Home » බස් රියැදුරුවරියක් වුණේ පවුලේ ආර්ථික ප්‍රශ්න නිසයි

බස් රියැදුරුවරියක් වුණේ පවුලේ ආර්ථික ප්‍රශ්න නිසයි

- රංගන ශිල්පිනී අභිලාෂි සන්තුෂ්කි

by mavan
October 30, 2025 10:10 am 0 comment

මේ දිනවල බස් රියැදුරුවරියක් වෙලා නේද ?

ඔව් මේ දිනවල බස් බස් රියැදුරුවරියක් වෙලා තමයි ඉන්නේ. ඒ ‘සිහිනක තනිවෙලා’ ටෙලි නිර්මාණයේ. එහි මගේ චරිතය නිකී නමැති අවුරුදු 20ක විතර ගැහැනු ළමයෙක්. නිකී කියන්නේ අහිංසක, ආදරණීය ගැහැනු ළමයෙක්. හරිම සංවේදී තරුණියක්. සංවේදිකම, ආදරණීය බව නිසාමයි ඇය බස් රියැදුරුවරියක් වෙන්නේ. පවුලේ බර වෙනුවෙන් උපකාරයක් වෙන්න අවශ්‍ය නිසා එයාට සිදුවෙනවා බස් රියදුරුවරියක් වෙන්න. ඇගේ පියා එක්තැන්වීම වගේම පවුලේ දුෂ්කරතා නිසා ඇයට බලාගෙන ඉන්න බැහැ එයාගේ අම්මගෙයි අක්කගෙයි තාත්තගෙ ඇස්වල තිබෙන කඳුළු සහ මහන්සිය. තමන්ගේ පවුල වෙනුවෙන් ඇය ඒ රියැදුරු රැකියාව භාරගන්නවා. අවුරුදු විස්සක් වගේ පොඩි වයසකදි තමා ඇය බස් රියැදුරුවරියක් වෙන්නේ.

බසයක් පැදවීම අලුත් අත්දැකීමක් නේද ?

ඔව් ඒක අලුත්ම අලුත් අත්දැකීමක්. මම කවදාවත්ම බසයක් පදවා තිබුණේ නැහැ .බස් එක පැදවීම දැන් නම් මට හොඳට පුරුදු දෙයක් වෙලා. බසය පදවන්න පුරුදුවෙන්න මට ලබා දුන්නේ විනාඩි පහළොවක් විස්සක් වගේ කාලයක්. මුලදී මම කිව්වා මට මේ චරිතය නම් භාරගන්න බැරි වේවි කියලා. බස් එකක් පදවන්න මං දැනගෙන හිටියෙත් නෑ. අනික ඒක හරි අවදානම් සහිත වැඩක්නේ. මේක ඇත්තෙන්ම මහ පාරේ පදවන්නත් ඕනේ. අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ අයියා, තිමිර අයියා, නිලන්ත අයියා (ච්ර්‍ණර්‍ථ) ඇතුළු මුළු ටීම් එකම මාව ගොඩක් මෝටිවේව් කළා. ‘ නැහැ නංගි ඔයාට පුළුවන්, අපි ඔයාට කියලා දෙන්නම්’ කියලා. ඔවුන්ගේ උපකාරයෙන් මම විනාඩි පහළොවක් විස්සක් අතර බස් එක පදවන්න පුරුදු වුණා.

ඔබේ කොන්දොස්තර කොහොමද ඔබට දෙන සහාය ?

ඔව් කොන්දොස්තර. ඒ තමයි අජිත් අයියා. අජිත් අයියගේ ඇත්තම නම් අමිල. එයා නිකීගේ හොඳ හිතවතෙක්. අජිත් අයියා නිකීට හරිම හිතවත්කමක් දක්වනවා. හොඳ සහෝදර බැඳීමක් තියෙන කෙනෙක්. මම සමහර අවස්ථාවල බය වෙලා වගේ බසය එළවන අවස්ථා තිබුණා. එවැනි අවස්ථාවල අමිල අයියා තමයි මාව දිරිමත් කළේ. “ඔයා මරු නංගි, ඔයාට පුළුවන් නංගී” කියලා. එයාගේ එහෙම අමුතු කතාව විලාසයක් තියෙනවා. එයා මාව හරියට මෝටිවේට් කළා.

රූගත කිරීම්වලදී අමතක නොවන සිදුවීම් එහෙමත් වෙලා ඇති ?

අමතක නොවන සිදුවීම බස් එක එළවීමම තමයි. බස් එක පුරුදු වෙද්දි මට ඇතිවුණු බය, ඒ වගේම මහ පාරට බස් එක දැම්මාම ඇතිවන බය, අපි බසය එළවපු ඒ ප්‍රධාන මාර්ගයේ ඇත්තෙන්ම හුවමාරු වෙන්නේ ලොකු බර වාහන වර්ග, ගල් ලොරි, බස්, ලොකු ටිපර් වැනි වාහන. ඒ පාර තෝරා ගැනීම මට තවත් ලොකු අභියෝගයක් වුණා. බසය එළවද්දි මට එහා පැත්තෙන් යන ටිපර්, ලොකු වාහන ගැන ලොකු අවධානයක් දක්වන්න වුණා. මට ඒවා නම් අමතක නොවන දේවල්.

කොහොමද මේ චරිතයට ආරාධනා ලැබුණේ ?

ආරාධනා ලැබෙන්නේ මෙහි තිර රචක තිමිර උඩවත්ත අයියගෙන්. ඔහු ඊට පෙරත් ඔහුගේ නිර්මාණවලට මට ආරාධනා කර තිබෙනවා. ඒ වගේම අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ අයියත් ඒ ආරාධනය කළා. මම ටෙලි නාට්‍ය තෝරාගැනීමේ අඩුවක් තිබෙනවා, ටෙලිනාට රැසකටම ආරාධනා ලැබී තිබෙනවා. භාරගන්නේ නැත්තේ මම සිනමාවට කැමති කෙනෙක් නිසා.

අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ සමඟ මෙහිදී ඔබේ ගනුදෙනුව කවරාකාරද ?

හසිත අයියා කියන්නේ හරිම දක්ෂ අධ්‍යක්ෂවරයෙක්, ‘සිහිනෙක තනිවෙලා’ නරඹද්දී ප්‍රේක්ෂකයන්ට පේනවා ඇති ඔහුගේ අධ්‍යක්ෂණය කොතරම් සාර්ථක ද කියලා. ඔහුගෙන් මට ලැබෙන සහාය ඉතා වටිනවා මේ චරිතය රඟපෑමේදී. ඔහු ‘නිකී ‘ චරිතයට වගේම අනෙකුත් චරිතවලටත් නිතරම උපකාර කරනවා. චරිතයට කෙසේද අපි ඇතුළත් වෙන්න ඕනේ, චරිතය තුළ හැසිරිය යුතු ආකාරය නිතරම හසිත අයියා අපට කියලා දෙනවා

අභිලාෂි රඟපෑ අනෙක් චරිත සමඟ සැසඳීමේදී නිකී චරිතයේ වෙනසක් තිබෙනවා නේද?

අනිවාර්යයෙන්ම. මේ වෙද්දී මා රඟපෑ සෑම එකක්ම එකිනෙකට වෙනස් චරිත. මගේ පළමු චිත්‍රපටය වූ ‘සිංහබාහු’ හි සුප්පා කුමාරි චරිතයත් මට අභියෝගයක් වුණා. තිරගත වීමට නියමිත ‘මං හොයන්නේ ප්‍රේමයක්’ චිත්‍රපටයේත් මගේ චරිතය හරිම වෙනස්. ‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ කපුටිගේ චරිතය කළේ මම. එය නාට්‍යානුසාරී, නර්තනානුසාරී චිත්‍රපටයක්. චිත්‍රපටය පුරාම තිබ්බේ නර්තනය හා ගීත ගායනය. ‘කපුටු කොහෝ’ චරිතය මට ලැබුණු වාසනාවක් කියා සිතනවා. කෙනෙකුට නර්තනය, ගායන හැකියා එකම නිර්මාණයකින් පෙන්වන්න තිබෙන අවස්ථා අඩුයි. මේ තුළින් මට ඒ හැකියාව පෙන්වන්න අවස්ථාව ලැබුණා. සෝමරත්න දිසානායක මහතාගේ නවතම චිත්‍රපටය ‘ඊඩඥ අචනඪඵබ’ ළඟදී රූගත කිරීම් කළා. එහි මම ‘ශෂී’ නමැති චරිතය කළේ. ගැහැනු ළමයෙක් ජීවිතයේ අඩියටම වැටුණහම ඇතිවන හැඟීම් මට එහි නිරූපණය කරන්න තිබුණේ. ඒ වගේ බලද්දි මේ ‘නිකී’ චරිතයත් බොහොම වෙනස් චරිතයක් . අහිංසක, ළමා මනසත් තිබෙන, සංවේදී මෘදු ගති තිබෙන ගැහැනු ළමයෙක්. වෙනස් චරිත කරන්න මම කැමැතියි.

ප්‍රේක්ෂකයන්ගෙනුත් ‘නිකී’ට හොඳ ප්‍රතිචාර ඇති ?

ඔහු ඉතා හොඳ ප්‍රතිචාර තිබෙනවා. මම සිතුවේ නැහැ ‘නිකී’ට මෙතරම් ප්‍රේක්ෂක ආදරයක් ලැබේවි කියලා. පළමු කොටසේ සිට මේ දක්වාම ප්‍රේක්ෂකයා හරිම ආදරය කරනවා ‘නිකී’ට. ලංකාවේ ඕනෑම තැනක රූගත කිරීම්වලට ගියත් ඒ ඒ ප්‍රදේශවල ප්‍රේක්ෂකයා ඇවිත් හරිම ආදරයෙන් කතා කරනවා .

‘සිංහබාහු’ චිත්‍රපටයේ සුප්පා කුමාරිට ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා නේද ?

ඔව්, සුප්පා කුමාරි තමයි මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. එදා මට ලැබුණු ආදරේ තමයි අදටත් ලැබෙන්නේ. අදටත් මාව හඳුන්වන්නේ අභිලාෂි හෙවත් සුප්පා කුමාරි කියලා. ඒ චරිතය සදාකාලිකව ප්‍රේක්ෂක මතකයේ තියේවි. මම ක්ෂේත්‍රයට එන්නෙත් මේ චරිතය හරහායි. මට ඒ රංගනය වෙනුවෙන් සරසවිය සිනමා සම්මාන උලෙළේ හොඳම නවක නිළිය සම්මානය ලැබුණා . ඒකත් මට විශේෂ වුණේ පළමු චිත්‍රපටයෙන්ම සම්මානයට පත්වීම නිසා .

‘සිංහබාහු’ රූගත කරද්දී අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන්ගේ ඇසුර ඔබට ඉහළ වටිනාකමක් එකතු කළා කියා මා සිතනවා ?

සෝමරත්න සර් කියන්නේ මගේ සිනමා දිවියේ පියා. රේණු නැන්දා කියන්නේ මගේ සිනමා දිවියේ මව. සිනමාව තුළ මගේ රංගන පරාසය මුලින්ම දැක්කේ සෝමරත්න සර් සහ රේණු නැන්දා. මම ඔහු සමග චිත්‍රපට 03ක් කර තිබෙනවා. ඔහු මා ගැන ලොකු විශ්වාසයකින් ඇති, ඒනිසානේ චිත්‍රපට 03කටම මට කතා කළේ. ඔහු මට සිනමාව ගැන, මේ ක්ෂේත්‍රය ගැන බොහෝ දේ කියා දුන්නා. ඔහු මට ගුරුවරයෙක්, පියෙක්. අලුත් වැඩක් මම කරද්දි ඔහු තමයි මට උපදෙස් දෙන්නේ. එවැනි අධ්‍යක්ෂවරයකුගේ ගුරුහරුකම් ලැබීම මගේ රංගන දිවියට ලොකු වටිනාකමක්.

අභිලාෂිගේ කලා දිවියේ ආරම්භයට අපි යමු ?

පාසල් යන කාලයේ ඉඳන්මයි කලා දිවියේ ආරම්භය පටන්ගන්නේ. කෝට්ටේ ආනන්ද බාලිකාව තමයි මගේ පාසල. 04, 05 වසරවල ඉඳන්ම මම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ශේක්ෂ්පියර් වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. සෑම වසරකම ඒවාට සම්බන්ධ වී සමස්ත ලංකා තරගවලට පවා සහභාගි වුණා. ඒ අතරම හොඳම නිළිය, විශිෂ්ට කුසලතා වැනි සම්මාන, ත්‍යාග සහතික ලැබුණා. ඒත් සමඟ රංගනයට මගේ තිබූ ආසාව වැඩි වුණා ඒජබ 4 ඊඩඥචබඥප ටධප ඛ්ඩචදඨඥ ආයතනයෙන් රංගන වැඩමුළුවලට සම්බන්ධ වුණා. අනෝජා විරසිංහ මහත්මියගේ රංගන වැඩමුළුවලටත් සහභාගි වුණා. එහෙම යද්දි මගේ ඒජබ 4 ඊඩඥචබඥප ටධප ඛ්ඩචදඨඥ ආයතනයේ ආචාර්යතුමිය වන බුද්ධි රන්දෙණිය මහත්මිය මට කියනවා සෝමරත්න දිසානායකයන්ගේ ඔඩිෂන් එකක් තියෙනවා ඒකට ඔයා අනිවාර්යයෙන් යන්න කියලා. එහිදී තමයි සුප්පා කුමරියට මාව තේරුණේ. ඒ තුළින් තමයි මගේ කලා දිවියේ ආරම්භය සිදුවුණේ.

මුලින්ම කැමරාවකට මුහුණ දුන් දවස මතක් කළොත් ?

වෙළෙඳ දැන්වීමකට තමයි මුලින්ම මම කැමරාවකට මුහුණ දුන්නේ. සිනමාව තුළ අභිලාෂිගේ භූමිකාව පැහැදිලි කළොත් ?

සිනමාව තුළ මම හොඳ ගුණාත්මක නිර්මාණ තමයි තෝරා බේරගන්නේ කොච්චර ආරාධනා ලැබුණත්. මගේ රංගන පරාසය හොඳීන් පෙන්විය හැකි නිර්මාණ තමයි මම භාරගන්නේ. හරිම ඉවසීමෙන් මම මේ ගමන යන්නේ.

වත්මන් සිනමාවේ ක්‍රියාකාරිත්වය දකින්නේ කොහොමද ?

” සිංහබාහු, විසල් ආදරේ, මන්දාරා ” වැනි ආදායම් වාර්තා තිබූ චිත්‍රපට පසුගිය වසරේ තිරගත වුණා. ඒ වගේම මේ වසර වෙද්දි හොඳ මට්ටමකට සිනමාව ඇවිත් තිබෙනවා. ප්‍රේක්ෂකයන් සිනමාව වටා නැවත එක් වෙලා. ආදායම් අතින් වගේම ගුණාත්මක අතිනුත් හොඳ නිර්මාණ අද වෙද්දි බිහිවෙනවා. මේ වසරේදීත් ” රාණි, වාලම්පුරි, ආයු, මෝඩ තරිඳු, නීරා ” වැනි චිත්‍රපට නිසා සිනමාවේ ප්‍රබෝධයක් ඇතිවී තිබෙනවා. ඒක හොඳ තත්ත්වයක්. හොඳ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, දක්ෂ රංගන ශිල්පීන් අපට ඉන්නවා.

නව තාක්ෂණයත් සමඟ අද මෙරට සිනමාව විශාල විපර්යාසය ලක්වෙලා. කොහොමද එය දකින්නේ ?

අද ලෝකයේ හැම දෙයක්ම දවසින් දවස අලුත් වෙනවා. අපේ රටේ සිනමාවක් යම් විපර්යාසයන්ට ලක්ව තිබෙනවා. අලුතින් සිතනවා, අත්දැකීම් ලබනවා. මේ වෙද්දි අපේ චිත්‍රපට දිහා බලද්දී පේනවා අධ්‍යක්ෂවරුන් නව තාක්ෂණය සමඟ කටයුතු කරන බව. නව තාක්ෂණය හොඳ විදිහට අපේ සිනමාවට ළං වෙලා තිබෙනවා. ඒ තුළින් අන්තර්ජාතික මට්ටමට අපේ සිනමාව රැගෙන යන්න හැකි වේවි.

සිනමාකරණය වැඩිදුර ඉගෙන ගන්න අදහසකුත් ඇති ?

ඔව් අනිවාර්යයෙන්ම. මම මේ වෙද්දි මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධිය හදාරමින් ඉන්නේ . එය අවසන් වූ සැණින් සිනමාව ගැන වැඩිදුර ඉගෙන ගන්න සිතාගෙන ඉන්නවා. ලංකාවේ තැන් කිහිපයක් ගැන මම හොයා බලා තිබෙනවා. ඉන්පසුව විදෙස්ගතව ඉගෙන ගන්නත් මගේ කැමැත්තක් තිබෙනවා. එසේ ඉගෙන ගැනීමෙන් ප්‍රේක්ෂකයාට ගුණාත්මක නිර්මාණ දායාද කරන්න බලාපොරොත්තු වෙනවා.

නිර්මාණයකට ආරාධනා ලැබෙද්දී සලකා බලන විශේෂ කරුණු තියෙනවද ?

ඔව්, මම එහිදී ගුණාත්මකභාවය සලකා බලනවා, එසේම වෙනස් විදියක අලුතින් සිතන නිර්මාණයක් විය යුතුයි. මටත් අනෙක් ශිල්පීන්ටත් හොඳ රංගන පරාසයක් සහිත නිර්මාණයක් නම් මම ඒකට කැමැතියි. අධ්‍යක්ෂවරයා ගැනත් සොයා බලනවා. ඔහුට තමයි අපිව ගයිඩ් කරන්න පුළුවන්. ඔහුගෙන් ලැබෙන දැනුම, සහයෝගය අපට බෙහෙවින් වටිනවා. කතා තේමාව හොඳීන් සලකා බලනවා.

රංගනයට අමතරව අභිලාෂි වෙනත් ඉසව් ස්පර්ශ කර තිබේද ?

රංගනයට අමතරව නර්තනය, සංගීතය ආදී අංශවලටත් මම සම්බන්ධ වී සිටියා. ඉංග්‍රීසි මාධ්‍ය තරගවලට තමයි මම සහභාගි වුණේ. ඊට අමතරව පිහිනීම, නෙට්බෝල්, වොලිබෝල් වැනි ක්‍රීඩාවලටත් මම සම්බන්ධ වෙලා තිබෙනවා. පාසල් සමයේ සිටම බාහිර ක්‍රියාකාරකම්වලට මම ඇල්මක් දැක්වුවා.

වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද ?

මම වේදිකාවට ගොඩවෙලා සෑහෙන කල්. මම සිනමාවට එන්න පටන් ගත්තෙත් වේදිකා නාට්‍යවලින්. ඒජබ 4 ඊඩඥචබඥප ටධප ඛ්ඩචදඨඥ ආයතනයක් සමඟ වේදිකා නාට්‍ය කිහිපයක් කරලා තියෙනවා. යුනිසෙෆ් ආයතනයත් සමඟ සම්බන්ධ වෙලා පාසල්වලට තමයි ඒ නාට්‍ය කළේ. මේ වෙද්දිත් වේදිකා නාට්‍ය කිහිපයකට ආරාධනා ආවා. සිනමා රංගන කටයුතු හා අධ්‍යයන කටයුතු නිසා කාලය කළමනාකරණය කරගැනීමේ ගැටලුවක් ආවා.

කුඩා අවධියේදීම මෝස්තර නිරූපණ කලාවටත් එකතු වෙනවා නේද ?

ඔව්, අවුරුදු 16දී තමයි මෝස්තර නිරූපණයට එක්වන්නේ. ඒඬඵඩචබච ර්ඪඵඵ ඊඥඥද උදඪමඥපඵඥ පැජන්ට් එකට මම සම්බන්ධ වෙලා ථඪඵ ඊඥඥද ජයග්‍රහණය කරනවා. ඒ 2023දී. එතැන් සිට මම මෝස්තර නිරූපණය කරන්න පටන් ගත්තා .

අභිලාෂි, රූපවාහිනී වෙළඳ දැන්වීම් ශිල්පිනියක් ද වෙනවා?

ඔව්, මම රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් කිහිපයකට දායක වුණා. ගුණාත්මක වෙළෙඳ දැන්වීම් තමයි මම භාරගන්නේ. නමගිය සන්නාම කිහිපයක් සමඟ මේ වෙද්දිත් මම වැඩ කරනවා

රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් තිබෙනවාද ?

එහෙම චරිත නම් ගොඩක් තියෙනවා. ඉස්සර ඉඳන් ආසාවෙන් හිටියා මානසික පීඩනයට ලක්වන චරිතයක් කරන්න. ඒ චරිත චිත්‍රපට 02කින්ම රඟපාන්න ලැබුණා. ඡඪධඨපචනඩඪජචත චරිතයක් රඟපාන්න ආසාවෙන් ඉන්නවා. බැරෑරුම්, සංකීර්ණ චරිතයක් කරන්නත් ආසයි. ඒකාකාරී චරිතවලට නම් කැමැතිම නැහැ.

ඉදිරියේදී අපට අභිලාෂි සන්තුෂ්කි නමින් ටෙලි නාට්‍ය, චිත්‍රපට නිෂ්පාදිකාවක් දකින්න ලැබේද ?

ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් වෙයිද නම් දන්නේ නැහැ. හැබැයි මගේ ලොකු ආසාවක් තිබෙනවා චිත්‍රපට නිෂ්පාදිකාවක් වෙන්න. ඒකට බොහෝ දේ ඉගෙනගන්න සහ කරන්න දේවල් තියෙනවා. ඒක කවදහරි කරනවා කියා සිතාගෙන ඉන්නේ. පිටරට ගිහින් චිත්‍රපටය නරඹද්දි දැනෙන හැඟීම (ටඥඥතඪදඨ) ඇතිවන විදිහේ අධි තාක්ෂණයෙන් යුතු සිනමා ශාලාවක් මෙරට ප්‍රේක්ෂකයාට දායාද කරන්න ආසයි.

ඉදිරි නිර්මාණ ගැන මතක් කළොත් ?

මා රඟපෑ චිත්‍රපට 03ක් තිරගත වෙන්න නියමිතයි. තිළිණ බොරලැස්සගේ ” මං සොයන්නේ ප්‍රේමයක්”, රජීව් සිවදාසන්ගේ අලුත් චිත්‍රපටය, ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ “ඊඩඥ අචනඪඵබ” චිත්‍රපටය ඒ චිත්‍රපටයි. නව චිත්‍රපට කිහිපයක් රූගත කිරීමට නියමිතයි.

පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ඔබේ කලා ගමනට ලැබෙන සහාය මොන වගේද ?

මගේ පවුලේ ඉන්නේ අම්මා, තාත්තා, අක්කා, මල්ලි. අම්මා තමයි මගේ සෑම කටයුත්තකටම මගේ පසුපසින් එන කෙනා. ඇයගේ වැඩත් අතපසු කරගෙන මගේ වැඩට එනවා. මම වගේම ඇයත් නිදි වරන්න ඕන වෙලාවට නිදිවරනවා. ඇය නොකා නොබී ඉන්න වෙලාවලුත් තියෙනවා. අම්මා මාත් එක්ක සෑහෙන කට්ටක් කනවා. තාත්තා, මල්ලි, අක්කාත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT