Home » මත්පැන් ප්‍රතික්ෂේප කළ බොලිවුඩයේ ජොනී වෝකර්

මත්පැන් ප්‍රතික්ෂේප කළ බොලිවුඩයේ ජොනී වෝකර්

by mavan
February 5, 2026 12:07 pm 0 comment

බද්රුද්දීන් ජමාලුද්දීන් කාසි, නැතහොත් ජොනී වෝකර් 1926 නොවැම්බර් 11 දින ඉන්දෝර් හි මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ (පෙරනාමය ඕපඪබඪඵඩ ධ්දඤඪච) උපත ලැබීය. ඔහුගේ පියා මෝල් සේවකයෙකු වූ අතර ජොනී ඇතුළු දරුවන් 10 දෙනෙකු ඔහුට සිටියේය.ඉන්දියාව, බ්‍රිතාන්‍යයෙහි යටත්විජිතව තිබූ සමයේදී සහෝදර සහෝදරියන් 9 දෙනෙකු මධ්‍යයේ මූල්‍යමය වශයෙන් දුෂ්කර පවුලක ඉපදී හැදී වැඩුණු ඔහුට චිත්‍රපට කර්මාන්තය සඳහා පිවිසීමට සිහින දැකීම විහිළුවක් විය. ඔහුගේ පියාගේ රැකියාව අහිමි වූ පසු, ඔවුන් මහාරාෂ්ට්‍රයට සංක්‍රමණය විය. මුදල් ඉපැයීමේ වගකීම ජොනී මතට පැමිණියේය. ඔහු පලතුරු වෙළෙන්දෙකු ලෙසත් සමහර දිනවල එළවළු වෙළෙන්දෙකු ලෙසත් තවත් දිනවල ලිපි ද්‍රව්‍ය විකිණීමේ කටයුතුවලත් නිරතව සිටියේය. එහෙත් චිත්‍රපටවල වැඩ කිරීමේ ඔහුගේ තරුණ සිහිනය කිසි විටෙකත් ඔහු හැර ගියේ නැත.

ජොනී 1940 ගණන්වල මුල් භාගයේදී බොම්බායට (දැන් මුම්බායි) පැමිණි අතර එහිදී විදුලි සැපයුම් සහ ප්‍රවාහන (ඕඡ්ඉඊ) බස් සේවයේ බස් කොන්දොස්තරවරයෙකු ලෙස ඔහු සේවය කල අතර එමඟින් ඔහුගේ ඉරණම නියම විදිහට විසඳීනි.

මීට හේතුව, කොන්දොස්තරවරයෙකු ලෙස, ඔහු තම මගීන්ට විනෝදාස්වාදය ලබා දුන් බැවිනි. ඔහු සැබෑ ජීවීතයේ දී විකට නළුවෙකු විය. ඔහුගේ විශිෂ්ට ස්වාභාවික හාස්‍යය සහ අමුතු අනුකරණයන් නිසා ඔහුගේ මගීන්ට සිනහවක් ඇති විය. මේ කාලය තුළ, “බල්රාජ් සහ්නි” ඔහුව දුටුවේය. “සහ්නි” ‘බාසි’ චිත්‍රපටය සඳහා කතාව ලියමින් සිටි කාලයේ දී ප්‍රසිද්ධ ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂකයකු, නිෂ්පාදකයකු සහ ලේඛකයකු වන “ගුරු දත්” වෙත තම කුසලතා ඉදිරිපත් කරමින් බේබද්දෙකුගේ චරිතය නිරූපණය කරන ලෙස “ජොනීගෙන්” ඔහු (“සහ්නි”) ඉල්ලා සිටියේය. එහිදී “බද්රුදීන්ගේ” නොහොත් “ජොනී වෝකර්ගේ” රංගනය “ගුරු දත්ගේ” සිත් ගත්තේය. එබැවින්, ගුරු දත් විසින් අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන “බාසි” (1951; “ගැම්බල්”) හි චරිතයක් ඔහුට ලබා දුන්නේය. ස්කොච් විස්කි සන්නාමයක්( මත්පැන් සන්නාමයක්) මත පදනම්ව, ‘ජොනී වෝකර්’ යන වේදිකා නාමය ඔහුට ලැබුණේ එලෙසිනි. කෙසේ වෙතත්, ඔහු ජීවිත කාලය පුරාම මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස ක්‍රියා කලේය.

දෙබස්, දර්ශන සහ ජනප්‍රියත්වය
ජොනීට ගුරු දත් සමඟ හොඳ සම්බන්ධතාවයක් තිබිණි.”ගුරු” ජොනීගේ රංගනයට, ස්වයංසිද්ධතාවයට සහ ඔහුගේ කුසලතාවන්ට ආදරය කළා. “ජොනී” ඔහුගේ සෑම දෙබස් සමඟම නව අදහස් ඉදිරිපත් කළ අතර එයට “ගුරු දත්” බෙහෙවින් සතුටු විය. ජොනී සුළු විකට චරිත පමණක් රඟපෑවේ නැත. ඔහුව බොහෝ විට ‘බේබද්දෙකු’ ලෙස නම් කරන ලදී. මෙම චරිතවලට එරෙහිව, ජොනී වීරයෙකු ලෙස ද දුෂ්ටයෙකු ලෙසද චරිත නිරූපණය කළේය. ‘චූමන්තර්’ (1956) හි ‘බයිජු’ ලෙස රඟපාමින්,එහිදී ඔහු ගීත හරහා වීරවරිය විශ්මයට පත් කරන අතර දුෂ්ටයන්ට එරෙහිව තරඟ කරයි. ‘මායි බාප්’ සිනමා පටයෙහි ‘පාකර්’ ලෙස, ඔහු කපටි දුෂ්ටයාගේ චරිතය රඟපෑවේය. අඩු තිර කාලයක් තිබූ චිත්‍රපටවල, ඔහු ඔහුගේ මිනිත්තුවක පෙනුම පවා ප්‍රමුඛ කළේය. ජොනී, ඔහුගේ ගමන පුරාම, විකට නළුවෙකු ලෙස, අතිශය බහුකාර්යතාව සහ දක්ෂතාවය පෙන්නුම් කළේය. ඔහු තම චරිත කෙරෙහි අතිශයින්ම දැඩි ඇල්මක් දැක්වූවා පමණක් නොව, සෑම භූමිකාවකදීම, විකට චරිතයක් ද රඟ දැක්විය හැකි ලෙස විවිධ ආලෝකකරණද යොදා ගැනිණ.

පෞද්ගලික ජීවිතය
ජොනී 1955 වසරේ දී බොලිවුඩ් නිළි ශකීලාගේ බාල සහෝදරිය වන නූර්ජහාන් සමඟ විවාහ විය. ශකිලා, නූර්ජහාන් සහ නස්රීන් යනාදී නම්වලින් සහෝදරියන් තිදෙනෙකු වූ අතර ඔවුන් ඉතා කුඩා අවධියේදී දෙමාපියන් අහිමි විය.එමනිසා ඔවුන් හැදී වැඩුණේ ඔවුන්ගේ මාමා සහ නැන්දාගේ මෘදු රැකවරණය යටතේය. මෙම සහෝදරියන් තිදෙනාගෙන් ශකිලා වඩාත් ජනප්‍රිය නිළිය බවට පත්විය.

ජොනීට නූර්ව මුණගැසුණේ “ආර් පර්” (1954) චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරය.එවකට “නූර්” නවක කලාකාරිනියක් වූවාය. මොවුන් දෙදෙනා තම පවුල් දෙකෙන්ම එල්ල වූ විරෝධය මධ්‍යයේ විවාහ වූහ.ඔහුට දරුවන් හය දෙනෙකු සිටින අතර, දියණියන් තිදෙනෙක් (කෞසර්, තස්නීම් සහ ෆිර්දවුස්) සහ පුතුන් තිදෙනෙක් (නසීම්, කාසිම් සහ නසීර්) විය. ඔහුගේ පුත් නසීර් ප්‍රසිද්ධ චිත්‍රපට සහ රූපවාහිනී නළුවෙකු ලෙස ස්ථාපිත වී ඇත. නසීර් හැර ඔහුගේ අනෙක් දරුවෝ ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචි වී සිටිති. “වෝන්ටඩ්”(1961) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකින් රංගනයට පිවිසි විජේ කුමාර් (වහිදුදීන්) සහ නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වූ ටෝනි වෝකර් ඔහුගේ සහෝදරයන්‍ ය.

කැපී පෙනෙන චිත්‍රපට
“බාසි” සහ ත්‍රාසජනක සිනමාපටයක් වන “ජාල්” (1952; “ද ට්‍රැප්”) හි දත් සහ ජොනී අතර දිගු සම්බන්ධතාවයක ආරම්භය සනිටුහන් කළේය. ජොනීට හොඳටම මතකයේ රැඳී ඇති චරිත බොහොමයක්ම දත් රඟපෑ සහ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද හෝ නිෂ්පාදනය කරන ලද චිත්‍රපටවල විය. ත්‍රාසජනක චිත්‍රපටයක් වන “ආර්-පාර්” (1954, “මේ හෝ ඒ”) හි කපටි වංචාකාරයෙකු වන රුස්ටම් ලෙස ඔහු රඟපෑවේය. “මිස්ටර් ඇන්ඩ් මිසිස් ’55 (1955) ආදර සිනමාපටයෙහි පිරිමි ප්‍රධාන චරිතයේ පක්ෂපාතී සහ ජවසම්පන්න මිතුරා වන ජොනී; ත්‍රාසජනක චිත්‍රපටයක් වන සී.අයි.ඩී. (1956) හි අපරාධ විමර්ශනයක පැටලී සිටින පික්පොකට්කරුවෙකු වන මාස්ටර්; ප්‍යාසා (1957; “තර්ස්ටි”) හි පිරිමි ප්‍රධාන චරිතයේ ආදරණීය සම්බාහන ශිල්පියෙකු සහ ස්ථිර සහකරුවෙකු වන අබ්දුල් සත්තාර්; සහ කාගස් කේ පූල් (1959; “කඩදාසි මල්”) හි පිරිමි ප්‍රධාන චරිතයේ තරමක් රළු මස්සිනා වන, කඩවසම් රොකී ලෙස ඔහු සිය රංගනයන් සිනමා තිරය මත දිග හැරීය.

1950 ගණන්වල ජොනීගේ අනෙකුත් කැපී පෙනෙන චරිත අතරට බී.ආර්. චොප්රාගේ සිනමාපටයක් වන “නයා දවුර්” (1957; “ද නිව් එරා”) සහ බිමල් රෝයිගේ අද්භූත ආදර කතාව වන මධුමති (1958) ඇතුළත් වන අතර එහිදී මධුමතී සඳහා ඔහු හොඳම සහාය නළුවාට හිමි ඔහුගේ පළමු ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත්තේය. ඝෝෂාකාරී,අසභ්‍ය හෝ කිසි විටෙකත් කම්මුල් පහරවල් භාවිතා නොකළ ජොනී, රළු නොවී විහිළු කළ හැකි බව ඔප්පු කළේය. ඔහුව බොහෝ විට සහාය චරිත සඳහා තෝරා ගන්නා ලදී .(ව්‍යතිරේක අතර ජොනී වෝකර් ග1957ඝ සහ කෝටා පයිසා ග1958; “ව්‍යාජ මුදල්”ඝ ඊට ඇතුළත් වේ). නමුත් ඔහුගේ සජීවිකරණ රංගනය සහ විකට කාලය හරහා ප්‍රේක්ෂකයින් මත කල්පවත්නා හැඟීමක් ඇති කිරීමේ හැකියාව විශේෂයෙන් කැපී පෙනුණි.
1960 දශකය පුරා ජොනී චිත්‍රපට ගණනාවක පෙනී සිටියේය.

චෞද්වින් කා චාන්ද් (1960; “පූර්ණ චන්ද්‍රයා”) හි ගුරු දත් සමඟ එක්ව ඔහු රංගනයෙන් දායක වූ අතර, එම චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද “ගුරු” විසිනි. ඓතිහාසික වීර කාව්‍යයක් වන මෝගල්-ඊ-අසාම් (1960; “ද ග්‍රෑන්ඩ් මෝගල්”); මෙරේ මෙහබූබ් (1963; “මගේ ආදරණීය”); සහ හොඳම විකට නළුවාට හිමි ඔහුගේ දෙවන ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනා ගත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන ෂිකාර් (1968; “දඩයම”) ද ඒ අතර වේ.

පසුකාලීන වෘත්තීය ජීවිතය
1970 සහ 1980 දශකවලදී ආනන්ද් (1971), සංජෝග් (1972; “අහම්බෙන්”), ප්‍රතිග්‍යා (1975; “භාරය”) සහ ෂාන් (1980; “ප්‍රයිඩ්”) වැනි චිත්‍රපටවල අමතක නොවන චරිත ඔහු නිරූපණය කළේය. ඔහු පහුන්චේ හුවේ ලොග් (1985; “බලපෑම් සහිත පුද්ගලයින්”) යන එක් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. පසුකාලීනව ඔහුගේ චිත්‍රපට නිෂ්පාදනය මන්දගාමී වූ නමුත්, ඔහු 1997 දී විරාමයකින් තිරයට පැමිණියේ චාචි 420 චිත්‍රපටයේ රඟපෑමටයි.

සම්මාන සහ ජයග්‍රහණ
ජොනී චිත්‍රපට 300 කට අධික සංඛ්‍යාවක් නිරූපණය කළේය. ඔහුගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඔහු සම්මාන කිහිපයක් දිනා ගත්තේය. ‘චාචි 420’ නමින් ඔහුගේ අවසන් චිත්‍රපටය තිරගත විය. එහිදී ඔහු මත්පැන් බෝතලයක් සමඟ වේශ නිරූපණ ශිල්පියෙකුගේ චරිතය රඟපෑවේය. දිගු කාලීන අසනීප තත්ත්වයක් හේතුවෙන් 2003 වසරේ ජූලි 29 දින ඔහු මිය ගියේය. චිත්‍රපටි තුළ ජොනීගේ බලවත් පැවැත්ම ඔහුව අමරණීය කර ඇත. ජොනී වෝකර් හාස්‍යයට නව අර්ථයක් ලබා දුන්නේය.එමනිසා ඔහු සැමවිටම පුරාවෘත්තයක් වනු ඇත.

වසුන්දරා කුමාරී ධර්මරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT