ශේෂාද්‍රි ප්‍රියසාද් නම කියූ සැණින් අපට මතකයට නැගෙන්නේ සිංහල සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ය. ඔහුගේ ආදරණීය දෙවෙනි දූ කුමරිය ලෙසින් උපන් ශේෂාද්‍රි වර්තමානයේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකි. සෙනසුරු මාරුව, ඛධධථ, සිහිනයකි ආදරේ චිත්‍රපට වල කළ රංගනයෙන් ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට ශේෂාද්‍රි සමත් වූවාය. ඇය නර්තනයට දස්කම් දක්වන්නියකි. පසුගිය සරසවිය සම්මාන උලළේදී යොවුන් නළු චානුක ප්‍රබුද්ධ සමඟ කළ නර්තනය ඉතා අපූරුය. රංගනයෙන් මදක් බැහැර වී සිටි ඇය නැවතත් පුංචි තිරයෙන් අපට දැකගත හැකිවී ඇත. කලකට පසු නැවතත් ඇය ගැන ප්‍රේක්ෂකයන්, රසිකයන් කතා බහ කිරීමට පටන් ගෙන ඇත. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පහේ ළමයි’ ටෙලි නාට්‍යයේ රිශිනි ටීචර්ගේ චරිතයට පණ පොවන්නේ ශේෂාද්‍රිය. ඇයට ගුරුවරියකගේ චරිතය ආගන්තුක නැත. එයට හේතුව ඇය කලක් ගුරුවරියක් ලෙස සේවය කර ඇති නිසාය. ශේෂාද්‍රි සරසවිය සමඟ සම්බන්ධ කර ගත්තේ ඇය මේ දිනවල රංගනයෙන් දායක වන ‘ පහේ ළමයි’ ටෙලි නාට්‍යයේ ඇයගේ රංගනය ගැනත් , පෞද්ගලක ජීවිතයේ තොරතුරු තම ආදරණීය ප්‍රේක්ෂකයන්, රසිකයන් අතර බෙදා හදා ගන්නටයි.
මේ දිනවල මම වැඩිපුරම ගත කරන්නේ රූගත කිරීම් සමඟ. ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘පහේ ළමයි’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් වල. රශිනි නැමති ගුරුවරියගේ චරිතය තමයි මම කරන්නේ. එය මට සමීප චරිතයක් සහ දැනෙන චරිතයක්. මමත් කාලයකට පෙර ගුරුවරියක් විදිහට සේවය කළා. සාරිය ඇන්දේ නැති එක විතරයි විශේෂ දේකට තිබුණේ. මම වැඩ කළේ කුඩා දරුවන් සමඟ. ඒ නිසා ගුරුවරියක සතු ගුණාංග මොනවද කියලා මම හොඳීන්ම දන්නවා.
‘ පහේ ළමයි’ අධ්‍යක්ෂණය කරන්නේ ශාන් ජයරත්න. ශාන් විසින් අධ්‍යක්ෂණය කළ වීදුරු තිර මම හරි ආසාවෙන් බලපු ටෙලි නාට්‍යයක්. එය පසුගිය කාලයේ අතිශය ජනප්‍රිය වුණා. ඒ දවස්වල තමයි මට ඔහු කතා කළේ. ‘පහේ ළමයි’ ටෙලි නාට්‍යය සඳහා. ගුරුවරියකගේ චරිතයක් කිව්වහම මට ආසා හිතුණා. ඒ නිසා දෙපාරක් නොහිතා මම කැමැත්ත දුන්නා. කාලයකට පසු රඟපාන නිසා මම ආසා කරන චරිතයකින් නැවතත් රඟපාන්න ලැබුණ එක ගැන සතුටුයි.
මේ ටෙලි නාට්‍යය හරිම අපූරුයි. පහේ ශිෂ්‍යත්වය ගැන විෂේශයෙන් කතාබහ වෙනවා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ ළමුන් වුවත් එය අම්මලාගේ විභාගය කියලා තමයි හඳුන්වන්නේ. පාසල තුළ තිබෙන යථාර්ථය මෙයින් පෙන්වනවා. මෙහි කාවිංග පෙරේරා, රොෂාන් රණවන, කවිහාරි හපුආරච්චි, චතුරංග කොඩිතුවක්කු ඇතුළු රංගන ශිල්පීන් රැසක් මාත් සමඟ රඟපානවා. මෙය වැඩි ප්‍රේක්ෂක පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක්. මට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණයක් එසේමයි. වර්තමානයේ පාසල්වල තිබෙන සැබෑ තත්වය මෙම ටෙලි නාට්‍යයේ ඇතුළත් වෙලා තිබෙනවා. නරඹන අය කියන්නෙත් ඒ අයගේ දරුවන් යන පාසල් වලත් තියෙන්නේ මේ තත්වයමයි කියලා. ඇත්තටම වර්තමානයේ පාසල්වල දක්නට ලැබෙන සැබෑ සිදුවීම් ‘පහේ ළමයි’ ටෙලි නාට්‍යයෙන් දැක ගන්න පුළුවන්.
‘පහේ ළමයි’ ටෙලි නාට්‍යය පටන් ගෙන වැඩි කාලයක් නැති වුවත් ප්‍රේක්ෂකයන් එය වැලඳගෙන තිබෙන බව අපට පේනවා.
මම කොහේ හෝ ගිහාම මට හමුවන අය මගෙන් පුදුමයෙන් වගේ මෙන්න මෙහෙම අහනවා.
‘ඔයා ආයේ රඟපානව නේද’
එහෙම අහන කොට හිතට දැනෙන්නේ සතුටක්. රංගනය පැත්තෙන් පසුගිය කාලයේ නිවාඩුවක් ගත්තා. මගේ විවාහය සිදුවුණා. ඉන්පසුව දුව හම්බ වුණා. ඒ නිසා පෞද්ගලක ජීවිතය කාර්‍යබහුල වුණා. එහෙත් දැන් නිදහසක් ලැබී තිබෙනවා. ඒ නිසා හොඳ නිර්මාණයක් ලැබුණොත් රඟපානවා. මම කලක් නිශශබ්දව සිටියත් ඒ කාලේ රඟපෑ චිත්‍රපට කිහිපයක් තිබෙනවා තිරගත වෙන්න. ඒවා දැන් තිරගත වුණත් වැඩක් නැහැ කියලයි මට සිතෙන්නේ. ඒ අතරේ 2012 රූගත කිරීම් කළ චිත්‍රපටත් තිබෙනවා. ඒවා තිරගත වූ විට හානිය වෙන්නේ එහි රඟපෑ රංගන ශිල්පීන්ට. ඒ කාලේ වගේ නෙවෙයි දැන් අපේ රංගනයේ පවා දියුණුවක් තිබෙනවා. නියමිත කාලයේ ඒවා තිරගත නොවූ එක අපරාධයක්. ඒ නිසා රඟපාන එකත් මට එපා වුණා.
මේ කටයුතු අතරේ දුවගේ වැඩත් සමබරව කරන්නේ කියලා සමහරු මගෙන් අහනවා. දුවට හානියක් නොවන විදිහට මම වැඩ කරනවා. දුව පුංචි කාලේ නම් රූගත කිරීම් වලට යන්න අමාරු වුණා. දැන් දුවට ටිකක් තේරෙනවා. රූගත කිරීම් වලට යන දවසට මම දුවව තියලා යන්නේ මගේ අම්මා තාත්තා ළඟ හෝ මගේ මහත්මයාගේ අම්මා තාත්තා ළඟ. මුලදී තරමක් අපහසු වුවත් දැන් දුවට තේරෙනවා. මම ෂූටිං යනවා කියලා. දුව හරි ආසයි ඩාන්ස් කරන්න. උදේ නැඟිට්ට වෙලාවේ ඉදන් කරන්නෙ ඩාන්ස් කරන එක. වීඩියෝ එකක, ටීවී එකේ සිංදුවක් දැක්කොත් ඒකේ නටන කෙනාගේ ඇඳුමේ පාටම ඇඳුමක් එයාටත් ඕන වෙනවා. මගේ අම්මාට හොඳට මහන්න පුළුවන්. ඉතින් අම්මා දුවට ඕන ඕන පාටින් මහලා දෙනවා. මගේ මහත්මයා ක්‍රිෂාන්තගේ සහ මගේ ලෝකය දුව තමයි.
ක්‍රිෂාන්තත් ඉතා කාර්‍යබහුල ජීවිතයක් ගතකරන්නේ. ඔහු ගායකයෙකු වගේම ගිටාර් වාදකයෙකුද වෙනවා. එචපඥඩධභඵඥ ර්‍ථපධණඥජබ නමින් ඔහුට සංගීත කණඩායමක් තිබෙනවා. වෘත්තිය ලෙස තොරතුරු තාක්ෂණය (ධ්ඊ) සම්බන්ධව රැකියාවක් කරනවා. එයා සංගීතයට දක්ෂයි. ක්‍රිෂාන්ත හරිම ආසාවෙන් සංගීත කටයුතු කරන්නේ. එයාගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි එයා උත්සාහ කරන්නේ. ළඟදීම අලුත්ම ගීතයකුත් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා.
මා ගැන කතා කරන මේ වෙලාවේ මගෙ අක්කා දිනක්ෂි ගැනත්, නංගී ශනුද්‍රි ගැනත් කතා නොකර බැහැ. මගේ හැමදෙයක්ම මම මුලින්ම කියන්නේ ඒ දෙන්නට. අපි තුන්දෙනාට වට්ස්ඇප් ගෲප් එකක් තිබෙනවා. ඒකෙන් තමයි අපි කතා කරන්න එකතු වෙන්නේ. ඒ දෙන්නා රංගනය පැත්තෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. අක්කාත් මාත් අතර වයස පරතරය අවුරුද්දයි. නංගි මට වඩා අවුරුදු හයකින් බාලයි. ශනුද්‍රි අපේ පවුලේ බාලයා වුණත් ඒ පොඩි වයසට එයා අපිට වඩා ඉදිරියට යනවා. ඒ ගැන දකින විට නම් හිතට ලොකු සතුටක් දැනෙනවා. අපේ මුලු පවුලම කලාවට සම්බන්ධ නිසා කට්ටියම එකට මුණ ගැසෙනවා අඩුයි. ඒත් අවස්ථාව ලද විගස අපි කරන්නේ ඔක්කොම එකතු වෙලා කොහේ හරි ගිහින් විනෝද වෙන එක.
වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අපි තුන්දෙනා ගැන නිතරම කතාබහ ඇතිවෙනවා. අපිට හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. අපි තුන්දෙනාව විවේචනය කරමින් ප්‍රතිචාරත් ලැබෙනවා. මම ඒ ප්‍රතිචාර දෙවර්ගයම බලාපොරොත්තුවෙන් වැඩ කරනවා. සමාජ මාධ්‍ය මම දකින්නේ හොඳ මාධ්‍යයක් විදිහට. ඉස්සර ප්‍රතිචාර ලැබුණේ ලිපි සහ තැපැල්පත් මඟින්. එත් සමාජ මාධ්‍යයෙන් එසැණින් ප්‍රතිචාර ලැබෙනවා අපේ රඟපෑම් සහවෙනත් කටයුතු සම්බන්ධයෙන්. ඒ නිසා අපේ වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා ඉක්මනින් නිවැරදි කර ගන්න අපිට පුළුවන්. එහෙත් කිසිම අදාළත්වයක් නැති දේවල් වලටත් අපි බැණුම් අහන අවස්ථාත් තිබෙනවා. කුමන ප්‍රතිචාර ලැබුණත් අපි තුන්දෙනා ඒවාට නොසැලී රංගන ක්ෂේත්‍රයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යනවා.
ඉදිරියේදී වෙනස්ම විදිහේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ගැන මේ දිනවල සාකච්ඡා පවත්වමින් ඉන්නේ. මමත් මගේ රංගනය උපරිමයෙන් යොදවන්න බලාපොරොත්තු වෙනවා. එහි අලුත්ම තොරතුරු ඉදිරියේදී සරසවියට දන්වන්නත් නොඉවසිල්ලෙන් ඉන්නවා.
නයනාංජලි දෙහිපිටිය
