍ය කළා. ඕනෙම දෙයක් අවුරුදු තිහකට වඩා කියැවුණොත් ඒක ජනගත වෙනවා. අපි යම් නිර්මාණයක් කළොත් ඒකට දැම්මේ හොරණ නාට්‍ය කණ්ඩාය මේ වැඩක් කියලා ඒ නමට ක්‍රවුඩ් එකක් හැදුණා. මේ නම දාල දෙයක් කළොත් මිනිස්සු තුළත් මතයක් ඇතිවුණා ඒක හොඳ දෙයක් නිර්මාණාත්මක හොඳ වැඩක් කියන දේ ඒ නිල නොවන හොරණ නාට්‍ය කණ්ඩායම කියන වචනය තුළ තිබුණා.
ඔබේ සාර්ථක නාට්‍ය නිර්මාණ සියල්ලම පිටපත් රචකයා විධියට තාත්තා එක චරිතයක්?
ඔව්. මගේ පියා පාසල් ගුරුවරයෙක් ඒ වගේම තාත්තා පාසල් නාට්‍ය නිර්මාණකරුවෙක් පාසල් නාට්‍ය තරඟවලට තාත්තා නාට්‍ය ලිව්වා නාට්‍ය නිර්මාණය කළා. මගේ පරමාදර්ශී චරිතය තාත්තා.
කලක් ඔබත් ගුරුවරයෙක් ගුරුවෘත්තියේ හිදිමින් කලාකරුවකු වන ඔබ වඩාත් ආශාවක් දක්වන්නේ ගුරුවෘත්තියට ද කලා ක්ෂේත්රයටද?
මගේ මුල්ම රැකියාව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු පරීක්ෂකවරයෙක් 1983 දී තමයි මේ රැකියාව මම කළේ අවිවේකී රැකියාවක් නිසා මම අවුරුද්දක් විතර මේ රැකියාව කරල නාට්‍ය නිර්මාණ කරන්න තිබුණු ආශාව නිසාම 1984 දී මම ඉගෙන ගත්ත හොරණ විද්‍යාරතන විද්‍යාලයේම ගුරුපත්වීමක් හදාගෙන ආර්ථික විද්‍යා ගුරුවරයෙක් ලෙස සේවයට එක්වුණා. හොරණ විද්‍යාරතනය කියන්නේ නාට්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෝ බිහිවුණු තැනක් හේමසිරි ලියනගෙ, චන්ද්‍රසිරි දසනායක, ධර්මසිරි බණ්ඩාරනායක, ඩග්ලස් සිරිවර්ධන, ලාල් කුලරත්න වගේ නාට්‍ය වේදින් බිහිවූ පාසලක්. මේ පාසල තුළ සේවයට ගිහින් මම මුලින්ම අබුද්දස්ස කෝලම නිර්මාණය කළා.
පසු කාලීනව ගුරුවෘත්තියේ ඉවත්වෙලා පුර්ණකාලීනව රංගශිල්පියෙක් ලෙස කටයුතු කරනවද?
ඉතාම අපහසුවෙන් මම අවුරුදු තිහක් ගුරු වෘත්තියේ යෙදෙමින් කලා කටයුතු වල නියැලෙනවා. මට අවුරුදු හැට වෙනකන් රැකියාව කරන්න තිබියදීත් මම අවුරුදු පනස්පහ සපරීමත් සමඟ සේවයෙන් විශ්‍රාම යනවා 2014 වසරේ ඊටපස්සේ එතැන් පටන් 2018 වසර දක්වා පුර්ණකාලීනව රංගනයේ නියැළෙනවා.
වේදිකාවෙන් ඔබ ජනපි‍්‍රය රංග ශිල්පියෙක්?
ඩග්ලස් සිරිවර්ධනගේ් හිට්ලර් නාට්‍යයේ මම රඟපෑ හර්මන් ගේ චරිතය මම රඟ පෑ වේදිකා රංගනයේ බෑරෑරැම් චරිතයක් අද හිට්ලර් නාට්‍යයේ රඟපෑ නළුවන් අතරින් ජීවත්ව සිටින එකම නළුවත් මම. හේමසිරි ලියනගේ ගේ චිත්‍රාගේ පේ‍්‍රමකතාව සුසිල් ගුණරත්නගේ නුඹ විතරක් තලඑළළුයි නාට්‍යවල මම මතක හිටින චරිත කළා. විවිධ වූ නාට්‍යකරුවන් දහදෙනෙක්ගේ වගේ නිර්මාණ සඳහා මම රංගනයෙන් දායකවෙලා තියනවා.
දක්ෂ රංගවේදියකු වූ ඔබ මෙරට වේදිකානාට්‍ය ක්ෂේත්රයේ ජනපි‍්‍රය නාට්‍ය නිර්මාණ කළ අධ්යක්ෂවරයකු වූ ඔබ ඇයි ඔබගේම නාට්‍ය නිර්මාණයන්හි රංගනයෙන් දායක වීමක් නොකළේ?
ඒ සුවිශේෂී හැකියාව මට නෑ. ඒ හැකියාව තිබුණු නාට්‍යකරුවන් හිටියා. හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න ධර්මසිරි බණ්ඩාරනායක වගේ අතිදක්ෂයන්ට ඔය හැකියාව තිබුණා. ඒ විශ්ව කර්ම හැකියාව ඔවුන්ට තිබුණාට මට නෑ. මගේ හිතේ අනියත බියක් තිබුණා මම අධ්‍යක්ෂණය කරන නාට්‍යයේ මම චරිතයක් කරන්න ගියොත් මට කෙළවෙයි කියලා. ඒ නිසා මම අධ්‍යක්ෂණය පමණක් කළා මගේ නාට්‍යවල. නමුත් මගේ නාට්‍ය හැම එකකම එක් වතාවක් හරි මට චරිතයක් රඟපාන්න සිද්ධ වුණා. රඟ පෑ නළුවා අසනීප වූ අවස්ථාවක ඒ අඩුව පුරවන්න. මම පැත්තකට වෙලා අධ්‍යක්ෂකගේ භූමිකාව කරපු හින්ද තමයි ඒ වගේ හදිස්සි අවස්ථාවක නළුවාගේ අඩුව පුරවලා නාට්‍ය පෙන්වන්න ලැබුණේ.
මාධ්‍ය ත්‍රිත්වයේ රංගනයේ නියැළි ඔබට අභියෝගාත්මක මාධ්‍ය රංගනය මේ අතරින් කුමක්ද?
මට මාධ්‍ය ත්රිත්තවයේම රංගනය අභියෝගයක් නොවෙයි. නමුත් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරල එය අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි මම අත්විදි අසීරුමකාර්ය. අද වේදිකා නාට්‍ය සියයට අනුනමයක්ම මංගල දර්ශනයෙන්ම අතරමඟ නවතිනවා මොනයම් හෝ ප්‍රශ්නයක් මත නමුත් ඒ නාට්‍ය අඛණ්ඩව දීර්ඝ කාලයක් පවත්වා ගෙනයාම මාර අභියෝගයක් මගේ අබුද්දස්ස කෝලම නාට්‍යය මේ වනවිට අවුරුදු 41ක් රාජකපුරු නාට්‍යයට අවුරුදු 37ක් මේ නාට්‍ය අදටත් අඛණ්ඩව වේදිකා ගත වෙනවා. ඒ නාට්‍යවල රඟපෑ මුල්ම ශිල්පීන් ඒ තුළ මුල්ම චරිතයත් මේ වෙනකන් රඟපානවා. මේ නාට්‍ය වල රඟපෑ මියගිය” විදේශගත වූ, රෝගී වූ මුල් ශිල්පීන් හැරෙන්න අනික් හැම ශිල්පියෙක්ම මුල්ම නිර්මාණයේ දායක වූ ශිල්පීන්වීම හරිම ආශ්චර්යක්
සේයාරූ – නිශ්ශංක විජේරත්න

