ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මන්ම්පේරි විසින් අධ්‍යක්ෂණය කරන “පරම වීර පූජා” චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය 7 වෙනිදා පිටකෝට්ටේ සෝලීස් හෝටල් පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ලුතිනන් සුජිත් චමින්ද විසින් රචිත ‘අවි බිමක ගිනියම්’ කෘතිය ඇසුරෙන් නිර්මාණය මෙම චිත්‍රපටයේ තිරරචනය ලුතිනන් කර්නල් චන්න කරුණාරත්න ගෙනි. එහි සඳහන් තිස් වසරක ඊලාම් යුද්ධයේ ප්‍රථම පරම වීර විභූෂණ සම්මානිත කපිතාන් සාලිය අලදෙණියගේ චරිතය නිරූපණය කරන්නේ ජනප්‍රිය යොවුන් නළු මේඝ සූරියආරච්චි විසිනි.
මීට අමතරව දිනෙත් ද සිල්වා, ප්‍රියංකර රත්නායක, විශ්ව කොඩිකාර, සුරාජ් මාපා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ශ්‍යාම් ප්‍රනාන්දු, බුද්ධික ජයරත්න, මීනා කුමාරි, අමිල කරුණානායක සහ ටීනා ශනෙල් රංගනයෙන් දායක වෙති.
පරම වීර පූජා චිත්‍රපටයේ කැමරාකරණය නිශාන්ත ප්‍රදීප් ගෙනි. මෙහි සංගීත අධ්‍යක්ෂණය සංගීතවේදි නවරත්න ගමගේ විසිනි. පරම වීර පූජා නිෂ්පාදනය කරනු ලබන්නේ මූවි වර්ක්ස් සමාගම වෙනුවෙන් අනුර ජසෙන්තුලියන විසිනි.

