බොලිවුඩ් සිනමාවේ වාණිජ සිනමා ධාරාව බහුල ලෙස කෝට් ගණනින් මුදල් වැය කරන්නේ ඉන්දියානු දේශප්‍රේමය වැඩි කරන ක්‍රියාදාම සිනමාපට නිෂ්පාදනය සඳහා අවධානය යොමු කිරීමයි. මෙම ව්‍යාපෘති සඳහා ජාතික සිනමාවක් ලෙස ඇමරිකානු සිනමාව හෙවත් හොලිවුඩ් සිනමාවේ ඇතැම් ලක්ෂණ ආභාසය වෙයි. මෙම දේශප්‍රේමය ප්රචාරකවාදී ව්‍යාපෘතියක් ලෙස සහ එහිම දිගුවක් ලෙස මෙම වසරේ තිරගත වූ ‘එචප 2’ ක්‍රියාදාම ශානරයේ චිත්‍රපටය හැඳීන්විය හැකි ය. ‘එචප 2’ බොලිවුඩ් චිත්‍රපටය ඉන්දියාව, ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් රැසක තිරගත වීම ආරම්භ කළේ ඉන්දියානු නිදහස් දිනයට සමගාමීව, එනම් අගෝස්තු 14 වැනිදා සිටයි. ‘එචප 2’ චිත්‍රපටය 2019 වසරේ තිරගත වූ ‘එචප’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස ඉන්දියානු රහස් ඔත්තු සේවය වන ‘රෝ’ සංවිධානයේ සිටි රහස් ඒජන්තයකු වන මේජර් කබීර් කේන්ද්‍රකර ගනිමින් ගෙතෙන කතාවක් වටා චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙවර මේජර් කබීර් පැම්ණෙන්නේ තරමක වෙනස් ස්වරූයකිනි.
ඔහු අළු පැහැති චරිතයක භූමිකාව හොබවන අතර ගෝලීය අර්බුදයකට ඔහු මැදි නොකරන්නට සහ ඒ වෙනුවෙන් කාලය නාස්ති නොකරමින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන සිදුවීමක් තුළ කබිර්ගේ ක්‍රියාදාමයන් නිර්මාණය කර තිබීම විශේෂ ලක්ෂණයකි. කබීර් තවදුරටත් පළමු චිත්‍රපටයේ මෙන් චමත්කාරජනක ආකර්ෂණය දිනා ගන්නා චරිතය මෙන් නොව, වරදකාරිත්වය, අහිමි වීම සහ නොපෙනෙන සතුරු බලවෙිගයන්ට එරෙහිව නිමක් නැති සටන් මාලාවක් සන්නද්ධ මිනිසෙක් බව චිත්‍රපටයේ කතාව හරහා පවසයි. එමෙන්ම කබීර්ගේ අතීතය පිළිබඳ තොරතුරු මෙහිදි අනාවරණය වෙයි.
චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ යාෂ් රාජ් චිත්‍රපට සමාගම වෙනුවෙන් ආදිත්‍ය චොප්රා විසිනි. ‘කඅජ් ඉනර උදඪමඥපඵඥ’ අ)ඒඑ රහස් සංවිධානයේ නියෝජිතයන් ඇතුළත් ඔත්තු බැලීමේ ක්‍රියාදාම චිත්‍රපට මාලාව කේන්ද්‍ර කරගත් චිත්‍රපට ශානරයකි. මෙය යාෂ්රාජ් සමාගමේ නවමු සංකල්පයකි. එහි පළමු චිත්‍රපට පෙළ වූයේ ඡ්ඬ ඊඩච ඊඪඨඥප (2012), ඊඪඨඥප ඛඪදඤච ඩ්චඪ (2017) සහ එචප (2019) චිත්‍රපට කිහිපයයි. එචප හි සාර්ථකත්වයෙන් පසු ෂාරුක් ඛාන් රඟපෑ පතාන් (2023) සිනමාපටය හරහා මෙම චිත්‍රපට මාලාව පුළුල් විය.
යාෂ් රාජ් නිෂ්පාදන සමාගමේ ‘කඅජ් ඉනර උදඪමඥපඵඥ’ ව්‍යාප්තියේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස ‘එචප 2’ චිත්‍රපටය ආදායම් අතින් දැවැන්ත පසුබෑමකට පත් වූයේ නොසිතු ලෙසිනි. මේ වනව්ට චිත්‍රපටය විසින් ලබා ඇති ආදායම වන්නේ ඉන්දියානු රුපියල් කෝට් 350කි. ඉන්දියානු රුපියල් කෝට් 400ක දැවැන්ත පිරිවැයක් යොදා නිර්මාණය කළ ‘එචප 2’ චිත්‍රපටය ඉතාලිය, ස්පාඤ්ඤය සහ අබුඩාබ්හි තෝරා ගත් දර්ශනතලහී දි රූගත කර තිබේ. චිත්‍රපටයේ අන්තර්ගත සිදුවීම් සඳහා ඉන්දියාවෙන් පිටත යුරෝපීය රටවල්වල දර්ශනතල යොදා ගැනීම චිත්‍රපටයට ගෙන දී තිබුණේ ආකර්ෂණයකි.

‘එචප 2’ අධ්‍යක්ෂණය කර ඇත්තේ අයන් මුකර්ජි විසිනි. ඔහු මීට පෙර ‘යේ ජවානි හේ දිවානි'(2013), ‘බ්රාහ්මස්ත්ර : පාර්ට් වන් – ශිව (2022) චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කර ඇත. මේජර් කබීර්ගේ චරිතය සඳහා පණපොවන්නේ බොලිවුඩයේ සිටින සුපිරි තරුවක්වන රිතික් රෝෂන් විසිනි. රිතික් වැනි අතිදක්ෂ නළුවෙක් ක්‍රියාදාම නළුවෙකු ලෙස ‘එචප 2’ හරහා ඔහුටම ආවේණික ප්‍රතිරූපයක් සහ අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීම වැදගත් සාධකයකි. නූතන බොලිවුඩි සිනමාවට හොඳ ප්‍රතිරූපයක් ඇති ක්‍රියාදාම නළුවන්ගේ අඩුවක් පවතී. තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන ‘ව්ඊඅ’ විසින් මේජර් වික්‍රම්ගේ චරිතයත්, බොලිවුඩයේ සරාගී නිළියක වන ‘කියාරා අද්වානි’ විසින් වින්ග් කමාන්ඩර් කාව්‍යා ලුත්රාගේ චරිතය නිරූපණය කරයි. පසුබිම් සංගීතය සුප්‍රකට සංගීත අධ්යක්ෂවරයකු වන ප්‍රීතම් චක්‍රබෝර්ති, සන්චිත් බල්හාරා සහ අන්කිත් බල්හාරාගේ සප්ත ස්වරයෙන් හැඩ වෙයි.
ක්‍රියාදාම චිත්‍රපටයක අන්තර්ගත සියලුම ලක්ෂණ ‘එචප 2’ සිනමාපටයෙහි අන්තර්ගත වේ. නොනවතින ක්‍රියාදාම දර්ශන (ව්ධදඵබධන ඒජබඪධද) චිත්‍රපටයේ ක්‍රියාදාම රසය තීව්ර කරන්නට සමත් වේ. හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටවල සමන්විත ආකෘතිය ‘එචප 2’ චිත්‍රපටය සඳහා යොදාගෙන ඇති බව පෙනෙන්නට තිබෙන්නට නිරික්ෂණයයි. හොලිවුඩ් බ්ලොක්බස්ටර් ක්‍රියාදාම සිනමාපටවලට හුරුවී සිටින ප්‍රේක්ෂකයින්ට ‘එචප 2’ නැවුම් සහ ත්‍රාසජනක අත්දැකීමක් ගෙනදෙනවා නොඅනුමානයි. මේ වසරේ තිරගත වූ සියලුම ඉන්දියානු ක්‍රියාදාම චිත්‍රපට අතරින් හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස විචාරකයන් හඳුන්වන්නේ ‘එචප 2’ චිත්‍රපටයයි. එය සැබෑවකි. හොලිවුඩයේ ගුණාත්මක ක්‍රියාදාම චිත්‍රපටයක් නිර්මාණය කිරිමේ අභියෝගය ‘එචප 2’ ජයගෙන තිබේ. ‘එචප 2’ සිනමාපටය ඔබට කලම්බු සිටි සෙන්ටර් හි පිහිටි ස්කෝප් සිනමාශාලා සංකීර්ණය, හැව්ලොක් සිටි මෝල් පිහිටි ධ්ර්ඒඔ සිනමා ශාලාව සහ වන් ගෝල් ෆේස් පිහිටි ර්‍ථඍඅ සිනමාශාලා පරිශ්‍රයේ දී දැන් නැරඹීමට හැකිය.
මලින්ත විතානගේ
