Home » කුමාරසිරි පතිරණගෙන් නවතම ගීතයක්

කුමාරසිරි පතිරණගෙන් නවතම ගීතයක්

by shanaka
November 13, 2025 1:00 am 0 comment

අනූව දශකයේ මෙරට සංගීත ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රිය ගායකයෙක් වූ කුමාරසිරි පතිරණගේ නවතම ගීතය එළි දැක්වීම පසුගිය දා මාලබේ ස්කයිලයිට් සිනමා ශාලාවේදී පැවැත්විණි. කුමාරසිරි පතිරණ ගායන ශිල්පියාගේ උපන්දිනයට සමගාමීව මෙම එළිදැක්වීම සිදු කරන ලද අතර එදිනට එම ගීතය යූ ටියුබ් අවකාශය සඳහා මුදාහැරිණ.
පොළොන්නරුව ජන්ම ලාභය ලබමින් අතිශය දුෂ්කර සංගීත චාරිකාවකින් පසු, මෙරට ජනප්‍රියම තලයේ ගායන ශිල්පියෙකු බවට පත්වූ ඔහු ‘ සිතින් පතා ඉන්නම්, සැමදා ඔබ ළඟ ඉන්නම්, මගේ හදවත හැඳීනගත් ඔබ ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළේය.
වසර ගණනාවකට පසු ඔහු නිකුත් කල මෙම ‘තරහ වෙලා’ ගීතය අතිශය ආකර්ෂණීය පද්‍ය රචනයකින්ද සමන්විතය. ඒ සඳහා පෙනී සිටිනුයේ සන්තුෂ්කි අභිලාෂි සමඟ ශාමෙන් ජයසේකරය. ගී පද රචනයෙන් කුමාරසිරි පතිරණ දායක වූ අතර සංගීත නිර්මාණයෙන්, පද්‍ය රචනා අධ්‍යක්ෂණයෙන් කුමාරසිරි පතිරණයන්ගේ පුත් සිනෙත් පතිරණ දායක වී ඇත. ශබ්ද ඉංජිනේරු ප්‍රියංක , කලා අධ්‍යක්ෂණයෙන් සුපුන් සහ කැමරාකරණයෙන් ප්‍රමික මේ සඳහා දායක විය. ගීතය එළිදැක්වීමේ උත්සවයට කුමාරසිරි පතිරණගේ සමකාලීන ගායක ගායිකාවන්, මිතුරන් ඇතුළු බොහෝ පිරිසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT