මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, ජාතික චිත්‍රපට සංස්ථාව සහ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ලලිත කලා අධ්‍යයන අංශය ඒකාබද්ධ වී සංවිධානය කරනු ලබන 2025 චිත්‍රපට තරඟාවලිය හා සිනමා උලෙළ පෙබරවාරි 6,7,8 මහනුවර KCC multiplex cinema පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙයට සමගාමීව කෙටි චිත්‍රපට තිරගත කිරීම, සිතුවම් ප්‍රදර්ශන හා සම්මානිත චිත්‍රපට තිරගත කිරීම සහ පරිසරය හා සිනමාව පිළිබඳ වැඩමුළුවක් හා දරුවන් සඳහා චිත්‍ර පිළිබඳ වැඩමුළු එම දිනයන්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 06 වැනි දින පැවැත්වෙන උත්සවයට සමගාමීව ජයග්‍රහණය කරනු ලැබූ පරිසරය හා ජීවිතය තේමාවෙන් යුත් කෙටි චිත්‍රපට පහක් සහ සුන්දර ලක්බිමේ හදවත මැද රට වේ තේමාවෙන් යුත් වාර්තා චිත්‍රපට තුනක් තිරගත කරනු ලැබේ. තරුණ තරුණියන්ගේ කලා කුසලතාවයන් දිරි ගැන්වීමේ අරමුණින් පැවැත් වූ කෙටි චිත්‍රපට තරගාවලියේ හා පාරිසරික චිත්‍රපට පෝස්ටර් තරගාවලියේ ජයග්‍රාහකයින්ට සම්මාන හා සහතික පත්‍ර බෙදා දීමද මෙදින සිදු කිරීමට නියමිතය.
