11

නාට්‍යවේදී ඩී කීරගලආරච්චිගේ නාට්‍ය නිර්මාණයක් වූ ‘උරුවිසි’ නැවත වේදිකා ගත කිරීමට සූදානම් වේ. එහි නව නිෂ්පාදනයේ වැඩ කටයුතු පසුගියදා බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී සුබ මොහොතින් ඇරඹිණ.
මෙහි වීණා ජයකොඩි, මාලි ජයවීරගේ, අනුරාධ මල්ලවාරච්චි, කැලුම් විජේසූරිය, විරාජ් පෙරේරා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. ‘උරුවිසි’ අජානි පෙරේරාගේ නිෂ්පාදනයකි.
