Home » “කොළ” හරහා සුපුරුදු පරිසරයේ නුපුරුදු ලස්සන බලන්න – කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ මලින්ද රන්සුල

“කොළ” හරහා සුපුරුදු පරිසරයේ නුපුරුදු ලස්සන බලන්න – කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ මලින්ද රන්සුල

by mavan
March 19, 2026 12:41 pm 0 comment

මලින්ද රන්සුල කෙටි චිත්‍රපට නිර්මාණකරුවකු ලෙස වර්තමානයේ කටයුතු කරන අතර ඔහු සම්මානලාභී කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙස පසුගිය දා මහනුවර ම්ඛ්ඛ් සිනමා සංකීර්ණයේ පැවති “උනජධභදබපර ජ්ඪතථ ඛ්ධථනඥබඪබඪධද & ජ්ඪතථ ජ්ඥඵබඪමචත” සම්මාන උලෙළෙහි හොඳම කෙටි චිත්‍රපටය හිමි සම්මානය ඔහු අධ්‍යක්ෂණය කළ ” කොළ” කෙටි චිත්‍රපටය දිනා ගැනීමට සමත් විය. මෙවර සරසවිය අවකාශය හරහා ඉඩ හසර වෙන්වූයේ “කොළ” කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ මලින්ද රන්සුල සමඟ සිදු කළ සොඳුරු කතාබහකටය.

මලින්දට චිත්‍රපට කලාව සඳහා ආශාව ඇති වුණේ කොහොමද?

චිත්‍රපටවලට ආසාව ඇති වුණේ පොඩිකාලේ ඉඳලමයි. මගේ අම්මත් මාමත් දෙදෙනාම රාජකාරි කළෙ මහනුවර ශික්ෂණ රෝහලේ එකම වාට්ටුවේ. ඉතිං, මගෙ පොඩි කාලෙ වැඩිම ප්‍රමාණයක් ගත කළේ රෝහලේ. එක්කො වාට්ටුවේ නැත්නම් මාමලගෙ නිල නිවාසයේ. ඒ කාලයේ දි මාමා මාව තියාගන්න ඔිනේ නිසාම මට ඩිස්නි චිත්‍රපට පේන්නුවා මං හිතන්නේ එතනින් තමා මුලින්ම සිනෙමාව ගැන දැනගත්තේ. කාලයත් සමඟම ඒ පොඩියට පටන්ගත්ත ආශාව ඉජඩධධත ජභබ කරලා හොරෙන් සීගිරි සිනමා ශාලාවට හරි කටුගස්තොට එරීනා සිනමා ශාලාවට හරි ගිහින් චිත්‍රපටයක් බලන තරමටම ආශාව වැඩි වුණා. උසස් පෙළින් පස්සේ සිනමා කර්මාන්තය ගැන ගොඩක් දේවල් තනියම හොයන්න පටන් ගත්තා. නොයෙකුත් දේවල් ඒ කාලේ උත්සහා කළා. නමුත් ප්‍රතිඵලයක් තිබුණෙ නැහැ. නමුත් හිතාගත්තා කොහොමහරි චිත්‍රපටයක් කරනවාමයි කියලා.

“කොළ” නමැති පළමුවැනි කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ කොහොමද?

මං කිව්වනේ මම හිතාගත්තා කියලා කොහොම හරි චිත්‍රපටයක් කරනවා කියලා. එත් මට එක කරන්නේ කොහොමද? කියල අදහසක් තිබ්බේ නැහැ. කොච්චර ආශාව තිබුණත් මම ධ්දබපධමඥපබ නඥපඵධදචතඪබර එකක් තියෙන කෙනෙක් නිසා ඉදිරිපත්වීම ටිකක් අඩුයි. එහෙම කාලයක් යනකොට මම ෆේස්බුක් එකේ දැක්කා මහේන්ද්‍ර පෙරේරා සර් ගේ වැඩමුළුවක් මහනුවර පටන් ගන්න යනවා කියලා. ඒකට මම 2024දි සහභාගි වුණාට පස්සෙ මාව සර් ගොඩක් දිරිමත් කළා. වැඩමුළුවේ ඉන්න කාලේම තමා මට දැනගන්න ලැබුණේ “උනජධභදබපර ජ්ඪතථ ඛ්ධථනඥබඪබඪධද & ජ්ඪතථ ජ්ඥඵබඪමචත” එක ගැන. අතටම ආපු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඔනේ කියලා හිතලා මම තිර පිටපතක් ලියුවා. වැඩමුළුවෙදි හමුවුණු යාළුවෝ හතර දෙනෙක් එක්ක කතා කරලා ඒ අදහස තව ටිකක් ලස්සන කරලා අපි ඒක නිර්මාණය කළා. ගොඩාක් ප්‍රශ්න ආව “කොළ” කරන්න කලිනුත් කරන ගමනුත් නමුත් මට තිබුණ ආශාව නිසාත් මට වගේම උනන්දුව තිබුණ යාළුවෝ ටික නිසාත් නිර්මාණය හදන්න අවශ්‍ය වටපිටාව මට මේ ස්වභාවධර්මයෙන්ම සකසලා දුන්නා වගේ දෙයක් මට හිතෙනවා.

ඔබගේ කෙටි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකාගාරයට කියන්න උත්සාහ දරන්නේ මොන වගේ පණිවුඩයක්ද?

මම සාමාන්‍යයෙන් ඉතිං වැඩිය කතාබහ කරන කෙනෙක් නෙවෙයිනේ. එක්කො අහගෙන ඉන්නවා නැත්නම් බලාගන ඉන්නවා. පොඩි කාලේ ඉදලම එහෙමයි. පොඩිකාලේ වැඩිම කාලයක් ගෙවුණේ බිත්ති ඇතුලේ නිසා කොළ පාටට, පරිසරයට යන්න මම හරිම ආසයි. මම කොතනක හිටියත් ගොඩක් වෙලාවට ඒ ඒ පරිසරය දිහා බලාගෙන ඉන්න හරිම ආසයි. එහෙම ඉන්නකොට දැකලා තියෙනවා ගොඩාක් වෙලාවට මිනිස්සු ඒ ඒ තැන්වල හිටියත් එතන නෑ කියලා. ගොඩක් අය අපිට හම්බවේලා තියෙන පරිසරය භුක්ති විදින්නේ නැහැ. ඒකට ඇහුන්කං දෙන්නෙ නෑ කියලා මම දැකලා තියෙනවා මගේ සමීපතමයන් පවා. පරිසරය කියන්නෙ ගස් වැල් පමණක්ම නෙවෙයි බිත්ති හතරක් ඇතුළේ හිටියත් එකත් එක පරිසරයක්, පවුලක් කියන්නෙත් එක පරිසර පද්ධතියක්. නගරයක් කියන්නෙත් විශාල පරිසර පද්ධතියක්. අපි ඇහුන්කන් දෙන්නෙ නැති නිසා අපිට ඒ ඒ පරිසරයන්වල ජීවිතය විඳීන්න බැහැ. අපි ඒ නිසාම බොහෝ වෙලාවට විඳවනවා. ඒත් කුඩා දරුවෙක්ට අපිට වඩා හොඳට මේ පරිසරය තේරෙනවා. එයා ඒ ලස්සන විදිනවා. එයා ඒ ලස්සන අපි හැමෝගෙන්ම ඉල්ලනවා. අපිට ලොකු වගකීමක් තියෙනවා අනාගත පරම්පරාව වෙනුවෙන් “කොළ” පාට ඉතුරු කරන්න. මට අවශ්‍ය වුණේ “කොළ” කෙටි චිත්‍රපටය හරහා සුපුරුදු පරිසරයේ නුපුරුදු ලස්සනට ඇහුන්කං දෙන්න කියන ඉල්ලීම කරන්න.

ලැබුණ සම්මානය පිළිබඳ දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මට සම්මානය ගැන නිහතමානී සතුටක් තියෙනවා. ඒක හරිම අමුතුයි, මීට කලින් මට කිසිම අංශයකින් ප්‍රථම ස්ථානය ලැබිලා නැහැ. මට ගොඩක්ම සතුටු මගේ මවත් මාමාත් සතුටු වෙන එක ගැන. ඒක හරිම සුවපහසු හැඟීමක්, විස්තර කරන්නත් තේරෙන්නේ නැහැ. ඒ වගේම තවත් එක අමුතු හැඟීමක් තියෙනවා. ෆෙස්ට්වල් එකේදි මගෙ චිත්‍රපටය මට මම නිතර චිත්‍රපට නරඹන සිනමාශාලාවෙදිම බලන්න පුළුවන් වුනු එක හරිම ලස්සන සංවේදි හැඟීමක්. මම ඒකට මේ සිනමා උලෙළේ නිර්මාතෘ වන චමින්ද අබේරත්න මහත්මයාට බොහෝමත්ම කෘතවේදිවෙනවා හැමදාටම.

මෙහි රූගත කිරීමි සිදු වුණේ කොහොමද?

පිටපත ලියපු විදියට අපිට තිබුණේ දර්ශන තල දෙකයි. එකක් නිවස, අනිත් එක මහනුවර නගරය. අපිට කාලය පිළිබඳත් කාළගුණය පිළිබඳත් ගැටලු ගොඩක් තිබුණා. නිර්මාණයේ රංගනයේ යෙදෙන නළු නිළි දෙපළගෙත් (පූර්ණ හා හිමාශි) කාර්යබහුලත්වය නිසාත් දින දෙකකින් සම්පූර්ණයෙන්ම රූගත කිරීම් ඉවර කරගන්න සිදුවුණා. ඒ නිසා මගේ සහය අධ්‍යක්ෂ සජිත් සමග එකතුවෙලා අපි වර්ෂාවෙන් බාධා වෙන්නෙ නැති වෙලාවක් යොදා ගත්තා නගරයේ රූගත කිරීම්වලට. දෙවැනි දවසේ සම්පූර්ණයෙන්ම හිමාශි සහෝදරියගේ නිවසේ රූගත කිරිම් කරලා ඉවර කරගත්තා. දෙවැනි දවසේ තිබුණ ලොකුම අභියෝගය වුණේ හිමාශි අක්කගෙ දියණියගෙන් නිර්මාණයට අවශ්‍ය රංගනය ඇයට අපහසුතාවයක් නොවෙන පරිදි රූගත කරගැනීමයි. නමුත් ඇයව හසුරවා ගැනීමට හිතපු තරම්ම අපහසුතාවයක් තිබුනේ නැහැ.

පළමුවෙනි දවසෙ සිදුවුණු කාර්මික දෝෂයක් නිසා අපේ ශබ්ද පටිගත වෙලා තිබුණේ නැහැ. තුන්වෙනි දවසක් ඒ සදහා ගත කරන්න සිද්ධ වුණා මට තනියම ම. අහම්බෙන් වුණත් ඒ නිසාම තවත් ලස්සන දර්ශන කිහිපයකුත් රූගත කරගන්න හැකිවුණා.

කෙටි චිත්‍රපටයට ලැබුණ ප්‍රතිචාර කොහොමද?

විවිධ විදියේ ප්‍රතිචාර ලැබුණා. ගොඩක් අයට ඒ පණිවුඩය තේරිලා තිබුණා. විනිශ්චය මණ්ඩලයේ විද්වතුන්ගෙනුත් නරඹපු අයගෙනුත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මට විතරක්ම නෙවෙයි මගෙ නිර්මාණයට සම්බන්ධ වූ හැමෝටම. හරිම නිහතමානි සතුටක් අපි හැමෝම මේ දිනවල අත්විඳීනවා.

උදව් කළ පිරිස ගැනත් සඳහන් කරමු…

මුලින්ම හැමදේටම මගෙ පස්සෙන් ඉඳල මට මම කැමති දේවල් කරන්න නිදහස සහ උදව් දුන්නෙ මගෙ අම්මා‍යි මාමයි. ඊට පස්සෙ මට මගේ ගමනට උදව් කලේ මහේන්ද්‍ර පෙරේරා කියන නිහතමානී ආදරණීය ගුරුවරයා. ඔහු අතුළුව ර්ර්‍ථ ඒජචඤඥථර එකේ අපිට ගුරුහරුකම් දුන්න සහෝදර ගුරුවරුන් වන කසුන්, බිම්සර, ශෙහාන් යන සහෝදරයන්වත් ආදරයෙන් මතක් කරනවා. අරුණ ශාන්ත, පූර්ණ සේනානායක, හිමාශි විල්අමුණ, සජිත් ශිරාජ් යන මගෙ ආදරණීය සහෝදර සහෝදරියන්. එයාලා තමා මේ නිර්මාණය සාර්ථක කරගන්න මට උදවු කලේ. ඒ වගේම හිමාශි අක්කගෙ චූටි දුව සොහේලි විල්අමුණ, මේ ඉන්නෙ “කොළ” නිර්මාණයේ අයිතිකාරයො ටික. එයාලට මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා, හැමදාමත්. මේ හැමොටමත් ර්ර්‍ථ ම්චදඤර ඒජචඤඥථර එකේ අපේ ආදරණීය සහෝදර සහෝදරියන්වත් ආදරයෙන් මතක් කරනවා.

චිත්‍රපටකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කරන්නට නියමිත දේවල් මොනවද?

පුළුවන් හැම අවස්ථාවකින්ම සිනමාව ගැනත් ජිවිතය ගැනත් ඉගෙනගන්නවා. බලාපොරොත්තුවක් තියෙනවා “කොළ” චිත්‍රපටය ආවට වඩා තව දුරක් අරගෙන යන්න. ඒ වගෙම රංගනයෙන් නිර්මාණවලට දායකවෙන්නත් ආසාවෙන් ඉන්නවා. ඊට අමතරව තවත් නිර්මාණයක් කරන්න බලපොරොත්තුවෙන් ඉන්නවා මෙම වසරේදි. ලංකාවෙ සිනමාව ජාත්‍යන්තරයට අරගෙන යන්න ලොකු ආසවක් තියෙනවා, මං හිතන්නෙ ඒකට වටපිටාව නව සිනමාකරුවන්ට රට ඇතුළත හැදෙන්න පටන් අරගෙන තියෙනවා. වසර අවසානයේ “කොළ” කෙටි චිත්‍රපටය යූටියුබ් මාධ්‍යට මුදාහැරිමට හිතාගෙන ඉන්නවා.

 

මලින්ත විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT