අපේ ප්‍රින්සිපල්, පාස්පෝට්, අන්ලොක් සිනමාවට ගෙනා ක්‍රිෂ් ඇන්තනිගේ සිව්වැනි සිනමා පටය ලෙස 2026 නව වසරේ ආරම්භයේ ‘මළ මගුලයි’ මුහුරත් උලෙළ පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදී පැවැත්විණි. මෙම සිනමා පටය හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි. ක්‍රිස් ඇන්තනි, චාලින් මනුරංග, එල්.දුල්ශාන් සිල්වා එක්ව ලියූ ‘මළ මඟුලයි’ තිර පිටපත කෝසල ගමගේ විසින් නිෂ්පාදනය කරයි. ධර්මප්‍රිය ඩයස්, සම්පත් ජයවීර, මිහිර සිරිතිලක, පබෝදා සංදීපනි, රිචඩ් මානමුදලි, විදුරංග සිරිමාන්න, දයා වයමන්, රංජිත් රූබන්, රාජා ගනේෂන්, තරිඳු කාවින්ද ගමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් මේ සඳහා එක්වන අතර, කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කෝස්තා, සහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න, සංස්කරණයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, ඇඳුම් නිර්මාණයෙන් ජීවන්ති පෙරේරා, ප්රචාරක නිර්මාණ කටයුතු අංශයෙන් සිනෙත් මාලක පතිරණ ඇතුළු පිරිසක් ‘මළ මඟුලයි’ සඳහා එක්වේ. මෙම ජනවාරි මාසය ඇතුළත මෙහි සම්පූර්ණ රූපගත කිරීම් නිම කිරීමට නියමිතයි.
7
previous post
Cover page
next post
