Home » මං අධ්‍යක්ෂණයට කම්මැළියි

මං අධ්‍යක්ෂණයට කම්මැළියි

by sachintha
August 28, 2025 12:12 pm 0 comment

ශාලු කියන්නේ දක්ෂ ක්‍රීඩිකාවක්. ඇගේ ඉලක්ක සියල්ල සුණු විසුණු වී යන්නේ ප්‍රේමයේ නාමයෙන් ඇයට හිමිවන මාතෘත්වයේ ආශ්චර්ය වෙනුවෙන්. ජීවිතය පසෙකලා ඇය ප්‍රේමය නිසා තමන්ට උරුම වුණු අගනාම වස්තුව සුරකිනවා. ඒකට ඇයට උදව් කරන්නේ කොළඹ දී ඇයට මුණගැසුණු සත්‍යා. සත්‍යාගේත්, ශාලුගේත්, කතාව තමයි මදර් ලංකා කියන්නේ. මේ දිනවල දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වෙනවා. මාතෘත්වයේ උත්තරීතර බව වගේම ගැඹුරු මානුෂීය සබඳතාවල අරුමැසි බව මේ චිත්‍රපටයෙන් අපේ සිනමා ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනවා.

මදර් ලංකා අධ්‍යක්ෂණය කළේ අනූෂ සංජීව එදිරිමුනි. ඔහු සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ දීර්ඝ කාලීනව ටෙලිවිෂන් මාධ්‍යයේ ලත් අත්දැකීම් සමුදායක් සමඟ. අනූෂ ඔහුගේ මාධ්‍ය ජීවිතයේ අරඹන්නේ කලක් මෙරට ප්‍රමුඛතම ටෙලිවිෂන් නාළිකාවක් බවට පත්ව තිබූ ස්වර්ණවාහිනී ආයතනයෙන්. ඔහු එම නාළිකාවට සම්බන්ධ වුණු මුල් පෙළ සාමාජිකයෙක්. ටෙලිවිෂන් පිළිබඳ අත්දැකීම් පමණක් නොව ඔහු එහිදී සිනමාව පිළිබඳ අත්දැකීම් රාශියක්ද ලබනවා. විශේෂයෙන් ඔහු පුනේ හි සිනමා පාසලින් සිනමාව පිළිබඳ හදාරන්නේ ද ස්වර්ණවාහිනියේ සේවය කරන සමයේ. කෙසේ වෙතත් දීර්ඝ කාලීනව ලද මේ අත්දැකීම් සමඟ ඔහු සිනමාකරණයට එනවා. අපි හමුවුණේ මදර් ලංකා අත්දැකීම් ඔහු හා බෙදා ගන්නයි.

ථධබඩඥප තචදඬච ආරම්භවෙන පසුබිම සැකසුණේ කොහොමද?

මදර් ලංකා ආරම්භ වෙන්නේ මෙහෙමයි. මම මීට වසර කිහිපයකට උඩ දී නිෂ්පාදනය කළ ජධතධථඡධ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවර වෙලා ඉන්න විට තමයි මගේ බිරිඳ ක්‍රිෂාන්ති මේ වස්තු බීජය ගැන මට කිව්වේ. ඒක ඇහුව ගමන්ම මගේ හිතට මේක අල්ලලා ගියා. මම කිව්වා ඒක හොඳ වැඩක්. ඔයා කල් අරගෙන ඒ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ එයා හෙමින් හිමින් අවුරුදු එකහමාරක් දෙකක් වගේ කාලයක් මේ තිර රචනය ලිව්වා. ලියන අතරතුරදිත් මම එහෙන් මෙහෙන් බලනවා. එතකොට මට තේරෙනවා මේ වැඩේ රහයි කියල. ඵජපඪනබ එක කියෙව්වම මට හිතුණා මේක මාස්ටර් බ්ලාස්ට් එකක් කියලා. ඒ නිසා අපි තීරණය කළා මේක කල් යල් බලල වඩාත් සැලසුම් සහගතව කරන්න.

ඔහොම ඉන්න අතරතුරේ දී දවසක් අපේ ඉස්කෝලේ ඨඥබ බධඨඥබඩඥප එකකදී මගේ පාසල් මිත්‍ර ඉෂාන් පෙරේරාව මුණගැහෙනවා. ඔහු මගෙන් අහනවා අනූෂ ඔයා ළඟ මොනවා හරි අලුත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවද කියල. මම ඔහුගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි. ඔයා මේ ෆීල්ඩ් එකේ දිගටම ඉන්න කැමති කෙනෙක්ද? එහෙම නැත්නම් ආසාවට ෆිල්ම් හදන්න එන කෙනෙක්ද කියල. එතකොට එයා අහනවා ඇයි ඔයා එහෙම අහන්නේ කියලා.

මම කිව්වා මම වැඩක් කරනවා නම් මම කැමතියි දිගටම මේ ධ්දඤභඵබපර එකේ ඉන්න කෙනෙක් එක්ක කරන්න. එහෙම නැතුව ඔයා ආසාවට වැඩක් කරනවා නම් මම ඒකට කෙනෙක් හොයලා දෙන්නම් කියලා. එතකොට ඔහු කියනවා නෑ… අනූෂ, මට ඕන ඉන්ඩස්ට්‍රි එකේ දිග ගමනක් යන්න. ඒකට සුදුසු විදිහට කරන්න තමයි ඕන කියල. ඊට පස්සේ මම ඔහුව එක වතාවක් හමුවෙනවා. ථධබඩඥප තචදඬච පිටපත දෙනවා. ඔහු ඒක කියවලා මට කෝල් එකක් දෙනවා. අනූෂ අපි මේක කරමු කියල. එහෙම තමයි මදර් ලංකා චිත්‍රපටය ආරම්භ වෙන්නේ.

ඔබ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනවා කියන තැන හිටියද?

ඇත්තටම කිව්වොත් අධ්‍යක්ෂණය කියන විෂයට මම ටිකක් කම්මැළියි. ඒක හරිම වෙහෙසකර කටයුත්තක්. මේ චිත්‍රපටය සම්බන්ධයෙනුත් මම විවිධ අවස්ථාවල විවිධ කල්පනා කිරීම් වල හිටියා. අධ්‍යක්ෂණය වෙන කෙනෙකුට දෙනවද කියලත් හිතුවා. නමුත් මම කල්පනා කළා ප්‍රඩක්ෂන් එකක් බාර දුන්නම තියෙන බැරෑරුම්කම ගැන. වියදම් කළමනාකරණය ගැන. මට හිතුණා මේක කාට හරි බාර දුන්නත් එහි අවදානම ගන්න වෙන්නේ මට. මේ අවදානම මම ගත්තොත් මට ඒකට වග කියන්න පුළුවන්. මේ කොටස බාර දීලා ඒකට හරි ඊපඥචබථඥදබ එකක් නොලැබුණොත් අපි දෙන්නගේ මිත්‍රත්වයත් ඉවරයි. ඒ නිසා මම හිතුවා අධ්‍යක්ෂණය කියන කාර්යයත් මට අලුත් දෙයක් නොවන නිසා මමම අධ්‍යක්ෂණය කරන්න.

ඉතාම සුවිශේෂී නළු නිළි වරණයක් ඔබ මේ චිත්‍රපටයේ සිදුකර තිබෙනවා. ඒක වුණේ කොහොමද?

පළවෙනි කාරණාව තමයි ප්‍රධාන භූමිකා සම්බන්ධව ක්‍රිෂාන්තිගේ ඔළුවේ මැවුණ රූප තිබුණා. ඒවත් එක්ක අපි මූලික නළුවරණයක් කරලා තිබුණේ. අපි මේ චිත්‍රපටයේ මූලික වැඩ ආරම්භ කරන්න මාස හයකට කලින් සිට මේ වෙනුවෙන් සූදානම් වුණා. තිර පිටපත සඳහාම මාස දෙකක් ගත කළා. අපේ කණ්ඩායම නිතර හමුවෙලා සාකච්ඡා කළා. පොඩි දෙයක්වත් මිස් කරන්නෙ නැතුව කරන්නයි අපට උවමනා වුණේ. මම දකින විදිහට නළුවරණය තමයි චිත්‍රපටයක සැලකිය යුතු කාර්ය භාරයක් කරන්නේ. ඒ නිසා මම මේක කරන්නේ කොහොමද කියලා හරියට ප්ලෑන් කළා. මම විතරක් නෙවෙයි අපේ කණ්ඩායමට මූලිකව තිර පිටපත් රචිකාව විදිහට ක්‍රිෂාන්ති මේකට එකඟ වෙන්න ඕන. ක්‍රිෂාන්ති මගේ බිරිඳ වුණාට තිර පිටපත් රචිකාව විදිහට මේ චිත්‍රපටයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම ඇය මගෙත් එක්ක හිටියා. එයාට අවශ්‍ය වුණේ මේ කතාවට කොතනකින් හෝ අනර්ථයක් සිදු නොවෙන්නයි.

චිත්‍රපටයේ දෙබස් සම්බන්ධයෙන් වුණත් ඇයි හරියට සැලකිලිමත් වුණා. ඒක නිසා මේ වැඩේ අපි සාමූහිකව එකතු වෙලා කරපු වැඩක්.

ඔබ රූපවාහිනි මාධ්‍ය ඇසුරේ දීර්ඝ කාලයක් හැදුණු වැඩුණු කෙනෙක්. ඒ වගේම චිත්‍රපට ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් නම් දරාපු කෙනෙක්. මේ ඔබේ කුලුඳුල් අධ්‍යක්ෂණය මෙතෙක් පැමිණි ගමන් මඟක් ඔබට ඔබේ අධ්‍යක්ෂණ කාර්යයට බලපාන්න ඇති නේද?

ඇත්තටම මම ටෙලි විෂන් එකට එන්නේ අපට සිනමාවට එන්න ඉඩක් තිබුණේ නැති නිසා. මම ඒ අවකාශය ගන්නවා. ටෙලි විෂන් වලින් මම ස්වර්ණවාහිනී ආයතනයේ වැඩකරන සමයේ 2001දී වගේ පූනේ ෆිල්ම් ස්කූල් සිනමාකරණය පිළිබඳ පාඨමාලාවක් කරනවා. අසංක එදිරිසිංහ මහත්මයා තමයි ඒ කාලේ මට ඒකට උදව් කරන්නේ. මේ පාඨමාලාව කරලා ආවට පස්සේ දවසක් එයා මගෙන් ඇහුව ‘ඔයා ඉගෙන ගත්ත දේ අපි කොහොමද ප්‍රායෝගිකව කරන්නේ කියලා. සිනමාකරණය ඉගෙන ගත්තට අපිට එක පාරටම චිත්‍රපට හදන්න බෑනේ. නමුත් මම ඔහුට කිව්වා අපි මේ ටෙලි විෂන් එකේ චිත්‍රපට ප්‍රමෝට් කරන විදිය වැරැදියි කියලා. ‘ට්‍රේලර් එකකින්’ අපි මුළු චිත්‍රපටයම පෙන්වනවනේ කියලා. සාමාන්‍යයෙන් ඉන්දියාව වැනි රටක ර්‍ථපධදධබඪධද ඤඪපඥජබධප කියලා කෙනෙක් ඉන්නවා. ර්‍ථභඡතඪජඪබඥපඵ කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඒ අය තමයි මේ දේවල් කරන්නේ. ඒක නිසා අපි පොඩි වෙනම වැඩක් කරමු කියල.

ඊට පස්සේ මම ඊ.ඒ. පී සමාගම නිෂ්පාදනය කළ උදයකාන්ත වර්ණසූරියගේ ‘රෝස වසන්තය’ චිත්‍රපටයේ ප්‍රමෝෂන් සහ ටීවී කැම්පේන් එක බාරගත්තා. ඒක ඉතාම සාර්ථක වුණා. එතැන් සිට අසංක එදිරිසිංහ මහත්මයා මට දිගටම ඔවුන්ගේ චිත්‍රපට දෙන්න ගත්තා. නමුත් එයා හැම වෙලාවෙම හිතුවා මමත් මේ හැමදේම කරන්නේ චිත්‍රපටයක් කරන්න කියලා.

ඊට පස්සේ 2005 වර්ෂයේ දී එයා මට චිත්‍රපටයක් කරන්න අවස්ථාව දෙනවා. එහි පිටපත ලියන්න මම දුන්නේ ප්‍රගීත් රත්නායකට. ඒක අපි සැලසුම් කරගෙන ඉන්න විට ටෙලිවිෂන් කාරයෙකුට චිත්‍රපට හදන්න පුළුවන්ද? වගේ අදහසක් ආවා. ඒක නිසා ඒ උත්සාහය එහෙම්මම යට යනවා. මේ අතරේ මම චිත්‍රපට විසි හතක් ප්‍රමෝට් කරනවා. ඒ ප්‍රමෝෂන් වලින් චිත්‍රපට විසි දෙකක් බොක්ස් ඔෆිස් චිත්‍රපට. චිත්‍රපට දෙකක් ඇවරේජ්. චිත්‍රපට තුනක් තමයි අසාර්ථක. මේ දේවල් එක්ක මට තේරුම් යනවා අපි හදන චිත්‍රපට කොයි තරම් ප්‍රොමෝට් කලත් චිත්‍රපටයේ ජධදබඥදබ එක උඩ තමයි ප්‍රේක්ෂකයින් අතරට යන්නේ කියලා. එහෙම නැති චිත්‍රපටත් අපි දුවවලා තිබුණා. ඒක වෙනම කාරණයක්. නමුත් ප්‍රධාන වෙන්නේ කතාව. ඒ නිසා මම නිතර හිතන්න ගත්තා අපි කොහොමද හොඳ චිත්‍රපට හදන්නේ කියලා. ඒකට මම කැප වුණා. ලොකු වෙහෙසක් ගත්තා. ප්‍රැක්ටිස් කළා. විවිධ අත්හදා බැලීම් කළා. මගේ ජීවිත කාලය ඇතුළත විශාල කාලයක් ඒ වෙනුවෙන් වැය කළා.

ඔහොම ඉන්න අතරතුර තමයි තරුණ අධ්‍යක්ෂවරයෙකු වූ අසංක ලියනගේ මට මුණගැහෙන්නේ. ඔහු කළම්බෝ කියලා චිත්‍රපටයක් කරලා තිබුණා.

එයා හිටියේ මේ චිත්‍රපටයේ රිලීස් කරගන්න බැරුව. අපි සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිත් මම මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයෙක් විදිහට දායක වෙනවා. වෘත්තීය නිෂ්පාදකවරයෙක් විදිහට තමයි මං මේක අතට ගන්නේ. ඊට පස්සේ මම මේ චිත්‍රපටියේ එඩිට් එකේ ඉඳන් ම ප්ලෑන් කරලා ප්‍රොමෝට් කරනවා. මගේ මනසේ තිබුණා මම කාට හරි උදව්වක් කරන්න ඕන කියන එක. මොකද සිනමාව අලුත් වෙන්න නම් මේකට තව පිරිස් එකතු වෙන්න ඕන. ඒ අරමුණින් තමයි මම කළම්බෝ චිත්‍රපටයට දායක වෙන්නේ. මේ චිත්‍රපටය කොවිඩ් වෙලාවේ බොක්ස් ඔෆිස් කලෙක්ෂන්. ඒ වගේ අවදානම් මොහොතකත් ආදායම් වාර්තා පෙන්නුවා. ඒක නිසා මට ඊ ඒ.පී සමාගමෙන් ආරාධනා කළා ඒ අයගේ උපදේශකවරයෙක් විදිහට වැඩ කරන්න. ඒ අවස්ථාව නිසාත් මට චිත්‍රපට සම්බන්ධයෙන් මෙතෙක් මම නොලැබූ අත්දැකීම් ලබා ගැනීමට හැකි වුණා.

ඔබ ඔබේ අධ්‍යක්ෂණ කාර්යය යාවත්කාලීන කරගන්නේ කොහොමද?

අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් ගත්තොත් මම නිතරම හොඳ චිත්‍රපට නරඹන කෙනෙක් දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන්. ඒ වගේම නිතරම මම මගේ සබ්ජෙක්ට් එකේ යාවත්කාලීන වෙනවා. නිරන්තර පත පොත කියවනවා. ඒ වගේම තමයි සිනමා තාක්ෂණය සම්බන්ධයෙන් නිරන්තරව යාවත්කාලීන වෙනවා. මේ මොන දේ කළත් මම අර මුලිනුත් කිව්වෙ මට තියෙනවා අධ්‍යක්ෂණය සම්බන්ධයෙන් යම් කම්මැළිකමක්. ඒක මගේ අකමැත්ත නොවෙයි. මම චිත්‍රපට කරන්න ආසයි. ඒත් ඒක වෙහෙසකරයි.

මේ චිත්‍රපටයේ නිදහස් කරන්නත් ඔබ අලුත් විදියේ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ ගැන පවසන්න.

මදර් ලංකා චිත්‍රපටය සිංහල චිත්‍රපට පෙන්වන සිනමා ශාලා 75ක නිදහස් වෙනවා. ඒ වගේම තමයි අපි මේ චිත්‍රපටය ඉන්දියාවට යවලා දෙමළෙන් දෙබස් කැව්වා. ඒ පිටපත අපි අගෝස්තු අට වැනිදා සිට දෙමළ චිත්‍රපට පෙන්වන සිනමා ශාලා විසිපහක නිදහස් කරනවා. ඒ වගේම තමයි අපි අලුත් කම්පැනි එකක් හැදුවා ඛ්ඥරතධද බඩඥචබපඥ ඍචදඨභචපඤ කියලා. මේ ආයතනය අපේ සිනමා ඉතිහාසයේ පැරණිතම චිත්‍රපට සමාගමක් වන සිලෝන් තියටර්ස් මව් සමාගම යටතේ පාලනය වන්නක්. අපේ බඩඥධපඥබඪජචත නචපබදඥප වෙන්නේ සිලෝන් තියටර්ස් වැන්ගාඩ් ආයතනය. මදර් ලංකා චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු ඊ ඒ.පී මණ්ඩලය මගින් සිදුවන අතර මූල්‍යමය පැත්ත සිටී වැන්ගාඩ් වෙතින් සිදුවෙනවා.

මදර් ලංකා චිත්‍රපටයේ බෙදාහැරීමේ කටයුතු ඊ. ඒ. පී මණ්ඩලය මඟින් සිදුවන අතර මූල්‍යමය පැත්ත සිටී වැන් ගාඩ් වෙතින් සිදුවෙනවා. චිත්‍රපටය බෙදාහැරීමේදී තිබෙන විවිධ ප්‍රශ්න නිසා තමයි අපි සාකච්ඡා කරලා මෙවැනි ආයතනයක් පිහිටුවා ගත්තේ. මෙහි සභාපතිත්වය දරන්නේ ප්‍රවීණ සිනමාවේදී චන්ද්‍රන් රත්නම් මහතාය. මමත් එතුමාගේ ආරාධනයෙන් මෙහි අධ්‍යක්ෂවරයෙකු හැටියට කටයුතු කරමින් ඉන්නවා. මීට අවුරුදු දෙකකට වගේ ඉහතදී තමයි අපි මේක පිහිටුවා ගත්තේ. පසුගිය කාල වකවානුව පුරාම අපි චිත්‍රපට නරඹමින් හිටියා මේක හඳුන්වා දීමට අන්තිමේදි මගේ චිත්‍රපටයේ වැඩ ඉවර නිසා අපේ පළවෙනි වැඩේ විදිහට ථධබඩඥප තචදඬච මේ මගින් නිදහස් කරන්න අපි තීරණය කළා. ජබ ඹචදඨ ඨභචපඤ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඩයස්පෝරා එකට චිත්‍රපට පෙන්වන්න නෙවෙයි, ලංකාවෙන් එළියේ මාකට් එකක් තියෙනවා. ඒ මාකට් එකට අපේ චිත්‍රපට ගෙනයන්න.

ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවද?

දැනට ඒ ගැන හිතලා ක්‍රිශාන්තිගේ පිටපතක් තියෙනවා ඒකටත් මම කැමතියි. මම කරයිද වෙන අධ්‍යක්ෂවරයෙකු කරයි ද දන්නේ නෑ මේ අවුරුද්ද ඇතුළත මට කරන්න වෙන්නේ මේ චිත්‍රපටයේ ඉදිරි වැඩ කටයුතු.

හේමාලි විජේරත්න
[email protected]

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT