Home » ධනපාල උඩවත්ත වෙනුවෙන් සමරු මුද්දරයක්

ධනපාල උඩවත්ත වෙනුවෙන් සමරු මුද්දරයක්

by mavan
November 6, 2025 12:09 pm 0 comment

ප්‍රකට ගායක ධනපාල උඩවත්තයන්ගේ සංගීත දිවියේ හැට වන සැමරුම සහ අසූවැනි උපන්දින සැමරුම පසුගිය නොවැම්බර් 01 දා අති උත්කර්ෂවත් අන්දමින් බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැත්විණි.

මෙම සැමරුමට සමගාමීව ධනපාල උඩවත්තයන්ගේ ගායන දිවියේ හැට වන සැමරුම වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් එදින විශේෂ සමරු මුද්දරයක් නිකුත් කරන ලදි. මේ අවස්ථාව සඳහා ප්‍රවීණ සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, හිතවතුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියහ. මෙම උපන්දින උත්සවය සහ ගායන දිවියේ හැටවන සැමරුම සංවිධානය කරනු ලැබුවේ ඔහුගේ පුතුන් දෙදෙනා වන ගයාන් උඩවත්ත සහ ශමීන් උඩවත්ත විසිනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT