ජාතික හා අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළ ගණනක් නියෝජනය කළ ලොසින්ජර් කෙටි චිත්‍රපටය පසුගියදා පැවැති ඒඨඥදඤච 14 කෙටි චිත්‍රපට උලෙළේ අවසන් වටය නියෝජනය කරමින් ප්‍රදර්ශනය කෙරුණි.
සම්මානනීය කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ ගයාන් ෆනෑන්ඩු විසින් අධ්‍යක්ෂණය කළ 12වැනි කෙටි චිත්‍රපටය වූ එය මෙවර පහළොස්වැනි වරට පැවැත්වූ ඒඨඥදඤච 14 කෙටි චිත්‍රපට උලෙළේ අවසන් වටය නියෝජනය කිරීම විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.
පෙරිප්ලා, උත්පාද තිථි භංග, අඳුරු වළාකුළු, හමස් පෙට්ටිය ආදි සම්මානයට පාත්‍ර වූ ඔහුගේ අනිකුත් නිර්මාණ අතර මේ දිනවල වැඩි අවධානයක් දිනාගත් ‘ලොසිංජර්’ කෙටි චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇත. බූසාන් ඇතුළු තවත් චිත්‍රපට උලෙළ ගණනකට ද ඉදිරිපත් වී ඇති ‘ ලොසින්ජර්’ ජීවිතයේ මනෝභාවයන් සියුම් ලෙස නිරීක්ෂණයට හසු කරගනිමින් ඉතාමත් සිනමාත්මකව ඉදිරිපත් කළ කෙටි චිත්‍රපටයක් ලෙස හඳුනාගත හැකිය.
මෙම චිත්‍රපටය ඔස්සේ තාරුණ්‍යයේ මනසක ගොඩනැඟෙන බලාපොරොත්තු කඩවීම හා ඉන් ඇතිවන මානසික ව්‍යාකූලත්වය අභ්‍යන්තර ගැටුමක් ලෙස ගොඩනැඟෙන ආකාරය පිළිබඳ අවධානය යොමු කර තිබෙන අතර, නිර්මාණාත්මකව ඒ පිළිබඳ කෙරෙන තියුණු නිරීක්ෂණය ‘ ලොසින්ජර්’ ඔස්සේ දැකගත හැකිය.
කෙටි චිත්‍රපට අධ්යක්ෂවරයකු විදියට ඔබේ නිර්මාණ කාර්යය ගැන කතා කරමු
කෙටි චිත්‍රපට 13ක අත්දැකීම් තමයි මේ මොහොතේ මගේ නිර්මාණ ජීවිතය ඉදිරියට අරන් යන්නේ. මුල් අවධියේ කැමරා ශිල්පියකු වන්න තමයි මූලික කැමැත්ත තිබුණේ. මොකද පුංචි කාලෙ ඉඳන් නරඹපු නිර්මාණවල රූප රාමු හැදෙන විදිය ගැන ඒව බලද්දී හිතේ ලොකු උනන්දුවක් රැඳීලා තිබුණා. පසු කාලෙදි කැමරාකරණය, සංස්කරණය වැනි දේවල් ගැන යම් විදියකට හදාරන්නත් ඉඩක් ලැබුණා. ඒ ඔස්සේ කාලයක් සංස්කරණ ශිල්පියකු විදියටත් වැඩ කරන්න ලැබුණා.
2016 දී නිර්මාණය කරපු ඊඩඥ තඪටඥ කියන කෙටි චිත්‍රපටය මගෙ මුල්ම නිර්මාණය. එහි නිරූපණ ශිල්පීන් කිසිවකු සිටියේ නෑ. බාහිර පරිසරයේ වස්තු තමයි මගේ කතාන්දරය කියන්න මූලික ව යොදා ගත්තේ. ඒක මගෙ මුල්ම අත්හදාබැලීම විදිහට විශේෂ දෙයක් වුණා. ඒ චිත්‍රපටය විනාඩි දෙක තුනක වගේ කෙටි චිත්‍රපටයක්. නිර්මාණකරුවකු විදියට මහපොළොවේ පවතින දේවල් දිහා බලන්න, ඒ ගැන අවදියෙන් ඉන්න තමයි මම වඩා කැමති. මෙතෙක් කරපු චිත්‍රපට දහතුනේම තියෙන්නෙත් ඒ දේයි. මේ මහපොළොවෙ තිබෙන ප්‍රශ්න නැතිනම් අපේ ප්‍රශ්න තමයි මගේ නිර්මාණවල ප්රස්තුත වෙන්නෙ.
මාව නිර්මාණකරුවෙක් විදියට මුලින්ම අවධානයට යොමු වෙන්නෙ ඒච්ජ්ඊ සිනමා උලෙළ ඔස්සේ. ඒ උලෙළේ දී නිර්මාණකරුවන්ට දරිද්‍රතාව කියන තේමාව ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කරන්න තිබුණේ. එතනදී මම හිතුවෙ මිනිස්සුන්ගෙ මානසික දරිද්‍රතාව ගැන කතා කරන්න. නැතිනම් ඒ ඔස්සේ නිර්මාණයක් කරන්න. ‘අඳුරු වලාකුළු’ කියන්නෙ ඒ නිර්මාණය. එතනදි ‘අඳුරු වලාකුළු’ වෙනුවෙන් හොඳම චිත්‍රපටයට හිමි සම්මානය එහිදී හිමි වුණා. ඒ වගේම ඒ චිත්‍රපටය ඊළඟ වසරේ පැවැති එනම් 2019 වර්ෂයේ තරුණ සේවා සභා සම්මාන උලෙළේදී ඇගයීම් කීපයකටත් පාත්‍ර වුණා. එනම් හොඳම චිත්‍රපටය, සංස්කරණය හා හොඳම නළුවා (ජූරියේ ඇගැයීම් සම්මානය) විදිහට.
ලොසිංජර් කෙටි චිත්‍රපටය ගැන නැවත කතා කළොත් එය මේ වන විට සිනමා උලෙළ ගණනක් නියෝජනය කර තියෙනවා. ලොසිංජර් කියන්නෙ මම මීට අවුරුදු තුනකට විතර කලින් ලියපු පිටපතක්. නමුත් ඒක සම්පූර්ණ කිරීම කාලයක් මට මඟ හැරී ගියා. 2025දී තමයි මම එය සම්පූර්ණ කරන්නේ.
මගෙ නිර්මාණ ඔස්සේ ෆැන්ටසි එක වෙනුවට මේ මහ පොළොවේ යථාර්ථය එළියට ගේන්න තමයි මගෙ වැඩි කැමැත්ත තියෙන්නේ. මගේ අනිත් නිර්මාණවලට සාපේක්ෂව ලොසින්ජර් ටිකක් වෙනස් විදියට කරන්න මම කටයුතු කළා. ඒ කියන්නෙ මේකෙ පිටපත රචනා කළාට අමතරව අධ්‍යක්ෂණය පමණයි මම කළේ. නිර්මාණයේ ඉතිරි වැඩ කටයුතුවලදී ඉතා දක්ෂ කණ්ඩායමක් සම්බන්ධ වුණා. ඇත්තෙන්ම ඒක ඉතා ම සාර්ථක වුණා.
මේ වනවිට මම දිගු චිත්‍රපටයක් වෙනුවෙනුත් පිටපතක් ලියා තිබෙනවා. එයත් සම්පූර්ණ කරන්න බලාපොරොත්තුව ඉන්නවා.
ඇත්තෙන්ම මම ලෝකය දකින විදිහ අරන් සිනමාව ඇතුළෙ කරන්න පුළුවන් නිර්මාණාත්මක දේවල් එක්ක ප්‍රේක්ෂකයන් ට බලන්න දෙන එක තමයි මගෙ කැමැත්ත. එය තමයි මම මේ නිර්මාණ කාර්යය ඇතුළෙ කරමින් ඉන්නෙ.
