Home » නදී වාසලමුදලිආරච්චිගේ පැන්ත්‍රාම් නචදබපචථ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට

නදී වාසලමුදලිආරච්චිගේ පැන්ත්‍රාම් නචදබපචථ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළට

by shanaka
November 13, 2025 1:00 am 0 comment

නිවේදිකාවක මාධ්‍යවේදිනයක හා ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චි අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා නිර්මාණය වන පැන්ත්‍රාම් pantram ස්විඩනයේ පැවති Borden international Film Festival හි තරගකාරී අංශයේ නියෝජනය කරමින් හොඳම වෘත්තාන්ත චිත්‍රපටයට හිමි සම්මානය හිමිකරගෙන ඇත.
මෙම චිත්‍රපටය මීට පෙර ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා හි පැවති ස්වාමි විවේකානන්ද අන්තර්ජාතික සිනමා උලෙළේදී තරගකාරී අංශයේ නියෝජනය කරමින් සම්මාන ත්‍රිත්වයක් දිනා ශ්‍රී ලාංකේය සිනමාවේ වාර්තාවක් තැබීමට සමත් වී ඇත. චිත්‍රපටය අද 13 වැනිදා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික සිනමා උලෙළේ Srinagar kashmir උලෙළේ තරගකාරී අංශය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තෝරාගෙන තිබේ. මෙය සිංහල දෙමළ ද්වි භාෂිත සිනමා පටයකි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT