මරියසෙල් ගුණතිලක යනු එක්තරා අවධියක මෙරට සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ ගායන ශිල්පිනියකි. 80 – 90 දශකයන්හි ඇගේ වේග රිද්ම ගීත ශෛලියට නතු නොවූ තරුණයකු තරුණියක නොවූයේ නම් ඒ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. බොහෝ විට මේ වේග රිද්ම ගීත ශෛලිය ආරම්භ වූයේ ඇගේ ඉතාම ජනප්‍රිය ගීතයක් වූ කැන්ඩි ළමිස්සී ජනප්‍රිය වූවාට පසුවය. එතැන් සිට ලංකාවේ සතර දිග් භාගයේ මෙන්ම විදේශගතවද ඇගේ ගී හඬින් ප්‍රමුදිත වූ හා ඇගේ ගායනයෙන් සතුටු වූවන් බොහෝය.
මරියසෙල් පිළිබඳ මෙසේ පූර්විකාවක් සපයන්නට සිත් වූයේ පසුගියදා පැවති රාජ්‍ය සංගීත සම්මාන උළෙලින් ඇය රාජ්‍ය ඇගයීමකට ලක් වූ නිසාය. මා දන්නා තරමින් ඇගේ ජීවන මං පෙතේ ඇය ඇගයීමකට ලක්වූ ප්‍රථම අවස්ථාව මෙය විය යුතුය. ජනතා ප්‍රසාදය ජනතා ආකර්ෂණය යුග දශක ගණනාවක් තිස්සේ ඇය විසින් බොහෝ පහසුවෙන් දිනා ගත්තද ඇගේ ගායන ශෛලිය ඇගේ හඬ පෞරුෂය පිළිබඳ විධිමත් ඇගයීමක් හෝ අධ්‍යයනයක් හෝ අවධානයට ලක්වීමක් ඉතිහාසය පුරාම සිදු වූයේ නැත. එහෙත් මෙවර රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ ඇය විසින් ගායනා කරන්නට යෙදුන සිඤ්ඤොරිනා ගීතය පිළිබඳ අවධානය යොමු කරමින් ඇයට ඇගයීම් සහතිකයක් පිරිනමන ලදී. මේ ඇගයීම පිළිබඳවත් ඇගේ කලා දිවියේ ඉදිරි වැඩ කටයුතුත් පිළිබඳවත් කතාබහකට පසුගියදා අපි ඇය හමුවුණෙමු.
ජීවිතයේ කවදාවත්ම මම මෙහෙම රාජ්‍ය ඇගයීමකට හෝ වෙනත් ඇගයීමකට ලක්වෙලා තිබුණේ නෑ. මේක තමයි පළමු අවස්ථාව ඉතින් මේක මට විශේෂයි මම සාමාන්‍යයෙන් නියෝජනය කරන්නේ වේග රිද්මයේ ගීත, එහෙම නැතිනම් බයිලා මම හිතන්නේ මේ කැටගරි එකක් මේ සම්මාන උළෙලට ආපු පළවෙනි වතාව වෙන්න ඕන ඇත්තටම සාමාන්‍යයෙන් මම මේවා පස්සේ එළවන කෙනෙක් නෙවෙයි. මගේ කිසිම බලාපොරොත්තුවක් මේ ගැන තිබුණෙත් නෑ. ආධුනිකයෙක් හැටියට නම් ඉතින් ඉල්ලීම් දාන්න පුළුවන්. නමුත් ඉතින් මම එහෙම ආධුනිකයෙක් නෙවෙයිනේ.
ඇගේ ජීවිතේ දෙස ආපස්සට හැරී බලද්දී ඈ ක්ෂේත්‍රයට පිවිස දශක හයකටත් ආසන්නය. එවන් පරිපූර්ණත්වයට පත් ප්‍රවීණයෙකුට සම්මාන ඉල්ලීම් යන්න කිසිදා ඵලක් නොවන දේය. ඇය මේ රටේ ජනතාවගෙන් ලැබිය යුතු සම්මාන ප්‍රසාද ජනප්‍රිය කිරුළ සියල්ල මේ වනවිට ලබා හමාරය. එහෙත් අහම්බයකින් හෝ ඇය වෙනුවෙන් ලද මේ ඇගයීම ඇය භාර ගනුයේ මහත් කෘතවේදීත්වයකිනි.
“දැන් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 57ක් වෙනවා. මේ අයදුම් පත්‍රය මම ඇත්තටම කිව්වොත් දැම්මේ මේ ගීතයේ සංගීතය නිර්මාණය කළ දර්ශන වික්‍රමතුංගගේ බිරිඳ සමාධි නිසා. එයා දර්ශනට කියලා තිබුණා මරියසෙල් අක්කාට කියන්න මේකට අයදුම් කරන්න කියලා. දර්ශන මට කෝල් කරලා කිව්වා අක්කා මේක දාන්න කියලා. පළවෙනි වතාවට තමයි මේ කැටගරි එක ඇතුළත් කරලා තියෙන්නේ කියලා. ඒ නිසා තමයි ඇත්තටම මම මේකට අයදුම් කළේ. එතනින් එහාට මම කිසි දෙයක් හිතුවේ නෑ. බයිලා කැටගරි එක නිසා තවත් අය අයදුම් කරයිනේ කියලා හිතුවා.
නමුත් මට හිටපු ගමන් කෝල් එකක් ඇවිත් මාව දධථඪදචබඥ වෙලා කියලා කිව්වා. එදා උළෙලට සහභාගී වුණත් මෙවැනි ඇගයීමක් තියෙයි කියලා මට විශ්වාසයක් තිබුණේ නෑ. මේ රාජ්‍ය සංගීත සම්මාන උළෙල පවත්වන්නට නියමිතව තිබුණේ දෙසැම්බර් දෙවැනිදා. නමුත් රටේ ප්‍රශ්නත් එක්ක තමයි ඒක ජනවාරියට කල් ගියේ.
ඇත්තටම මම මේ ඇගයීම ඉතාම සතුටින් බාරගත්තා. ඒ වගේම ස්තූතිවන්ත වෙනවා මොකද පළවෙනි වතාවට බයිලා කැටගරි එකක් ඇතුළත් කරලා මම ගායනා කරපු ගීතයකට යම් ඇගයීමක් කළා කියන්නේ ස්තූතිවන්ත වෙන්න ඕන කාරණාවක්.
මරියසෙල් ගුණතිලක ඇයටම අනන්‍ය ලෙසින් රැගෙන ආ මේ වේග රිද්මයේ ගායනය පසු පසින් අනාගතයට රැගෙන යන්නට දහස් ගණන් ගායිකාවන් තවත් බිහි වුණේ නැත. එසේ බිහිවූවා නම් බිහි වූයේ ඉතාමත් අල්ප ලෙසිනි. නමුත් ඈ පැමිණි දශකයේ සිට මේ දක්වා ඉතිහාසය පිරික්සීමේදී ගායන ලොවට පිවිසි සහ ගායන ලොවේ දිගු ගමනක් ගිය වෙනත් ආරේ ගීත ගායනා කරනා ගායිකාවන් කොතෙකුත් වේ. එසේ හෙයින් එක්තරා අන්දමකට වේග රිද්මයේ ගීත සහ බයිලා ගීත ගයන ගායිකාවන් වෙත කළ ගෞරවනීය ඇගයීමක් ලෙසින්ද මෙය සැලකිය හැකිය.
“ඇත්තටම මේ අය මේ සඳහා සලකා බලා තිබෙන්නේ සම්ප්‍රදායික බයිලා සහ වේග රිද්මයේ ගීතයි. මම හිතන්නේ පෘතුගීසි ආභාෂය තියෙන ගීත තමයි ඒ සඳහා සලකලා තිබෙන්නේ ඒ ක්‍රමවේදය මොකක්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. හැබැයි ඉතින් දර්ශනට විශ්වාසයක් තිබුණා මේ ජපඪබඥපඪච ඒක අනුව මේ ගීතයට යම් ඇගයීමක් ලැබෙයි කියලා ඉතින් ඒක තමයි වුණේ.
බයිලා සහ වේග රිද්මයේ ගීත පිළිබඳ ඉතිහාසය සලකා බැලුවද ඒ වෙනුවෙන් කැපවුණු ගායිකාවන් අතර සුවිශේෂී නාමයක් වශයෙන් මරියසෙල් යන නාමය නිතැතින්ම ඕනෑම කෙනෙකුගේ මතකයට එන නාමයකි. ඇගේ ඉතිහාසය ගැන විමසන්නට අටුවා ටීකා අවශ්‍ය නොමැති වුවද ආදරෙන් සැමරිය හැකි අතීතයක් ඇයට හිමිව ඇති බව ඇය අද ද විශ්වාස කරයි.
මම තනිකරම බටහිර සංගීතයට යොමු වෙලා හිටපු කෙනෙක්. මම ඉංග්‍රීසි ගීත තමයි වැඩියෙන්ම ගායනා කළේ. 1971 සිට 1977 වනතුරු අවුරුදු හතක්ම මම කළේ බටහිර සංගීතය. එතකොට සිංහල ගීත ගායනා කළේ නැතුව නෙවෙයි. මම ගායනා කළේ ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීත. මිනෝන් ප්‍රනාන්දු ඩැල්රින් සුබීගේ ගීත වැනි ඒවා. මේවා ඔක්කොම බටහිර ශෛලියේ ගීත දෙමළ සින්දු සහ හින්දි සින්දුත් ඔය අතර ගායනා කළා. නමුත් මගේ ජීවිතයේ සන්ධිස්ථානයක් වුණේ කැන්ඩි ළමිස්සි ගීතය.
කැන්ඩි ළමිස්සි ගීතය ඉංග්‍රීසි සහ සිංහල දෙකම මිශ්‍ර වුණු ගීතයක්. ඒ කාලේ සිංග්ලිෂ් වලට පොඩි ඉල්ලීමක් තිබුණා මොකද ඩෙස්මන්ද සිල්වා “යමන් බන්ඩෝ වෙසක් බලන්න, පොල් කටු හැන්ද මිට වගේ” වැනි ගීත ගායනා කරලා ඒවා ජනප්‍රිය වෙලා තිබුණා.
ඒක තමයි මගේ මුල. ඇත්තටම සිඤ්ඤොරිනා ගීතය මම ගායනා කෙරුවෙත් ඩෙස්මන් නිසා. ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම ඩෙස්මන්ට යන්න ඕන. ඔහු ගායනා කරපු සහ පටිගත කරපු අවසාන ගීතයේ වූයේ මේ ගීතය. ඒක ටයිටල් වෙලා තිබුණේ සිඤ්ඤොරිනා නමින් නෙවෙයි “කොම්පැනි වීදිය” කියලයි. එතකොට ඔහු නැතිවෙන්න මාසෙකට කලින් තමයි මේ ගීතයේ රචක තරින්ද ගුණවර්ධන සමඟ එකතුවෙලා මේ ගීතය පටිගත කරලා තිබුණේ සිඩ්නිවලදී. මේ ගීතය නිකුත් කරන්න දවස් දෙක තුනකට කලින් ඔහු නැති වෙනවා. මේ ගීතය ඔහුට ඇහෙන්නවත් ලැබෙන්නේ නෑ. ඒක එහෙමම යට යනවා.
2023 දී ඔහු වෙනුවෙන් ඩිනර් ඩාන්ස් එකක් තිබුණා එංගලන්තයේදී මම ඒකට ගායනා කරන ගීත හොය හොයා ඉන්නකොට මට මේ ගීතය යූටියුබ් එකේ දැක්කා. මීට කලින් ඩෙස්මන්ඩ් මට මේ ගැන කියලා තිබුණා ඩෙස්මන් මට සැලකුවේ එයාගෙම නංගි කෙනෙක් විදිහට ඩෙස්මන්ඩ් ඒ ගීතය ගැන පුදුම ආසාවකින් හිටියේ. මට ඒකත් මතක් වුණා. ඒ නිසා මේ ගීතය මම ඇහුවා පුදුම තරම් ලස්සනයි. මට නිකම් හිතුණා ඔහු වෙනුවෙන් මේ ගීතය මම ගායනා කරන්න ඕන කියලා මම මුලින්ම කතා කළේ ඩෙස්මන්ගේ වයිෆ්ට. මම ඇහුවා මේ ගීතය කිව්වට කමක් නැද්ද කියලා. ඇය කිව්වා අනේ කමක් නෑ කියලා පස්සේ මම දර්ශනයට කතා කළා. එයා කැමැති වුණා. හැබැයි වචන ලියලා තිබෙන්නේ පිරිමි කෙනෙකුට ගායනා කරන්න. පොඩ්ඩක් ඉන්න අපි වෙනස් කරලා එවන්නම් කියලා. ච්ඪදදඥප ඤචදජඥ එකට ගායනා කළේ ඒ වෙනස් කරපු වචන. හරියටම ඒකට අලුත් වචන දාලා තිබුණා. මේ ඤඪදදඥප ඤචදජඥ එක තිබුණේ 2024 සැප්තැම්බර් 9 දා. ඒක මම ගායනා කලාට පස්සේ මට ඒක එහෙමම අමතක වුණා. හැබැයි කවුරුහරි ඒක වීඩියෝ කරලා තිබුණා. ඒක මට එවලා තිබුණා. ඒක මම යැව්වා දර්ශනට. දර්ශනට එක පාරටම අදහසක් ආවා මේක පටිගත කරන්න මා ලවා ගායනා කරලා.
ඇත්තටම කිව්වොත් ඒකට මම කැමති වුණේ්ම නෑ. දැනටත් මම කියන්නේ මේක ඩෙස්මන්ගේ ගීතය කියලා. පස්සේ කොහොම හරි මේ ගොල්ල ට්‍රැක් එක ගහලා ඩමිය එවලා අහවල් දවසේ රෙකෝඩින් කියලා මට එන්න කිව්වා.
මම රත් වුණා. මම දෙන්නෙක් තුන්දෙනෙකුට කතා කරලා මොකද දැන් මම කරන්නේ කියලත් ඇහුවා. පස්සේ මම බයෙන් බයෙන් ඩෙස්මන්ගේ වයිෆ්ට කතා කළා. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ගීතයේ මම කිව්වට කමක් නැද්ද හැබැයි මේ ඩෙස්මන්ඩ් කිව්ව වචන නෙවෙයි කියලා කිව්වා. ඩෙස්මන්ගේ ගීතයට.
අඥනතර එක වගේ. එයා කමක් නෑ කිව්වා හැබැයි එක ඉල්ලීමක් කලා ඩෙස්මන් ගැන යමක් කියන්න කියලා. තරින්ද ඒක ඉෂ්ට කලා. ඒක මියුසික් වීඩියෝ එකෙත් තිබෙනවා.
ඒ හැම කෙනෙකුගේම ආශිර්වාදය හින්දා තමයි මම මේ ගීතය ගායනා කළේ. ගීතයේ රෙකෝඩ් කලේ 2024 දී මම මධඪජඥ කළේ. අපි බොහොම සහයෝගයකින් මේ වැඩේ කළා. මට පස්සේ හිතුණා මේක ලස්සන වැඩක් කියලා. ඇත්තටම ඩෙස්මන් ජීවතුන් අතර හිටියා නම් ඔහු තමයි මේක කරන්නේ. එහෙනම් මේ සම්මානයේ ගන්නේ ඩෙස්මන්ඩ්. මට හරි දුකයි ඒ ගැන අදටත් දුකයි.
මට සමහර විට මෙහෙමත් හිතෙනවා ඩෙස්මන්ඩ් මම පොඩි කාලේ ඉඳන්ම දන්න කෙනෙක් අපි එච්චරට ළඟයි.
මට ඉස්සර ඩෙස්මන් කියන ‘චූටි කෙල්ලනේ’ කියලා. සහෝදරියක් වගේ සැලකුවේ මට හිතෙනවා ඩෙස්මන්ට ඉන්න තැනක ඉඳන් බලන් ඉන්නවා කියලා ඔහුගේ සහ ඔහුගේ බිරිඳගේ ආශිර්වාදය තියෙනවා කියලා සීයට සීයක්ම මා දන්නවා. ඔහොම තමයි සිඤ්ඤොරිනා ගීතය නිර්මාණය වුණේ.
මරියසෙල් මෙසේ ඇගැයීමට ලක්වනුයේ මෙරට ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසි අලුත් අදහස් ඇති නව්‍ය ගී පද රචනයේ දක්ෂයකු වූ තරින්ද ගුණවර්ධන අතින් නිර්මාණය වූ පද රචනාවකටය. ඔහු පිළිබඳ මරියසෙල් පැවසුවේ මෙවැන්නකි.
ඇත්තටම මම තරින්දව දැන හඳුනා ගන්නේ මේ සින්දුව නිසා. මේක සම්පූර්ණයෙන්ම වෙනස්ම ශෛලියකින් ලියවුණුු ගීතයක්. පෘතුගීසි වචන දාලා ඊට කලින් එයා ගීත ලියලා තිබුණා. වික්ටර් රත්නායකයන්ට ලියලා තිබුණා ලස්සන ගීතයක් ඒක අහනකොට ඇඩෙනවා.
නමුත් මේ ශෛලියේ ගීත තිබුණේ නැහැ. ඒවගේම මම දන්නේ නැහැ දර්ශන මේ වගේ තනු නිර්මාණය කරලා තියෙනවද කියලා. මේ තනුවත් අත්හදා බැලීමක් වුණාට ඒක සාර්ථක අත්හදා බැලීමක් කියලා කියන්න පුළුවන්. අපි තුන්දෙනාගේ දායකත්වය මෙතැනදී ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා අපි තුන්දෙනාම මේ ගීතයේ කලේ බොහොම විවෘතව. කිසිම දෙයක් බලාපොරොත්තුව නෙවෙයි. එම ගීතයේ තිබෙන ආදරේට වගේම මම මේක කළේ ඩෙස්මන්ට තිබෙන ගෞරවයට.
කාලාන්තරයකට පසුව හෝ ඇගැයීමක් ලැබීම ඕනෑම කෙනෙකුගේ හදවතේ යම් උත්තේජනයක් සතුටක් ඇති කිරීමට සමත් වේවි. මරියසෙල්ටද ඒ උත්තේජනය ඒ ආකාරයෙන්ම බලපාන්නට ඇති. ඇය ඒ පිළිබඳ අදහස් දැක්වූයේ මෙහෙමය.
ඔව් ඒක ඕනම කෙනෙකුට වෙන දෙයක්. මේක රජයෙන් මාව ඇගයුවා කියන්නේ මම
මාව ඇගයුවා කියන්නේ මම බලාපොරොත්තු නොවුන දෙයක් මං වගේ කෙනෙකුට වේග රිද්මයේ ගායිකාවකට මේ වගේ දෙයක් ලැබීම ගැන මම හරිම තෘප්තිමත් සහ නිහතමානීව මම කියන්නේ මට මේ ඵඩධජඬ එකක්.
මරියසෙල් ගේ ගායන දිවිය දෙස බලන විට ඇගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වනුයේ කැන්ඩි ළමිස්සි ගීතයය. එසේම ඉන් පසුව ඇය ගැයූ සිහින නෙළුම් මල් ගීතයද ඇගේ ජීවිතයේ තව සංධිස්ථානයකි. පසුගියදා පැමිණි සිඤ්ඤොානා තවත් එවැනිම සන්ධිස්ථානයකි.
ඔය හැම ගීතයක්ම මට ලැබෙන්නේ අහම්බයකින්. සිහින නෙළුම් මල් ගීතය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් තමයි. මාව ගායන ජීවිතයේ වෙනමම තැනකට ගෙනිච්චා. මේ ගීතය බල කරලා බල කරලා මගේ අතින් ගයපු ගීතයක්. තනුව රොෂාන් ද සිල්වාගේ. ඔහු මගේ පුතාගේ පළවෙනි උපන්දිනයට දුන්න තෑග්ගක්. එතකොට ඒ මෙලඩි එක පුතාගේ උපන්දිනයට සුමාන දෙකකට කලින් මට දුන්නේ ඔහුට උපන්දිනයට එන්න වෙන්නේ නැති නිසා. මොකද ඇහුවම පුතාගෙන ගීතය ඔයා මේකට ලස්සන වචන දාලා කියන්නම ඕන කිව්ව. මම ඇඹරුණා. මම කැමති වුණේ්ම නෑ. මම කල්පනා කළා කවුද වචන ලියන්නේ කියලා මට මතක් වුණා අජන්තා රණසිංහව. මම අජන්ත කෝල් කළාම සින්දුවක් ලියනවා එන්න පුළුවන්ද ඇහුවම හා මම ගෙදර යන ගමන් එන්නම් කිව්වා. ආපු ගමන්ම අජන්තා දැක්කේ මගේ පුතාව. ඒ වන විටත් කවුරුත් දැනගෙන හිටියේ නෑ මට පුතෙක් හම්බ වුණා කියලා. හැංගුවේ නෑ. නමුත් ඒක ප්‍රසිද්ධ කළෙත් නෑ. ඒකට හේතුව මම ප්‍රෙග්නන්ට් කාලයේ පුතාව නැති වෙන්න ගියා. 8 months වලින් වගේ. මිත්‍යාවක් තියෙනවානේ කියන්න එපා කියලා ඒ නිසා කාටවත් කිව්වේ නෑ. විවාහ වුණා කියලා දැනගෙන හිටියා. අජන්තා ගෙදරට ආවම ඉස්සෙල්ලාම දැක්කේ බබාවයි මාවයි. කියපු වචන මට අමතක වෙන්නේ නෑ.
ආ…. You are married !
You have a son now කියලා. අජන්තා මාව දන්නේ 1977 ඉඳලා. අජන්තා මට පළවෙනි චිත්‍රපට ගීතය ගායනා කරන්න තමයි ආරාධනා කරන්න මුලින්ම ආවේ. ගායනා කළේ ෆ්‍රෙඩී සිල්වා සමඟ. ඒ කාලයේ ඉඳලම අජන්තා මාව දන්නවා මට ගීත කීපයක්ම රචනා කරලා තිබෙනවා. අජන්තාට ආපු කාරණාව අමතකයි. මාත් එක්ක කතා කරනවා කොහොමද විවාහ ජීවිතේ කියලා අහනවා. මොකද වෙනස. පුතා හම්බ වෙලා කොච්චර කල්ද? මොනාද දැන් දැනෙන වෙනස ආදිය කියලා අහනවා.
මම කියනවා දකිනවා අජන්තා හැමදාම අලුත් දවසක් මෙයාගේ අලුත් අලුත් දේවල් එක එක දවසට කියලා මමත් කියනවා. පැය දෙකක් විතර මාත් එයා කතා කරලා මට එන්න කිව්වේ මොකටද කියලා ඇහුවා මම කිව්වා සින්දුවක් ලියාගන්න කියලා. ආ කැසට් එක දාන්න කියලා මම කැසට් එක දැම්මා. එයා කැමති වුණා තනුවට. මොනව ගැනද ලියන්න ඕන ඇහුවා. මම කිව්වා මෙයා ගැන තමයි. හැබැයි මෙයාගේ නම කියන්න එපා කියලා පොදු ගීතයක් වුණ දෙන් කියලා.
මම කියූ දේත් එක්ක අජන්තා සිහින නෙළුම් මල් ගීතය මට ලියලා දුන්නා. මම හිතපු නැති විදිහට ඒ ගීතය ජනප්‍රිය වුණා. අදටත් ඒක ජනප්‍රියයි. ඒක මගේ පුතාගේ ගීත විතරක්ම නෙමෙයි. අද උපදින දරුවාගේත් ගීතය වෙලා මට අජන්තාගෙන් ලැබුණ දේවල් තමයි බොහොමයක් තිබෙන්නේ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න
