ගීත පද රචනා කිරීම යනු සංක්ෂිප්ත ලෙස රිද්මයානුකූල භාෂාවක් හරහා කරන ගැඹුරුතර ප්‍රකාශනයකි. ගී පද රචනය ශ්‍රාවකයින් සතු නොකී කථා ප්‍රතිරාවය කරන්නට තරම් ශක්‍යතාවයක් සහිත වූවකි. ගී පද රචනයක එක් අන්තරා කොටසක් මිලියන ගණනක ශ්‍රාවකයන්ගේ නිහඬ හදවත් කම්පනයට කළ හැකිය. ලාංකේය ගී පද රචනා ඉතිහාසය තුළ ප්‍රවීණයෝ බොහෝ සිටිති. ශශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, අජන්තා රණසිංහ, රත්න ශශ්‍රී විජේසිංහ, මහාචාර්ය සුනිල් ආර්යරත්න, කුලරත්න ආරියවංශ, බණ්ඩාර ඇහැළියගොඩ, බුද්ධදාස ගලප්පත්ති වැනි විශිෂ්ටතමයන්ගේ පෑන් තුඩින් ලියු පදවැල් ශ්‍රාවකයන් ආනන්දයෙන් ප්‍රඥාව කරා රැගෙන ගියේය. ශශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ නව වෙනසක් ඇති කරමින් අතිශයින් ජනප්‍රියට පත් හරවත් ගීත රැසක් නිර්මාණය කළ ප්‍රවීණ ගී පද රචකයෙකු, කවියෙකු ලෙස චන්ද්‍රසේන තලංගම පසුගිය ජනවාරි 04 වැනිදා දිවියෙන් සමුගත්තේය.
වර්ෂ 1944 ඔක්තෝබර් 13 දී උපන් චන්ද්‍රසේන තලංගම වයස අවුරුදු 14 කාලයේදී පටන් ගී පද රචනය ආරම්භ කළේය. ඔහු ජනමාධ්‍යවේදියකු ලෙස තම කලා දිවිය ආරම්භ කළේ දිවයින පුවත්පතට විශේෂාංග ලියූ කතුවරයෙක් වශයෙනි. එතුමන් ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙහි එතරම්ම ජනප්‍රිය නොවුනත් ජනාධිපති සම්මාන ලබාගත් ලේඛකයෙකි. දිව්‍ය පුත්‍රයා, ආදරණීය අරුණෝදය, ලන්ද පුරා දුව පමණින් යන කෘති ඔහු විසින් රචනා කල සාහිත්‍ය කෘති වේ.
1990 – 2025 අවධිවල එතුමන් ලියූ “කුවේණියේ මා”, “රාධාවණී”, “නාඩගම් ගීය”, “සොයා ආවා”, “කම්පා නොවන් මහාමායා”, “සංසාරයේ මා”, “හීන මකා”, “රහත් හිමිවරුන්”, “ගලන ගඟ”, “දුර ආකාහේ”, “සැළලිහිණි”, සහ “යෝගේෂ්වරී” වැනි ගීත ශ්‍රාවකාගාරය ජීවන දෘෂ්ටිය යාවත්කාලීන කළේය. රස විඳීමේදී ඒවා හදවතට කාවදින්නේ සිංහල සාහිත්‍ය මුසු කර නිර්මාණය කර ඇති නිසාවෙනි. ඔහු අතින් ලියැවුණු ගීත සාහිත්‍යාර්ථයෙන් ඉහළ නිර්මාණයන් විය.
නව පරපුරේ ප්‍රතිභාපූර්ණ තරුණ ගායන ශිල්පි රිද්ම වීරවර්ධනයන් විසින් ගැයූ ‘කුවේණියේ මා’ නමැති ගීතය ඔහු ලියු සාහිත්‍ය රසයෙන් ද ඉතිහාස ශශ්‍රී විභූතියෙන් අනූන නැවුම්බර, හැඟුම්බර, හරබර ගී මිණ මෑතභාගයේ ශ්‍රාවකයා වෙත අසන්නට ලැබුණු අනගි නිර්මාණයකි. රචක චන්ද්‍රසේන තලංගම ගතින් තරුණයකු නොවේ. නමුත් ඔහු එම ගීතය හරහා විදග්ධ කලාව ස්පර්ශ කළේය. ජනප්‍රිය සංස්කෘතියේ නාඩි අල්ලමින් තරුණබව සුවිශද කළේය. තරුණ සංගීතවේදියකු වන චරිත අත්තලගේයන්ගේ නාද සංයෝජනය ද අතිවිශිෂ්ට ය. චරිත අතලගේ නිර්මාණය කරන ලද මෙම ‘කුවේණියේ’ ගීතය ලියනු ලැබ ඇත්තේ 1980දී වන බව ඔහු පවසයි.
කුවේණිය පිළිබඳ සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් නොබලා විජය කුවේණි ආදර අන්දරයට නව අර්ථකථනයක් දීමට මෙම ගීතයෙන් උත්සාහ ගෙන ඇත.
“කුªවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා
රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා
සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැඟී මරු එනවා කුමරිය…..
“වියු සළුව නොම හැර යන් කුවේණියේ,
ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ,
කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ,
වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ”
“නිරිඳුන් නුඹේ ආලේ නිසා….
බෝ විපතක් වෙනා….නොවඩින් සදා
මතු භවයේ මා හමුවන තුරා
ආලේ පසෙකලා හිඳීමි මෙම”
“සළුව අරන් ගෙට පලයන් කුමරිය
නැවක නැඟී මරු එනවා කුමරිය”
රචකයාගේ පරිකල්පන ධාරිතාව, චින්තන වින්දන ශක්තිය මොනවට සුවිශද වෙයි. ඔහු අතින් නිර්මාණය වූ ගීත අද වන විට වෙනස්ම ගීත සංස්කෘතියක් බිහි කිරීමේ ප්‍රතිඵලය වුයේ සාම්ප්‍රදායික ඕලාරික ගීත අසන නූතන පරම්පරාවේ ශ්‍රාවකයන් වෙත සාහිත්‍යය සමීප කිරීමෙනි. ගතින් වයස්ගත වූවද ඔහු විසින් නිර්මාණය කළ ගීත තරුණ පරම්පරාවට ගැලපෙන අයුරින් නිර්මාණය කර ඇති අයුරු විස්මයාන්විත ය. ඔහු ලාංකේය ගීත කලාවට සිදු කළ වැදගත්ම මෙහෙයවන්නේ නුතන පරම්පරාවට මනුෂ්‍යත්වය, ජීවිතය සහ සමාජය පිළිබඳ නව දෘෂ්ටියකින් බලන්න යැයි කළ සොඳුරු ආරාධනාවයි. ප්‍රේමයෙහි ඇති සෞන්දර්යාත්මකබව ඔහු විසින් අකුරු මත දවටන ලදි. “හීන මකා”, “දුර ආකාහේ” වැනි ගීත කදිම නිදර්ශන වේ. එම ගීතවල පදවැල්වල තිබූ ආකර්ෂණීයත්වයත්, අපූර්වත්වයත් නිසාම තරුණ තරුණියෝ වේගයෙන් එම ගීතවල අර්ථ සොයා වැලඳගත් හ.
ඔහුගේ මේ සියලු පදවැල්වලට ජීවය සැපයුවේ තරුණ පරපුරේ දක්ෂ සංගීතඥයෙකු වන චරිත අතලගේ විසිනි. චරිත අතලගේ නොසිටින්නට ඔහු ලියු ගිත හුදෙක් පසෙකලා තිබෙන මුද්‍රිත කඩදාසි මත තිබෙන අකුරුවන්නට තිබිණ. තරුණ ගායකයින් වන රිද්ම වීරවර්ධන, සුපුන් පෙරේරා, ප්‍රතාප් ඒෂ්, හර්ශදේව ආරියසිංහ, දිනූපා කෝදාගොඩ, නුවන්දි එරංගා, අනූ මධුභාශිනී වැනි තරුණ ගායක ගායිකාවන් මෙම පදවැල් වලට හඬ මුසු කළහ. චන්ද්‍රසේන තලංගම බොහෝ දෙනෙක් එතරම් නොහඳුනති. නමුත් ඔහුගේ පරිකල්පනයෙන් ලියු බොහෝ ගීත ජනප්‍රිය ය. ඔහු මෙලොවින් සමුගත්තද ඔහු ලාංකේය නූතන ගීත කලාවට දායාද කළ ගීත සමුච්ච්ය චිරාත් කාලයක් පවතින්නකි. අතීතයේ හිඳ අනාගතය ලියූ වියපත් නොවූ සොඳුරු හදවත, නූතන සිංහල ගීත කලාවේ “චන්ද්‍රසේන තලංගම” කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්!

