ජීවිතය යනු විටෙක සුමට හා මිහිරි වූ ද, විටෙක රළු හා අමිහිරි වූ ද පුද්ගල අත්දැකීම් සමුදායකි. ජීවිතයේ කිසිවක් නිත්‍ය නොවේ. පුද්ගලයින් ජීවිතයේ මේ යථාර්ථය පිළිබඳව අවධානය යොමු කරන්නේ සිය ජීවිත කටුක අත්දැකීම් වලට අභිමුඛ වන විටය. එවිට ඇතැමෙක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා වෙනුවට ජීවිතය සෙල්ලමට ගනිමින් හෝ අවධානමේ හෙළමින් හෝ ප්‍රශ්න වලින් පලායාමට උත්සාහ දරයි. ඒ අතර ඇතැමෙක් ජීවිතයේ අරුත සොයයි. ඒ හරහා ඔවුන් තුළ හටගෙන තිබෙන පරාජිත හැඟීම් තුනි වී ජීවත්වීමට හේතුවක් සැලසෙයි. හේතුන් හෝ අරමුණු රහිත ජීවිත තුළ ආත්ම තෘප්තිය මුණ නොගැසේ. මෙසේ භෞතිකත්වය හා බැඳී ක්‍රියාත්මක වන්නාවූ අධ්‍යාත්මය සෙවීමේ මාවතට පිවිසෙන යෞවන ජීවිත දෙකක් ඔවුනට පොදු සංධිස්ථානයක මුණ ගැසීමේ දෛවෝපගත සිද්ධියක් අලළා ගෙතෙන විරාගික ප්‍රේම වෘත්තාන්තයක් ලෙසින් ආයු ප්‍රේක්ෂකයා හමුවට පැමිණෙයි.
සිනමාකරණය පිළිබඳව උපාධිධාරියෙකු වන චත්‍ර වීරමන්ගේ දෙවන වෘත්තාන්ත සිනමා නිර්මාණයයි “ආයු “. ඔහු මෙයට ප්‍රථම “ආලෝකෝ උදපාදි” (2017) සිනමා සිත්තම ප්‍රේක්ෂකයා හමුවට ඉදිරිපත් කරන ලදි. එය, ඉන්දියාවේ 47 වන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල, 9 වන බැංගලෝර් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සහ 20 වන ෂැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයන් නියෝජනය කළ අතර, දේශීය සිනමා සම්මාන උළෙලයන් රැසකදීම ඇගයුමට හා සම්මානයනට පාත්‍ර විය. සිනමා කර්මාන්තයේ මාධ්‍ය රූපකරණ ශිල්පියෙකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ චත්‍ර වීරමන් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියෙකු ලෙස චිත්‍රපට විශාල ප්‍රමාණයකට ඔහුගේ දායකත්වය දක්වා ඇත.
රංගන දායකත්වය
සැන්ඩ්‍රා මාක්, මාලනී ෆොන්සේකා, ජගත් මනුවර්ණ, අශාන් ඩයස්, කෙනෙර වීරතුංග, සමනලී ෆොන්සේකා, තුමිඳු දොඩන්තැන්න, ප්‍රියන්ත සිරිකුමාර, උදාර අබේසේකර, නලින් ලුසේනා, දිනුෂිකා සෙනෙවිරත්න, සම්පත් ජයවීර, දසුන් පතිරණ, ඒදබධද ඕභපදධප, ඹ්භඬ ඹ්ඥඪ ඹ්ඥදඵ, ඹ්භතඪඪච ඹ්ඥඡඥඤඥමඥ, ඍචතචදබඪදච ඹ්භඬඩඪදච, ර්‍ණඥඨධ ම්ඪඵඥදජධ, ඡ්ඤභ ඕඥපඨධ, ඍචතඥපඪච අභජජඪ
කාර්මික දායකත්වය
අධ්‍යක්ෂණය – චත්‍ර වීරමන්
නිෂ්පාදනය – ජෙනරාල් දයා රත්නායක, යසස් රත්නායක
සහය නිෂ්පාදනය – අනුරාධ වීරමන් , සමන් වීරමන්
කතාව – සමන් වීරමන්
තිර රචනය – චත්‍ර වීරමන්, ශක්ති වීරසිංහ
කැමරා අධ්‍යක්ෂණය – කාලිංග දේශප්‍රිය
සංස්කරණය – සමන් ඇල්විටිගල
ශබ්ද සැලසුම්කරණය – ශසික රුවන් මාරසිංහ
වර්ණ සංයෝජනය – දිනිඳු ජාගොඩ
කලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන සැලසුම – බිමල් දුෂ්මන්ත
සහය අධ්‍යක්ෂණය – චාමර සේලාර
අංග රචනා ප්‍රධානි සහ කොන්ඩා සැරසිලි – හර්ෂ මංජුල, හරූන් ෂයිඩීන්
ඇඳුම් නිර්මාණය – කුමාර කරව්දෙනිය
නිෂ්පාදන විධායක – ප්‍රීමාල් රණසිංහ, රසික ගනේගොඩගේ
නිෂ්පාදන කළමණාකරණය – ඉරේෂ් කරුණාරත්න
නිෂ්පාදන අධීක්ෂණය – මංජුල පෙරේරා
දෙවන සහය අධ්‍යක්ෂණය – ජනක චාමර, ප්‍රදීප් රාජපක්ෂ
තෙවන සහය අධ්‍යක්ෂණය – මේදිනී අධිකාරි
නිශ්චල ඡායාරූප – ෂෙහාන් ඔබේසේකර
සංගීත අධ්‍යක්ෂණය සහ ගීතනු නිර්මාණය – මිලින්ද තෙන්නකෝන්
ගී පද රචනය – ශක්ති වීරසිංහ, චින්තන ධර්මදාස
ගීත ගායනය – තුසිත් සිම්ප්සන්, චතුරිකා නිර්මාණි, ඩේව් රොබට්ස්
තිර පිටපත් අධීක්ෂණය – නාමල් ජයසිංහ
උපසිරැසි – නාද්‍යා පෙරේරා
නිෂ්පාදන සහය – දිනේෂ් රාමනායක
ඉදිරිපත් කිරීම – වීරමන් බ්‍රදර්ස් සහ සර්කල් 360
ඇන්ටන් ජේ.ප්‍රනාන්දු