දාහත් වැනි සියවසේ සිදු වූවා යැයි සිතන මන:කල්පිත කතා තේමාවක් ඇසුරෙන් ගෝත්‍රා නිර්මාණය වී ඇත. ඉහත සඳහන් යුගයේ මහා වනාන්තරයක් දෙපස එකි නෙකාට නොදැන නොදැක ජීවත් වූ ගෝත්‍රික ජාතිකයින් දෙපිරිසකි. කිසි විටකත් දෙපැත්තක ජීවත්වන බව ඔවු නොවුන් නොදැන සිටියේය. ඉන් එක් පසෙක ජීවත් වූ ගෝත්‍රා නම් පිරිමි දරුවෙකු කැලේ අතරමං වීමෙන් අනතුරුව, සම වයසේම පසුවන අකේරි නම් ගැහැනු ළමයා මුණ ගැසෙයි. ළමා වියේ පසුවන ඔවුන් නිතර නිතර කුඩා යහළුවන් මෙන් මුණ ගැසීමට හුරුවීමෙන් අනතුරුව, වැඩිවියට පත්වෙද්දී නොදැනුවත්වම ආදරවන්තයින් බවටද පත්ව සිටියාය. ඔවුන්ගේ රැහේ සම්ප්‍රදායන්ට අනුව ආවාහ විවාහ සිදු විය යුත්තේ තම තමන්ගේ රැහේ අය සමඟින් යනු ඔවුන්ගේ චාරිත්‍රයක් සහ නීතියකි. තරුණ වියේ පසුවන දෙදෙනාටම තමන්ගේ රැහෙන් මනාලයෙක් සහ මනාලියක් යෝජනා වී තිබුණි. අකේරිට තම මස්සිනා කෙනෙකු වන ගජරා නම් තරුණයකු යෝජනා විය.
හු හිතුවක්කාර ඉක්මනින් කිපෙන සුලු අයෙකි. ඔහුට අකේරිගේ සහ ගෝත්‍රාගේ සම්බන්ධය දැනගන්නට ලැබීමෙන් පසු, කැලෑව තුළ තවත් කොටසක් ජීවත් වෙන බව දැනගනී. දිනක් ගජරා ඇතුළු පිරිස ගෝත්‍රා පැහැරගෙන යයි. කෙසේ හෝ අකේරි සිය මවගේ උදව්ව ඇතිව ගෝත්‍රාව බේරා ගනියි. ගෝත්‍ර නායකයින්ගේ කිසිදු බහකට ඇහුම්කන් නොදෙන ගජරා සහ අකේරී වරෙක දිවි
නසා ගැනීමට ද තැත් කරයි. ගෝත්‍රා සහ ගජරා ගේ සටන ගෝත්‍රිකයන් දෙපාර්ශවයේ සටනක් බවට පරිවර්තනය වෙයි. අවසානයේ ජයගන්නේ කවුද, අකේරිව හිමිවන්නේ කාටද යනු ගෝත්‍රා චිත්‍රපටයෙන් පෙන්වා දී ඇත.
අධ්‍යක්ෂ රවි චන්ද්‍රසිරි සිනමාවට රැගෙන එන සිය කුලුඳුල් සිනමා නිර්මාණයයි ‘ගෝත්‍රා’ චිත්‍රපටය. පන්නල ජාතික පාසැලෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව ඉසිපතන විද්‍යාලයට පිවිසෙන ඔහු පාසල් වියේ සිටම සමස්ත කලාවටම ඇලුම් කරමින් සටන් කලාව ප්‍රගුණ කළ අයෙකි. ඔහු විසින් 2016 වසරේදී ‘අනාගතයට පැමිණි මිනිසා’ සහ ‘ගැටවර වහල්ලු’ නමින් ළමා කෙටි චිත්‍රපට යුගලයක් නිර්මාණය කරමින් ප්‍රදර්ශනය කර ඇත. තිර පිටපත් රචකයෙකු සටන් හා නැටුම් අධ්‍යක්ෂවරයකු ද වන ඔහු, ශශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ ප්‍රධාන උපදේශක තනතුර ද දැරූවෙකි. දේශමාන්‍ය, දේශබන්දු සහ ජාතික ගෞරව සම්මාන සන්නස් පත්‍රයෙන් ද පිදුම් ලබා ඇති ඔහු ‘රාක්ෂ’ නමින් නවතම චිත්‍රපටියක් නිර්මාණය කිරීමට ද මූලික කටයුතු සැලසුම් කර ඇත. රවි චන්ද්‍රසිරි, මේ වන විට ගෝඨයිම්බර අඩවියේ අංගම් සහ හටන් ආශ්‍රමය නමින් ආයතනයක් පවත්වාගෙන යමින් ඒ මඟින් හෙළ සංස්කෘතික විශ්ව අංගම් ඉලංගම් සටන් කලාව මෙන්ම යෝගී භාවනා ක්‍රම සහ පැරණි හෙළ වෙදකම පිළිබඳ නව පරපුරට පුහුණුවක් ලබාදෙමින් සිටි.
රංගන දායකත්වය
තිරයට හඳුන්වා දෙනු ලබන නලින් කුමාරසිරි, සංජීවනී අමරතුංග, හේෂාන් රන්දිම, දිලුක්ෂි වීරප්පෙරුම, අධිෂ් දුන්හිද, නදීෂා චමෝදී, අශේන් මාලින්ද, හිමායා චමුදි, සමඟින් ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ජනිත් වික්‍රමගේ, විල්සන් කරුණාරත්න, අනුර බණ්ඩාර රාජගුරු, අනෝජා වීරසේකර, රවී චන්ද්‍රසිරි, අමාවී ධනංසූරිය, නීතා සමරනායක, ජානකී මුතු කුමාරණ ඇතුළු පිරිසක් රංගනයෙන් දායකව ඇත.
කාර්මික දායකත්වය
- කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය – රවී චන්ද්‍රසිරි
- නිෂ්පාදනය – පියල් වික්‍රමසූරිය අසංක දිසානායක
- විධායක නිෂ්පාදනය -රාජ් රණසිංහ
- සහය අධ්‍යක්‍ෂණය- නිරෝෂන් එදිරිමාන්න
- කැමරා අධ්‍යක්‍ෂණය – ජී. නන්දසේන
- සංස්කරණය – අමිල මදුවන්ත රණවීර
- නිෂ්පාදන කළමනාකරණය- සෙනරත් ගුණසේකර
- ශබ්ද සංයෝජනය- දිනේෂ් නදීක ගල්පාය
- දෙබස් පටිගත කිරීම – ළහිරු වනිගසේකර
- සටන් සහ නැටුම් අධ්‍යක්ෂණය- රවි චන්ද්‍රසිරි
- තාක්ෂණික උපදේශක – යේසු ඉන්ෆන්ට්
- අංග රචනය- මනෝ සෙල්වරාජ්
- නිශ්චල ඡායාරූප- ශිරෝමි තෝරදෙණිය, අමිත් හර්ෂණ අබේරත්න
- තේමා ගීත ගායනය සහ රචනය – ජෝන් පෙරේරා
- ආභරණ නිර්මාණය – රෝහිත රුවන් ජයතිලක
- කලා අධ්‍යක්ෂණය සහ ඇඳුම් නිර්මාණය – රවි චන්ද්‍රසිරි, ක්‍රිෂාන්ත දිසානායක
- සංගීත අධ්‍යක්‍ෂණය – තන්වීර් කිෂෝර්, ජෝන් පෙරේරා, රංගන සංගීත්
- කැමරා සහය- පැතුම් ශශ්‍රී විජේපාල, සුසාර සම්පත්, නායගේ චන්ද්‍රසේන, පැතුම් ගමගේ, අමිත් සුරංග, අමිත් විජේසිංහ
