මෙරට නර්තන කලාවේ විශිෂ්ට නර්තනාචාර්යවරයකු වූ කලාසූරී, කලාකීර්ති, කලාමාන්‍ය අමුණුගොඩ වෛද්‍යාලංකාර රත්නාධිපතිගේ ගණිතගෙදර ශශ්‍රී ජයනා රාජපක්ෂයන්ගේ උපන්දිනය පෙරේදා (16) දිනට යෙදී තිබුණි. ඒ වෙනුවෙන් විශේෂ පුණ්‍යකර්මයක් ඔහුගේ බාල පුත් ශශ්‍රී ලංකා ප්‍රාසංගික, සංස්කෘතික ආයතනයේ පාරම්පරික කලා ශිල්පී අමුණුගොඩ ආර්. පී. රාජපක්ෂයන් සහ ශශ්‍රී ජයනාගේ වැඩිමහල් දියණිය වන කලාභූෂණ සම්මානලාභී, විශ්වාභිනන්දන සහ ජාත්‍යන්තර සම්මානලාභී ශශ්‍රී ජයනා සංස්කෘතික ආයතනයේ වත්මන් කලායාධිපතිනි රත්නා රාජපක්ෂ යන දෙදෙනාගේ මූලිකත්වයෙන් එදින බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. එකී පින්කම පිළිබඳවත් ශශ්‍රී ජයනා රාජපක්ෂයන් පිළිබඳවත් මතකාවර්ජනය කරමින් එම දෙදෙනා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
විශිෂ්ට නර්තන ශිල්පී ශශ්‍රී ජයනා රාජපක්ෂයන් 1921. 12. 16 දින සෙංකඩගල පුරවරයේ, අමුණුගම ග්‍රාමයේ උපත ලද අතර, අවුරුදු 87ක් ආයු වලඳා 2008. 06. 25 දින කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වුවද ශශ්‍රී ජයනා නාමය ලාංකේය සමාජයේ මෙන්ම විදෙස් රටවල ද අදටත් කතාබහට, සංවාදයට, විචාරයට නතුවන්නේය. නර්තනයේ පතාක යෝධයකු වූ ශශ්‍රී ජයනා රාජපක්ෂයන් මෙරට සිටි ජනාධිපතිවරු, මැති ඇමැතිවරු මතු නොව විදෙස් තානාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රිකයන් සමඟද සමීප සබඳතා පවත්වා තිබේ. එමෙන්ම මෙරට සිටි ජනපතිවරුන්, මැති ඇමැතිවරුන් බොහෝදෙනෙක් ශශ්‍රී ජයනා රාජපක්ෂයන්ගේ ගෝලයෝ වූහ. එමෙන්ම ඔවුන්ට නර්තනය ඉගැන්වීමේ කාර්යයෙහිලා නිරත වූ හෙතෙම සිය දිවි පරදුවට තබා දේශීය නර්තනය ජාත්‍යන්තරයේ ඔසවා තබන්නට මහත් වෙහෙසක් දැරීය. පෙරේදා දින ශශ්‍රී ජයනා රාජපක්ෂයන් සිහි කරමින් පවත්වන්නට යෙදුණු මහා පුණ්‍යකර්මය සඳහා ඔහුගේ ඥාතීන් මෙන්ම සිසුසිසුවියෝ ද එක්ව සිටියහ.
එකී පින්කම පිළිබඳව ශශ්‍රී ජයනා රාජපක්ෂයන්ගේ බාල පුත් අමුණුගොඩ ආර්. පී. රාජපක්ෂයන් මෙසේ අදහස් දැක්වීය.
“තාත්තාගේ උපන්දින යෙදුණේ මේ මාසයේ 16 වැනිදාටයි. එදාට මේ පින්කම පැවැත්විය යුතුයි යන අදහස මගේ සිතේ තිබුණා. ඒ සඳහා මගේ ලොකු අක්කා වන රත්නා රාජපක්ෂත් මූලිකත්වය ගත්තා. එයට බෙල්ලන්විල රජමහා විහාරස්ථානය තමයි අපි සූදානම් කරගත්තේ. මේ පුණ්‍යකර්මයට තාත්තාගේ ඥාතීන් පිරිසත්, එතුමාගේ සිසු සිසුවියන් රැසකුත් සහභාගි වුණා. ඉතා හොඳීන් අපට මේ පින්කම සිදු කරන්න හැකි වුණා. ”
1921දෙසැම්බර් 16 වැනි දින සෙංකඩගල පුරවරයේ අමුණුගම ග්‍රාමයේ උපත ලද වෛද්‍යාලංකාර රත්නාධිපතිගේ ගණිතගෙදර ශශ්‍රී ජයනා රාජපක්ෂයන්ගේ මව සොඳීනා හික්ගොඩ රාජපක්ෂ වන අතර, පියා නක්ෂත්‍රවේදියකු වූ ගුණමලා රාජපක්ෂ නම් විය. අමුණගම, ගුන්නෑපාන ලිපිනයේ පදිංචිව සිටි ශශ්‍රී ජයනා රාජපක්ෂයන්, අමුණුගම මධ්‍ය මහා විද්‍යාලය, බූවැලිකඩ ශශ්‍රී සිංහාරාම විහාරය, සංඝරාජ විහාරය, සංඝරාජ පිරිවෙන, මහනුවර මල්වතු විහාර පිරිවෙන ආදියෙන් අධ්‍යාපනය හැදෑරීය.
පාරම්පරික නර්තන පරම්පරාවකට උරුමකම් කියූ පවුලකට දාව උපත ලද ඔහුගේ පවුලේ සොහොයුරන්, සොහොයුරියෝ 12 දෙනෙක් වූහ. පුංචිරත්න රාජපක්ෂ, සේදිරිස් රාජපක්ෂ, සුරඹා රාජපක්ෂ, රත්තරනා රාජපක්ෂ යනු සොහොයුරන් වන අතර අනික් පිරිස සොහොයුරියන් විය. ශශ්‍රී ජයනා රාජපක්ෂයන් කුඩා අවධියේ සිටම වෙදකම, නක්ෂත්‍රය, නර්තන ශිල්පය හැදෑරීමට යොමු විය. ශ්‍රී ජයනාගේ පරපුර පඬුවස්දෙව් රජ සමයේ සිට රජවරුන්ගේ ආශීර්වාදයෙන් සහ රජවරුන්ගේ මූලිකත්වයෙන් වෙදකම, නක්ෂත්‍රය, නැටුම් ගැයුම් පරම්පරා 17ක් වන තෙක් පවත්වාගෙන ගොස් තිබේ. කුඩා කල සිට ඔහු තුළ නැටුම්, ගැයුම් වැයුම්වලට තිබූ සහජ දක්ෂතාව නිසාම පාසලේ 08 වැනි ශ්‍රේණියේදී අධ්‍යාපනය අවසන් කිරීමට ඔහුට ඉඩ සැලසුණි. ක්‍රමයෙන් තාරුණ්‍යයට පත්වීමේදී ශශ්‍රී ජයනා රාජපක්ෂයන් වෙදකම, නක්ෂත්‍රය හදාළ අතර, එකී විෂයයන්ට වඩා නර්තන අංශයෙන් ඉහළම සමත්කම් දක්වමින් සිටියේය. 1939දී නර්තනයේ වෙස්බැඳී ශශ්‍රී ජයනාගේ දක්ෂතා සැලවීමෙන් එංගලන්තයේ සිට පැමිණි මහා සිටු මාර්ටින් රැසල් මෙන්ම ලයනල් වෙන්ඩ්ට්, ජෝර්ජ් කිට්, ලක්දාස් ද මැල් රදගුරුතුමා, සිල්වෙස්ටර් ඩී. සොයිසා, හැරල්ඩ් පීරිස් ආදී ප්‍රභූ පිරිස වූහ. දළදා මාලිගා පෙරහරේ නර්තනයට ජයනාට අවස්ථාව ලැබීම ද ඔහුගේ නර්තන දිවියේ නොමැකෙන සිහිවටනයක් විය.
ශශ්‍රී ජයනා රාජපක්ෂයන් වෙනුවෙන් ඉකුත් පැවැත් වූ පුණ්‍යකර්මය සංවිධානය කිරීමට මූලිකත්වය ගත් ඔහුගේ බාල පුත්‍රයා වන ශශ්‍රීලංකා ප්‍රාසංගික සංස්කෘතික ආයතනයේ පාරම්පරික කලාශිල්පී අමුණුගොඩ ආර්. පී. රාජපක්ෂයන් සිය පියා පිළිබඳ මතකය මෙලෙස ද අවදි කළේය.
” මගේ තාත්තා මෙරට සිටි විශිෂ්ටතම නර්තනවේදියෙක්. එතුමා පිළිබඳ අන්තර්ජාතික මට්ටමින් පවා කතාබහට ලක්වුණා. මෙරට සිටි රාජ්‍ය නායකවරුන්, මැති ඇමැතිවරුන්ගේ ප්‍රශංසාවට ද, ඇගයීමට ද ලක්වුණා. මගේ පියා 1943 වසරේදී විවාහ දිවියට ඇතුළත් වුණා . තල්ගහගොඩ ජයවතී යනු මගේ මවයි. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ප්‍රතිඵලයක් ලෙස මා ඇතුළු පුතුන් සිවු දෙනෙක්ට ද, දියණියන් තිදෙනෙක්ට ද ජීවය ලබා දුන්නා. අපේ පවුලේ සහෝදරයන් වුණේ පාලිත වන මමත්, ජයන්ත, අශෝක, අජිත් අනෙක් සහෝදරයනුයි. මගේ සහෝදරියන් වුණේ රත්නා, ස්වර්ණා, මාලතී යන අයයි. ”
“නර්තනයට ඉහළම දක්ෂතා පෙන්වූ මගේ පියාගේ ජීවිතයට 1943 වසර සුවිශේෂී වුණා . ඒ එතුමාගේ ජීවිතය දෙවැනි කොට සලකමින් ආරක්ෂා කරගෙනයන නර්තන ක්ෂේත්‍රයේ චිරස්ථිතිය උදෙසා මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය ඒ වසරේදී පිහිටුවීමයි. පලිපාත, හඟුරන්කෙත, තිත්තපජ්ජල, නිත්තවෙල, හිඳගල, දෙගල්දොරුව, රංගම, තල්ගහගොඩ, උකුවෙල, අක්කරගම ආදී ගම්වල පාරම්පරික නැටුම් ශිල්පීන් මහනුවර, මහයියාවේ විද්‍යාර්ථ විද්‍යාලයට කැඳවාගෙන පිහිටුවා ගත්ත මධ්‍ය ලංකා නෘත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරී නිලතල මණ්ඩලය සඳහා නිත්තවෙල උක්කුවා, දෙගල්දොරුවේ සිරිනේරිස් යන දක්ෂ ශිල්පීන් පත් කරගත්තා. ඒ වගේම පුස්කොළ පොතට පමණක් සීමා වී තිබූ නර්තන ශාස්ත්‍රය ගැන තාත්තා ග්‍රන්ථයක් සම්පාදනය කළා. උඩරට, පහතරට, සබරගමු නර්තනය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමටත්, දක්ෂ ශිල්පීන්ව නර්තන ගුරුවරුන් ලෙස පාසල්වලට පත්කිරීමත්, එකී ගුරුවරුන්ට අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් විභාගයක් පවත්වන්නටත් ආදී ඉල්ලීම් රැසක්ම තාත්තා එවක රජයට ඉදිරිපත් කර තිබෙනවා. 1943දී මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලය පිහිට වූ මගේ පියා, ජෝර්ජ් කිට්, මාර්ටින් රැසල් ආදීන්ගේ උපකාරයෙන් නර්තන කලාව වර්ධනය කිරීමේ අරමුණින් 1946දී භාරතයට පිටත්ව ගියා. රාජ්මහල් නම් වූ නිවාස සංකීර්ණයේ නවාතැන් ගත් තාත්තා, වසර 02ක කාලයක් නර්තනය ගැන හැදෑරීම් කළා. එකල ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයකු වූ ශශ්‍රී ජවහර්ලාල් නේරුතුමාගේ ආශීර්වාදයත් තාත්තාට ලැබුණා . ජවහර්ලාල් නේරුතුමා සිරගතව සිටිද්දී ” ච්ඪඵජධමඥපර ර්‍ණට ධ්දඤඪච” නමින් ග්‍රන්ථයක් ලියා තිබුණා. ඒ ඇසුරින් මුද්‍රා නාට්‍යයක් නිපදවන්න සචීන් ශංකර් හා රවි ශංකර්ගේ සොයුරු රාජේන්ද්‍ර ශංකර් කටයුතු කළා. එහි රඟපෑමට මගේ පියාත් දායක වුණා. විවිධ චරිත 22ක් එකම නාට්‍යයක පැය තුනක් තරම් කෙටි කාලයක් තුළ, විවිධ හැඟීම් විදහා දක්වමින් රඟපෑම ලංකාවේ ජයනා මාස්ටර් කළා මිස ඉන්දියාවේ කෙනෙකුට කරන්න බැහැ කියා ඒ නාට්‍යය නිෂ්පාදකයන් පවා පවසා තිබුණා. නර්තන, රංගන දක්ෂතාව නිසාම ශශ්‍රී ජවහර්ලාල් නේරුතුමා තාත්තාට “ශශ්‍රී” යන ගෞරව නාමය පිරිනැමුවා. ”
” ලංකේය නර්තන කලාවේ දියුණුවට මගේ තාත්තා අමුණුගම ගමේ කලායතනයක් ආරම්භ කරන්නත් කටයුතු කළා. ඒක ලංකාවේ බිහිවුණු පළවැනි කලායතනයයි. 1949 සැප්තැම්බර් 05 වැනිදා එවකට සිටි ලංකාවේ අග්‍රාණ්ඩුකාර වූ සෝල්බරි සාමිවරයා තමයි ඒ කලායතනය විවෘත කිරීමට ආවේ. ඊට අමතරව තාත්තාගේ ඉල්ලීමකට අග්‍රාණ්ඩුකාරවරයාගේ අනුමැතියෙන් 1950දී කලා මණ්ඩලයක් ආරම්භ කළා. ඒ කලා මණ්ඩලයට ආනන්ද සමරකෝන්, ප්‍රසිද්ධ උඩරට නර්තන ශිල්පියකු වූ පණිභාරතයන් , ජේ. ඊ. සේදර්මන් , මාලාගම්මන වැනි අය සම්බන්ධ වුණා. ඒ වගේම තාත්තා චිත්‍රපට, මුද්‍රා නාට්‍යවලටත් නර්තනයන් නිර්මාණය කළා. 1954 තිරගත වූ ‘ඩිංගිරි මැණිකා’ චිත්‍රපටයේ ” ගොවියා වේ රටක බලේ” ගීතයට නර්තනය නිර්මාණය කළේ තාත්තයි. ඒ රූගතකිරීම් කර තිබුණේ දෙගල්දොරුව රජමහා විහාරයේදීයි. 1950දී නිර්මාණය කළ ‘දුම්න්දාගමනය’ මුද්‍රා නාටකයටත් නර්තනය නිර්මාණය කළා. උඩරට නර්තන සම්ප්‍රදායට අනුව නැටුම් නිර්මාණය කළ පළමු මුද්‍රා නාටකයත් මෙයයි. ඊට අමතරව මගේ පියා “මහවැලි නදී ජීවය, රණතිසර, රංගධාරා, සඳකිඳුරු, ගොවිහඬ, කුස ජාතකය, සස ජාතකය, රංග ලීලා, සාවිත්‍රි, චින්තන රේඛා” වැනි නාට්‍ය රැසකටම නර්තනයන් නිර්මාණය කළා. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත යනාදීන්ගේ ගීතවලට ද පියා නර්තන නිර්මාණය කළා ”
නර්තන ක්ෂේත්‍රය යනු ඉතා උතුම් ශාස්ත්‍රයක් බැව් ලොවට පෙන්වා දුන් කලසූරී ශශ්‍රී ජයනා රාජපක්ෂයන් නාට්‍ය සංස්කරණ මණ්ඩලයේ සභාපති ලෙස ද, දේශීය තූර්යවාදක මණ්ඩලයේ නිර්මාතෘවරයා ලෙසද කටයුතු කළේය. ලාංකේය නර්තන කලාව අන්තර්ජාතික තලයට ඔසවා තැබීමට කටයුතු කළ ශශ්‍රී ජයනා රාජපක්ෂයන් සිය නර්තන කණ්ඩායම් සමඟ ඉන්දියාව, ග්‍රීසිය, බල්ගේරියාව, ඉතාලිය ආදී රටවල් රැසක සංචාරය කරමින් විදෙස් ජනයාට දේශීය නර්තනයේ අපූර්වත්වය පෙන්වා දීමට සමත් විය. ශශ්‍රී ජයනා ඇතුළු නර්තන කණ්ඩායමට ලෝකයේ ප්‍රථමවරට නර්තන ශිල්පය වෙනුවෙන් ලැබිය හැකි උසස්ම සම්මානය ලබාගැනීමට ද සමත්වීම සුවිශේෂත්වයකි. මෙහිදී මොවුන් එකී සම්මානයට හිමිකම් කීවේ රටවල් 63ක නර්තන කණ්ඩායම් හා තරග වැදීමෙනි.
‘කලාසූරී’ ගෞරවනාමය ශශ්‍රී ජයනාවන්ට ලැබෙනුයේ 1992 මැයි මස 22 වැනි දිනදීය. එවක ජනපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා විසින් එය ප්‍රදානය කළ අතර, ශශ්‍රී ජයනාවන්ගේ ගෝලයකු වූ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 2005 වර්ෂයේදී ඔහුට “කලාකීර්ති” ගෞරව නාමය ද පිරිනමනු ලැබුවාය. පසුකාලීනව ඔහුගේ නිවෙසේ “ශශ්‍රී ජයනා අන්තර්ජාතික සංස්කෘතික මධ්‍යස්ථානය” නමින් කලායතනයක් ඇරඹි අතර 2005 වසරේ පෙබරවාරි 03 වැනි දින එය විවෘත කෙරිණි.
ශශ්‍රී ජයනා රාජපක්ෂයන් 2008 වසරේ ජුනි මස 25 වැනි දින කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය. එකී ශෝකාකූල දිනය ඔහුගේ බාලපුත් අමුණුගොඩ ආර්. පී. රාජපක්ෂයන් සිහි කළේ මෙලෙසිනි.
” මගේ පියා 2008 ජුනි 25 වැනි දින කොළඹ ජාතික රෝහලේදී අප සැවොමත්, නර්තන ශිල්පයත් හැර දමා මෙලොවින් සමුගත්තා. පියා මියයන මොහොතේ එදින රාත්‍රියේ මම තමයි ඔහුත් සමඟ රෝහලේ සිටියේ. ඒ දවස අපේ පවුලටත්, රටටමත් ඉතා ශෝකජනක දිනයක් වුණා ”
ශශ්‍රී ජයනා රාජපක්ෂයන්ගේ අඩි පාරේම යමින් නර්තන ශිල්පය හැදෑරූ රත්නා රාජපක්ෂ යනු ඔහුගේ වැඩිමල් දියණියයි. සිය සහෝදර සහෝදරියන් සේ නර්තනය හැදෑරූ රත්නා රාජපක්ෂයන් අනෙක් සහෝදර සහෝදරියන්ට වඩා නර්තන ක්ෂේත්‍රයේ දක්ෂකම් රැසක් දැක්වූවාය. ඇය අවුරුදු 07දී පමණ උඩරට නැටුම්, බෙර වාදන, සාම්ප්‍රදායික ගායනය යනාදිය හදාළාය. තම පියාගෙන් මෙන්ම ඥාති සොහොයුරියක වූ වෛද්‍යවතී රාජපක්ෂයන්ගෙන් ද උඩරට හා භාරත නර්තන කලාවන් හදාළ රත්නා රාජපක්ෂ, ජර්මනිය, ප්‍රංශය, ඉතාලියේ රටවලින් නර්තන පුහුණුවීම් ලබා ඇත. නර්තන ගුරුවරියක ලෙස පත්වීම් ලද ඇය, කොළඹ ආනන්ද, ශාන්ත අන්තෝනි, මොරටුව ජයලත් අප ස්වාමිදුවගේ කන්‍යාරාමය, සුජාතා විද්‍යාලය, කොළඹ ජාත්‍යන්තර පාසල ආදියේ නර්තන ගුරුවරියක ලෙස සේවය කළාය. “සංචලන , චේතනා, රංගාවලී, රංග නිරූපණ, විජයාවතරණය” ආදී නම්වලින් නර්තන ප්‍රසංග රැසක් ද ඇය විසින් පවත්වා තිබේ.
කලාභූෂණ සම්මානලාභීනි, විශ්වාභිනන්දන සම්මානලාභිනී, ජාත්‍යන්තර සම්මානලාභිනී මෙන්ම දැනට ශශ්‍රී ජයනා සංස්කෘතික ආයතනයේ කලායාධිපතිනිය වන රත්නා රාජපක්ෂ මහත්මිය සිය පියා පිළිබඳව අදහස් දැක්වීමට මෙසේ එක්වූවාය.
“තාත්තා තරුණ කාලයේ ශාන්ති නිකේතනයේ ඉගෙන ගත්තා. ඒ කාලේ රවි ශංකර් සමඟ තාත්තා එකම නවාතැනකයි සිටියේ. රවි ශංකර් පවුල සමඟ තාත්තාගේ මනා සම්බන්ධතාවක් තිබුණා. සචීන් ශංකර්, රවි ශංකර්ගේ සොයුරු රාජේන්ද්‍ර ශංකර් ආදීන් සමඟ හිතවත්කම් පැවැත්වුවා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇගේ දරුවන් තිදෙනාව අපේ තාත්තාට භාරදුන්නා අපේ දේශීය නැටුම් උගන්වන්න කියලා. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තාත්තාගෙන් හොඳීන් නර්තනය ඉගෙනගෙන සෝබෝන් විශ්වවිද්‍යාලයේදී තාත්තා ඉගැන්වූ මයුරා වන්නම නර්තනයේ යෙදී ලංකාවට කීර්තියක් ගෙනවිත් දුන්නා. ඒවගේම පාසල් ශිෂ්‍යයකුව සිටි කාලයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් තාත්තාගේ නර්තනය ඉගෙනගෙන ඒ ඔස්සේ යම් දුරක් ගියා. ඒ වගේම හිටපු කථානායකවරයකු වූ කරු ජයසූරිය මහතාත් පාසල් සමයේ තාත්තාගෙන් නර්තනය ඉගෙන ගත්තා. ඒවගේම තාත්තාගෙන් අයියා හෙවත් මගේ මහප්පාගේ දියණිය වන වෛද්‍යවතී රාජපක්ෂත් කුඩා කල සිට පියා ළඟ නර්තනය ඉගෙන ගත්තා. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ධුරයක් හෙබවූවා. වෛද්‍යවතී රාජපක්ෂ වන ඇයව මේ රටේ බොහෝ දෙනා දන්න ප්‍රසිද්ධ චරිතයක්. තාත්තා වියෝවුණත් එතුමාගේ නර්තන කලාව අද ලංකාවේ පමණක් නොව දෙස්, විදෙස් රටවලවල පවා කතාබහට ලක්වෙමින් තිබෙනවා. කලාසූරී, කලාකීර්ති විශිෂ්ට නර්තන ශිල්පි අමුණුගොඩ වෛද්‍යාලංකාර රත්නාධිපතිගේ ගණිතගෙදර ශශ්‍රී ජයනා රාජපක්ෂ නාමය අද වෙද්දි ලොව ප්‍රකට නාමයක් බවට පත්ව තිබීම ගැන සතුටුයි. එතුමාගේ වැඩිමහල් දියණිය ලෙස මා හට අවංකවම ඒ පිළිබඳ නිහතමානී ආඩම්බරයක් තිබෙන්නේ. මගේ පියා නැතිවුණත් එතුමාගේ නර්තන ශිල්පය අනාගතයටත් රැකගෙන ඉදිරි පරම්පරා සඳහාත් රැගෙන යෑම මාගේත් මගේ සහෝදර සහෝදරියන්ගේත් ඒකායන අරමුණයි.”
මනෝජ් රුක්මල් කුමාරසිංහ
