හැත්තෑව දශකයේ වේදිකාව තම නිර්මාණ චාරිකාවේ තිඹිරිගෙය කොටගත් නළුවකු, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයකු, ටෙලි නාට්‍ය චිත්‍රපට පිටපත් රචකයකු, වේදිකා නාට්‍ය රචකයෙකු මෙන්ම අධ්‍යක්ෂකවරයකු, චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු ලෙස විවිධ මානයන් ගණනාවකින් ප්‍රේක්ෂක විචාරක පැසසුම් ලැබූ ප්‍රවීණ රංග ශිල්පීයෙකු වූ නිහාල් ප්‍රනාන්දු මහතා ඉකුත් 4 වැනිදා දිවිසැරිය නිමා කරනු ලැබිණි. මියයන විට 71 වියේ පසුවූ නිහාල් ප්‍රනාන්දු මහතා 1974 දී සයිමන් නවගත්තේගම ගේ සුබ සහ යස වේදිකා නිර්මාණයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පැමිණියේය. ඉන්පසු සයිමන් නවගත්තේගම නිර්මාණය කළ ස්ත්‍රී, සුදු සහ කළු, පණ්ඩුකාභය, රංජිත් ධර්මකීර්තිගේ අංගාරා ගඟ ගලා බසී. මෝදර මෝල, ධර්මසිරි බණ්ඩාරනායකගේ ඒකා අධිපති, මකරාක්ෂයා ගුණසේන ගලප්පත්තිගේ මුදුපුත්තු, බන්දුල විතානගේ ගේ සෙනෙහෙබර ඩොලී, ආර්. ආර්. සමරකෝන්ගේ දූවිලි, කැලණිපාලම ආදී බොහෝ වේදිකා නාට්‍ය නිර්මාණයන් හි කැපී පෙනෙන චරිත රැසක් නිරූපණය කරනු ලැබිණි.
විසිවසරක පමණ වේදිකා නාට්‍ය නිර්මාණයන් හරහා ලද පන්නරය සමඟින් නිහාල් වේදිකා නාට්‍ය අධ්යක්ෂණයට පිවිසියේය. ඒ තුරගා වේදිකා නාට්‍ය නිර්මාණය කරමිනි. ටෙලි නාට්‍ය රංගනයට මෙන්ම ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට පිවිසෙන නිහාල් ප්‍රනාන්දු ටෙලිනාට්‍ය අධ්යක්ෂවරයකු ලෙස හා පුරා කියමින් නිර්මාණය කරනු ලබන්නේ ‘තවත් එක් ගැහැනියක්’ ටෙලි නිර්මාණයයි. ඉන්පසු ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් අධ්‍යක්ෂණය කරන ඔහු උඩුගම්බලා, නේරංජනා, බොරදිය කඳුර, වංශක්කාරයෝ, එක කුස උපන් එවුන්, අඹරාවක්, අන්තස්සරයෝ, කුලැත්තියෝ ආදී ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ප්‍රේක්ෂක ප්‍රජාවට තිළිණ කරනු ලැබිණි.
තිස්ස අබේසේකරයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ලේළි ටෙලි නාට්‍යයේ මුලින්ම රඟපාමින් ටෙලි නාට්‍ය නළුවෙකු වූ නිහාල් එතැන් පටන් බොහෝ ටෙලිනාට්‍ය ප්‍රමාණයක් සඳහා රංගනයෙන් දායක විය.
බර්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ කඩවර ටෙලි නාට්‍යයේ ඔහු කළ රංගනය අදත් පේ්රක්ෂක මතකයෙන් බැහැර නොවී පවතී.
අභය දක්ෂිණාව, මංගල දැක්ම, පිටස්තරයෝ, සිහින හතක් මැද, විසිතුන් වෙනි හෝරාව ආදී. ඒකාංගික ටෙලිනාට්‍ය රැසක් ද ඔහුගේ ටෙලි නාට්‍ය අධ්යක්ෂණයන් ගොන්නේ නිර්මාණ අතරට එක්වේ.
නිහාල් ප්‍රනාන්දු හා පුරා කියා චිත්‍රපට අධ්යක්ෂණයට පිවිසියේ ආමන්තය චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමිනි. එය සරසවිය රජත ජයන්ති සම්මාන උලෙළේ දී හොඳම ගායනය, හොඳම සංස්කරණය, රංග කුසලතා, තිර රචන කුසලතා ලෙසින් සම්මාන හතරක් දිනා ගනු ලැබිණි. සිය කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය තුළ අමාන්තය සිනමා නිර්මාණයේ රංගනය වෙනුවෙන් එම සම්මාන උලෙළේ හොඳම නළුවා නිර්දේශිත නාමාවලියට පවා ඇතුළත් වන්නට එවක නිහාල් වාසනාවන්ත විය.
බව තරණ, ආලෝකෝ උදපාදි, උමයංගනා, විරාගය, සුදුසෙවණැලි ආදී චිත්‍රපට බොහොමයකට ඔහු රංගනයෙන් දායක විය. සිය රංග ප්‍රතිභාව හා නිර්මාණකරණය මැනවින් ප්‍රකට කළ රංග වේදියෙකු වූ නිහාල් කළ හපන්කම් හා සේවාවන් එක රැයකින් අමතක කළ නොහැක.
විවිධ අත්හදා බැලීම්, ගවේෂණයන් සිදුකරමින් නිර්මාණකරණයේ නියැලි නිහාල් ප්‍රනාන්දු කළ ටෙලිනාට්‍ය නිර්මාණයන් සඳහා බොහෝ විට වේදිකාවෙන් ලද ආභාසයන් වේදිකා රංග රීතින් උපයෝගී කරගන්නා ලදී.
නාට්‍ය ස්වරූපයන් ගුරුකොට ගෙන තැනුණු ඔහුගේ ටෙලි නාට්‍ය නිර්මාණයන් බොහෝ විට ප්‍රේක්ෂකයින්ගේ ග්‍රහණයට නතු කරගනු ලැබුවේ අධි භෞතික සංකල්පයක් මත නිමැවුණු රූප පද්ධතියක් සමඟිනි.
සරල සුඛනම්‍ය කතා තේමාවන්ට හුරුවී සිටි ලාංකික ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින්ට වෙනස්ම මගක්ගත් ටෙලිනාට්‍ය නිර්මාණ ගොන්නක් රැගෙන එන්නට නිහාල් ප්‍රනාන්දු තම අධ්‍යක්ෂණය මුවහත් කරගනු ලැබුවේ චිත්‍රපට තිර නාටක ඔස්සේ ටෙලි නිර්මාණ බිහිකිරීමත් සමඟය.
ශශ්‍රී ලාංකේය ටෙලි නාට්‍යකරණයේ නොමැකෙන චරිත නිරූපණයක නිරත වූ අතළොස්සක් කලා ශිල්පීන් අතර නිහාල් ප්‍රනාන්දු නම් වූ සුන්දර මිනිසාට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ඔහු තම රංගන පෞරුෂය සමාජයට මුදාහළ කඩවර, අන්තස්සරයෝ, නේරංජනා, තෙත් සහ වියළි ඒ සඳහා කදිම නිර්මාණයන්ය. ඒ සියල්ල අද අපට ඉතිරි කොට නිහාල් ප්‍රනාන්දු ඉකුත් පස් වැනිදා සැදෑ යාමයේ බොරැල්ල කනත්තේදී අප අතරින් මතකයන් ඉතුරුකොට සමුගෙන යනුු ලැබිණි.
චන්දන දයාසිරිවර්ධන
