2017 වසරේ තිරගත වූ ධර්ම යුද්ධය චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසින් තිරයේ දිග හැරෙන ධර්ම යුද්ධය – 2 චිත්‍රපටය ජනවාරි 23 වැනි දින සිට දිවයින පුරා තිරගත වීමට නියමිතය. මෙහි පළමු නිර්මාණය ද මෙරට ආදායම් වාර්තා රැසක් තැබීමට සමත් විය. එහි ප්‍රධාන චරිතය වන හරිස්චන්ද්‍රගේ භූමිකාවට මුල් කොටසේ ජීවය දුන් ජැක්සන් ඇන්තනි රංගධරයා වෙනුවට, දෙවන කොටසේ එම භූමිකාව බිමල් ජයකොඩි විසින් රඟ දක්වා ඇත. එම්. එන්ටර් ටේන්මන්ට් ආයතනයේ ඉදිරිපත් කිරීමක් ලෙසින් තිරයට එක්වන ධර්ම යුද්ධය -2 චිත්‍රපටය අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන අතර, අනුවර්තනීය තිර රචනයෙන් සහ නිර්මාණ සැලසුම්කරණයෙන් සුනෙත් මාලිංග ලොකු හේවා, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, සංස්කරණයෙන් ෂාන් අල්විස්, සහය අධ්‍යක්ෂණයෙන් රන්ජන් ප්‍රසන්න, නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක, කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම, අංග රචනයෙන් ප්‍රියංක රත්නායක, පසුබිම් සංගීතයෙන් කෙෂාන් පෙරේරා, ගී පද රචනයෙන් අංජලී බුදවත්ත ජයවර්ධන සහ වසන්ත දුක්ගන්නාරාළ, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි, රශ්මිත අභිෂේක විජේරත්න සමගින් ඉෂාක් තිමති සිල්වා, ඇඳුම් නිර්මාණයෙන් නිවර්තනා මාන්නගේ, විශේෂ ප්‍රයෝග සජීවීකරණයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ, නිශ්චල ඡායාරූපකරණයෙන් ඉන්දික මල්ලවාරච්චි, කොණ්ඩා මෝස්තර නිර්මාණයෙන් සන්තුස් නිමේෂ සහ ආලෝකකරණයෙන් අරියරත්න පෙරේරා එක්ව සිටි.
දිල්හානි අශෝකමාලා, තිසුරි යුවනිකා, විනුමි වින්සදී, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, කුමාර තිරිමාදුර, ආනන්ද අතුකෝරාල, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක, මව්ලි ෆර්ඩිනැන්ඩු, නලින් ලුසේනා, කලන ගුණසේකර, බුද්ධදාස විතානාරච්චි, මැල්කම් මචාඩෝ, කසුනි කාවින්ද්‍යා, හර්ෂිකා රත්නායක, තිලක්ෂණී රත්නායක, ආරියසේන ගමගේ, ඉරේෂ් ලක්මාල්, නිරුක්ෂාන් ඒකනායක, ජයරත්න ගලගෙදර ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙති.
